සුරංගනා කථා 1

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මේකේ මම දැක්කා, ගොඩක් අය සුරංගනා කථා කියවන්න කැමතියි කියලා තියෙනවා, ඒක නිසා මම තීරණය කරා අද සිට හැකි අයුරින් සුරංගනා කථා ලියන්න.

මේක තමයි මගේ පළවෙනි කථාව, හොදනම් replies දාන්න.

------------------------------------------
සුරංගනා කථා

ඔන්න යාළුවනේ එක මත් එක කාලේක ඈත පිටිසර ගම් පලාතක බෝහෝම හොද යාළුවෝ දෙන්නෙක් ජීවත් වුනා. මේ දෙන්නා කොච්චර හොද යාළුවෝද කියනවා නම් දෙන්නාම නියැලුනේ එකම වෘත්තියේ
, දෙන්නාම විවාහ වුනේ එකම පවුලක දියනියක් දෙදෙනෙක් හා සමගයි, දෙන්නාම තමන්ගේ රැකියාව සදහා ගෙදරින් උදයට පිටත් වුනේ එකටයි, ඉර බැස ගිය ගොම්මනේ දෙන්නාම යළි නිවසට පැමිණියේ එකටයි.
යාළුවන්ගේ මිතුදම ඒ තරමටම සමීප වුනා. යාළුවන් දෙදෙනා රැකියා වශයෙන් කරේ ගම්මානයේ කෙළවර තියෙන කැලෑවට ගොස් ,ගස් කපා දමා, නගරයට ගොස් ඒවා විකිණිමයි, ගම්මානයේ ඇතුලත ගස් වර්ග හිග වූ බැවින් මොවුනට සෑම දාම ගස් කැපීම සදහා නිරතුරුවම කැලෑවේ ඈතට යාම සිදුවුනා. මෙය දුෂ්කර් කාර්‍යයක් වුවත් දෙදෙනාම සහයෝගයෙන් ,සතුටින් තමන්ගේ පවුල නඩත්තු කිරිම පිණිස හැමදාම අනලස්ව ගස් කැපිමේ නිරතවුනා.

මේ විදියට කාලය බිදෙන් බිද අවුරුදු කිහිපයක් දක්වා ඈතට පළාගියා ,මේ අතර තුර කාලයේදි ගම්මානය පුරා අපුරු අකාරයේ කට කථාවක් පැතිරෙන්නට වුනා, මේ කට කථාව කොපමණ දුරකට පැතිර ගියාද කියනවා නම්
අල්ලපු ගමේ මිනිස්සුන්ගේ, ගැහැණුන්ගේ,ළමයින්ගේ කන්වලට පවා මෙය වැටුනු බව ගමේ කඩේ සාදිරිස් අප්පුවා නිතර අන් අයට කියනවා සුපුරුදු දසුනක් වුනා.
මේ විදියට කාලය සුපුරුදු පරිදි ගලාගෙන යනවිට, කට කථාව කලින් සදහන් කර යාළුවන් දෙදෙනාටත් කන වැකුනා , දෙන්නාම මේ ගැන වැඩිදුර හොයන්න කියලා සාදිරිස් අප්පුවාව හම්බ වෙන්න ගියා.

