KPZ ගැන කතාවක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    එළ දිගටම ලියපන් මචං
    KPZ මේක ලියද්දි ගල් මුල් ඒවි ඒවා ගණන් ගන්නේ නැතුව දිගටම ලියපන.. මම නම් ත්‍රෙඩ් එකට ආවේ ඔබේ
    කතාව දැනගැනීමට නොව කතාවක් දැනගැනීමට පමණි. ඒ නිසා බය නැතුව ලියන්න.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ai ban magin nawaththane........

    hena asadaranai ban.......
    nawaththuwe naha liyana gaman machan. sinhalen kotanna giyama pana yanawa :baffled:

    Liyamu Liyamu
    :yes:
    එළ දිගටම ලියපන් මචං
    KPZ මේක ලියද්දි ගල් මුල් ඒවි ඒවා ගණන් ගන්නේ නැතුව දිගටම ලියපන.. මම නම් ත්‍රෙඩ් එකට ආවේ ඔබේ
    කතාව දැනගැනීමට නොව කතාවක් දැනගැනීමට පමණි. ඒ නිසා බය නැතුව ලියන්න.
    :yes:
    දිගටම ලියපන් මචං
    :yes:
    digatama liyanna yakuwa.
    :yes:
    :yes:
     
    • Like
    Reactions: \m/amila\m/

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉතුරු ටික...

    දැන් KPZ 10 වසරට ආවාය, අදින්නේ දිග කලිසම්ය. O/L නිසා tuition යාමට සිදුවිය. ඒ නිසා කඩවත නම ගිය tuition ආයතනයකට ඇතුලත් වෙයි. කන්දක් නැග්ගොත් පල්ලමක් තියනවා කියන්න වගේ දැන් පටන් ගන්නේ KPZ ගේ මල්සමයයි.. :P

    සතියේ හැමදාම වගේ class ය. හැමදාම පන්ති ගියත් වැඩිය යහළුවන් නැත. පන්ති වලත් නිහඬ චරිතයක් උනත් ගැහැණු ළමුන් කතාවට එන්නේ බලෙන්ය. සමහර ගැහැණු ළමයි ටොපි අරන් දෙයි, සමහරු නානාප්‍රකාර ප්‍රශ්න අසයි. කොහෙද ඉස්කෝලෙ, ගෙවල් කොහෙද... පෙම්වතියන් දෙදෙනෙක් සිටියත් ගැහැණු ළමුන් වැඩිය ආශ්‍රය කර නැති මා හට මෙය අමුතුම අත්දැකීමකි. එයට වැඩිය ප්‍රිය නොකලත් සිතෙහි සියුම් ආඩම්බරයක් තිබේ, මේ ගැහැණු ළමයි කෙරෙවාව නිසා අනිත් පිරිමි ළමයින්ගේ ඉරිසියාවට ලක්වීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත.

    මාස තුනකට පසු මගේ හොඳම මිත්‍රයාද මාත් සමග මෙම පන්ති වලට සහභාගී වීමට පටන් ගනී. මිත්‍රයා ළඟ සිටින හෙයින් මාගේ ලැජ්ජා ගතිය ටිකක් අඩු විය. සර්ලාගේ ප්‍රශ්න වලට පැන පැන උත්තර දෙයි, ගණිතය සහ විද්‍යාව පන්ති වලදී යහළුවා සමග එක්ව ඉතා වේගයෙන් ප්‍රශ්න ටිකට උත්තර ලියාගෙන යාම අපේ සිරිත විය. සර් 5 වෙනි ප්‍රශ්නය කරද්දී අපි හදන්නේ 15 - 20 වගෙය. මේ නිසා සර්ලා අතරද KPZ ප්‍රසිද්ද වෙයි.

    අපිට ගණිතය ඉගැන්නුවේ සුමේධ සර් ය, විද්‍යාව කලේ උපුල් ජයසෝම සර් ය. ඒ ගුරුවරුන් දෙදෙනාට මා දැනටත් සලකන්නේ දෙවි වරුන්ට වගෙය. ඔවුන්ගේ ඉගැන්වීම් විලාශය නිසා මට ගෙදර ගිහින් පාඩම් කරන්න දෙයක් ඉතුරු නොවෙයි. පන්තිදීම සියලු දේ මොලයට යයි. ගෙදරදී කරන්න තිබෙන වැඩ පවා පන්තිදීම ඉවර කරන්න මාත් මගේ යාලුවත් පුරුදු වී සිටියාය.

    සමහර දාට උපුල් සර් 10 වසර හා 11 වසර දෙකම එකතු කර revision පන්ති දමයි. O/L ගොඩ දාගන්න ඕන නිසා මමත් යාලුවත් නොකඩවා පන්ති වලට සහබාගි විය. අපගේ කෙරුවාව නිසා සර් ලගේ ආදරයට පාත්‍ර වී සිටි. revision class වලදී උපුල් සර් 11 වසර අයියලාගෙන් ප්‍රශ්ණ අසයි. සමහරු උත්තර දෙයි. සමහරු අනා ගනී. එවිට සර් මා අමතයි. "කන්නාඩි මල්ලි කියන්න බලන්න" උපුල් සර් මා අමතන්නේ එසේය. මම කෙසේ හෝ නිවැරදි පිළිතුර ලබා දෙයි. ඒ උපුල් සර්ගේම පිහිටෙනි. ඔවුන්ගේ ඉගැන්වීම් ස්වභාවය නිසා මගේ ප්‍රියතම විෂය විද්‍යාව සහ ගණිතයයි. ඉතින් උපුල් සර් කියන්නේ මේ පොඩි එකාට පුලුවන්නම් උබලට බැරි ඇයි කියාය. එම නිසා ඇති පදමට 11 වසර අයියලගේද වෛරය මට ලැබිණ. මට එයින් කම් නැත. කිසි කෙනෙකුන් මා වෙනුවෙන් O/L ලියන්නේ නැත.

    මෙසේ ලැබෙන ප්‍රසිද්දිය නිසා මා නොසිතු දෙයක් සිදුවිය. මා පන්ති යන්නේ ඉගන ගැනීමටය. ගැහැනුන් කෙරේ ම තුල ඇති විශ්වාසය සිඳී බිඳී ගොස් ඇත. ගැහැණුන්ගෙන් මට වැඩක් නැත. නමුත් මේ කාලයේ මට love chit එන්නට පටන් ගනී. සමහර කෙල්ලන් මාත් එක්ක යාලුයි කියා ප්‍රසිද්දියේ කියයි. සමහර කෙල්ලන්ගේ ඉස්කෝල තුලත් මා ප්‍රසිද්ද චරිතයක් වී ඇත. නමුත් ඒ කෙල්ලන්ගේ නම් වත් මා දන්නේ නැත. සමහර කොල්ලන්ගේ කෙල්ලන් පවා මාත් සමග කතාවට එයි. මගේ පොත් ඉල්ලයි. මෙයින් මා තුල අභිමානයක් ඇතිවන නමුත් කෙල්ලන් කෙරෙහි කිසිම ආසාවක් නැත. මෙයින් මා පන්තියේ ඉන්න සියලුම කොල්ලන්ගේ වෛරයට හා ඉරිසියාවට පත් වී ඇත.

    මේ අයුරින් කාලය ගෙවී යයි. මේ වන විට නව පෙම් ආරාධනා 7ක් 8ක් ඇවිත් තිබුනේය. මට ඉන් එකක්වත් වැඩක් නැත. ම හට අසවක්ද නැත. සාමාන්යෙන් මන් කෙල්ලන් දිහා බලන්නේද නැත. ඒ මා බලනවා දැක්කොත් ඔවුන් වැරදියට හිතයි කියන හැඟීමෙනි. මේ නිසා සමහර කෙල්ලන්ද මට වෛර කරයි. සමහර කෙල්ලන් මට පණ්ඩිතයා කියාද අමතනවා මට ඇසි ඇත.

    දිනක් මම මිතුරා සමග විද්‍යාව පන්තියේ සිටියේය. එදා සෙනසුරාදා දිනයකි. උපුල් සර් ප්‍රශ්නයක් දී එය කරන්නට හැර මදකට එලියට ගියේය. ඒ අතර තුර මගේ මිතුරා "අඩෝ උබ දිහා කෙල්ලෙක් බලනවා" යයි කිවේය. මට කෙල්ලන් අරහන්ය. මන් ඇහැව්වේ ඉතින් මොකද බන් කියාය. මිතුරා පැවසුවේ අඩෝ මන් කියනවට ටිකක් බලපන් කියාය.
    ඉතිං මන් බැලුවාය. මන් දැක්කේ ඇයගේ ඇස් දෙක පමණි...
    වෙච්ච දේ මට මතක නැත, මන් දන්නෙත් නැත. එවැනි හැඟීමක් මට කලින් දැනී නැත. ඒ ඇස දෙක ඒ තරම් ලස්සනය. දිග අහි පිහාටු අතර හැංගිච්ච ලස්සන ඇස් දෙකක්...
    මගේ යාළුවා අඩෝ දැන් ඇති කියනකන් මන් බලන් සිටියාය.
    මන් තප්පර 20ක් විතර බලාගෙන සිට ඇත. වෙච්ච දේට මටම ලැජ්ජයි. එත් මගේ හදවත ගැහෙයි.
    නැවත වරක් බලන්නට සිතෙයි. මම නැවතත් බැලුවාය. ඇයද බැලුවාය.
    මම කෙල්ලන් දැක තිබේ. ලස්සන කෙල්ලන්ද දැක තිබේ. නමුත් ඇය විශේෂය. බලන්න බලන්න අස හිතෙයි. මට ඇය දිහා බලල ඇති වන්නේ නැත.
    ඇය ඇත්තටම ලස්සනය. සුදු කෙල්ලකි. එතරම් උස නැත. මගේ නිකට තරම් උස ඇත.

    මගේ ජීවිතය වෙනස් උනි.
    ඉන් පසු මම පන්ති ගියේ ඇය බැලීමටය. ඇය දෙස බැලීම මට සතුටක් විය. මගේ සියලු දුක් අමතක වෙයි. මන් ඉන්න තැන පවා මට අමතක වෙයි. ඇය මට විශේෂ කෙනෙක් බවට පත්වී හමාරය.... ඇය KM ලෙස නම් කරමි.

    ඇගේ කටහඩට පවා මා ආශා කළේය. හරියටම කිව්වොත් 2005 අවුරුද්දේ ශ්‍රී fm එකේ පටන් ගත්ත සාගරේ සේ ආදරේ කතාවේ රසාංගගේ කටහඩට සමානය. මන් ඒ කතාව ඇසුවේ කතාව අසන්නට නොව. අගේ කටහඩ අසන්නටය. ඒ කටහඬ මට මතක් කරන්නේ KM ය.
    මන් ඇත්තටම KM හට ආදරය කරන්නට පටන් ගෙන ඇත. එය මට නවතාගත නොහැක. කල යුත්තේ කුමක්දැයි මා දන්නේ නැත. මා දවස පුරා සිතන්නේ ඇය ගැනයි. එය මට බලෙන් සිතන්නට උවමනා නැත.
    පාසල් ඇරී එන විට බස් වල යන්නේද සාගරේ සේ ආදරෙය. ඒ හැම මොහොතකම මට ඇයගේ මුහුණ මැවී පෙනේ.
    මගේ හිත හදාගන්න පුළුවන් වෙන තරමට ඇයද සැරින් සැරේ ම දිහා බලන්නීය. මට ඇය නැතුව බැරි තැනට පත් වී ඇත. නමුත් තවද එක වචනයකුදු මම ඈ සමග කතා කර නැත. තවමත් මම අයගේ නම නොදනී....


    මතු සම්බන්දයි... :dull:

    part 3
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    පුද්ගලික තොරතුරු ඔය තරමටම නම්, කියවන කාටවත්ම වැදගත් නැති වෙයි. ඒව ටිකක් අඩුවෙන් දාන්න. මම කිව්වෙ නම් ගම් ලිපින වගේ දේවල්. ඕව ඉස්සරහට කරදර වෙයි මචො. :yes::yes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අපි ටන් ඔප දුප අහල පුරුද්දක් නෑ :rofl:ඔප දුප හොයන්නෙත් නෑ :P






























    ඉතුරු ටිකත් ඉක්මනට දාපන් :P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පුද්ගලික තොරතුරු ඔය තරමටම නම්, කියවන කාටවත්ම වැදගත් නැති වෙයි. ඒව ටිකක් අඩුවෙන් දාන්න. මම කිව්වෙ නම් ගම් ලිපින වගේ දේවල්. ඕව ඉස්සරහට කරදර වෙයි මචො. :yes::yes:

    ow man dapu lipinaya ape parana gedara address eka. dan api ehe naha. :)
    nam nam kohomath kiyanna baha. :rolleyes:
    anith wisthara ithin puluwan tharam therena widihata danna balanne. man me kathawa danne machan aththatama mama loku prashneka inne. mata ekata udawwak oni. e prashne witharak kelinma kiwwoth katawath aththa thaththwe hithaganna bari wei. ekai kathawa kiyanne :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ah.. obathuma awada?? :rolleyes:
    suddi gana kiyanna thawa kal thiyanawa hode ;)

    අඩෝ. උඹට මාව මතකද? :)
    මම හිතුවා උඹට මාව මතක නෑ කියල. ඒකයි BUMP එකක් දාල බලන් හිටියේ. එල එල. අපි ඉන්නවා මේකත් එක්ක දිගටම. දිගටම ලීයපන් මචන්. :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ. උඹට මාව මතකද? :)
    මම හිතුවා උඹට මාව මතක නෑ කියල. ඒකයි BUMP එකක් දාල බලන් හිටියේ. එල එල. අපි ඉන්නවා මේකත් එක්ක දිගටම. දිගටම ලීයපන් මචන්. :)

    hee heee
    mata ehema amathaka wenna naha ;)
    digatama liyannam macho sampurna wisthare.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    hee heee
    mata ehema amathaka wenna naha ;)
    digatama liyannam macho sampurna wisthare.

