KPZ ගැන කතාවක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම දෙන අවස්ථා තියෙනවා බං අපි දන්න හැටියට. පිට නිකන් විකුණන එව්වා නම් බොරු. :dull::dull:
    අනේ මන්ද බන්
    මගෙත් එදා ඉඳල මොබිටෙල් සිම් එකක් තමයි තියෙන්නේ
    IDD එහෙම ගත්තොත් සොරි.කොම් වෙනවා පට්ට විදියට කැපෙන්නේ
    කිසිම පැකේජ් එකක් නැද්ද කොහෙද ඇක්ටිව් වෙලා
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔව් බන් දුන්නා. සතියක් විතර හිටියා. Campus ID එක Copy එකක් අරන් තමා දුන්නේ. තව තමන්ගේ නමට එන මොකක් හරි bill එකක් හරි අරන් එන්න කිව්වා. :dull:
    Monthly rental 100.
    Etisalat Numbers දෙක අතර unlimited calls... :dull:
    ඔය වගේ දේවල් තමා බන් කිව්වේ මතක විදිහට. හැබැයි දැන් ටික දවසක් වෙනවා මචං. මාසයක් වගේ හරි ඊට වැඩි ද මන්ද :dull::oo::oo:

    මම බලලා කියන්නම් මචෝ. :dull::dull::dull::dull::dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචං. මේ දවස් වලනම් ඩොන්ගල් සහ සිම් තමයි ඉතින්. කැම්පස් වලනේ බං කරන්නේ. :dull::dull:
    උඹල කැම්පස් වල විතරද කරන්නෙ
    අපි දන්න අන්කල් කෙනෙක් ඉන්නවා ඌත් ඔය එටිසලට් සින් එකේ ඉන්නවා
    ස්ලෙව්අයිලන්ඩ් වල අංකල් කෙනෙක්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කලාම කිරුනා. BTW මේ කෑල්ල අරන් තියාගත්ත පස්සෙ කාලෙක ගන්න. :rofl:
    [එක්ස්පෝස් කල **sylar එකා මම සිම් විකුණන කතාව කියලා දැම්මට පස්සෙනේ බං වයස අවුරුදු 16, 17 චූ කොල්ලෝ පවා මට කිණ්ඩි දාන්න ගත්තේ සිම් කීයක් අද විකිණුවද අහ අහා.ඊට කලියෙන් මම පොර ටෝක් දීගෙන පොරක් වගේනේ බං කිරියේ උන්නේ.]

    මේ බලපන් මූ ඕලෙවල් කරලා ඉවර වෙච්ච වයස තවම 17 පොඩි ඇච්චං කොල්ලෙක්. වයස 25 ක් වෙච්ච ඌට වඩා අවුරුදු 8 ක් වැඩිමල් එකෙක්ට කතා කරන හැටි බලපන්. අපි පොඩි රස්සා කරනවයි කියලා කට්ටියම දන්න නිසාද බං මෙහෙම කරන්නේ. ඒකට ලොකු රස්සා කරන ලක්ෂ 7.5 වලින් පඩි ගන්න. ඩොලර් මීටරේ කරකවලා එළකිරි ලොග් වෙන අයියලා පොල් වල්ලක් අත ඇරපු කාර් දැම්මත් සාදු කියන්නෙයි මේ ලෝකේ මාර අසාධාරණයි බං.

     
    • Like
    Reactions: speedmalli

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹල කැම්පස් වල විතරද කරන්නෙ
    අපි දන්න අන්කල් කෙනෙක් ඉන්නවා ඌත් ඔය එටිසලට් සින් එකේ ඉන්නවා
    ස්ලෙව්අයිලන්ඩ් වල අංකල් කෙනෙක්

    පාරෙත් කුඩ ගහන් විකුණනවා බං තැන් තැන් වල. හැම කෲ එකටම හෙඩ් කෙනෙක් ඉන්නවා ඌ කියන විදිහට අපි කට්ට කන්න ඕනේ ඉතින්. :dull::dull:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අපෝ මේ ත්‍රෙඩ් එකට එන්නත් හිරිකිතයි දැන්. 3rd ක්ලාස් මිනිස්සු පිරිලා. සිම් විකුණන උනුයි හම්බයන්ට රීලෝඩ් දාන උනුයි ශික් විතරක්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කවිය ඔබ
    තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
    කවිය ඔබ....

