2014 Oct 03 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..

පසුපසින් හබා එන අතවර..
හැරදමා..යා නොහැක බෝදුර..
දුක ද ඉවසා දරා ගන්නට
සිතට බල කරනා..
හැඟුම් මව දිව මැවී කවිකම..

ජීවිතේ කවියක්...

සෙනෙහසින් රැදී උන් එක දන..
පලා යයි නොකියාම ඈතක..
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ..
කවුරු නම් ලංවේද තනියට..

ජීවිතේ කවියක්...

ගායනය : නන්දා මාලනී
“ගජමන් නෝනා“ ටෙලිනාට්‍ය තේමා ගීතය.

ජිවිතය කවියක් අපේ කිඹුලාගේ සේවාදායකයෙක් වන බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ රචන්යක් සංගීතය රෝහණ වීරසිංහ
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක්‌ නතර උනේ

    මලක්‌ වගේ රොන් සුවද වගේ
    ජිවිතයේ සුව අපමණ වේ ..//
    දොලක්‌ වගේ දිය දෝත වගේ
    ජිවිතයේ අම සිසිල දැනේ

    පෙරුම් පුරාගෙන ..

    වරක්‌ නෙතග කදුළැලි පිරුණාදෝ
    සිතට දරාගනු බැරි දුක්‌විදෝ..//
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයි තරම් සතුටක්‌දෝ
    පෙරුම් පුරාගෙන ..