අලියා අලියා අලියා

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අලියා අලියා අලියා

    සාමාන්යෙං අපි අලියා ගැන දන්න දේවල් මොනවද?
    • අලියා මහ ලොකුයි
    • හොඩවැලක් තියෙයි
    :P
    ඒ ඇරුනම අලියා ගැන මොනවද දන්නෙ?


    සත්ව ලෝකයේ සුපිරිම අවයවයක් :nerd:
    අලියාගේ කැපී පෙනෙන ශරීරාංගයක් වන්නේ හොඬවැලය.විවිධ කාර්යයන් සඳහා යොදාගන්නා මේ හොඬවැලේ ක්‍රියාකාරිත්වයට මාංශපේශීන් 40,000 ක් පමණ එකිනෙකට සම්බන්ධව පවතී.හොඬවැල නාසය ලෙසට මෙන්ම අතක් ලෙසටද සමහර අවස්ථාවලදී අලියාට ප්‍රයෝජනවත් වේ.දිය බීමේදී හා ශරීරයට දිය ඉසගැනීමේදී පමණක් නොව සතුරෙකුට පහරදීම සඳහා ශක්තිමත් ආයුධයක් ලෙසද යොදාගනී. සුවඳ හදුනාගැනීමේ හැකියාවෙන් ඉහලම සත්වයාද අලියා වන අතර, පොලිස් සුනඛයන්ට වඩා ඉහල හඳුනාගැනීමේ හැකියාවක් ඇත.

    කන් දෙකෙන් AC :nerd:
    අලි ශරීරයේ ඇති අනෙක් සුවිශේෂී අංගයක් වන්නේ කන් යුවලයි. මේ කන් සැකසී ඇත්තේ අවට ඇති ශබ්ද තරංග හැකිතාක් කන් ඇතුළට යොමුවන ලෙසටය. එනිසා අලින්ට ඉතා සුළු ශබ්දයක් පවා ඉතා හොදින් ඇසීමේ හැකියාව ඇත.එමෙන්ම ශරීර උෂ්ණත්වය පිටකිරීමේදී මෙම කන් වැදගත් කාර්යයක් ඉටු කරයි. කන්වල සම ඉතා සිනිදුය. අලි නිතරම තම දෙකන් වලින් පවන් සලයි. පවන් සලන විට නිතරම ඒ සමග වාතාශ්‍රය ගැටෙන නිසා රුධිර‍යේ ඇති උෂ්ණත්වය කනේ සම හරහා බාහිර පරිසරයට විහිදේ.

    අලියට ඇස් පේන්නෙ නෑ :nerd:
    අලින්ගේ පෙනිම දුර්වලය.නමුත් ඉතා හොදින් ඉව දැනෙයි.උණුසූමට අකමැති වීමත්, ඇස් පෙනීමේ දුබලතාවය හා හොදින් ඉව දැනිම යන මේ හේතූන් නිසා අලි නිශාචර දිවියකට වැඩි කැමැත්තක් දක්වයි. එනිසාම ඔවුන් දිනකට උපරිම පැය 2ක හෝ 3ක නින්දකින් සංතෘප්ත වෙති.

    හය පාරක් දත් එනවා :nerd:
    අලින්ගේ දන්ත පද්ධතියද සුවිශේෂී වේ. එය මිනිසා හා අනෙක් ක්ෂීරපායී සතුන්ගේ දන්ත පද්ධති වලට වඩා ප්‍රමාණයෙන් , හැඩයෙන් හා වැඩෙන ආකාරයෙන් විවිධ වේ. මිනිසා හා අනෙක් ක්ෂීරපායී සතුන්ගේ ජීවිත කාලයේදී දන්ත පද්ධති 2 ක් ඇතිවන අතර අලින්ට තම ජීවිත කාලයේදී දන්ත පද්ධති 6 ක් ඇති වේ.

    කිලෝ මීටර් 8ක සන්නිවේදන හැකියාවක් :nerd:
    පුළුල් කන් තලය පිහිටා ඇති නිසා, අලියාගේ කන් ඇසීම ඉතා ඉහලය. තවත් අලියෙකුගේ කුංචනාදයක් කි.මී.8ක පමණ දුරක සිට හඳුනාගැනීමේ හැකියාවක් අලියාට ඇත.

