මගේ වගාව

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    නියමයි මචෝ!!! දිගටම වගා කරන්න... :) තමන් වවපු දෙයක් කනකොට දැනෙන සතුට කඩෙන් අරන් කන කෑම වලින් දැනෙන්නේ නෑ :D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බොහොම ස්තුතියි හැමෝටම. මම ඉන්නේ නම් ගම්පහ හැබැයි මේ වගාව කලේ කුරුණෑගල පැත්තේ අපේ වත්තක. සති අන්තේ තමයි එහෙ යැවෙන්නේ. ඉතින් වටේ පිටේ සුද්ද වෙන්නේ ඒ දවස් 2කට විතරයි නිසා තමයි කැලේ වැවිල තියෙන්නේ.
    8.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාර ආසාවෙන් කන්න පුලුවන් ගෙදර හැදෙන එලවලු ජාති. ඉස්සර අපේ ගෙදර දඹල වැලක්, අනුග කොල, වට්ටක්කා, එලබටු එහෙම තිබ්බා. දැං කතුරුමුරුංගා ගහක් විතරයි මම හිතන්නෙ තියෙන්නෙ එලවලු කියලා :(
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    මම මේපාරත් ගෝව, ලික්ස්, ලුණු, මිරිස්, සැලඩ් කොළ, සුකීනි, තක්කාලි වගාකර. මාර රසයි
     

    Harshani Mapa

    Member
    Jun 22, 2008
    165
    18
    0
    අදහසක් දක්වපු හැමෝටම ස්තුතියි ... මීට වඩා හොඳ විදියට වගා කරන්න බලාපොරොත්තු වෙනවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    ගිය අවුරුද්දේ ගෝව ලොකුවට හදුනා. එත් වැඩක් නැහැ. හුගක් ඒවා පනුවෝ කාලා. එක වලක්වන්න බැහැ. අනිවාර්යයෙන් පනුවෝ ගහනවා, බෙහෙත් ගහන්නේ නැතිනම්. මේ අවුරුද්දේ ගෙඩි ගොඩක් ලොකුවෙන්න නොදී කඩා ගත්ත (පනුවෝ ගහන්න කලින්). වටේ තියෙන ගෝව කොළ නියමයි මැල්ලුමට. අමුවෙන් උනත් කන්න පුළුවන්. කලින් කදගත්ත කියල පාඩුවක් නැහැ.

    මම කල්පනා කරේ කඩේ තියෙන පොඩ්ඩක්වත් පනුවෝ නොගහපු නියම ගානට ලොකු වෙච්ච ගෙඩිවල අපුරුව. ආසාවේ බැහැ:P. මොනතරම් බෙහෙත් ගහනවා ඇද්ද? මොනතරම් වස විස අපි කනවද?:no::no:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    බලන්න කඩවල්වල තියෙන ලස්සන එළවලු. නියමෙට දිලිසි දිලිසි තියෙනවා.