මචො, KPZ උබ කතාව ඉවර කරන්නෙ අපේ උන් කියන කට කැඩිච්ච කතා අහලා කියලා තමයි මට නම් හිතෙන්නෙ.
ඒත් MihiCherub කිව්ව වගේ උබ ඉන්න තත්වෙ ඉදන් බැලුවොත් අපේ උන් කියන තරම් උබ වැරදි කාරයෙක් නෙමෙයි.
පොඩි කාලෙ ඉදන් හිටියෙ අම්මා විතරක් නම් උබ අම්මා කාව හරි මරපං කිව්වත් දෙපාරක් හිතන්නෙ නැතුව ගිහින් මරලා එන මානසිකත්වයක ඇති කියලා මම හිතනවා,
අම්මයි උබයි විතරක් ගෙදර ඉද්දි, උබ අම්මගෙ උනුහුමේම, ඒ ආදරේම හැදෙන්න ඇති, එහෙම ඉදලා උබ වෙන කෙල්ලෙක්ට ආදරේ කරනවා කිව්වම අම්මත් පොඩ්ඩක් අප්සට් යන එක සාදාරනයි මචො, ස්වභාවිකයි.
එහෙම හිතලා අම්මා උබට බනිද්දි උබ අම්මව දාලා වෙන කෙල්ලෙක් ලගට ගියාම අම්මාට කොයි තරම් දුක හිතෙන්න ඇතිද කියලයි මට නම් හිතුනෙ, තාත්තත් අම්මා ලග නැ, අය්යත් නැ, අම්මට ජිවත් වෙන්න හේතුවක් උනේ උබ විතරයි උබත් අම්මව දාලා වෙන කෙල්ලෙක් ලගට ගියාම අම්මා ගොඩාක් අසරන වෙන්න ඇති.
අම්මා ඒ දුකට තමයි මචො එදා බස් එකේදි උනත් බනින්න ඇත්තෙ,
උබේ අම්මත් හොද කෙනෙක් වෙන්න ඇති නැත්නම් උබ ඔච්චර හොද කෙනෙක් වෙන්නෙ නැ, අහිංසක කෙනෙක් වෙන්නෙ නැ, උබගෙ හදවත ඔච්චර සොෆ්ට් උනේ ඒ අම්මගෙ ආදරෙ හින්දා බං. එහෙම ඉදලා එකපාර අම්මට ද්‍රෝහි වෙන්න උබට බැ කියන එක මම හොදට දන්නවා,
ඒත් මචො මගේ අද්දැකීමෙන් මෙහෙම දෙයක් කියන්නම්, හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන්න බැ බං, උබලගෙ අම්මලා අය්යල එකතු වෙලා උබට ප්‍රශ්න හදන එක මට තෙරෙනවා.
ඒ ප්‍රශ්න හැම එකකටම උත්තර හොයන්න බැ, ඒකට උබට කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා,
එකක් ප්‍රශ්න මග ඇරලා යන එක. හැමෝම කියන්නෙ මේක කරන්න කියලා. ඒත් ඒක ලේසි උත්තරයක් නෙමෙයි, ගොඩක් හිතරිදීම් එක්ක ගොඩාක් අමාරුවෙන් කරන්න ඕන දෙයක්.
අනිත් එක තමයි...
ඒ ප්‍රශ්න උබට උත්තර දෙන්න පුලුවන් විදියට හදාගනන් එක., ඒ කියන්නෙ මචො, ඔය ප්‍රශ්න වෙනත් විදියකට විසදගන්න විදියක් හොයාගන්න ඕන. ඒකට පුලුවන් විදියට උත්තරයක් දෙන්නම්, ඒත් ඒ උබේ කතාව අද දවස වෙනකල්ම කිව්වට පස්සෙ, එහෙම නැතුව මට කලින් කියන්න බැනෙ මචො,
මමත් උබේ වයස මචො, ඒත් මම උබට වඩා ගොඩක් දුර ගිහිපු පොරක් උබට වඩා ප්‍රශ්න වලට මූන දුන්න එකක්, මම ඔය වගේ ප්‍රශ්න ගොඩකට මූන දිලා දැන් බැදලා දරු සුරතල් බලාගෙන ඉන්නවා, උබ වගේ තව යාලුවො ගොඩක් එක්ක උන්ගෙ ප්‍රශ්න වලට සප් එක දිලත් තියෙනවා.
ඒ නිසා මචො, අපි අපිට පුලුවන් විදියට උබට සප් එකක් දෙන්නම්, අපේ උන් බැන්නට කමක් නැ, හංගන්නෙ නැතුව හැම දේම අපිට කියපං,
එලකිරි ෴. .