"මේ සාදිරිස් මොකක්ද බන් මේ ගමපුරා මේ දවස් වල මිනිස්සු කථාවෙන කට කථාව"
"අනේ මලයෝ මම ඉතින් ඕක ඇත්තක්ද බොරුවක්ද කියලා දන්නේ නෑ, මටත් ඕක මේ වහෙන් ඔරෝ කනට වැකුණු දෙයක්"
"හරි හරි දැන් ඉතින් කියපන් කෝ බලන්න මොකක්ද මේ හරුපෙ කියලා"
"අනේ මලයෝ මේ මුකලාන තියෙනවානේ , මේක බෝහෝම පැරණී ප්‍රදේශයෙක්, මේකේ මී මින්නෝ, වල් ඌරෝ, දිවියෝ, කොටියෝ, අලි ඇතුන් විතරක් නෙවෙයි, විවිධාකාරයෝ සතුන් ගැවසෙන තැනක්,
මම මේක නොදන්නවා නෙවෙයි ,මේක ගමේ එවුන් හැම දෙනාම දන්න දෙයක්"
"ඉතින් බන් මොකක්ද ඔය සතුන්ගෙයි ,කට කථාවයි අතර සම්බන්ධය" කියලා එක යාළුවෙක් සාදිරිස්ගෙන් ඇහුවා
සාදිරිස් පොඩ්ඩක් උගුර පාදාලා...
"මලයෝ , මූකලානේ මේ සතුන් ගැවසෙන අඩවියට කවුරුත් වගේ යන්නේ නෑ ඉතින් මේ අඩවියේ විවිධාකාරයේ අත්භූත දේවල් තියෙනවා කියලා ආරංචියක් මගේ කන වැකුනා ඉතින්..."
එක යාළුවෙක් බොහෝම උනන්දුවෙන් වගේ..
"ඉතින් ඉතින් බන්"
මේ අතර සාදිරිස්ව හොයාගෙන ගමේ මුලාදෑනියා ආවා"
"ආ සාදිරිස් මෙහෙට වරෙන් කෝ පොඩ්ඩක් ,මට මේ උබත් එක්ක වචනයක් දෙකක් කථා කරන්න තියෙනවා" කියලා මුලාදෑනියා ඈත තියාම සාදිරිස්ට කථා කරා.
සාදිරිස් බොහොම යටහත් පහත් ලෙස ,වැට කඩුල්ල ළග නැවතිලා හිටිය මුලෑදෑනියා ලගට ලහියේ ලහියේ ඇවිදගෙන ගියා.
මේ අතර යාළුවන් දෙදෙනා බලාගෙන ඉන්නවා සාදිරිස් සහා ගම් මුළෑදෑනියා කථාවෙන හැටි.
ඔහොම ටික වෙලාවකට පස්සේ මුලෑදෑනියා සාදිරිස්ට යන්න දුන්නා, මුලෑදෑනියා ආපු පාරෙන්ම නැවත යන්න ගියා.
සාදිරිස්ගේ කලින් තිබ්බ යටහත් පහත් ගතිය පහන් දැල්ල හුළගට අහුවුනා වගේ අතුරුදහන් කරගෙන යාළුවන් දෙන්නා ළගට සෙමින් සෙමින් ඇවිද ඇවිත් කලින් ඉදගෙන හිටිය පුටුවේ ඉදගෙන
යාළුවන් සමග යළී කතාවෙන්න උගුරු පෑදුවා

"මම මේ කියන්න හිටියෙ මළයෝ ,ඔය මූකලානේ ඉන්න සත්තු බොහෝම වසයි ,මේක නිසා කවුරුත් ඔය පැත්තට යන්නේ නෑ"
එක යාළුවෙක් ඉවසන්න බැරුව " මේ සාදිරිස් අනේ අපිට ඔය කථාව කියන එක ඉක්මන් කරා නම්"
සාදිරිස් යාළුවා දෙස ඉවසිලිවත් ලෙස ඇස් කොනින් බලලා" "මලයෝ ,මේක කට කථාවක් විතරයි, මම වුනත් ඕක හරියට දන්නේ නෑ"
අනෙක් යාළුවා සාදිරිස් දිහා තීරණාත්මක ලෙස බලලා " සාදිරිස් ,මොකක්ද ඔය කියන කට කථාව" කියලා ඇහුවා
සාදිරිස් අනෙක් යාළුවා දෙස බලලා "මේ මී මින්නෝ, වල් ඌරෝ, දිවියෝ, කොටියෝ, අලි ඇතුන් විතරක් නෙවෙයි, විවිධාකාරයෝ සතුන් ගැවසෙන අඩවියේ එක්තරා පුදුම ගසක් තියෙනවාලු"
"මේක රත්තරන් වලින් හැදිලා තියෙන්නේ කියලයි කියන්නේ"
යාළුවන් දෙන්නා මේක අහලා මුහුණට මුහුණ බලාගෙන ආයි සාදිරිස් දිහා බලන්න ගත්තා, මේ අතර එක යාළුවෙක් යන්නට කියලා කඩිමුඩියේ එළියට බැස්සා
සාදිරිස්ට , කඩිමුඩියේ එළියට බැස්ස යාළුවාගේ හදිස්සිය දැනිලා වගේ .. "මලයෝ ඔය ගස තියෙන අඩවිය ඉතා භායනක පැත්තක් ඒක නිසා ඔය පැත්තට යනවා නම් බොහෝම පරිස්සමෙන්" කියලා කිව්වා.

