චව් චව්

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Chocho-Chayote.jpg


    වස විස නැති, ජාන වෙනස්‌ නොකළ, දුප්පතාගේ බත් පතේ ආශ්චර්යය” -චව් චව්-

    අධික රුධිර පීඩනය පාලනය කරයි.

    * මුත්‍ර ගල් දිය කරයි.

    * පිළිකා වළක්‌වයි.

    * තරබාරුව මට්‌ටු කරයි.

    ලතින් ඇමරිකානු රටක්‌ වන කොලොම්බියාවේ “සැන් බර්නාඩෝ” “San Bernardo, Cundinamarca”Sa
    n Bernardo) නමින් කුඩා කඳුකර නගරයක්‌ වෙයි. මෙම නගරයේ දැනට වසර 50 කට පමණ පෙර මිය ගිය උදවියගේ මෘතදේහ පවා ස්‌වාභාවිකවම (කිසිදු රසායනික ද්‍රව්‍යයක්‌ භාවිත නොකර) නරක්‌ නොවී සොහොන් තුළ තිබී හමු වී ඇති අතර, මෙම මමිවල අභිරහසට හේතුව තවමත් අනාවරණය වී නැත. මෙම ප්‍රදේශයේ ජනතාව එක්‌තරා එළවළු වර්ගයක්‌ සුලභව අනුභව කරයි. බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ අතිශය දුෂ්කර භූගෝලීය සහ දේශගුණික තත්ත්වයන් හමුවේ පවා මෙම ජනතාවගේ දිවි රැක ගැනීමටත්, මෘත දේහ නරක්‌ නොවී පවතින්නටත් හේතුව මෙම ආහාරය තුළ පවතින බවය. මෙම එළවළු වර්ගය නම් චොචෝ නොහොත් චව් ය.

    වට්‌ටක්‌කා, පුහුල්, කරවිල අයත් වන කුකබිටේසි (Cucurbitaceae)
    කුලයට අයත් වන චව් වැල, ඉංග්‍රීසියෙන්“Chayote”, “chocho”, “choko”, “christophene”, “vegetable pear”, යන නම් වලින් හඳුන්වයි. විද්‍යාත්මක නාමය Seජයසමප edමකැ වෙයි. චව්වල තිඹිරි ගෙය වන්නේ මායා ඉන්කා ශිෂ්ටාචාරය බිහි වූ මධ්‍යම ඇමරිකානු කලාපයයි. මෙම රටවල් ආක්‍රමණය කළ ස්‌පාඤ්ඤ යටත් විජිතවාදීන් විසින් යුරෝපයටත්, යුරෝපා අධිරාජ්‍යවාදීන් අතින් ලෝකය පුරාමත් චව් ව්‍යාප්ත වී ඇත. අද වන විට චව් වැලේ දලු, ගෙඩි සහ අල ලොව පුරා බොහෝ රටවල ජනප්‍රිය ආහාරයන් වෙයි.

    මධ්‍යම ඇමරිකානු ශිෂ්ටාචාරයන් ආක්‍රමණය කළ කොලොම්බස්‌ ප්‍රමුඛ බටහිර ජාතීන්ගේ දිවි රැක ගැනීමට ද එදා චව් පිහිට වී තිබෙන බව සැලකේ. දෙවැනි ලෝක යුද සමයේ ඇති වූ ආහාර අහේනියේදී ඇතැම් යුරෝපා රටවල පවා ජනතාවගේ දිවි රැක ගැනිමට ඉවහල් වී ඇත්තේ චව් ය.

    අපේ රටේ උඩරට තේ වතු ආශ්‍රිතව වැටවල් දිගේ, ගල් කුළු මත මෙන්ම විශාල ගස්‌ මතද සරුවට වැඩෙන, එහෙත් කිසිවෙකුගේ අවධානය යොමු නොවන, චව් ආහාරයට ගන්නේ තේ වතු වල සේවය කරන ද්‍රවිඩ ජනයාය. බොහෝ දෙනෙක්‌ චව් කෑම මදි පුංචි කමක්‌ ලෙස සලකති. ආහාරයට ගන්නට වෙනත් එළවළුවක්‌ නොමැතිම අවස්‌ථාවක හෝ එළවළු මිල අධික කාල වල දී, “අද නම් ඉතින් චව් චව් තමයි..” කියමින් ඇතැමුන් චච් ආහාරයට ගනී. මෙහි ගුණය හා රසය පිළිබඳ දන්නා ස්‌වල්ප දෙනෙකු පමණක්‌ චව් ආහාරයට ගන්නා අතර, බොහෝ දෙනෙකු නිකන් දුන්නත් නොගන්නා නිසාවෙන්, විකුණා ගන්න බැරිව කඩ බක්‌කි වල වේළි වේළී තිබෙනු දැක ගන්නට පිළිවන.

