මේක කියවන අයියලා, මල්ලිලා හැමෝගෙන්ම මම පොඩි ඉල්ලීමක් කරන්නම් අයියේ. කවදාවත් පණ වගේ ආදරේ කරන කෙල්ලෙක්ට දුකක් දෙන්න එපා අයියේ. අවංකව කවීට ආදරය කරපු මට අන්තිමට ලැබුනේ කවී වෙන කෙනෙක්ගේ වෙලා යන පින්තූර කිහිපයක් බලන්න.ඒත් අද ඒ ඔක්කොම වෙනස් වෙලා එයා මගෙන් සමාව ඉල්ලලා ආයේ එයාගේ වෙනවද අහලා ඊ ලිපියක් එවලා තියෙන කොට එන සතියේ වෙන කෙනෙක්ගේ වෙන්න යන මම කොහොමද අයියේ හිත හදාගෙන ආයේ කවීගේ වෙන්නේ?මගේ දෛවය පස්සේ දොරින් පැනලා ගිහින් ඉස්සරහා දොර ගාවට ඇවිත් ආයේ හොරට තට්ටු කරනවා. කවී වෙනුවෙන් මට තව අහිංසකයෙකුට දුකක් දෙන්න බැහැ. ඒ උනත් මගේ අම්මටයි තාත්තටයි පපුවට ගින්දර දෙන්න බැහැ. මේ කතාව ඉවර උනාම කාවිංග ලංකාවට ඇවිත් මාව බඳින්න කැමතියි කියලා ඊ ලිපියෙන් කිව්වම මම මොනවද අයියේ කියන්නේ? කසාදයක් බැඳලා ග්රෙනීශා දාලා ගියාට පස්සෙද මාව ආයේ මතක් උනේ? එපා වෙලාවට විසික් කරලා ආයේ ඕනේ වෙලේට ලඟට ගන්න මම කුණු මාලු කෑල්ලක් නෙමෙයිකවී. මේක කියවන අයියලා කිසිම දවසක අහිංසක ගෑණු ළමයෙකුගේ හිතකට දුකක් දෙන්න එපා. අද නොවුනත් හෙට නොවුනත් මැරෙන්න කලියෙන් කවදා හරි එයාට දුන්නු දුක වෙනුවෙන් හඬන්න වේවි.
KM thawama bedala ne. methana boru noda palayana yanna. mama dannawa me kathawe end eka eth keewoth wedak ne ne. oya kiyapu ekakwath neme wenne awasanedi.