සාදිරිස්ගේ ගෙදරින් එළියට බැස්ස දෙන්නා ,කෙලින්ම ගියේ ගමේ ඈත කෙලවරේ තියෙන තාවකාලික ගිමන් හල වෙතයි, මේ ගිමන් හලේ තමයි යාළුවන් දෙන්නා සාමාන්‍යයෙන් නැවතිලා ගිමන් හරින්නේ කෑළෑවේ ඉදලා
ලී කපාගෙන ගෙදර එන කොට. ගිමන් හලේ ඉදගත්ත එක යාළුවෙක් , අනෙක් යාළුවට මෙහෙම කියන්න ගත්තා.

"මොකද යාළුවේ ඔයා මේ ගැන හිතන්නේ, අපි මේක ගිහින් බලමුද, මේ ගහ කපාගන්න අපිට පුලුවන් වුනොත් ,අපිට පුලුවන් මේක නගරයට ගිහින් විකුණලා කීයක් හරි හොයාගන්න, මේකෙන් අපිට පුලුවන් අවුරුදු කිහිපයක් සැපසේ ජීවත් වෙන්නත්"

අනෙක් යාළුවා උගුර පාදලා "අනේ මන්දා යාළුවේ , ඔය පැත්ත සාදිරිස්ට අනුව ටිකක් භායනක පැත්තක්ලු, ඇහුනේ නැද්ද සාදිරිස් ගොයියා කියනවා, ඔය පැත්තේ
මී මින්නෝ, වල් ඌරෝ, දිවියෝ, කොටියෝ, අලි ඇතුන් විතරක් නෙවෙයි, විවිධාකාරයෝ සතුන් ගැවසෙන වාලු"
අනෙක් යාළුවා නොඉවසිලිවත් ලෙස "සාදිරිස් ගොයියා අපි ඔය පැත්තට යන එක වළක්වන්න බොරුවක් කිව්වද දන්නේ නෑ"
"කොයිකටත් අපි හෙට උදේන්ම ඔය පැත්තේ ගිහින් බලමු ,උදේ හරියේ සත්තු වැඩියේ නෑ නොවෑ" කියලා කියන්න ගත්තා.

ඉතින් මේ විදියට යාළුවෝ දෙන්නා ගමන ගැන එක දිගටම සාකච්ජා කරලා ,අන්තීමේදි වාද විවාද මැද්දේ ,ගමන පහුවෙනිදාට දාගත්තා.
දාගෙන සුපුරුදු පරිදි නැවතත් මූකලානට ගිහින් ලී කපාගෙන ,නගරයට ගොස් විකුණලා, ගොම්මන් වැටුන ගමන්, නැවත ගෙවල් බලා විසිර ගියා.

ගෙවල් වලදි ,සාදිරිස්ගෙන් තමන්ගේ කණ වැකුණු දේවල්, යාළුවන් දෙන්නාම තමන්ගේ බිරින්දෑ වරුන්ට කියන්න ගත්තා. මේ යාළුවන් දෙන්නාගෙන් එක යාළුවෙකුගේ බිරිදක්
ටිකක් නපුරුයි, ලෝභයි, තණ්හායි ,අනෙක් යාළුවාගේ බිරිද ගුණයහපත්. නපුරු බිරිද තමන්ගේ ස්වාමියාට කියන්න ගත්තා.
"ඔයා කෑලෑවට ඔය මනුෂ්‍යයා එක්ක යන්න, ගිහින් රත්තරන් ලී දඩු ටික කපලා ඉවර වුන ගමන් ,ඔය මනුෂ්‍යයාව මරලා, ලී ටික ගෙදරට ගේන්න, අපි ඒක විකුණලා නගරයට ගිහින් හොදින් ජීවත් වෙමු"
මේ අදහසට මුලදි නපුරු බිරිදගේ ස්වාමියා අකමැති වුනත් පස්සේ , ටිකක් හිතන කොට දැඩි තණ්හාවක් ඔහුගේ හිතට එන්න ගත්තා, ඔහු තමන්ට කියා ගත්තා,
"මම මේ ගස තනියම කපාගන්න ඕනේ" ඊට පස්සේ අනෙක් යාළුවා ගැන හිතලා "මේ මනුෂ්‍යයා හිටියොත් මට ගස කපාගැනිමෙන් ලැබෙන මුදල් බෙදාගන්න වෙනවා එතකොට මට අඩුමුදලක් ලැබෙන්නේ"
"මම මේ මනුෂ්‍යයාව ගස කපපු ගමන් මරාදාලා මේ ගසේ රත්තරන් ලී ටික නගරයට ගොස් විකුණලා ,ඒ ලැබෙන මුදල් වලින් නගරයට ගොස් හොද ගෙයක් අරගෙන ජීවත් වෙන්න ඕනේ" කියලා හිතාගත්තා.
එහෙම හිතලා නපුරු බිරිද සහා ඇයගේ ස්වාමියා නින්දට ගියා.