    අලියා මිනිසාට වඩාත් සමාන සත්වයා :nerd:
    දනහිස් 4ක් ඇති එකම සත්වයා අලියා ලෙස මතයක් පැවතුනත්, ඇත්තෙන්ම සිව්පා සතුන් බොහෝමයකට දනහිස් පිහිටා නැත. වානරයන් ඇරුන කල, දනහිස් දෙකක් පිහිටා ඇති එකම සිව්පාවා අලියා ය. අලියාගේ තවත් විශේෂත්වයක් වන්නේ, මිනිසා හැරුනු විට නිකට පිහිටා ඇති එකම සත්වයා වීමය. ඒ සම්බන්ධයෙන් පමණක් සළකා බැලූ කල මිනිසාට ආසන්නම සත්වයා ය.
    9392697_orig.jpg


    අලියා ජලජ ජීවියෙක් :nerd:
    ජලජ කීවට, අලියා අර්ධ ජලජ සත්ත්වයෙකි. එනිසාම දිනකට පැය කිහිපයක්වත් දියට බැස කාලය ගතකිරීමට ඔවුන්ට අවශ්‍ය වේ. අලින්ගේ සිරුරේ විශාල මාංශපේශී ක්‍රියාකාරිත්වය නිසා විශාල උෂ්ණත්වයක් ඇති වේ. එම ශරීර උෂ්ණත්වය අඩු කරගත හැකි පහසු ක්‍රමයක් වන්නේ දියට බැස සිටීම හා දහවල් උණුසුම් අවස්ථාවලදී ක්‍රියාශීලී නොවී සිටීමය.
    elephant-plays-in-water-f514cca4e54dbd7d.jpg


    කුරු අලි:nerd:
    කුරු අලි ඉතාමත් දුලබ වේ. මෙම අලියා උඩවලවෙන් හමුවූ ලොව ප්‍රථම කුරු අලියා ය. මෙම කුරු අලියා වයසින් අවුරුදු 20-30 ත් අතර ප්‍රමාණයේ යෑයි සැලකෙන අතර වැඩුණු පිරිමි සතෙකි. උස අඩි 5 ක්‌ පමණ වේ. සාමාන්‍ය පරිදි වැඩුණු සිරුරක්‌ මෙම අලියාගේ උඩු කයෙහි දක්‌නට ඇති අතර පාද ඉතා කෙටි සහ පුළුල්ය. හිස, හොඬය හා හොඬ මූලය (හක්‌ක ප්‍රදේශය) වැඩුණු අලියකුට සමානය.
    kurualiya.jpg


    මී මැස්සටලු බය:nerd:
    අලියා මී මැස්සාට දැඩි බියක් දක්වන අතර, කෙන්යාවේ අලි මිනිස් ගැටුම අවම කිරීමේ ක්‍රමයක් ලෙස, ගොවි බිම් ආශ්‍රිතව මී මැසි පෙට්ටි සකසයි.
    strange-1007-elephant.gif


    තව තියනවා. ටයිප් කරන්ඩ කම්මැලියි.
    ඔබට වඩා භාෂා ගණනක් අලියාට පුළුවන්.
    කෙනෙකුගේ දුකකට පිහිට වෙනවා.
    අලින්ටත් අවමංගල්‍ය උත්සව තියනවා.
    අලි කියන්නෙ පට්ට ජාතියක්. රාජපස්සලා වගේ නෑ.
    :P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    topic එක දැක්කම හිතෙන්නෙ අලියෙක් sale කරනවා කියලා! :lol:

    පට්ට thread එකක් මචන්.. :yes:
    උඹ්ට ලඟදි අර දුපතට රෙප් දුන්න නිසා ආයේ දෙන්න බැහැලු!...
    (You must spread some Reputation around before giving it to ජොසී again. :no:)
     

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    මී මැස්සටලු බය:nerd:
    අලියා මී මැස්සාට දැඩි බියක් දක්වන අතර, කෙන්යාවේ අලි මිනිස් ගැටුම අවම කිරීමේ ක්‍රමයක් ලෙස, ගොවි බිම් ආශ්‍රිතව මී මැසි පෙට්ටි සකසයි.
    strange-1007-elephant.gif


    :nerd: Good idea.. :nerd: