ලෝකයේ මෙන්ම තමන් හටද සිදුවෙන දේවල් සම්බන්දයෙන් වගකීම බාරගන්නට සාමාන්‍ය මිනිසාට ආත්මශක්තියක් නැත.කිසියම් වරදක් සිදුවූ විට එහි වරද පටවන්නට කෙනෙක් හෝ අදෘශ්‍යමාන බලවේගයක් ඔහු සොයාගනී.
ඒ අනුව සාමාන්‍ය මිනිසා එහි වගකීම දෙවියන්ට, බූතයන්ට සහ ග්‍රහයන්ට පවරා තමන් නිදොස් බවත්, වරද සිදුවූයේ තමන් අතින් නොව සෙනසුරු අතින් යැයි සිතමින් ස්වයං වින්දනයේ යෙදෙති.
තමන්ට රැකියාවක් නැත්තේ පවතින සමාජ, දේශපාලන සහ ආර්ථික වියුහයේ අසමතුලිත තත්ත්වය නිසා බව තෙරුන් ගැනීමට බොහෝ මිනිසුන්ට දැනුමක් නැති අතර නොයෙසේනම් එසේ වන්නේ තම සුදුසුකම් වල මදිපාඩුකම් නිසා බව පිලිගන්නටද මිනිසා නොකමතිය. කර්මය සහ ජෝතිෂ්‍ය යන සංකල්ප වලට හුස්ම සපයන්නේ මෙවැනි සන්දර්භයක ජීවත් වන සාමාන්‍ය නිවට මිනිසාය.
ජීවිතයක් සාර්ථක වන්නේ නිවැරදි තීරණ ගැනීමේ වේගය මතය. නමුත් කර්මවදියා සිතන්නේ ජීවිතය මෙහෙයවීමෙන් පලක් නැති අතර වඩා පහසු වනුයේ කේන්දරයට, හඳහනට අනුව ජීවත් වීම කියාය.
හඳහන් පසුපස යාම පහසුය, අවශ්‍ය වන්නේ මුදල් පමණකි. එයින් ජීවිතය පිළිබඳව බැරෑරුම්ව සිතීම සහ කරුණු අවබෝධ කරගැනීම අවශ්‍ය නොවේ. මිනිසුන් තුල ජීවිතය සහ ලෝකය පිළිබඳව අජීවී මන්දෝත්සාහි ආකල්ප වර්ධනය වන්නේ මේ නිසාය. බහුශ්‍රුත බව, ඇසු පිරු තැන් ඇතිබව තුලින් සම්පූර්ණ මිනිසෙකු බිහිවීම මේ නිසා වැලකී යයි.
යම් මතවාදයක් දෘෂ්ටියක් කරගත් පුද්ගලයට එකම සත්‍යය ලෙස පෙනෙන්නේ තමන් දෘෂ්ටිය වශයෙන් ග්‍රහණය කරගත් දෙයම පමණි. ඔහුගේ එකම විශ්වාසය වන්නේද එයයි.
බෞද්ධ සාහිත්‍යයේ සමන් දෙවියන් පිළිගන්නා පුද්ගලයාට , මුහුද දෙබෑ කල මෝසස් සහ අල්ලා ගේ ස්වර්ග රාජ්‍යයේ කන්‍යාවියන් joke වන්නේ එබැවිනි.
අනෙක් අතට අල්ලා ගේ ස්වර්ග රාජ්‍යයේ කන්‍යාවියන් සමග නිදිවදීම වෙනුවෙන් මෙලොව සිටින අන්‍ය ආගමිකයන් මරා දමන්නට ඉස්ලාම් භක්තිකයන් පෙලබෙන්නේද ඉහත කී තමන් දෘෂ්ටිය වශයෙන් ග්‍රහණය කරගත් දෙයම සත්‍යය ලෙස දැකීම නිසාය.
ඇතැම් විට මිනිසාගේ විශ්වාසයන් පුදුම සහගතය, කපුටෙකු කෑගසන විට හෝ පූසෙකු මූණ සෝදන විට ඈත නෑදෑයෙකු ගෙදරට එන බව සිතයි. හිස් කලයක් සමග කාන්තාවක් ඉදිරියට හමුඋනහොත් යන ගමන පමා කරයි, ඇයට සාප කරයි. අනෙක් අතට එසේ වීම වලක්වා ගැනීම සඳහා කලින්ම පිරුණු කලයක් සහිත කාන්තාවක් පෙරමග සූදානම් කර තබයි.
ජ්‍යෝතිෂ්‍ය කරුවන් මේ නිවටත්වය සම්බන්දව ඉතා හොඳින් සවිඥ්ඥානිකය. මිනිසා නිර්භයව ඉදිරිය බලනු නොව වඩ වඩා නිවටව නියාලුව සිටීම මෙවැනි නැකත් කරුවන්ට ජීවනෝපාය නිර්මාණය කර දෙයි.
ආලෝක වර්ෂ වලින් දුර මනින විශ්වයේ ඛණ්ඩාංක වල දෘශ්‍යමානය තත්‍ය එකක් නොව තත්‍යසම එකකි, අත්තෙන්ම එම ඛණ්ඩාංක පිහිටන්නේ පෙනෙන තැන නොවේ. ඔවුන්ගේ හඳහන පදනම් වන්නේ තත්‍යසම පිහිටීම මතය. මෙම ගැටලුව මතුකළ විට එකවරම විද්‍යානුකූල වන මොවුන් සහ මොවුන්ගේ නිවට අනුගාමිකයන් පවසන්නේ පෙනෙනවා යනු ඒවායේ බලපෑම තවදුරටත් ඇති බවය. තවද විද්‍යාවේදී උපාධිලත් අනුගාමිකයන් විසින් ඉලෙක්ට්‍රොන, ප්‍රෝටෝන සහ ගුරුත්වකර්ශනයෙන්ද පහර දෙනු ලබයි.
හඳේ බලපෑමට වඩදිය බාදිය සිදුවේ නම් සෙනසුරුගෙන් ලේවල යකඩ මත බලපෑමක් ඇති නොවේදැයි ඔවුන් අසයි.
එසේනම් එකම මවු කුසින් බිහි වන සර්වසම නිවුන්නුන්ට සෙනසුරු, ක්‍රම දෙකකට බලපාන්නේ කෙසේදැයි අසන ප්‍රශ්නයට ඔවුන් සැඟවෙන්නේ බෞද්ධ දර්ශනය සහ කර්මය පිටුපසිනි.
සෙනසුරුගෙ ගුරුත්වකර්ශනයෙන් සිදුවෙන බලපෑමෙන් මිදීම සඳහා ඔවුන් පවසන ක්‍රමවේදය වන්නේ බෝ රුකකට වතුර වක් කිරීම සහ තමන්ට කීයක් හරි දී සුරයක් ලබා ගැනීමය.
ලංකාවේ මිනිසුන් හට ලබා ඇති ඒරාෂ්ඨකය සෙනසුරු නොව, මිනිසුන්ගේ මුග්ධ බව සහ නිවටත්වය විකුණන් කන නැකත් රාලලාය