KPZ ගැන කතාවක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ලේසියෙන් ත්‍රෙඩ් එකක හිර වෙලා ඉන්නෙ නැති උම 4 ට එනවා කියන්නෙ.. කතාව සෑහෙන්න අල්ලලා ගිහිං වගේ :P:rofl:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,958
    9,464
    113
    එක තැනක නෑ
    KPZ පුටේ අද 12 වෙන්න කලින් වත් 8 දාපන්කෝ ;) නිදාගන්න හදන්නේ. ඊට කලින් මේක කියවන්න කියලා
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    KPZ පුටේ අද 12 වෙන්න කලින් වත් 8 දාපන්කෝ ;) නිදාගන්න හදන්නේ. ඊට කලින් මේක කියවන්න කියලා

    මම මේ ලියනවා හති දාගෙන. comment වලට reply කරන්නෙ නැත්තෙත් පරක්කු වෙයි කියල. සිංහලෙන් ගහන ඒවා නෙවේ type වෙන්නේ. බාගයක් ගහල ආයෙ කියවන්න ඕනේ වැරදි හදන්න. පන යනවා... :baffled::baffled::baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    ලේසියෙන් ත්‍රෙඩ් එකක හිර වෙලා ඉන්නෙ නැති උම 4 ට එනවා කියන්නෙ.. කතාව සෑහෙන්න අල්ලලා ගිහිං වගේ :P:rofl:
    දැන් 3 ;) අපේ කතාවත් එමමනෙ.. :dull: ඒකාලෙ ලව් හෙන සුන්දරයිනෙ.. පපුව ගැහෙනව, හිතේ තියෙන එක කියා ගන්න බෑ. කොහොම හරි සෙට් කරගත්තට පස්සෙත් කෙල්ලගෙ අතින් අල්ලන් මොන හරි පල් හෑල්ලක් දොඩවන්න තියෙනව නම් රටක් රාජ්‍යයක් හම්බුනා වගෙ. ඒ ගතියම මේ කතාවෙන් නියෙමෙට එනව. :yes:

    ඒත් දැන් ඉන්න උන් නම් යාලුවෙලා දවස් දෙකෙන් බලන්නෙ කොහෙ හරි ගුබ්බෑයමක් අස්සෙ රිංගන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    මම මේ ලියනවා හති දාගෙන. comment වලට reply කරන්නෙ නැත්තෙත් පරක්කු වෙයි කියල. සිංහලෙන් ගහන ඒවා නෙවේ type වෙන්නේ. බාගයක් ගහල ආයෙ කියවන්න ඕනේ වැරදි හදන්න. පන යනවා... :baffled::baffled::baffled:
    හනික ලියල කොලිටි බැස්සුවොත් හම ගසනව.. :dull::frown: දැන් දැන් වෙළද දැන්වීම් වැඩිවෙලා කොටසක ප්‍රමානෙ අඩුවෙලා වගේ. තවත් මෙගා එකක්වත් වෙයිද? අවුලක් නෑ එහෙම උනත් හොදයි. එතකොට කම්මැලි නැතුව කියවන්න පුලුවන් ත්‍රෙඩ් එකක් තියෙනවනෙ.. :P
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,958
    9,464
    113
    එක තැනක නෑ
    මම මේ ලියනවා හති දාගෙන. comment වලට reply කරන්නෙ නැත්තෙත් පරක්කු වෙයි කියල. සිංහලෙන් ගහන ඒවා නෙවේ type වෙන්නේ. බාගයක් ගහල ආයෙ කියවන්න ඕනේ වැරදි හදන්න. පන යනවා... :baffled::baffled::baffled:

    එල එල හිමිට ටයිප් කරපන් මචෝ. උඹ දානවා කියපු නිසා නිදි මරාගෙන ඉන්නේ කියවන්න :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉන්පසු මා හට සසර කල කිරී මහණ වීමට සිතුනි :lol:
    ලවු සික් එකට මහණ වුනා නම් ලංකාවෙ 90%ම හාමුදුරුවො හා තෙරණියො :lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    පැටියා;17159478 said:
    ඉන්පසු මා හට සසර කල කිරී මහණ වීමට සිතුනි :lol:
    ලවු සික් එකට මහණ වුනා නම් ලංකාවෙ 90%ම හාමුදුරුවො හා තෙරණියො :lol:
    :yes::yes: love sick ekata suicide kara gaththa nam dan lankawe 90%k ma minissu marila LOL:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් 3 ;) අපේ කතාවත් එමමනෙ.. :dull: ඒකාලෙ ලව් හෙන සුන්දරයිනෙ.. පපුව ගැහෙනව, හිතේ තියෙන එක කියා ගන්න බෑ. කොහොම හරි සෙට් කරගත්තට පස්සෙත් කෙල්ලගෙ අතින් අල්ලන් මොන හරි පල් හෑල්ලක් දොඩවන්න තියෙනව නම් රටක් රාජ්‍යයක් හම්බුනා වගෙ. ඒ ගතියම මේ කතාවෙන් නියෙමෙට එනව. :yes:

    ඒත් දැන් ඉන්න උන් නම් යාලුවෙලා දවස් දෙකෙන් බලන්නෙ කොහෙ හරි ගුබ්බෑයමක් අස්සෙ රිංගන්න.
    :yes::yes: ඒක හරි.. ‍කොහෙන් හරි වචනත් එනවා නෙ කරුමෙටම :rofl:

    අනිවා අනිවා.. ඉස්සෙල්ලම ත්‍රෙඩ් එක දානවා කොහෙද හොදම රූම් තියෙන්නෙ කියලා
    ඊට පස්සෙ මට මේක උනා මගෙ මේක ඒකෙ ගැවුනා දැං මොකද කරන්නෙ
    :dull::baffled::baffled::baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    8 කොටස.

    2007.01.10 යනු මගේ ජිවිතයේ මට කිසිම දිනක අමතක නොවන දිනයකි. ඒ මම මගේ ජිවිතයේ මගේ අම්මට පසුව වැඩිපුරම ආදරය කල කෙනා මට ආදරෙයි කිව්ව දවසයි. ඉන් සතියක් පමණ යන තුරු මට හරියට නින්දවත් ගියේ නැත. කලින් එහෙම උනේ දුකටය. නමුත් ඒ හේතුවම සතුටක් වෙලා මගේ නින්ද සොරාගෙනය. මා හින මැව්වේ වෛද්‍යවරයෙක් වී KM සමඟ හොඳ ජිවිතයක් ගත කරන ආකාරයයි. මට ඉගැන්වූ සියලු දෙනා කීවේද මට ගැලපෙන්නේ ජීව විද්‍යාව බවයි. එනිසා මම එය තොරගත්තෙමි. KM මට කැමති වුවාට පසු මා සිටියේ ඉතාම සතුටිනි. ඉතාම සැහැල්ලුවෙනි. මම මගේ ජිවිතයට ආදරය කරන්න ගත්තේ KM ලැබුනාට පසුවය. අපි කටින් නොකීවාට දෙදෙනාට දෙදෙනා ආදරය කර ඇත. එනිසා ආදරය ප්‍රකාශයෙන් පසු අපි ඉතා ආදරයෙන් සිටියෙමු. කලින් මට පෙම්වතියන් දෙදෙනක් සිටියත් ඒ කිසිම කෙනෙකුට වැඩා මා KM ට ආදරය කරයි. එයට හේතුව මා දන්නේ නැත. මා කිසි දිනකවත් නොසිතු ආකාරයට මා ඇයට ආදරය කරයි. මට අවන්කවම සිතෙන දේ මා ඇයට පවසයි. එවිට ඇය අසන්නේ "ඔයා කොහොමද මගේ හිත කියවන්නේ", "ඇයි මට ඔය තරම් ආදරේ?" කියාය. සමහර දාක "මට ඔයාව හොයාගෙන ඇවිත් තුරුල් වෙන්න හිතෙනවා.." කියා ඈ පවසා ඇත. සමහර දිනයන් හිදී මා තනිවම අඬා ඇත. ඒ දුකට නොව. දරාගත නොහැකි සතුටටය. මම සිතුවේ මගේ ජිවිතයේ හොඳම කාලය ලබා ඇති බවය.

    කෙමෙන් අපි එම වර්ෂය ගෙවාගෙන ආවෙමු. සිංහල අලුත් අවුරුදු සමය උදාවිය. නමුත් අප ආදරේ ප්‍රකාශ කල පසු තවම මුණ ගැසී නැත. කෙසේ හෝ අවුරුද්ද වෙනුවෙන් අපට අසල් වැසියන්ගෙන් කෑම බිම ලැබුණි. මා කලින් පැවසු නිවසින්ද කෑම පිඟානක් ලැබිණ. මා ඉතින් "කා" යන්නෙන් නම් තැබුණු එකෙක් නිසා කෑමට තිබුනේ උපන් හපන් කමකි. අම්මට දියවැඩියාව හෙයින් සියලු පැණිරස ඉවර කලේ මමත් පුංචිත්ය. එයින් පසුදා මගේ බඩ රිදෙන්නට ගත්තාය. සාමාන්යෙන් මගේ බඩ රිදීම් දවසක් දෙකක් පමණක් පවතින නමුත් මෙය දිගටම පැවතින. පසුව එය පාචන තත්වය දක්වා වර්ධනය විය. ගෙදර තුන් දෙනා කෑවේ එකම කෑමය. නමුත් මට විතරක් තත්වය වෙනස්ය. සතියක් විතර යන විට තත්වය හොඳටම උග්‍ර විය. වමනය නිසා කිසිම දෙයක් ආහාරයට ගත නොහැකි විය. බඩේ කිසිවක් නැතත් වමනයට ආවේය. ඔලුව කෙලින් තියා ගත නොහොකි තරම් වේදනාවෙන් මම ඇඹරි සිටියෙමි.
    තව වරක් වමනය යන්නට ආ නිසා මා bathroom එකට දිව ගොස් දොර වැසුවාය. වමනය දමන්නට තැත් කලත් වමනය ආවේ නැත. වමනය යන්නට දෙයක් බඩේ නැත. මට දැනුනේ අධික වේදනාවකි. වේදනාව වැඩි කමට මම පපුව අල්ලාගෙන දණගහ ගත්තෙමි. මට මතක එච්චරය...... ටිකකින් මට සිහිය ආවේය. එවිට මම සිටියේ බිම වැටිය. ඒ දැනුනු වේදනාව නිසා මට ක්ලාන්තය සැදී බිම වැටි තිබිණ.

    KM පුළුවන් ආකාරයට මා ගැන සොයා බැලිය. මහා රෑ 2ට 3ටත් මට කතා කරමින් මගේ තත්වය සේවවාය. එවිට මට දැනෙන්නේ ඇය මගේ දෙවැනි මව ලෙසයි. සමහර විටෙක ඇය මට කතා කර "අනේ ඉක්මනට හොඳ වෙන්නකො" කිවාය."මාත් එක්ක යාළු උන නිසා තමයි ඔයාට ඔහොම උනේ" කියමින් ඇය සිදු වූ දේ ඇගේ කරපිට දමා ගත්තාය. එවිට ලෙඩ අමාරුව අතරින් මා මගේ ප්‍රේමය ගැන සතුටු විය. මා ඇයට ආදරය කළේ ඇයව දුටු පළමු මොහොතේ පටන්ය. මා කැමැත්ත අසන්නට ගිය පළමු වන දවසෙම ඇය මට කැමති වූවානම් මට මේ තරම් ඇය ගැන ආදරේ නොහිතෙන්නට ඉඩ තිබුණාය. නැති වේවි ලැබුන නිසාදෝ ඇය කෙරෙහි කියා නිම කළ නොහැකි වටිනා කමක් මා සිත තුල තිබ්බාය.

    මාසයක් විතර යන විට මගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙන්න ගත්තේය. නමුත් මගේ ස්වරුපය වෙනස් වෙන්නට ගත්තේය. පැහැපත්ව තිබු මගේ සම ටිකෙන් ටික කළු වන්නට ගත්තේය. බෙල්ල පිටුපස කුඩා ගෙඩි එන්නට පටන් ගත්තේය. මට කුමක් හෝ සිදුවී ඇත.

    අප කෙමෙන් මැයි මාසයට පැමිණියෙමු. ඇය A/L වලට කලේ Arts ය. Econ වලට ඈ නැවතත් පරණ තැනටම පන්ති එන්නට තීරණය කලාය. ඒ මා මුණගැසීමට හැකි වන ලෙස කාලය යොදා ගනිමිනි. 2007.05.05 දින අප පළමු වරට මුණ ගැසෙන්නට කතිකා කර ගත්තෙමු.

    අප කතාකරගත් විදිහට අප මුණ ගැසෙන්නට නියමිතව තිබුනේ කඩවත පොලිසිය ඉස්සරහා තීන්ත කඩය ඉදිරිපසය. මා ඇයට කලින් එතනට ගොස් සිටියෙමි. ටික වෙලාවකින් ඇය අයගේ මව සමඟ පැමින බසයෙන් බැස්සාය. එදින ඇයව දුටුවේ අවුරුදු එකහමාරකට විතර පසුවය. ඇය ඇඳ සිටියේ සුදු පාට ගවුමකි. ඇය මා කලින් දුටුවාට වඩා තවත් ලස්සන වී ඇත. මම එදින ඇයගේ කරාබුවද රැගෙන ගියෙමි. ඒ තවමත් එය මා ළඟ ඇති බව ඇයට පෙන්වීමටය. ඇය බසයෙන් බැස මා ළඟට ආවය. ඇවිත් මගේ පපුවට අත තබා ඇසුවේ "දැන් හොඳද" කියාය. sms වලින් ලොකුවට කථා කලාට, ඇය ළඟට පැමිණි විට මට කිව යුතු දේවල් මතක් වන්නේ නැත. අප එතන ටිකක් වෙලා එක එක දේ කථා කරමින් සිටියෙමු. මා ඇගේ දිලිසෙන නෙත් යුගල දෙස බලා සිටියෙමි. ඇත්තටම ඇගේ නෙත් යුගල ඉතා ලස්සනය. කොපමණ වෙලාවක් වුවද බලා සිටිය හැක. මා මුල්ම දිනයේ දුටුවේද ඇගේ නෙත් යුවලයි. එයමතක් වුනු මා එවෙලෙහි එය පැවසුවෙමි. එවිට ඇය ආදරයෙන් සිනා සී මගේ අත අල්ලුවාය. එදින මගේ දෙවැනි සිහිනය සැබෑ විය. එනම් C වෙනුවට මම එදින KM ළඟ සිටගෙන සිටියෙමි. ඒ ඇයගේ යහළුවෙක් විදිහට නොව, පෙම්වතා ලෙසයි. මම ඇයට මා ළඟ තිබු ඇයගේ කරබුව පෙන්විය. පෙන්වා මා කිවේ "මේ... මේක තාම මා ළඟ තියෙනවා.." කියාය. එවිට ඈ එය ඉල්ලගෙන ඇයගේ බෑගයේ දමා ගත්තාය. ඉන් පසු ඇය ඇයගේ ඇදුමට සැගවි තිබුණු මාලය එලියට ගෙන එහි පෙන්ඩනය ගැලෙව්වාය. ඉන් පසු ඇය ඒ පෙන්ඩනය මගේ අතට දී කිවේ.. "මේක තමයි මන් ගාව තිබුණු වටිනාම දේ.. එත් දැන් මට මිට වඩා වටින දෙයක් තියෙනවා. ඒ ඔයා.. ඒ නිසා මං ළඟ නැති වෙලාවට මාව මතක් වෙන්න මේක තියාගන්න" කියාය. මට සිදු වන දේ සිතාගත නොහැක. සාමාන්යෙන් කෙල්ලන් රත්තරන් වලට කැමතිය. නමුත් මැය ඈ ළඟ ඇති දේ මට දෙන්නේය. නමුත් මා කිවේ "මට ඔයාව මතක් වෙන්න ඕවා ඕනේ නැහැ, නැගිට්ට වෙලේ ඉඳන් මතක් වෙන්නෙ ඔයාව තමයි" කියාය. නමුත් ඈ එය ගන්න ලෙසට මට බල කළාය. ඒ සෑම විටම මා එය ප්‍රතික්ෂේප කලමි. නමුත් අවසානයේ ඇය පැවසුවේ "මට ආදරේ නම් මේක තියා ගන්න" කියාය. එවිට එය ප්‍රතික්ෂේප කිරීමට මට නොහැකි විය. ඉන් අනතුරුව පංතියට පරක්කු වෙයි යැයි පවසා ඇය මට සමුදී පන්තියට පිටත් විය.

    මා එතන බිත්තියට හේත්තු වී වෙච්ච දේ ගැන කල්පනා කලෙමි. කලක් මා වාහන අතර හැංගි ඈ දෙස බලා තනිවම හඬමින් සිහින මැව්වේ මේ ගැනය. දැන් මොහොතකට පෙර එය සැබෑවක් විය. මේ උදාවී ඇත්තේ මගේ හොඳ කාලයයි මා සිතුවෙමි. මට නිතර මතක් උනේ KM ගේ දිලිසෙන නෙත් යුගලයි. ටික වෙලාවක් එතන සිටි මා මගේ පන්තියට යාමට බසයට නැග පිටිපස අසුනෙහි හිදගත්තෙමි. එවිට බසයේ රේඩියෝවෙන් මටම ගැලපෙන සින්දුවක් වාදනය වුයේ අපගේ ප්‍රථම හමුවීම තවත් රසවත් කිරීමටය.

    මතු සම්බන්දයි.

    part 9
     
    Last edited:
    • Like
    Reactions: Error365!

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇඩෙනවා...
    ඒකත් කියවලාම නිදා ගන්න යන්නෙ...
    මේ එපිය කියෙව්වාම නං ඇඩෙනවා.. :love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආ බස් එකේ සිංදුව ගැන කිවුවහම මතක් වුනේ මම කෙල්ලගෙන් අහලා උත්තරයක් එනකං ඉන්නව පාර එහා පැත්තෙ කෙල්ල යාලුව එක්ක. යාලුවගෙ තාත්තා කාර් එකේ එනවා දෙන්නව ගෙවල් වලට එක්ක යන්න. එතකොට නවත්තල තිබ්බ බස් එකක ගියා සීගිරියේ කුරුටු ගීත සිංදුව. මරුවට මැච් වුනා සීන් එකට :yes:

    අටවක සඳ පොඩි උනාට හරි හැඩයි
    පුර හඳටත් වැඩියේන් අවිහිංසකයි
    ඒ තරම්ම මගේ සෙනෙහස සුන්දරයි
    මට කියා දෙන්න බෑ මම හරි අසරණයි

    සුන්දරයි බොලඳයි :lol:
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    ammeeeeeeeeeeeee mea kathawe 6 weni kotasa idala ithri tika kiyawanna kochra asawenda bole htye... :love: :love: sirawata bn aiye.. iye raeth mea welwatama nidagna kalin kiyewweee , mageth oya lagin yana mage first love eka tyenawa eth eka mage hithe withrakma tibuna deyak kiyala danui threne.. meka kiyawaddi ekiwa mathak una adanna kadulu piruna aes wala reddaaa !!! passe ekiwa sirwata heenen dakka... ada mata mona peneida dan na bn aiye... mona unath harima lassnai aiye.. kiywana hari asai... pothak widiyta publish kra nm athtama loku wensak wei....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes: ආශා එදිරිසිංහ තමා මචෝ...

    කොහොමද සටනක් දෙන්නේ?? :dull:
    උබේ දෙයක් කියල දැන දැන වෙන එකෙක්ට දෙන එක
    නොකර එකට අනිත් පැත්ත දෙයක් කරන්න තිබ්බා
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ammatasiri ada 8 danawada?:shocked: elazzz ekath kiyawalama yanna one :D:)
    දැම්ම ටිකක් පරක්කු උනා වැඩ නිසා... :sorry::sorry:
    අම්මෝ මල්ලි මේ කතාව නම් මාරම ලස්සනයි ලියලා තියනවා..සමහර විට ඔයාගේ ජිවිත කතාව නිසාද මන්ද මෙහෙම හොදට අපිට දැනෙන්නේ.....දිගටම ලියන්න..අලුත් ඒක pm පාරක් දාන්න.....:yes::yes::love:
    අලුත් එක දැම්මා.. pm කරා..
    KM ගැන KP හිතන දේ.. මගේ ඇසින්
    http://www.elakiri.com/forum/showthread.php?p=17159320#post17159320

    :P:rofl: :baffled: :dull::dull:
    :love::love::love::love: ඒ සින්දුවනම් සිරා මචං. මන් කවද හරි පොතක් ගැහැව්වොත් ඒ සින්දුව දානව මුලට.
    කො බබා
    :dull:
    බබා මේකේ මැද හෙන පෝස්ට් ගොඩක් දාලා තියෙනවා. මුල ඉඳලා කියෝපන්. පට්ට ආතල් ඕයි. :dull::dull::dull::dull::dull:
    :dull::dull::dull::dull:
    අරලිය මල් ආරාමය ලස්සන නවකතාවක් මල්ලි. උඹලගේ වයසේ ඉන්න හුඟක් කොල්ලෝ කෙල්ලේ හිතන් ඉන්නේ ලංකාවට නවකතා කලාව හඳුන්වල දුන්නේ සුජීව ප්‍රසන්න ආරච්චි කියලා. බොහොම සුළුතරයක් ඉන්නවා නියම ලේඛකයෝ ලියපු පොත් කියවපු උදවිය. ඒ අතින් එළකිරියේ එන්න එවුන් බහුතරයක් දෙනා මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු ප්‍රවීන ලේඛකයින්ගේ පොත් කියවපු එවුන්. එහෙම බැලුවාම අපේ තරුණ පරම්පරාව ගැන අපිට ආඩම්බරයි .

    ඔයාට ලියන්න පුළුවනි. ඔයා ලියන දේවල් කියවගෙන යනකොට කිසිම බෝරිං ගතියක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ලියන දේවල් වල සුමටව ඉදිරියට ගලායාමේ ගතියක් තියනවා. එහෙම උදවිය තමයි රචකයෝ විය යුත්තේ. පුලුවනිනම් ප්‍රවීන ලේඛකයින්ගේ පොත් ටිකක් හොයන කියවන්න. ඔයාට ඔයාගේ හැකියාව තව දියුණු කරගන්න පුළුවන් වෙයි.

    ජීවිතේ ගැන කලකිරිලා ඉන්න කෙනෙකුට ඒ කලකිරීමෙන් මිදිලා හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තියෙන එක ක්‍රමයක් තමයි ලියන එක. ඒ හින්ද දිගටම ලියන්න. දිගටම කියවන්න. එහෙම කරද්දී ඔයාට පුළුවන් වෙයි මේ පවතින ලෝකේ දිහා අනුකම්පාවෙන් බලන්න.

    තවමත් අදහසක් තියනවනම් මහන වෙන්න මම ඔයාට ගල්දුව හෝ නා උයනේ කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව එක්ක සම්භන්ධකමක් හදල දෙන්න උත්සහ කරන්නම්.
    ඒක ගැන සම්පුර්ණ විස්තරේ මන් ඉස්සරහට දාන්නම්. :)
    ගොඩක් ස්තුතියි දිරිමත් කරනවට. මම මේ කතාව ලියන්නෙ හේතුවක් මත. ඒක ඉස්සරහට කියන්නම්. එත් මේ කතාව ලියද්දි මන් දැනගත්ත, මට දැනිච්ච දේ තමයි.
    ඇත්තටම ආදරේ කරපු මිනිස්සු මේක කියවද්දී එයාලටම වෙන් වුනු සුන්දර ලෝක වල අතරමං වෙනවා. ඒ මතකයන් අසුන්දර වුනත් එයාල ඒ මතකයන් වලට ආදරේ කරනවා.
    :yes:
    මං නං හිතන්නෙ මූට කොහෙං හරි ඔය කියන කෙල්ලව හොයලා දීලා සෙට් කරවන්න ඒනෙ.. මහන කරන එක නෙවේ වේකට විසදුම. අර අකුරු දෙකේ කෙල්ලව අල්ලලා මූට බන්දලා මූව ලිදේ දාන්ඩ ඕනෙ :rofl:
    මගෙ අදහස පමණි
    :frown::frown:
    උඹ නම් මාව ලිඳේ දාන්නමයි හදන්නෙ. ඊයේ ඇහැව්වා කරපු සින්දු නැද්ද කියල. ඒවා මෙතන දැම්මනම් එළකිරි එකේ එවුන් ගෙවල් වල radio පොලවේ ගහනවා. එච්චර ලස්සනයි ඒවා.... :P
    KPZ පුටේ අද 12 වෙන්න කලින් වත් 8 දාපන්කෝ ;) නිදාගන්න හදන්නේ. ඊට කලින් මේක කියවන්න කියලා
    :sorry::sorry::sorry:
    dapiya ikmanata :)
    එළකිරි මචෝ.....

    ඒත් දැන් ඉන්න උන් නම් යාලුවෙලා දවස් දෙකෙන් බලන්නෙ කොහෙ හරි ගුබ්බෑයමක් අස්සෙ රිංගන්න.
    :lol::lol:
    හනික ලියල කොලිටි බැස්සුවොත් හම ගසනව.. :dull::frown: දැන් දැන් වෙළද දැන්වීම් වැඩිවෙලා කොටසක ප්‍රමානෙ අඩුවෙලා වගේ. තවත් මෙගා එකක්වත් වෙයිද? අවුලක් නෑ එහෙම උනත් හොදයි. එතකොට කම්මැලි නැතුව කියවන්න පුලුවන් ත්‍රෙඩ් එකක් තියෙනවනෙ.. :P
    ;);)
    එල එල හිමිට ටයිප් කරපන් මචෝ. උඹ දානවා කියපු නිසා නිදි මරාගෙන ඉන්නේ කියවන්න :P
    :sorry::sorry:
    පැටියා;17159478 said:
    ඉන්පසු මා හට සසර කල කිරී මහණ වීමට සිතුනි :lol:
    ලවු සික් එකට මහණ වුනා නම් ලංකාවෙ 90%ම හාමුදුරුවො හා තෙරණියො :lol:
    වෙන කවුරු නැතත් උඹ මේක කියවපන්... :frown: නැත්තම් මාව දකින දකින සැරේ උඹ අහයි මහන උනේ නැද්ද කියල :dull:
    :yes::yes: love sick ekata suicide kara gaththa nam dan lankawe 90%k ma minissu marila LOL:lol:
    :yes:

    Patta bn Digatama liyahan
    Rep+ ;)

    :)
    sira katawa rep added
    :)
    :yes::yes: ඒක හරි.. ‍කොහෙන් හරි වචනත් එනවා නෙ කරුමෙටම :rofl:

    අනිවා අනිවා.. ඉස්සෙල්ලම ත්‍රෙඩ් එක දානවා කොහෙද හොදම රූම් තියෙන්නෙ කියලා
    ඊට පස්සෙ මට මේක උනා මගෙ මේක ඒකෙ ගැවුනා දැං මොකද කරන්නෙ
    :dull::baffled::baffled::baffled:
    :rofl::rofl:
    පැටියා;17159551 said:
    ආ බස් එකේ සිංදුව ගැන කිවුවහම මතක් වුනේ මම කෙල්ලගෙන් අහලා උත්තරයක් එනකං ඉන්නව පාර එහා පැත්තෙ කෙල්ල යාලුව එක්ක. යාලුවගෙ තාත්තා කාර් එකේ එනවා දෙන්නව ගෙවල් වලට එක්ක යන්න. එතකොට නවත්තල තිබ්බ බස් එකක ගියා සීගිරියේ කුරුටු ගීත සිංදුව. මරුවට මැච් වුනා සීන් එකට :yes:

    අටවක සඳ පොඩි උනාට හරි හැඩයි
    පුර හඳටත් වැඩියේන් අවිහිංසකයි
    ඒ තරම්ම මගේ සෙනෙහස සුන්දරයි
    මට කියා දෙන්න බෑ මම හරි අසරණයි

    සුන්දරයි බොලඳයි :lol:
    :P:P