රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    :rofl:වෙන ෆොටෝ නැද්ද?:Pඕක දැකලම එපා වෙලා..:rofl:

    මේ මචන් අයිටීඑන් එකෙ උන්.. උන් තමයි මේ වගේ යූඑන්පී එකට මඩ ගහන්න ඒකාලේ ඉඳලාම කොටි රනිල්ට සපෝට් කලා කියල මවාපාමක් කරන්න දන්නගලන්නේ... මතකනේ අර කොටි කොඩි පෙන්නපු සීන් එක ඒක ටයිමින් කේස් එකක් නිසා මාට්ටු උනා... අනික බලපන් මේ පෝස්ටර් ඉරිච්ච ඒවා... කොලඹ තාප්පෙක යූඑන්පීයෙන් අලවපු ඒව ගලවගෙන ඇවිල්ලා කොටිවගේ ඇඳගත්තු උන් මේ ආයි අලවනවා වගේ පෙන්නන ෆොටෝ ගහලා මහින්දයා රනිල්ට මඩ ගහන්නේ... පුලුවන්නම් ඌට කියපන් මේ පිතූරේ මූලාශ්‍රය දෙන්න කියලා... දැන් කාලේ මේවා නිකන් දැක්ක පලියට පිලිගන්න බෑ...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    rnil_ltte_support.jpg

    කේපී වැනි කොටි ත්‍රස්තවාදීන් සමග එක පතේ කන ආණ්ඩුව එජාපයට කොටි ලේබල් ඇලවීම විහිළුවක් -කරු ජයසූරිය