    දකුණු ඉන්දියානු ද්‍රවිඩ ජනයා අතර චව් ආහාරයට ගැනීම බෙහෙවින්ම ප්‍රචලිතව පවතී. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් වහල් මෙහෙය සඳහා මෙරටට රැගෙන ආ දකුණු ඉන්දි යානුවන් සමග චව් ද මෙරටට ගෙන එන්නට ඇතැයි සිතිය හැකිය. අදටත් චව් වැලක්‌ නැති වතු නිවාස පේළියක්‌ නොමැත්තේ ඒ නිසා විය හැකිය. තමිල්නාඩුවේ “චුව් චුව්” (“Chuw Chuw”) නමින් හැඳින්වෙන, සුද්දගේ “චො චෝ” ලංකාවේ දී “චව් චව්” විය.

    චව් පිළිබඳ අප්‍රකට තතු විත්ති විමසා බැලූ කල, දැඩි අන්ධකාරයක ගිලී තිබෙන මෙරට ජනයාගේ පෝෂණය හා රෝග නිවාරණය දෙසට ආලෝකවත් සහන් එළියක්‌ චව් වැලේ දැල්වී තිබෙන බව අපට පෙනී යයි.

    අතිවිශිෂ්ට පෝෂණ ගුණය.

    චව් ගෙඩිය මෙන්ම එහි ඇටයද ආහාරයට ගත හැකි වන අතර, විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවක්‌ වන්නේ චව් ඇටය තුළ සාමාන්‍යයෙන් ශාක ආහාර තුළ සුලබව හමු නොවන, (මෑ, කව්පි වැනි පියලි ඇට වර්ග හැරුණු කොට) අපගේ ශරීර තුළ සංස්‌ලේෂණය කර ගැනීමට නොහැකි, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයන් වන valine, isoleucine, leucine වැනි ඇමයිනෝ අම්ලයන් ද සැලකිය යුතු ප්‍රමාණයන්ගෙන් තිබීමය. මෙය විශේෂයෙන් නිර්මාංශ ආහාර වේලක්‌ ලබා ගන්නා උදවියගේ නොමඳ අවධානය ලැබිය යුතු කාරණාවක්‌ වන්නේය.

    බුද්ධිමත් නිරෝගී දරුවෙක්‌ පතන මවකට මාහැඟි ආහාරයකි.

    දරු උපතක්‌ අපේක්‌ෂා කරන මවකට ලැබෙන වටිනාම උපදෙසක්‌ වන්නේ පිළිසිඳ ගැනීමට මාස 6 කට පෙර පටන්ම ෆෝලික්‌ අම්ලය ලබා ගන්නා ලෙසයි. මොළයේ සහ ස්‌නා යූ පද්ධතියේ නිරෝගී පැවැත්ම, රුධිර සෛල නිෂ්පාදනය, පියයුරු සහ අන්ත්‍ර පිළිකා වැළැක්‌වීම, හෘද රෝග අවදානම අඩු කිරීම, උපත් සංකූලතා අවම කිරීම වැනි බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා, ආහාරයේ විටමින් ඊ9 නොහොත් ෆෝලික්‌ අම්ලය යහමින් අඩංගු වීම වැදගත් වෙයි.

    චව් ග්රෑම් සියයකින් දෛනික ෆෝලික්‌ අම්ල අවශ්‍යතාවයෙන් හතරෙන් එක්‌ පංගුවක්‌ම ලැබෙනු ඇත. (93) මේ අනුව සතියකට රුපියල් 1000 ක්‌ පමණ වැය කර, බුද්ධිමත් දරුවෙකු ලබා ගන්නටනම් ෆෝලේට්‌ වලින් සරු කොට (මෙලමයින්, ඩීසීඩී, හෝමෝන වර්ග, වැනි එකී නොකී රසායනික ද්‍රව්‍යයන්ගෙන්
    තවද සරු කොට තිබිය හැකි) නිෂ්පාදනය කර ඇති මහානුභාවසම්පන්න සුපිරි ගොන් කිරි පිටි බොන්නැයි අපට කියන බහු ජාතික කොම්පැණිකාරයන්ගේ ගොන් කතා වලට නොරැවටෙන බුද්ධිමත් ජනතාවට නොමිලේ ෆෝලේට්‌ ලබා ගන්නට පිළිවන් ක්‍රමයක්‌ ලෙස ද චව් හැඳින්විය හැකිය.

    චව් වනාහි, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, සෙලෙනියම්, මැංගනීස්‌, පොස්‌පරස්‌, පොටෑසියම් සහ සින්ක්‌ වැනි අත්‍යවශ්‍ය ඛනිජ ලවණ සිරුරට ලැබෙන ලාභදායකම මඟක්‌ද වෙයි. එමෙන්ම තයමින් (vit. B1) රයිබොෆ්ලෙවින්, “Riboflavin” (vit. B2) නියෑසින් “Niacin” (vit. B3) පැන්ටොතෙනික්‌ අම්ලය, (B5) පිරිඩොක්‌සීන් (B6) ආදි, බී කාණ්‌ඩයේ විටමින් වර්ග වලින් සහ විටමින් සී, ඊ, සහ කේ යන විටමින් වර්ගවලින් ද පොහොසත් එළවළුවක්‌ වෙයි.

    ආශ්චර්යමත් ඔසු ගුණය.

    චව් ගෙඩි සහ එහි පත්‍ර වලින් සාදන තේ හෝ කෂාය සතුව (herbal tea made with chayote squash leaves) අධික රුධිර පීඩනය පාලනය කිරීමේ, වකුගඩු ගල් දිය කිරීමේ සහ කොලෙස්‌ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ
    ් සහ කැල්සියම් බැඳීම නිසාවෙන් සිදු වන රුධිර නාල ඝණ වීමේ රෝග තත්ත්වයන් (Atherosclerosis) (මෙය අධික රුධිර පීඩනයට සහ හෘදයාබාධ වලට හේතු වේ) පාලනය කිරීම සහ සුව කිරීමේ ඖෂධීය ගුණ පවතින බවත්, මුත්‍රකාරක (diuretic) ගුණ සහිත බවත් ඇමරිකාවේ පුර්ඩි සරසවියේ (Purdue University) කළ පර්යේෂණ වලට අනුව හෙළි වී තිබේ. (http://www.livestrong.com/article/481323-nutritional-value-and-health-benefits-ofchayote-squash/)

    හැඩැති, සිහින් සිරුරකට චව් කන්න.

    චව් වනාහි මේ ලොව තිබෙන ශක්‌තිය අඩුම එළවළු වර්ගයක්‌ වෙයි. චව් ග්රෑම් 100 ක ශක්‌තිය ඇත්තේ කැලරි 16 කි. අනෙක්‌ අතට මෙහි සංතෘප්ත මේදය හෝ කොලෙස්‌ටරෝල් නොමැත. ආහාරයේ තිබෙන කොලෙස්‌ටරෝල් සහ සීනී අවශෝෂණය පාලනය කිරීමට ඉවහල් වන ආහාරමය තන්තු අතින් ද චව් පරිපූර්ණ ආහාරයක්‌ වෙයි. මෙහි සියයට 94 ක්‌ම ඇත්තේ ජලයයි. මෙම සියලු කාරණා නිසාවෙන් පෝෂණවේදීන් චව් හඳුන්වන්නේ, බර වැඩි වීම සහ කොලෙස්‌ටරෝල් පාලනය කර ගැනීමට වැදගත් වන ආහාරයක්‌ ලෙසය.

    අධික රුධිර පීඩනය පාලනය කරයි. හදවත සුරකියි.

    චව් වල සෝඩියම් ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. නමුත්, චව් ග්රෑම් සියයක පොටෑසියම් මිලි ග්රෑම් 154 ක්‌ පමණ තිබෙනවා. පොටෑසියම් වලින් සරු ආහාර සුලභව අනුභව කිරීම හදවත ආරක්‌ෂා කර ගැනීමටත්, රුධිර පීඩනය යහපත් මට්‌ටමක පවත්වා ගැනීමටත් වෙසෙසින්ම ඉවහල් වෙයි.

    දෙහි යුෂ දැමූ, චව් යුෂ කෝප්ප 2 බැගින් (උදේ, සවස) සතියක්‌ බොන්නට දීම, අධි රුධිර පීඩනය සමනය කිරීම සඳහා ලබා දෙන ඉන්දුනීසියානු සාම්ප්‍රදායික වෙදකමකි.

    බණ්‌ඩියා සුරකින චව් චව්.

    සාමාන්‍ය චව් ගෙඩියක ආහාරමය තන්තු ග්රෑම් 3.4 ක්‌ පමණ තිබෙන අතර, එය අපගේ දෛනික ආහාරමය තන්තු අවශ්‍යතාවයෙන් සියයට 14 ක්‌ පමණ වෙයි. මේ අනුව ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය
    ට මෙන්ම මහ බඩවැලේ පිළිකා තත්ත්වයන් හට ගැනීම අවම කිරීමටත්, මළ බද්ධය සහ අර්ශස්‌ රෝගය වැළැක්‌වීමට සහ පාලනය කිරීමටත් චව් අනුභවය ඉවහල් වනු ඇත.

    පිළිකා අවදානමින් වැළකීමට.

    චව් ගෙඩි හා පත්‍ර Asapigenin, Luteolin වැනි ෆ්ලෙවනොයිඩ සහ පොලි ෆිනෝලික ප්‍රතිඔක්‌සිකාර
    කයන්ගෙන්ද සමන්විත වන බව සොයා ගෙන තිබේ. මේවා අප වයසට යැම පාලනය කිරීමටත්, පිළිකා අර්බුද හට ගැනීම වැළැක්‌වීමටත් හේතු වන ශාක රසායනිකයන් වෙයි. තවද, චව් තවත් ප්‍රබල ප්‍රතිඔක්‌සිකාරකයක්‌ වන, විටමින් සී වලින් ද අනූනය. (ග්රෑම් 100 ක විටමින් සී මිලි ග්රෑම් 7.7 ක්‌ ඇත.)

    චව් කෑමෙන් ප්‍රවේශම් විය යුතු උදවිය.

    නිදන්ගත වකුගඩු රෝගීන් හට (Chronic kidney disease) පොටෑසියම් අධික ආහාර ලබා ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකි බැවින්, එවැනි රෝගීන් සහ හන්දිගත රූමැටික්‌ (Rheumatoid arthritis) රෝගීන්ගේ වේදනාව චව් අනුභවයෙන් වැඩි විය හැකි බැවින්, එවැනි රෝගීන් ද චව් අනුභවය සීමා කිරීම මැනවි.

    ඉබේ වැවෙන ආහාර යනු, මේ ලොව ඇති විශිෂ්ටතම ආහාරයන් වන්නේය.

    අප පරිභෝජනය කරනු ලබන ජාන වෙනස්‌ කළ, වස විස වලින් අනූන, වගා කළ ආහාර වලින් සහ රසායනික ද්‍රව්‍යයන්ගෙන්
    පොහොසත් ක්‌ෂණික කෘත්‍රිම ආහාර වලින් පිළිකා, දියවැඩියාව, හෘද රෝග වැනි රෝග වැළඳීමට හේතු වෙනවා සේම, එහි ප්‍රතිලෝමය මනුෂ්‍ය වර්ගයාගේ නීරෝගීභාවයට රෝග සුව කිරීමටද හේතු වන්නේය. සොබා දහමට අනුකූලව වැවෙන, වගා කළ ආහාර ද්‍රව්‍යයන් මනුෂ්‍යයාගේ පැවැත්මට හේතු වන මෙතෙකැයි කිව නොහැකි තරමේ ආනිශංස සහිත ශාක රසායනිකයන්ගෙන් පොහොසත්ය. ඒවා තුළ අගනා ප්‍රතිපිළිකා අණුක වර්ගයෝද වෙති. ඒවා විටමින් වර්ග, ඛනිජ ලවණ සහ කෘත්‍රිම මිල අධික බටහිර ඖෂධ ද ඉක්‌මවා සාර්ථක ලෙස ක්‍රියා කරන බව මෑතක දී සොයාගෙන තිබෙනවා.

    සොබා දහම අනුව, ශාක වලට ආක්‍රමණයන්ට මුහුණ දීමට සිදු වූ විට, සටන් කිරීමට වත්, පලා යැමට වත් ඒවාට නොහැක. සිය පැවැත්ම සඳහා බැක්‌ටීරියා, කෘමීන් සහ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් ආරක්‌ෂා වීමට සමත් ප්‍රබල ශාක රසායනික අණුකවලින් එළවළු සන්නද්ධ විය යුතුය. මෙම අනුක ශාකයේ සෛල තෙතමනයෙන් සහ දැඩි හිරු රැසින් ආරක්‌ෂා කරන ප්‍රතිඔක්‌සිකාර
    ක ලක්‌ෂණවලින් ද අනූනය.

    කෙසේ වෙතත් නවීන කෘෂි-කරුමයේ ආනුභාවයෙන්, අතිශයින්ම රසායනික ද්‍රව්‍ය භාවිත කොට, පාංශු ක්‌ෂුද්‍ර ජීවීන් මෙන්ම ක්‌ෂුද්‍ර පෝෂක කොටස්‌ ද අතු ගා දැමුණු, සජීවී නොවන පසක වගා කෙරෙන, වැඩි අස්‌වැන්නක්‌ ලැබීම සහ වෙනත් වාණිජ උවමනාවන් සඳහා ජාන පවා වෙනස්‌ කිරීම් වලට ලක්‌ කළ ආහාර බෝග වලින් මහත් පල (අස්‌වැන්නක්‌) ලැබිය හැකි මුත්, පෙර කී මහත් ආනිශංස නම් නොලැබෙන බව ඉඳුරාම පැවසිය හැකිය.

    ඇට බුරුල් වේ යෑයි බියෙන් ඇතැම්හු චව් නොකති.

    ඉබේ වැවෙන පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් අනූන ආහාර වර්ග රාශියක්‌ම පොදු ජනතාවගෙන් ඈත් කරවීමට හේතු වන වැරදි කට කතා රැල්ලක්‌ මේ දිනවල රට පුරා ප්‍රචාරය වෙමින් තිබේ. චව් සම්බන්ධයෙනුත් මෙවැනි කට කතාවක්‌ ප්‍රචාරය වෙමින් ඇත. කැඩුම් බිඳුම් වෙදකමෙහිලා ඇතැම් දේශීය වෛද්‍යවරුන් චව් ගෙඩි භාවිතයට ගන්නා නිසාවෙන්, මෙම කට කතාවට තටු ලැබෙන්නට ඇතැයි සිතිය හැකිය. කෙසේ වෙතත් මෙය සාවද්‍ය මතයක්‌ බව දේශීය කැඩුම් බිඳුම් වෛද්‍යවරු පවසති. ඇට බුරුල් වීම කෙසේ වෙතත් චව්, අස්‌ථි වල නිරෝගි භාවයට හේතු වන කැල්සියම්, මැග්නීසියම් සහ විටමින් කේ වලින් පොහොසත් බව නම් අවධාරණය කළ යුතුව ඇත.

    කෙසේ වෙතත්, මේ මහ පොළොව අප කෙරේ පතළ වූ කරුණාවෙන් පහළ කළ, චව් ආදී වසක්‌ විසක්‌ නොමැති, ඉබේ වැවෙන කාබනික ආහාර බෝග යහමින් අනුභව නොකරන උදවියට අකාලයේ හතර රියනක සැතපෙන්නට සිදු වන බවනම්, මෙහි අවසන ලියා තබමි.

    (විශේෂ ස්‌තුතිය – කැඩුම් බිඳුම් හා සර්වාංග විශේෂඥ, ආයුර්වේද වෛද්‍ය කරඳගොල්ලේ ඒ. බී. එම්. ජයවර්ධන මහතාට)

    ගැමුණු සාලිය පෙරේරා,
    මහජන සෞඛ්‍ය පරීක්‌ෂක
    ඇල්ල (බණ්‌ඩාරවෙල)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මචං උබ පට්ට පොස්ට් ගොඩක් දාලා තියනවා රේප් දෙන්නේ පුළුවන් උන ගමන් දෙනවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::love:
    මම ආසම කෑමක්
    කොහේද අපේ ගෙදර අය කන්න කැමති නැති නිසා
    වැඩිය ගේන්නේ නැහැ ...
    විස්තරේ පට්ට මචෝ

    +17
     
    • Like
    Reactions: djjaya

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    හෙල්ත් ඇන්ඩ් ලයිෆ්ස්ටයිල් සෙක්ෂන් එකට උඹ ගොඩක් ත්‍රෙඩ් දාලනේ මචං. එල එල. කීප් ඉට් අප්