මේ අතර අනෙක් යාළුවත් , තමන්ගේ බිරිද සමග තමන්ගේ කනවැකුණු දේවල් කියන්න ගත්තා, ඔහුගේ බිරිද තමයි ගුණයහපත් බිරිද. ඇය තමන්ගේ ස්වාමියාට කථා කරලා.,
"මේ ඔයා, ඔය ලී දඩු විකුණලා ලැබෙන මුදල් ඔයාගේ යාළුවා සමග බෙදාගන්න, ඊට පස්සේ අපි දෙගොල්ලෝම නගරයට ගොස් හොද ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙමු" මේකට ඇයගේ ස්වාමියා එකග වුනා.
ඉන් පසු මොවුන් රාත්‍රිකෑම අනුභව කොට ,සුපුරුදු පරිදි නින්දට ගියා'

අරුණෝදය වැටුන ගමන්, යාළුවන් දෙන්නා කරේ ,ගමනට අවශ්‍යය කළමනා සුදානම් කරගෙන ,තමන්ගේ බිරින්දෑ වරුන්ගෙන් සමුගෙන, ගම්මානයේ කෙළවරේ තිබුන මුකලානට හෙමින් සීරූවේ ගිය එකයි.

මෙහෙම ටික දුරක් ගිය ගමන්, දෙන්නා දැක්කා ඈත පාළු තැනක දිළිසෙන රත්තරන් ගස. මේක තිබුනේ ,ඉතා පාළු තැනකයි, ඒ හරිය කොයි තරම් පාළුද කියනවා නම් සුළග පවා ඒ හරියට හරියාකාර ලෙස වැදුනේ නෑ.
මේ ගස ,ඇත්තටම රත්තරන්, එයහි පාදම රත්තරන් කොළ වලින් ගහණව තිබුනා, ගසේ මුළේ ඉදලා, මුදුන දක්වා එකම රත්තරන් වලින් ගස සාරවත්ව පැවතුනා.
ගසේ මුල්, කොළ, අතු සෑම දෙයක්ම තනි ඝණ රත්තරන්. රත්තරන් ගස අහසෙන් නැග ඇති හිරුගේ එළියෙන් දීප්තිමත් වුනා.

මේ දිහා යාළුවන් දෙන්නාම ටික වෙලාවක් බලාගෙන හිටියා, මොවුන් දෙන්නාට ඇත්තටම පුදුමයි, තමන් දැක්කා දේ ගැන.

ඉතින් ඔවුන් ගස ළගට ගොස් ,තමන්ගේ ආයිත්තම් සුදානම් කරගෙන ,ගස කපා දමන්න පටන් ගත්තා.
මෙහෙම කපා දමන්න යනකොට ,එකපාරටම ගසට අරක්කගත්ත දේවතාවක් කථා කරන්න පටන් ගත්තා.

"මම ඔබලා දෙන්නාගෙන් ඉල්ලා සිටින්නේ, මේ ගස කපා නොදමන ලෙසයි, මේ ගස තමයි මම අරක්කගෙන සිටින නිවස, මේක නුබලා කපාදැම්මොත් මට මිය යන්නයි වෙන්නේ.
ඔබලා දෙන්නා මට අභය දානය දුන්නොත්, මම ඔබලා දෙන්නාට රත්තරන් දඩු දෙකක් දෙනවා, ඔබලාට පුලුවන්, මේක විකුණලා නගරයට ගොස් ගෙයක් දොරක් හදාගෙන සැපසේ ජීවත් වෙන්න"

ගු‍ණයහපත් බිරිද විවාහ කරගෙන සිටි යාළුවා ,ගසේ ඉල්ලීම සලකා බලලා, රත්තරන් ලී දණ්ඩ අරගෙන, යන්න ගියා, නමුත් නපුරු, තණ්හා අධික බිරිද විවාහ කරගෙන සිටි යාළුවා ,මේක කනකොට නොගොස් ගස කපාදමන්න
පටන් ගත්තා, එතකොටම ගසට අරක්කගෙන සිටි දේවතාවගේ යක් පුරුෂයෙක් මේ යාළුවාව මරා දැම්මා.

තමන්ගේ යාළුවාට වෙච්ච දේ ,අනෙක් යාළුවා ඈත තියාම දැක්කා. දැකලා ඔහුට ලැබිච්ච රත්තරන් ලී දණ්ඩත් අරගෙන,නගරයට ගොස් එය විකුණලා, සැපවත් ජීවිතයක් තමන්ගේ බිරිද සමග ගෙව්වා.
අනෙක් යාළුවාගේ තණ්හා අධික බිරිදට තමන්ගේ ස්වාමියා නැතුව දුකසේ කාලය ගෙවන්නට සිදුවුනා.

1237w
------------------------------------------



මේක මම ලිව්වේ, ඒක නිසා උපුටා ගන්න කොට, ගත්ත තැන හැටියට මේ thread එකේ Link එක දාන්න.
 

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
එළකිරියේ රටේ නැති කුණුහරප කියන මා වැනි අපතයන් හමුවේ .. උබ කරන මෙහෙය ඉතා උසස් මයේ පුතේ ...... තොට හුලන් කපුටන්ගේ පිහිටයි .. You must spread some Reputation around before giving it to Radioactive again.
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එළකිරියේ රටේ නැති කුණුහරප කියන මා වැනි අපතයන් හමුවේ .. උබ කරන මෙහෙය ඉතා උසස් මයේ පුතේ ...... තොට හුලන් කපුටන්ගේ පිහිටයි .. You must spread some Reputation around before giving it to Radioactive again.

    තමන් තමන්වම බාල්දු කරගන්න එපා කවදාවත්.ඒක උබේ අනාගතයට හොද නැහැ.
     
    Oct 9, 2014
    30
    3
    0
    Caribbean muhude
    Ela machan .. mama hari assayi surangana katha walata.. uba kiyawala thiyanwada lassana wasilissa kiyala rusiyan surangana katha pothak eka nam surerb.. Thanwa liyapan machan .. magen subhapathum...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ela machan .. mama hari assayi surangana katha walata.. uba kiyawala thiyanwada lassana wasilissa kiyala rusiyan surangana katha pothak eka nam surerb.. Thanwa liyapan machan .. magen subhapathum...

    :yes:

    1Mjdxq8.png


    :P:P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ela machan .. mama hari assayi surangana katha walata.. uba kiyawala thiyanwada lassana wasilissa kiyala rusiyan surangana katha pothak eka nam surerb.. Thanwa liyapan machan .. magen subhapathum...

    ගොඩක් තියෙන්නේ මචන් translate ඒවානේ :dull:
    අපි අපේ කථා ලියන්න ඕනේ, ඒකයි මම මේක පටන් ගත්තේ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම ඉන්නේ ඉස්සරහට සුරංගනා කථා ගැන පොතක් ලියන්නයි, ඒකේ කථා 20 ක් දානවා. දාලා එළකිරියේ PDF එක දානවා. මගේ කථා copyrights free ඒක නිසා ඕන කෙනෙක්ට ඕන තැනක පළකරන්න පුලුවන් නමුත් Source එක හැටියට එළකිරි එකේ මේ thread එකේ Link එක දාන්න.