    පද එකින් එක ලියවා සිත කුරු‍ටු ගා මැකුවා
    ඔබ ලියූ කවි කියවා මං අසරණව උන්නා
    යෞවනේ.....
    තනිකමක් දැනෙනා මොහොතක
    සිත ඉකිගසා හැඬුවා.....

    කවිය ඔබ
    තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
    කවිය ඔබ....

    හොර ඇහින් ඉඟි කරලා සඳ මගෙන් සමුගත්තා
    කවි පොතම පොඩි කරදා නිදියන්න මට හිතුනා
    යෞවනේ.......
    අත ලඟින් හිඳිනා මොහොතක
    දුර ඈත බව දැනුනා....

    කවිය ඔබ
    තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
    කවිය ඔබ....
     
    • Like
    Reactions: Mal Baba

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    
    19 කොටස.

    පැයක පමණ ගමනකින් පසු අප ගුවන්තොටුපලේ සිට නිවසට පැමිණියෙමු. එවිට අපව පිළිගත්තේ අයියගේ බිරිඳයි. ඇය කොරියන් ජාතික කාන්තාවකි. එංගලන්තෙට ආවත් මගේ ඔලුවේ වැඩ කරන්නේ KM මගේ ඇමතුම බලා සිටින බවයි. මා හැකි ඉක්මනින් මට වෙන්වූ කාමරයට ගොස් මගේ laptop එක on කළෙමි. ඉන් පසු මා කලේ wifi password එක ඉල්ලගෙන internet log වීමයි. ඉන් අනතුරුව සිදුවූ දේ විස්තර කර KM ට email එකක් යැව්වෙමි. මම UK එන්නට කලින් KM laptop පරිඝනකයක් මිලදී ගත්තාය. ඒ වෙන කුමකටවත් නොව, මා සමඟ කතා කිරීමටයි. මම මෙහි එන්නට කලින් එහි skype සහ team viwer දමා ආවෙමි. මට මෙහිදී කතා කරන්නට දුරකතනයක් නැත. මා පාවිච්චි කල දුර කථනය මම KM ට දී ආවෙමි. එනිසා මට KM ට කථා කළ හැකි එකම ක්‍රමයනම් internet හරහා කතා කිරීමයි. පසුවදා KM අනිවාර්යයෙන්ම email බලන බව දන්නා නිසා මම ඇයට email එකක් යවා තැබුවෙමි.

