ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ඉහළ ආරක්ෂාවක් ලබාදිම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට ළගාවූ සැනින් මෙම ආරක්ෂක වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවද පැවසේ.
ඔවුන් රැදි සිටින හෝටල්වලදි, පුහුණු සැසැවලදි මෙන්ම තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවලදී මෙම ආරක්ෂක වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ හා සමගාමීව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් වෙනුවෙන්ද විශේෂිත ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය ආරක්ෂක අංශයේ අවධානය යොමුව තිබේ.
mirror news