    කේපී.පිල්ලෙයාන් දායා මාස්ටර් වැනි කොටි නායකයන් සමග එක පතේ කන ආණ්ඩුව එජාපයට කොටි ලේබල් අලවමින් සිටිනුයේ මිනීමරු කොටි ත්‍රස්තවාදීන් සමග අවබෝධයෙන් යුතුව යැයි ද එල්.ටී.ටී.ඊයේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් එජාපය කිසි දිනෙක මෘදු ස්ථාවරයක නොසිටි බව ප්‍රායෝගික භාවිතාව තුළින්ම පෙන්වා ඇතැයි ආණ්ඩුව රනිල් වික්‍රමසිංහට කොටි ලේබලය ඇලවීමට එරෙහිව එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
    එම සම්පූර්ණ නිවේදනය මෙසේය.
    එක්සත් ජාතික පක්ෂයට කොටි ලේබලය ඇලවීමේ අසාර්ථක උත්සාහයක නැවත වතාවක් රජය නිරතව සිටින බව පෙනෙන්නට තිබේ. යුරෝපා සංගමය, එල්.ටී.ටී.ඊ ය තම තහනම් සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් පසු එය සිදු කළේ එජාපයේ මැදිහත් වීම මත බව පවසමින් රජය ප්‍රචාරක යුද්ධයක් මේ වන විට දියත් කර ඇත. එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා මෑතක දී කළ බ්‍රිතාන්‍ය සංචාරය පාදක කර ගනිමින් රජයේ ප්‍රකාශකයන් මේ බොරුව සමාජගත කරමින් සිටී. කිසිදු සත්‍යතාවක් නොමැති වුවත්, මේ ප්‍රචාර මඟින් එක දෙයක් නම් වත්මන් පාලනය පිළිගෙන තිබේ. ඒ ජාත්‍යන්තර දේශපාලනය තුළ එජාපයට ඇති පිළිගැනීම හා හැකියාවය. යුරෝපා සංගමය, එල්.ටී.ටී.ඊ ය තම තහනම් සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කළේ එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම මත නොවේ. එය ඔවුන් විසින් ස්වාධීනව කරන ලද ඇගයුමකින් පසු ගන්නා ලද තීරණයකි. අනෙක් අතට, මේ තහනම ඉවත් කර ඇති බව ප්‍රකාශ කර ඇත්තේ යුරෝපා සංගමයට සම්බන්ධ පහළ අධිකරණයකින් බැවින්, ඉහළ අධිකරණයකට අභියාචනාවක් ඉදිරිපත් කර එය අහෝසි කරන මෙන් ඉල්ලා සිටීමේ නෛතික හැකියාවක් ශ්‍රී ලංකා රජයට තිබේ. එවැනි හැකියාවක් තිබියදී, ඒ සඳහා කටයුතු කරනවා වෙනුවට සියල්ල කඩා වැටුණා ය යන හැගීමෙන් රජය කිසිදු සාධාරණ හේතුවකින් තොරව එජාපයට මඩ ගසමින් සිටී.
    “කොටි තහනම ඉවත් කිරීම පිටුපස සිටි විපක්ෂ දේශපාලනඥයා කවු ද” යන මාතෘකාව යටතේ ලිපියක් පසුගිය 19 වන දා රජයට සම්බන්ධ පුවත්පතක පළ කර තිබුණේ “රනිල් ලන්ඩනයේ දී කොටි ඩයස් පෝරාව සමඟ බර කතාවක” යන ලෙස ඡායාරූප විස්තරය ද සහිතව ය. සරලව සැමට තේරෙන සිංහල භාෂා‍වෙන් පැවසුවහොත් එය පට්ටපල් බොරුවකි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායකයා සමග එම සේයාරූවේ සිටිනුයේ අප පක්ෂයේ ලන්ඩන් ශාඛාවේ නිලධාරීන් වන ඉන්දික කුමාර, දර්ශන ඩැනියෙල්, රොෂාන් සමන්ත යාපා හා හර්ෂක කන්නන්ගර යන මහත්වරුය. නූතන තාක්ෂණික දියුණුව සමගින් ලෝකය එකම ගම්මානයක් වී ඇති පසුබිමක මෙවැනි “කෙබර” වලට වැඩි ආයු කාලයක් නොමැති වුවත් ඉන් තාවකාලික සහනයක් හෝ ලබා ගැනීමේ දුෂ්ට අරමුණින් රජය බොරු ව්‍යාජ සමාජගත කරමින් සිටී.
    මැතිවරණ අවස්ථාවක දී පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙසේ එක්සත් ජාතික පක්ෂයට කොටි ලේබලය ඇලවීමට හැමවිටම කටයුතු කරන මුත් සැබැවින්ම එය ගැලපෙනුයේ කොටි ත්‍රස්තවාදීන් සමග පෙම් කෙළින, ඔවුන්ව පෝෂණය කරන වත්මන් රජයට ය. එල්.ටී.ටී.ඊ ය හා එහි නායකත්වය සම්බන්ධයෙන් ඔවුන්ගේ කුරිරු ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් පැහැදිලි කියවීමක්, එක්සත් ජාතික පක්ෂයට තිබේ. එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් යනු මෙරට ප්‍රජාතන්ත්‍රීය නායකයන් රැසක් ඝාතනය කළ, එමෙන්ම තවත් දස දහස් ගණන් නිරායුධ වැසියන් ඝාතනය කළ මිලේච්ඡ, අහංකාරෝන්මාදියෙකු බව එජාපයේ විශ්වාසයයි.
    එල්.ටී.ටී.ඊයේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් කිසි දිනෙක එක්සත් ජාතික පක්ෂයට මෘදු ස්ථාවරයක් නොතිබුණු බව, ප්‍රායෝගික භාවිතාව තුළ දී අප පෙන්වා තිබේ. මේ රජයේ ඇතැම් ඊනියා ප්‍රකාශකයන් තහවුරු කිරීමට උත්සාහ කරන අන්දමට එජාපය හා එල්.ටී.ටී.ඊ ය අතර, මෘදු එකිනෙකා හා සමීප සම්බන්ධයක් තිබුණේ නම් ඡන්ද වර්ජනයකට ගොස් 2005 ජනාධිපතිවරණයේ දී ඔවුන් එජාපය පරාජය කළේ ඇයි ද කියා සිහි බුද්ධියක් ඇති සියලු දෙනා මැදහත් සිතින් විමසා බැලීම වැදගත් ය.
    අතිශය තියුණු මැතිවරණයක් වූ 2005 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහතා ගත්තේ එල්.ටී.ටී.ඊයේ මෙහෙයවීම මත උතුරේ සිදු වූ ඡන්ද වර්ජනය නිසා බව සුප්‍රකට කාරණයකි. ඒ මැතිවරණයේ දී දෙවන වරණය ගණන් කිරීම වැලකුණේ ඡන්ද 28633 ක අඩුවකිනි. උතුරේ ජනතාවට නිදහසේ තමන් සතු සර්වජන ඡන්ද අයිතිය භාවිතා කිරීමට ඉඩ ලබා දුන්නේ නම් එම සමස්ත ප්‍රතිඵලය ඊට වඩා වෙනස් එකක් වන බව සුපැහැදිලිය.
    ඒ අනුව බලන විට මහින්ද රාජපක්ෂ යනු එල්.ටී.ටී.ඊයේ හා ප්‍රභාකරන්ගේ පිහිටෙන් ජනාධිපති තනතුරට පැමිණි පුද්ගලයෙකි. ඒ සුප්‍රකට ඡන්ද වර්ජනය සිදු වුයේ රුපියල් මිලියන 180 ගණුදෙනුවක් මත බවත්, පාලක රෙජීමයේ සාමාජිකයෙකු වන ප්‍රබල ඇමතිවරයෙකු සෘජුව ඊට මැදිහත් වූ බවත්, පසුව මාධ්‍ය වාර්තා පළව තිබුණි.
    අනෙක් අතට, එල්.ටී.ටී.ඊ මිලේච්ඡ ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනි සිටි ඒ වෙනුවෙන් මුළු ඇ‍ඟෙන්ම කටයුතු කළ පුද්ගල චරිත ගණනාවක් අද ගොණු වී සිටිනුයේ වත්මන් රජය සමග ය. ප්‍රභාකරන්ගේ දෙවෙනියා ලෙස සෑහෙන කලක් කටයුතු කළ කරුණා අම්මාන් අද “දේශප්‍රේමි” සළු පොරවා ගෙන සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. අරන්තලා භික්ෂු ඝාතනය, තිරුක්කෝවිල් කැලයේ දී ගෙන ගොස් නැගෙනහිර පළාතේ නිරායුධ පොලිස් නිළධාරින් හයසිය දෙනෙකු ඝාතනය කිරීම, දළදා මාළිගාවට ප්‍රහාරය එල්ල කිරීම ඇතුළු අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය කිරීම් පිළිබඳ චෝදනා එල්ල වූ කරුණා අම්මාන් අද පංචමහා බලවේගයේ නිර්මිතයක් යැයි කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකි.

    ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු එල්.ටී.ටී.ඊ නායකයා බව කියාගත් සෙල්වරාසා පත්මනාදන් හෙවත් කේ.පී ද අද සිටිනුයේ රජය සමග සන්ධානගතව ය. බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් බදු දළදා මාළිගාව ඉලක්ක කර ගනිමින් සිදු කළ මිලේච්ඡ ප්‍රහාරය, මහ බැංකු ප්‍රහාරය, කටුනායක ගුවන්තොටුපළට එල්ල කළ ප්‍රහාරය ඇතුළු එල්.ටී.ටී.ඊ ය සිදු කළ සෑම ප්‍රධාන ප්‍රහාරයකදීම පාහේ ඒවාට අවශ්‍ය වු අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, මුදල් විදේශයන් හි සිට එවමින් කොටින්ගේ ප්‍රධාන අවි සැපයුම්කරුවා ලෙස ක්‍රියා කළේ අද විශාල වියදමක් දරමින්, හමුදා ආරක්ෂා සහිතව රැක බලා ගන්නා කේ.පී ය. එල්.ටී.ටී. ය තුළ විවිධ මට්ටමින් ඉහළ භූමිකා ඉටු කළ දයා මාස්ටර්, පිල්ලෙයාන් වැන්නන්ව ද අද සම්පූර්ණයෙන්ම නඩත්තු කරනුයේ සන්ධාන රජය ය. එක්සත් ජාතික පක්ෂයට කොටි ලේබල් අලවමින් සිටිනුයේ මිනිමරු කොටි ත්‍රස්තවාදීන් සමග අවබෝධයෙන් යුතුව දේශපාලනයේ නිරත රාජපක්ෂ පාලනය හා එහි හෙන්චයියන් විසින් වීම සැබැවින්ම දෛවයේ සරදමකි.