    පසුවදා උදෑසනම මම email බැලුවෙමි. එවිට KM ගෙන් email එකක් ඇති බව දැක මට දැනුනේ පුදුම සතුටකි. ඒත් දැනෙන දුරස් බව මෙතරම් යයි වචන වලින් විස්තර කළ නොහැක. ලංකාවේදී නැගිට්ට ගමන් KM සමඟ කතා කරන්නට පටන් ගෙන රෑ වන තුරුම ඈ සමඟ sms වලින් කතා කරන්නට මම පුරුදුව සිටියෙමි. නමුත් එක දවසකින් මේ සියල්ල වෙනස් වී ඇත. ලංකාවේ වෙලාවත් මෙහි වෙලාවත් අතර ඇති වෙනස අපට තවම තේරුම් ගත නොහැක. KM උදේ මා එනතුරු බලා සිට මා නොමැති නිසා email එකක් තබා ඇත. මට උදේ වන විට ලංකාවේ දවල්ය. මම KMට තව mail එකක් තැබුවෙමි. ඉන් පසු මම අයියත් සමඟ කඩයට ගියෙමි. මම ගියේ කඩේ වැඩ ඉගෙන ගැනීමටය. එනිසා laptop එක ගෙන ගියේ නැත. එනිසා KM ගෙන් පණිවිඩයක් දැනගැනීමට නැවත නිවසට පැමිණෙන තුරු සිටිය යුතුය. අනතුරුව අපි කඩයට ගොස් කඩය ඇර වෙළඳාම පටන් ගත්තෙමු. ඉන් පසු දිගින් දිගටම ආවේ සුද්දන්ය. මම මෙහි එන්නට ප්‍රථම IELTS කළ බව මතකය. නමුත් මෙහි සුද්දන් කථා කරන්නේ එහි තිබුණු විදිහට නොවේ. මොවුන් වචන 10ක් කිව්වොත් මට තේරෙන්නේ වචන දෙකක් පමණි. අයියා ඔවුන් සමඟ ගනුදෙනු කරන හැටි මම කටත් අරගෙන බලා සිටියෙමි. ඔවුන් දැක්ක ගමන් අසන්නේ ඔය දෙන්නා සහෝදරයෝද කියාය. අයියා මට වැඩ අවුරුදු 14ක් වැඩිමල් වුවද පෙනුමෙන් තරමක් දුරට සමානය. වෙනසකට ඇත්තේ ඔහු කන්නාඩි දමන්නේ නැත. එමෙන්ම ඔහු මට වඩා පෙනුමය. කිහිප දෙනෙක් ඇරෙන්නට අනෙක් සියලුම සුදු ජාතිකයින් ඉතා මිත්‍රශීලි වෙති. පැමිණි ගමන් අසන්නේ ඔබ හොදින්ද කියාය. (You all right?) ඉන් පසු ඔවුන්ට අවශ්‍ය දේ ඉල්ලා ස්තුති කරයි. අපි ගාන හදා මෙපමණයි පැවසු පසුද ස්තුති කරයි. ඔවුන් මුදල් දෙද්දී සහ අපි ඔවුන්ට ඉතිරිය දෙද්දී යන මේ සැම අවස්ථාවකම ඔවුන් ස්තුති කරයි. ඔවුන් වැඩියෙන්ම පවසන්නේ Thank you කියන වචනයයි. කඩයට එන සුද්දන් මගෙන්ද එක එක ප්‍රශ්න අසයි. නමුත් මට තේරෙන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. ඒ ඔවුන් ඉතා වේගයෙන් කතා කරන නිසාය. අපි ලංකාවේ ඉංග්‍රීසියෙන් කතා කරන්න ගියාම grammer මතක් කර කර සිටියි. නමුත් මොවුන් එය එච්චර ගණන් ගන්නේ නැත. අපි කියන දේ වැරදුනත් මොවුන් හිනා වෙන්නේ නැත. අපි කුමක් හෝ කියද්දී කියාගත නොහැකිව හිර වුනොත් මොවුන් එය සම්පුර්ණ කර දෙයි. නමුත් අපි ලංකාවේ උච්චාරණය කරන සමහරක් වචන වැරදි බව දැනගත්තේ මෙහි පැමිණි පසුය. එය වෙනමම කතාවකි. මේ සිදුවන සැම දෙකම අතර මට ඉතා විශාල අඩුවක් හිස් බවක් දැනෙන්නේය. ඒ KM මගේ ළඟ නොමැති වීමයි. මට නිතර සිහි වුනේ ඇයයි. අපි කඩේ ඇරියේ උදේ 9ටය. අපි රෑ 10.30 වන තෙක්ම කඩේ සිටියෙමු. ඒ අප වෙළඳම් කරන කාලයයි. එය පැය 13කි. කඩේ වසා ගෙදර ගිය සැනින් මා කලේ ඇදුම් මාරු කිරීමටත් ප්‍රථම laptop එක ගෙන email බැලීමයි. එවිට KM mail එකක් ඒවා තිබුණි. මේ සිදුවන්නේ කුමක්ද? මා මෙහි එන්නට පෙර අපි කථා වුනේ මෙසේ නොවේය. දවස් දෙකටම අප කතා කර තිබෙන්නේ 4 වතාවකි. එනිසා මම රෑට නින්දට යන වෙලාව ගණන් හදා KM ට කිවේ මේ වෙලාවට එන්න අපි skype කථා කරමුය කියාය. ඒ අනුව ඊ ළඟ දවසේ KM skype ආවාය. අපි පැය දෙකක් පමණ කථා කළෙමි. නමුත් පහුවදා උදෑසනම මාගේ දයාබර අයියා කිවේ "තමුසේ රෑට නිදාගන්නැතුව එක එකාට කථා කර කර ඉන්නවනම් මම ගෙදර internet කපනවා" කියාය. එවිට මා සැබවින්ම බයවුනි. ඒ මට KM සමඟ කථා කිරීමට ඇති එකම අවස්ථාව මෙය නිසාය. එනිසා පහු වෙනිදා අපි video on කරගෙන type කරමින් chat කළෙමු. KM සහ මම කලින් ආත්මයක කුමක් හෝ පවක් කර ඇත. කරදර අපිව සොයාගෙන එයි. මේ කරදර වලට ඉන්න රට වැඩක් නැත.