    ලඟදි අරණ්‍යයකට ගියා මචන්. මට උඹව මතක් වුණා. ආරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේලා පුදුම විදියේ උෂ්කර ජීවිතයක් බන් ගෙවන්නේ. හිර ගෙදාත් ඊට සැපයි වගේ. දවසට එක වේලයි ආහාර ගන්නේ. ඒකත් පිඬුසිඟා වැඩලා. අනිත් වේල් දෙකටම තේ බොනවා biscuit කාල. මම දවස් 3ක් විතර ගිහින් ඇස් දෙකෙන්ම දැකපු නිසා මේ දේවල් කියන්නේ මචන්. :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළ එළ
    අඩො උඹ මේක දාන්නෙ උඹ මේක ලියලා ඉවර වෙලා මොනවා හරි කර ගන්න නං.. නැත්තං අර කිව්වා වගේ මහන වෙන්න එහෙම නං .... උඹ දැන්ම මේක ලියන එක නවත්තලා ඔය කලකිරුන ගතිය නැති වෙන්න මොකක් හරි කරපං.
    මොනවා උනත් හොද කථාව. පේන විදිහට උඹ ක්ලාස් ගිහිං තියෙන්නෙ සයන්ස් ඉමේජ් එකට හෝ බිම්බාරාමෙට නේද :P
    මාත් කඩවතනෙ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලඟදි අරණ්‍යයකට ගියා මචන්. මට උඹව මතක් වුණා. ආරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේලා පුදුම විදියේ උෂ්කර ජීවිතයක් බන් ගෙවන්නේ. හිර ගෙදාත් ඊට සැපයි වගේ. දවසට එක වේලයි ආහාර ගන්නේ. ඒකත් පිඬුසිඟා වැඩලා. අනිත් වේල් දෙකටම තේ බොනවා biscuit කාල. මම දවස් 3ක් විතර ගිහින් ඇස් දෙකෙන්ම දැකපු නිසා මේ දේවල් කියන්නේ මචන්. :yes::yes::yes:

    aththama kiwwoth machan man mahana wenna thirane karapu mul kale dawasata deparai kawe. puluwan tharan uthsaha kala dawal 12ta kalin dawal wela araganna. poya dawasata rakinna puluwan sil witharak man samadan una. eth methana idan karanna amarui.ekai man mahana wenna yanna one kiyala hithuwe. e jiwithe dushkarai thamai macho. e bikshun wahansela jiwitheta thiyena asawath atha aralai mahana dam puranne. apita labena dewal walata asa wela me sansaren midenna baha. sansare gana hithanakotanam mara bayak danenne machan.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එළ එළ
    අඩො උඹ මේක දාන්නෙ උඹ මේක ලියලා ඉවර වෙලා මොනවා හරි කර ගන්න නං.. නැත්තං අර කිව්වා වගේ මහන වෙන්න එහෙම නං .... උඹ දැන්ම මේක ලියන එක නවත්තලා ඔය කලකිරුන ගතිය නැති වෙන්න මොකක් හරි කරපං.
    මොනවා උනත් හොද කථාව. පේන විදිහට උඹ ක්ලාස් ගිහිං තියෙන්නෙ සයන්ස් ඉමේජ් එකට හෝ බිම්බාරාමෙට නේද :P
    මාත් කඩවතනෙ

    aiyoooooooooo :frown:
    kiwwane nam danna epaya kiyala :dull:
    e deken ekakata thama giye :sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    aiyoooooooooo :frown:
    kiwwane nam danna epaya kiyala :dull:
    e deken ekakata thama giye :sorry::sorry:
    බිම්බාරාමෙ ඔය කාලෙ විද්‍යාව කලේ හරිශ් නන්දන සර්. මාත් ගියෙ එහෙට. එහෙනං අනිවා උඹ යන්න ඇත්තෙ සයන්ස් ඉමේජ් තමා. :rofl: මං ඔය ක්ලාස් ආවෙ ඔයාට අවුුරුද්දකට පස්සෙ. ;)

    කඩවත කොයි ඉන්නෙ ? :rolleyes: