ඒරාෂ්ඨකය

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
ලෝකයේ මෙන්ම තමන් හටද සිදුවෙන දේවල් සම්බන්දයෙන් වගකීම බාරගන්නට සාමාන්‍ය මිනිසාට ආත්මශක්තියක් නැත.කිසියම් වරදක් සිදුවූ විට එහි වරද පටවන්නට කෙනෙක් හෝ අදෘශ්‍යමාන බලවේගයක් ඔහු සොයාගනී.
ඒ අනුව සාමාන්‍ය මිනිසා එහි වගකීම දෙවියන්ට, බූතයන්ට සහ ග්‍රහයන්ට පවරා තමන් නිදොස් බවත්, වරද සිදුවූයේ තමන් අතින් නොව සෙනසුරු අතින් යැයි සිතමින් ස්වයං වින්දනයේ යෙදෙති.

තමන්ට රැකියාවක් නැත්තේ පවතින සමාජ, දේශපාලන සහ ආර්ථික වියුහයේ අසමතුලිත තත්ත්වය නිසා බව තෙරුන් ගැනීමට බොහෝ මිනිසුන්ට දැනුමක් නැති අතර නොයෙසේනම් එසේ වන්නේ තම සුදුසුකම් වල මදිපාඩුකම් නිසා බව පිලිගන්නටද මිනිසා නොකමතිය. කර්මය සහ ජෝතිෂ්‍ය යන සංකල්ප වලට හුස්ම සපයන්නේ මෙවැනි සන්දර්භයක ජීවත් වන සාමාන්‍ය නිවට මිනිසාය.

ජීවිතයක් සාර්ථක වන්නේ නිවැරදි තීරණ ගැනීමේ වේගය මතය. නමුත් කර්මවදියා සිතන්නේ ජීවිතය මෙහෙයවීමෙන් පලක් නැති අතර වඩා පහසු වනුයේ කේන්දරයට, හඳහනට අනුව ජීවත් වීම කියාය.

හඳහන් පසුපස යාම පහසුය, අවශ්‍ය වන්නේ මුදල් පමණකි. එයින් ජීවිතය පිළිබඳව බැරෑරුම්ව සිතීම සහ කරුණු අවබෝධ කරගැනීම අවශ්‍ය නොවේ. මිනිසුන් තුල ජීවිතය සහ ලෝකය පිළිබඳව අජීවී මන්දෝත්සාහි ආකල්ප වර්ධනය වන්නේ මේ නිසාය. බහුශ්‍රුත බව, ඇසු පිරු තැන් ඇතිබව තුලින් සම්පූර්ණ මිනිසෙකු බිහිවීම මේ නිසා වැලකී යයි.

යම් මතවාදයක් දෘෂ්ටියක් කරගත් පුද්ගලයට එකම සත්‍යය ලෙස පෙනෙන්නේ තමන් දෘෂ්ටිය වශයෙන් ග්‍රහණය කරගත් දෙයම පමණි. ඔහුගේ එකම විශ්වාසය වන්නේද එයයි.

බෞද්ධ සාහිත්‍යයේ සමන් දෙවියන් පිළිගන්නා පුද්ගලයාට , මුහුද දෙබෑ කල මෝසස් සහ අල්ලා ගේ ස්වර්ග රාජ්‍යයේ කන්‍යාවියන් joke වන්නේ එබැවිනි.
අනෙක් අතට අල්ලා ගේ ස්වර්ග රාජ්‍යයේ කන්‍යාවියන් සමග නිදිවදීම වෙනුවෙන් මෙලොව සිටින අන්‍ය ආගමිකයන් මරා දමන්නට ඉස්ලාම් භක්තිකයන් පෙලබෙන්නේද ඉහත කී තමන් දෘෂ්ටිය වශයෙන් ග්‍රහණය කරගත් දෙයම සත්‍යය ලෙස දැකීම නිසාය.

ඇතැම් විට මිනිසාගේ විශ්වාසයන් පුදුම සහගතය, කපුටෙකු කෑගසන විට හෝ පූසෙකු මූණ සෝදන විට ඈත නෑදෑයෙකු ගෙදරට එන බව සිතයි. හිස් කලයක් සමග කාන්තාවක් ඉදිරියට හමුඋනහොත් යන ගමන පමා කරයි, ඇයට සාප කරයි. අනෙක් අතට එසේ වීම වලක්වා ගැනීම සඳහා කලින්ම පිරුණු කලයක් සහිත කාන්තාවක් පෙරමග සූදානම් කර තබයි.

ජ්‍යෝතිෂ්‍ය කරුවන් මේ නිවටත්වය සම්බන්දව ඉතා හොඳින් සවිඥ්ඥානිකය. මිනිසා නිර්භයව ඉදිරිය බලනු නොව වඩ වඩා නිවටව නියාලුව සිටීම මෙවැනි නැකත් කරුවන්ට ජීවනෝපාය නිර්මාණය කර දෙයි.

ආලෝක වර්ෂ වලින් දුර මනින විශ්වයේ ඛණ්ඩාංක වල දෘශ්‍යමානය තත්‍ය එකක් නොව තත්‍යසම එකකි, අත්තෙන්ම එම ඛණ්ඩාංක පිහිටන්නේ පෙනෙන තැන නොවේ. ඔවුන්ගේ හඳහන පදනම් වන්නේ තත්‍යසම පිහිටීම මතය. මෙම ගැටලුව මතුකළ විට එකවරම විද්‍යානුකූල වන මොවුන් සහ මොවුන්ගේ නිවට අනුගාමිකයන් පවසන්නේ පෙනෙනවා යනු ඒවායේ බලපෑම තවදුරටත් ඇති බවය. තවද විද්‍යාවේදී උපාධිලත් අනුගාමිකයන් විසින් ඉලෙක්ට්‍රොන, ප්‍රෝටෝන සහ ගුරුත්වකර්ශනයෙන්ද පහර දෙනු ලබයි.

හඳේ බලපෑමට වඩදිය බාදිය සිදුවේ නම් සෙනසුරුගෙන් ලේවල යකඩ මත බලපෑමක් ඇති නොවේදැයි ඔවුන් අසයි.

එසේනම් එකම මවු කුසින් බිහි වන සර්වසම නිවුන්නුන්ට සෙනසුරු, ක්‍රම දෙකකට බලපාන්නේ කෙසේදැයි අසන ප්‍රශ්නයට ඔවුන් සැඟවෙන්නේ බෞද්ධ දර්ශනය සහ කර්මය පිටුපසිනි.

සෙනසුරුගෙ ගුරුත්වකර්ශනයෙන් සිදුවෙන බලපෑමෙන් මිදීම සඳහා ඔවුන් පවසන ක්‍රමවේදය වන්නේ බෝ රුකකට වතුර වක් කිරීම සහ තමන්ට කීයක් හරි දී සුරයක් ලබා ගැනීමය.

ලංකාවේ මිනිසුන් හට ලබා ඇති ඒරාෂ්ඨකය සෙනසුරු නොව, මිනිසුන්ගේ මුග්ධ බව සහ නිවටත්වය විකුණන් කන නැකත් රාලලාය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්ද සිරිපාල .......... උබ කියන දේවල් ඇත්ත...... උබ ඕවා කියනකොට ITN එකේ ඇත්ත කියනවා වගේ. ඇත්ත උනත් පොඩි කොස්සක් තියනවා

    යම් මතවාදයක් දෘෂ්ටියක් කරගත් පුද්ගලයට එකම සත්‍යය ලෙස පෙනෙන්නේ තමන් දෘෂ්ටිය වශයෙන් ග්‍රහණය කරගත් දෙයම පමණි. ඔහුගේ එකම විශ්වාසය වන්නේද එයයි.

    මේක ඇත්ත එත් මිනිසා යම් දෙයකට භක්තිමත් වෙන්න්න ඕනි. ලෝකයේ සියලු සාරදර්ම පවතින්නේ ඒ භක්තියත් එක්ක කැටිවුන පරිකල්පන හැකියාවෙන්. හැබැයි පරිකල්පන හැකියාව නැති විට භක්තිය කියන දේ මිනිමරුවන්ව බිහිකරනවා. බයිබලයේ එන කතා හා දෙවියන් පිළිබද ගොඩාක් දේවල් බොරු උනත් එයින් ලෝකෙට ලැබුන හොද දෙවක් තියනවා. පුර්ණ හේතුවදියෝ වෙන්න කාටවත් බැහැ. මොකද මිනිස්සු කියන්නේ යන්ත්‍ර නෙමෙයි

    හෙට උගේ අම්ම වාහනේක හැපිලා icu එකේ පන අදිනවා නම්. උබත් බෝදි පුජාවක් තියයි. ඒ කුසල කාර්ම වල බලයෙන් අම්මට සෙත වෙන්න කියලා. ඕකයි මනුෂ්‍ය ස්භාවය එක ත්රුම් ගන්න. මිනිසුන්ට පුද්ගලිකව මඩ ගහන එක නවත්තලා හැමෝ එකක්ම හොදින් ඉන්න. රටේ කතාකරනවා නම මද්යවෙදියෙක්ට මිටවඩා දේවල් තියනවා කතා කරන්න. ගොඩක් අසාදාරනකම් , වංචා සොර මර කම් සිද්ද වෙනවා. මිනිස්සු ප්‍රශ්න වලින් මිරිකිලා පීඩනයෙන් ඉන්නේ. මිනිස්සු එකයි නොපෙනෙන් බලවේග වල පිහිට හොයන්නේ. අන්න ඒ පිදනයෙන් කොටසක් ගන්න. එක නැති කරන්න දායක වෙන්න. එතකොට මිනිස්සු මිටවඩා කල්පනා කරයි.... එදාට ඔබ කියන වැරදි වපුරන මිත්‍යාමත පතුරන අය ලෝකෙන් තුරන් වෙයි
     
    මගේ අම්ම ICU එකේ නම් මම කරන්නේ බෝධි පූජා තියනෙක නෙමේ, තාත්ත නම් කරයි මම ඒවාට සහබාගි වෙයි. නමුත් මට විශ්වාසයක් ඇතිවෙන්නේ නෑ .. අනික මේ වෙනකොට මම මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරන්නේ නෑ..! කොන්ද කෙලින් තියාගෙන ඒ වැඩේ කරන්න බැරි බව ලංකාවම දන්නවා.

    මම මෙතන කාටවත් මඩක් ගහල නෑ ... කියන දේ කෙලින් කියල තියෙනවා....!

    සිරිපාල සම්බන්දයෙන් නම් මම කිසි දෙයක් දන්නේ නෑ. මට account දෙකක් තියෙනවා ඒ එකක් වත් සිරිපාල නෙමේ. අනික මම account දෙක තියන් ඉන්නේ කාරණා දෙකකට.
    Accounts ගොඩක් තියන් ඉන්නේ තමන්ගේ මතය වෙනුවෙන් වැඩි බරක් යොදවන්න ඕනේ අය, මම ඉන්න මතය ඉදිරිපත් කරන්න මට accounts ගොඩක් ඕනේ නෑ,

    උඹ මොකක් හරි වැරදි වැටහීමක ඇත්තේ. මොකද මචං Accounts ගොඩක් හදාගෙන මගේ මතය සමාජගත කරන්න තරම් මට ඕනේ කමක් නෑ.
    උඹල උඹලගේ විශ්වාසයන් ගැන කියනවා වගේම මමත් මගේ විශ්වාසය ගැන කියනවා. එච්චරයි ...!

    මිනිස්සු ප්‍රශ්න වලින් මිරිකිලා පීඩනයෙන් ඉන්නේ මිනිස්සු එකයි නොපෙනෙන බලවේග වල පිහිට හොයන්නේ. අන්න ඒ පීඩනයෙන් කොටසක් මට ගන්න බැරි නිසා තමයි මම කියන්නේ බුද්ධිමත්ව ප්‍රශ්න වලට උත්තර හොයන්න, වංචාකාරයෝ ලඟට යන්න එපා කියල.

    Comment එකට thanks මචං ..!
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    හෙතුවාදියා....:D:D:D

    අඩේ නෑ මචං ..! පිස්සුද උඹට
    "හේතුවදියා" කියන්නේ කාගේ හරි fake account එකක් වෙන්න ඇති හැබැයි මගේ නෙමේ.

    අනික එහෙම උනත් ප්‍රශ්නයක් නෑනේ... කියන්නේ එකම දේනේ ..! ඒ හින්ද ඒ ගැන එච්චර ගැටලුවක් නෑ

    මම සිරිපාල ගැන නම් දන්නේ නෑ, පුළුවන් නම් උගේ account එකේ link එකක් දාපන් කවුරුහරි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් ලඟදි එලකිරියට එකතු උනේ. නිතරම සිරිපාල කෙනෙක් ගැන කට්ටිය කතා කරනවා දැකල තියෙනවා. link දාපන්කො අපිටත් දැනගන්න.:baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තමන්ට රැකියාවක් නැත්තේ පවතින සමාජ, දේශපාලන සහ ආර්ථික වියුහයේ අසමතුලිත තත්ත්වය නිසා බව තෙරුන් ගැනීමට බොහෝ මිනිසුන්ට දැනුමක් නැති අතර නොයෙසේනම් එසේ වන්නේ තම සුදුසුකම් වල මදිපාඩුකම් නිසා බව පිලිගන්නටද මිනිසා නොකමතිය. කර්මය සහ ජෝතිෂ්‍ය යන සංකල්ප වලට හුස්ම සපයන්නේ මෙවැනි සන්දර්භයක ජීවත් වන සාමාන්‍ය නිවට මිනිසාය.

    :yes::yes::yes::yes::yes:
    ඒ වගේම මිනිස්සු අසරණ උනාම නිවට වෙනවා ,
    තවත් දෙයක් , සමාජයේ ඇති අසාධාරනයට උත්තර දෙන්නේ නැතිව එකත් කර්මයට , දෙයියන්ට හා සොභාධහමට බාර දෙනවා. ඕක විස්වාස නොකරන උන් තමන්ට ඕනා දේ කරලා රජ වෙනවා
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    උඹ වගේ හිතන උන් ගොඩක් අඩුය් බන්.නමුත් ඇත්ත ඕක තමා වැඩේ තියෙන්නේ රටේ ලොක්කගේ ඉඳලම බොරුව තියෙන්නේ.ඉතින් සමාජයත් ඒ විදියටම තමා හැඩ ගැහෙන්නේ
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    උඹ වගේ හිතන උන් ගොඩක් අඩුය් බන්.නමුත් ඇත්ත ඕක තමා වැඩේ තියෙන්නේ රටේ ලොක්කගේ ඉඳලම බොරුව තියෙන්නේ.ඉතින් සමාජයත් ඒ විදියටම තමා හැඩ ගැහෙන්නේ

    ඉතිං අපි try එකක් දෙමු සමාජේ වෙනස් කරන්න ..!