    කෙසේ හෝ දවස් 5කින් පමණ මගේ අම්මාට මා සමඟ skype කතා කරන්නට වුවමනා විය. ඒ අනුව වෙලාවක් යොදාගෙන KM laptop එකත් ගෙන අප නිවසට ගොස් සිටියාය. අම්මගේ කීම නිසා අයියා මට ගෙදර ඇවිත් මවට කතා කරන්නට දුන්නේය. නමුත් මා ගෙදර ආවේ තනියම නොවේ. අයියාද සමඟය. අපට ගෙදර යා යුතු වෙලාවට අක්කා එනම් අයියගේ බිරිඳ කඩයට ආවාය. මා අම්මාට කථා කරන තුරු අයියා කාමරයේ පිටත එහෙ මෙහෙ යමින් කියන දේ සියල්ල අසාගෙන සිටිනා බව මම දුටුවෙමි. මට මේ සිදු වී ඇත්තේ කුමක්ද. මෙය කබලෙන් ලිපට වැටීමක් වැනිය. මම UK ආවේ අපගේ අනාගතය නිසාය. නමුත් මා එක කුස උපන් සහෝදරයා මෙය නැවත්වීමට වෙර දරයි.

    මමත් මෙහෙ ආවාට පසු මව සිටියේ ගෙදර තනිවමය. එනිසා KM සහ ඇගේ මව අම්මාට කෑමත් සාදාගෙන අම්මව බලන්නට යාම පුරුද්දක් කරගත්තාය. සතියට දින දෙකක් හෝ තුනක් ඔවුන් එසේ කළාය. යම් දින වලදී අපේ අම්මගේ තනියට KM අපේ ගෙදර නැවතුනාය. KM ඇයගේ ඇදුම් කිහිපයක් අපේ ගෙදරම තබා තිබුණි. ඒ අප නිවසට පැමිණි පසු හැඳිමටය. ඇය එසේ කරන්නේ ඒ මගේ මව නිසාය. මට ඇති ආදරය නිසා ඈ මගේ මව බලන්නට යන්නීය. ඒ අතින් මා ඉතා වාසනාවන්තය. නමුත් මගේම අයියා මෙය නැවත්වීමට වෙර දරන්නේ ඇයි දැයි මට සිතා ගත නොහැක.

    මා UK ආවේ job එකක් කරමින් degree එකක් කරගැනීමටය. අපට විශ්වවිද්‍යාල වලට යාම සඳහා ප්‍රමාණවත් වත්කම් නැත. එනිසා අයියා මට තෝරා තිබුනේ සාමාන්‍ය කොලිජියකි. මෙරට තුල වැඩ කළ හැක්කේ විශවවිද්‍යාල වලට පැමිණි අයට පමණි. මා එන්නට කලින් අයියාද මමද එය දැන සිටියෙමු. අයියා කිවේ එය ප්‍රශ්නයක් නොවන බවයි. අයියා දන්නා අයට කියා මට job එකක් සොයාගත හැකි බව ඔහු නිතර පැවසුවේය. නමුත් මා මෙහි පැමිණි පසු ඔහු කිවේ මට වැඩ කල නොහැකි නිසා එසේ job සොයාගැනීමට අමාරු බවය. අහු වුනොතින් නැවත ලංකාවට යන්න වන බව ඔහු පැවසුවේය. එනිසා මට දිගටම ඔහුගේ කඩයේ සිටීමට සිදු විය. කඩය ඔහුගේ නිසාත්, ඔහු මෙරට පුරවැසි බාවය ලබා සිටින නිසාත් මම ඔහුගේ කඩයේ සිටීම එච්චර බරපතල දෙයක් නොවේ. එවිට සිදුවන්නේ මම ජොබ් එකක් කිරීම නොව සහෝදරයට උදව් කිරීමකි. නමුත් කඩයට එන ඔහුගේ යාළුවන් නිතරම මාව තැන කිහිපයක වැඩට දමා දෙන්නට ඇසු නමුත් අයියා එයට කැමති උනේ නැත. එනිසා මම උදේ 9 සිට රෑ 10.30 වනතුරු කඩේ සිටියෙමි. සතියක් පමණ යන විට මට කඩේ තනියම වැඩ කළ හැකි තරමට මම වැඩ පුරුදු වුනෙමි. මෙහි ඇති අමාරුම දෙයනම් 18න් පහළ අයට alcohol සිගරට් විකිණීම වලක්විමයි. වයස අඩුයි වගේ පෙනෙන අයගෙන් ID ඉල්ලන්නට අපිට සිදුවෙයි. එවුට ඔවුන් ලෝකෙ නැති කථා පවසයි. එවැනි සමහර අයගෙන් බේරීමට සහ හොර සල්ලි ගෙනෙන අයගෙන් බේරීමත් අමාරු කටයුත්තකි. ඒ හැරෙන්නට කඩයේ වැඩ එතරම් අපහසුවක් නැත. නමුත් නිදහස ඇත්තේ ඉතා අවම වශයෙනි. නිතරම පාරිභෝගිකයන් පැමිණෙන හෙයි ඔවුන් සමඟ ගනුදෙනු කරමින් දවසම ගෙවී යයි. ඔය අතර අයියා නිතරම මගේ ඔලුවට දැම්මේ ලංකාවේ එක අතහැර සුද්දියෙක් හොයා ගන්නා ලෙසටයි. ඒ අතරම සමහර දිනයන් හිදී මහන්සිය නිසාම මට ඉක්මනින් නින්ද යයි. මෙනිසා KM සමඟ කථා බහ එන්න එන්නම අඩුවිය. කර ගත යුත්තේ කුමක්දැයි මා දන්නේ නැත. KM සමහර දිනයන් හිදී මා skype එනතුරු බලා හින්ද මා නැති හෙයින් නින්දට යයි. කෙමෙන් කෙමෙන් අප අතර කතාබහ ඉතා දුර්වල විය. සමහර විට අප කථා කලේ දින දෙකකට වතාවකි. පෙර නම් උදේ නැගිට්ට ගමන් "good morning baba" යයි යවන sms එක තියා දැන් ඇයට කොහොමද කියා දැනගන්නත් දෙන දෙකක් පමණ යයි.

    මම UK අවේ සල්ලි එකතු කරගන්නටය. නමුත් ම සිටියේ අයියගේ කඩේ නිසා ඔහු මට වැටුපක් ගෙව්වේ නැත. ඔහු කිවේ college ගාස්තු සහ අනිත් සියලු වියදම් ඔහු බලා ගන්නම්. එනිසා මට කඩයේ ඉන්න කියාය. මෙහි පැමිණ මසක් දෙමසක් ගියත් මට වැටුප් නැත. වරින් වර අක්කා දුන් සුළු මුදලත් ඔහු ඉල්ලා ගත්තේය. ඔහු පැවසුවේ මට දැන්ම මුදල් වැඩක් නැති හෙයින් අම්මට යවන්න ඒ සල්ලි දෙන්න කියාය. එනිසා මා එම මුදල් දුන්නෙමි. මුදල් එකතු කර degree අරගෙන ජීවිතය ගොඩනගා ගන්නට පැමිණි මා තවමත් කිසිදු පෙන්සයක් උපයා නැත. සිදු වූ එකම දේනම් මට පන මෙන් ආදරය කළ KM මගෙන් දුරස් වීමයි. නමුත් KM මට සැම දිනයකම උදේ සහ රෑ email ඒවා තිබුණාය. මා email බලන්නට ඉඩ ලැබුණු පසු ඇයගේ email සියල්ලට උත්තර යවා මගේ දින ගෙවුණු සැටි විස්තර කර යැවිය. සමහර විට ඈ පවසා තිබ්බේ මා සමඟ ගෙවූ අතීතය නිතර මතක් වන බවයි. ඇයට පමණක් නොව මටද අනන්තවත් ඇයව මතක් විය. අප දෙදෙනාගේ මුණ ගැසීම, යහළු වීම සිදුවුයේ වෙනස්ම ආකාරයකටය. ඇය වෙනුවෙන් මා කොපමණ බලා සිටියාද. ඒ සියලු බාධක වලින් පසුව මට ඈ ලැබුණුත්, තවමත් ඈ සමඟ ඉන්නට වරම් නැත. ඒ වෙනුවට සිදු වී ඇත්තේ අයගෙන් දුරස් වීමයි. අප සිතා සිටියට වඩා සිය දහස් ගුණයකින් මේ දුරස් බව අපට දනින. සමහර දිනයන් හිදී මා skype යන විට, මා එන තුරු බලා සිට ඇය නින්දට ගිහින්ය. කළ යුත්තේ කුමක්දැයි අපට සිතා ගත නොහැකිය.


    මතු සම්බන්දයි.
    වෙලාව 2.23am 27.09.2014
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    සිරාවට මචං. දැන් කෙල්ලෝ හුගක් රැවටෙනවා බොරු කාරයන්ට. උන් ලස්සන කථා ගොතල, කෙල්ලන්ව වර්නන කරලා කතා කරනවනේ. ඉතින් ගැනු ආසයි ඒකට. ඉතින් ඊට පස්සේ උන්ගේ පස්සෙන් යනවා. :angry:

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මල්ලි උඹේ අයිය උඹව පාවිච්චි කරනවා වගේ කියල තමයි මට දැනෙන්නේ. මගේ වයසේ ඉඳන් උඹ දිහා බැලුවාම උඹ බඳින්න ගිය වයසේදී එහෙම නොවෙච්ච හොඳයි. ඒ වයස කොල්ලෙකුට බඳින්න හොඳ වයසක් නෙවෙයි. මම කිව්වේ බඳින්න විතරයි , ආදරේ කරන්න නෙවෙයි.

    කසාද බඳින්න නිසි වයසක් තියනවා මල්ලි. ඒ වයසට කලින් බැන්දාම කොයිතරම් ආදරේ උනත් වයස 30 වෙද්දී කසාදෙ එපා වෙනවා . තාමත් උඹේ කෙල්ල උඹ එක්ක ඉන්නවනම් ඔහොම කට්ට කාගෙන ඉඳල ටික කාලෙකින් කසාද බඳින්න. එත් අයිය ළඟ වැඩ කරලනම් උඹට අනාගතයක් නැහැ කියල මට දැනෙනවා.

    කවද හරි කසාද බඳින්න අදහසක් තියනවනම් උඹේ කෙල්ලව මග ඇරෙන්න දෙන්න එපා. මොකද ජීවිතේ අපායක් නොකර සන්තෝසෙන් පවුලක් ගෙනියන්න පුළුවන් ගෑනු වර්තමානයේ හරිම අඩුයි. බහුතරයක් පිරිමි කෙල්ලෙක්ව කසාද බඳින්නේ ඌ කෙල්ලට ආදරේ කරන නිසා විතරයි. එතැනදී කොල්ලෝ කල්පනා කරන්නේ නැහැ තමුන් ආදරේ කරන තරමට කෙල්ල තමුන්ට ආදරේ කරනවද නැද්ද කියල. අන්තිමේ වෙන්නේ ජීවිත කීපයක් කාලකන්නි වෙන එක විතරයි. ලෝකේ දැකල අත්විඳලා අත්දැකීමෙන් කියන්නේ, උඹට ආදරේ කරන කෙල්ලව මගැරෙන්න දෙන්න එපා. මොකද මේ විස්තර වල හැටියට උඹල දෙන්නට දෙන්න 100% ක් ගැලපෙනවා.

    මට ඉවෙන් වගේ දැනෙනවා උඹේ Girl Friend එළකිරියේ ඉන්නවා කියල.

     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Ridila™;17185490 said:
    දාපන් පහක් මාත් එක්ක යාලු උන දෙවනි කෙල්ල අංක එකේ බඩුවක් බං. උඹ ඔය පෝස්ට් එක දැම්මම මට මතක් උනා. අදටත් මන් ලඟ ඒකිගේ පෝන් එකෙන් හොරාට ගත්ත ඩීටේල්ස් බිල් වල hard copies ටිකයි, ඒකිගේ කෝල් වල රෙකෝර්ඩින්ග්ස් ටිකයි, ඒකි වැරදිලා එවපු මැසේජ් ටිකයි ඔක්කොම මම සුරක්ෂිතය තියන් ඉන්නවා. ඒ බං මම කිසි බලු වැඩක් කරලා නැහැ ඒකිට. ඒත් අද මට ලස්සන ජීවිතයක් තියෙනවා. මම දැන් යාලුවෙලා ඉන්නේ ඒකි දන්න ඒකි ඉස්සර හිටි ගෙවල් ලඟ ඒකි එක්ක එකට දහම්පාසල් ගිය නංගි කෙනෙක් එක්ක. ඕකි මේක ගැන දැනගත්තු දාට මගේ ජීවිතේට සහ සම්බන්දෙට හානියක් කරන්න ආවොත් පට්ට හු###ට දුවන්න දෙන්න බලාගෙන තමයි අදටත් තියාගෙන ඉන්නේ. :angry::angry::angry:



    ප.ලි. : සම්බන්දේ නැවතිලා අවුරුදු 3 & 1/2 වගේ. අදටත් ඔය තික තියන් ඉන්නවා. බඳිනකන්ම තියන් ඉන්න වේවි. මොකද මට අරින්න බලාගෙන, හිනාවෙන්න බලාගෙන ගමේ මිනිස්සුයි, නෑයොයි හෙන සෙටාර් එකක් ඉන්නවා උන්ට මන් හින්දා ඇහේ ක‍ටු ඇනෙන නිසා.:angry::angry::angry:

    එකෙන්ම! මෙන්න මගෙන් පහක්!!

    උඹ ලඟ ඒකි ගැන තියෙන ඩීටේල්ස් මොකුත්ම නැතිකර ගන්න එපා!:no: මම නම් කියන්නේ බැඳලාත් අවුරුදු 5ක් විතර යනකම්වත් ඔය ටික පරිස්සම් කරලා තියාගෙන ඉන්න එක හොඳයි!:yes:

    මමත්, අනිවාර්යයෙන්ම ඕකිට රිටන් එක දෙනවා. හැබැයි ඒ ඒකිට පිහියෙන් ඇනලා වත්, ඒකි ගැනම හිතලා කාලකන්නියෙක් වෙලාවත් නෙමෙයි...! අනිවාර්යයෙන්ම මම ඒකිට වඩා 1000 ගුණයකින් හොඳ කෙල්ලෙක්ව හොයා ගන්නවා ගන්නවාමයි!!!:yes:

    ඒකිට හිතාගන්නවත් බැරි විදිහේ ලයිෆ් එකක් මම කොහොම හරි ලබා ගන්නවා! :yes::yes:

    ඒකි මැරෙන්න ඕනේ වෙන මොකටවත් නෙමෙයි. පසුතැවීම දරාගන්න බැරිව!!!!:frown::frown:

    බෙස්ට් ඔෆ් ලක් මචන්!!!!!!!:)
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මල්ලි උඹේ අයිය උඹව පාවිච්චි කරනවා වගේ කියල තමයි මට දැනෙන්නේ. මගේ වයසේ ඉඳන් උඹ දිහා බැලුවාම උඹ බඳින්න ගිය වයසේදී එහෙම නොවෙච්ච හොඳයි. ඒ වයස කොල්ලෙකුට බඳින්න හොඳ වයසක් නෙවෙයි. මම කිව්වේ බඳින්න විතරයි , ආදරේ කරන්න නෙවෙයි.

    කසාද බඳින්න නිසි වයසක් තියනවා මල්ලි. ඒ වයසට කලින් බැන්දාම කොයිතරම් ආදරේ උනත් වයස 30 වෙද්දී කසාදෙ එපා වෙනවා . තාමත් උඹේ කෙල්ල උඹ එක්ක ඉන්නවනම් ඔහොම කට්ට කාගෙන ඉඳල ටික කාලෙකින් කසාද බඳින්න. එත් අයිය ළඟ වැඩ කරලනම් උඹට අනාගතයක් නැහැ කියල මට දැනෙනවා.

    කවද හරි කසාද බඳින්න අදහසක් තියනවනම් උඹේ කෙල්ලව මග ඇරෙන්න දෙන්න එපා. මොකද ජීවිතේ අපායක් නොකර සන්තෝසෙන් පවුලක් ගෙනියන්න පුළුවන් ගෑනු වර්තමානයේ හරිම අඩුයි. බහුතරයක් පිරිමි කෙල්ලෙක්ව කසාද බඳින්නේ ඌ කෙල්ලට ආදරේ කරන නිසා විතරයි. එතැනදී කොල්ලෝ කල්පනා කරන්නේ නැහැ තමුන් ආදරේ කරන තරමට කෙල්ල තමුන්ට ආදරේ කරනවද නැද්ද කියල. අන්තිමේ වෙන්නේ ජීවිත කීපයක් කාලකන්නි වෙන එක විතරයි. ලෝකේ දැකල අත්විඳලා අත්දැකීමෙන් කියන්නේ, උඹට ආදරේ කරන කෙල්ලව මගැරෙන්න දෙන්න එපා. මොකද මේ විස්තර වල හැටියට උඹල දෙන්නට දෙන්න 100% ක් ගැලපෙනවා.

    මට ඉවෙන් වගේ දැනෙනවා උඹේ Girl Friend එළකිරියේ ඉන්නවා කියල.

    :yes:+++++rep
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් මම නම් හිතන්නේ උඹේ අයියා හොඳ ගල් අන්ඩෙක් කියලා .උ බලන්නේ උඹෙන් වැඩ ටික කරවගෙන ලල් එකේ ඉන්න.බලපන් දැන් උඹට වෙන තැනක වැඩ කරන්නත් බෑ.college වලට ගියා කියලා වැඩකුත් නෑ.මම උඹනම් අනිවා කොහෙන් හරි සල්ලි ඉල්ලගෙන හරි හොයාගෙන හරි uni එකකට සෙට් වෙලා work rights හදා ගන්නවා.යකෝ degree එක අරගෙන ලංකාවට ආවත් උඹට ජොබක් හොයා ගන්න පුළුවන්.ඔහොම හිටියොත් නම් උඹට අනාගතයක් නෑ කොල්ලෝ.එකකුසේ උපන් සහෝදරයා උනත් උ උඹට කරන්නේ චාටර් වැඩක්.උඹ යාළුවෝ හදා ගනින්.උන්ගෙන් සීන් එකට හෙල්ප් එකක් ගන්න බලපන්.