    දෙමළ ජනතාව හා එල්.ටී.ටී.ඊ ය වෙන් කර හඳුනා ගැනීමට තරම් හැකියාවක් තිබූ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ වෙනම රාජ්‍යයක් පිළිබඳ වන තම සිහිනයට කිසි දින වලංගු භාවයක් නොලැබෙන බවට අවබෝධයක් ප්‍රභාකරන් ට තිබුණි. ඔහු රාජපක්ෂ පාලනය බලයට රැගෙන ආවේ එබැවිනි. දකුණේ පාලනය දෙමළ ජනතාව පීඩාවට හා හිරිහැරයට පත් කිරීම තුළ තම සිහිනය වන වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහසට සුජාතභාවයක් ලැබෙන බව ප්‍රභාකරන් තදින් විශ්වාස කළේය. ප්‍රභාකරන් නොමැති වුව ද රාජපක්ෂ රජය මේ මොහොතේ ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිපත්ති තුළ හිටපු එල්.ටී.ටී.ඊ නායකයාගේ ඉල්ලීම්වලට යම් වලංගුභාවයක් ලැබෙමින් පවති. පැහැදිලිව ම දෙමළ ජනතාවගේ ඉල්ලීම් හා එල්.ටී.ටී.ඊ ය වෙන් කර හඳුනා ගැනීමට රාජපක්ෂ පාලනය අසමත්ව තිබේ. වීරෝධාර රණවිරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය මත එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමට හැකි වූව ද උතුරේ ජනතාව හා ලොව පුරා වෙසෙන දෙමළ ජනතාවගේ හදවත හා මනස දිනා ගැනීමට මහින්ද රාජපක්ෂ පාලනය අසමත්ව ඇත. එල්.ටී.ටී.ඊයේ මිලේච්ඡ ත්‍රස්තවාදයට මුහුණ දීම වෙනුවෙන්, මෙරට ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය කළේ එක්සත් ජාතික පක්ෂ රජයන් විසින් බව රහසක් නොවේ. ආචාර සමාචාරවලට පමණක් සීමා වී තිබූ අපගේ හමුදාවන් නවීකාරක හමුදාවන් බවට පත් වූයේ එජාපයේ මැදිහත්වීම තුළය. එසේම, යුරෝපා මහාද්වීපයේ එක්සත් රාජධානිය ඇතුළු රටවල් ගණනාවක එල්.ටී.ටී.ඊ ය තහනම් සංවිධානයක් බවට පත් කරමින් ඔවුන්ව දේශපාලනිකව පරාජයට පත් කළේ එක්සත් ජාතික පක්ෂය ය. ඒ නිසාම මැතිවරණ පරාජයන් ට මුහුණ දීමට සිදු වුවාට අමතරව අපගේ ප්‍රබල නායකයන් ගණනාවක් ද කොටි ත්‍රස්තවාදය විසින් බිලිගන්නා ලදී. රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, රන්ජන් විජේරත්න, මේජර් ජෙනරාල් ලකී අල්ගම, මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු වටිනා නායකයන් රැසක් අපට අහිමි වූයේ එල්.ටී.ටී.ඊ ය සමඟ රහස් ගණුදෙනු කරනවා වෙනුවට ඔවුන්ට එරෙහිව සෘජු පැහැදිළි ස්ථාවරයන් මත පිහිටා එජාපය කටයුතු කළ බැවිනි.

    එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කිසිදු පදනමක් නොමැති චෝදනා නඟමින් සිටින වත්මන් රජය, එල්.ටී.ටී.ඊ නායකයෙකු ලෙස ස්වීට්සර්ලන්ත පොලිස් අත්අඩංගුවේ පසු වූ පුද්ගලයෙකුට ටෙන්ඩර් කැඳවීමකින් තොරව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නිල නිවසේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම සඳහා රුපියල් මිලියන 20 කට වැඩි කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බව විගණන වාර්තා ඇතුළු සියළු සාක්ෂි සහිතව මෑතක දී ආනවරණය වී තිබුණි. තමන්ගේ පාලනය යටතේ ඇති එවැනි සිදුවීම් සම්බන්ධයෙන් අවම තරමින් පරීක්ෂණයක් හෝ පැවැත්වීමට සදාචාර සම්පන්න නොවන රාජපක්ෂ පාලනය ඒ වෙනුවට එජාපයට කොටි ලේබලය ඇලවීමට කාලය මිඩංගු කරමින් සිටී. එසේ, හොරු සමඟ හෙළුවන් සිටින රාජපක්ෂ පාලනය එජාපයට ඇඟිල්ල දිගු කිරීම සැබැවින්ම හාස්‍ය ජනක ය.

    බොරු පිට බොරු ගොතමින් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ සන්ධාන රජය ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද සටන දැනටමත් අරඹා ඇත්තේ බරපතළ ලෙස මැතිවරණ නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරමිනි. මේ වන විටත් ජනතා බදු මුදලින් අරලිය ගහ මන්දිරයේ දන්සැල් දීම ආරම්භ කර ඇත. අතීතයේ දී සම්භාවනීය වටිනාකමක් අරලිය ගහ මන්දිරයට ලැබී තිබුණේ එහි තිබූ ප්‍රෞඩ බව නිසාවෙනි. එදා සිටි අගමැතිවරුන්ට, ජනපතිවරුන්ට අරලියගහ මන්දිරයේ හා හයිඩ් පාර්ක් පිටියේ වෙනස පිළිබඳ මනා අවබෝධයක් තිබුණි. ඔවුන් කිසිදිනෙක හයිඩ් පාර්ක් පිටියේ කළ යුතු දේ අරලිය ගහ මන්දිරයේ කළේ නැත.

    ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මේස 160 කින් සමන්විත මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් මේ වන විට අරලියගහ මන්දිරයේ ස්ථාපිත කර ඇත. ඊට අමතරව, දිනපතාම බලහත්කාරයෙන් මෙන් රාජ්‍ය සේවකයන් කැඳවමින් විවිධ තේමා යටතේ එහි උත්සව පවත්වමින් සිටී. මෙය දේශපාලනය පිළිබද ප්‍රශ්නාර්ථයක් මෙන්ම සංස්කෘතිය පිළිබඳ ද ප්‍රශ්නයක් වනුයේ එවැනි පසුබිමක ය. අද මේ රටට අවශ්‍යව ඇත්තේ ශිෂ්ඨ, ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් සහිත, සංස්කෘතික දැක්මක් සහිත පාලකයන් මිස බොරුවෙන් මුලාවෙන් රටේ ජනතාව නොමඟ යවමින් රට පාලනය කරන්නන් නොවේ. හැගීම්බර නොවී, බුද්ධියට තැන දී ජනතාව මේ යථාර්ථය දැන්වත් තේරුම් ගැනීම අතිශයින් වැදගත් ය.

    mDfg8P8.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ මචන් අයිටීඑන් එකෙ උන්.. උන් තමයි මේ වගේ යූඑන්පී එකට මඩ ගහන්න ඒකාලේ ඉඳලාම කොටි රනිල්ට සපෝට් කලා කියල මවාපාමක් කරන්න දන්නගලන්නේ... මතකනේ අර කොටි කොඩි පෙන්නපු සීන් එක ඒක ටයිමින් කේස් එකක් නිසා මාට්ටු උනා... අනික බලපන් මේ පෝස්ටර් ඉරිච්ච ඒවා... කොලඹ තාප්පෙක යූඑන්පීයෙන් අලවපු ඒව ගලවගෙන ඇවිල්ලා කොටිවගේ ඇඳගත්තු උන් මේ ආයි අලවනවා වගේ පෙන්නන ෆොටෝ ගහලා මහින්දයා රනිල්ට මඩ ගහන්නේ... පුලුවන්නම් ඌට කියපන් මේ පිතූරේ මූලාශ්‍රය දෙන්න කියලා... දැන් කාලේ මේවා නිකන් දැක්ක පලියට පිලිගන්න බෑ...

    :yes:නූගත් කාලකන්ණි බන්..පොතක් පත්තරයක් කියවන උන්ද ඕකුන්..ITN බල බල පඩ අර අර ඉන්න නූගත් හැතිකරේ..ඕකුන්ට හරියන්නේ හොරට විබාග ලියලා පාස් උන මහින්ද වගේ පල් හොරෙක් තමා..ඒකනේ ඔය රෙද්ද උස්සන් කඩේ යන්නේ..:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක කොහෙද පාවා දීමක් වෙන්නේ.. යුද්ධයක් නවත්තලා සටන් විරාමයකට එලබෙන එක කොහෙද මිනිහෝ පාවාදීමක් වෙන්නේ.. උබ කියන විදියට පාවාදීමක් නම් ඒක කොටියව(කේපී, කරුනා වගේ උන්ව )සටන්විරාම ගිවිසුම මගින් යම්කිසි වගකීමකට කොටු කරා රනිල්... ඒක උබලට පාවා දීමක් තමයි හේතුව උබලගේ නියම නායකයා කේපී/කරුනා කොටියව හිරකරපු එක උබට පාවාදීමක් තමයි...
    පාවා දීම වෙන්නෙ රටෙන් 1/3 ගිවිසුමක් ගහල ත්‍රස්තවාදියෙක්ට ලියල දුන්නෙ එක, පාවාදීම වෙන්නෙ රටේ අගමැති ත්‍රස්තවාදියෙක් එක්ක එකට ලැගල කොල අස්සන් කරපු එක,රටේ අගමැතියි ත්‍රස්තවාදියෙකුයි සමානද???. පාවාදීම වෙන්නෙ කොටින්ට ගුවන් යාන, ආයුද නැවු බානකන් බලන් හිටපු එක. පාවාදීම වෙන්නෙ සටන් විරාම ගිවිසුමෙන් කොටි පොලිසි, කොටි අදිකරන, කොටි හමුදාව, කොටි පාලන ප්‍රදේශ නිත්යානු කූලව පිලිගැනීම. පාවාදීම වෙන්නෙ දිගුදුර මෙහෙයුම් බුද්ධි අශය පාවල දීම,,,,,,,,,,,,,,,,,,,,තව ඔනෙ නම් වට්ටොරුවක් කියන්නම්.

    ලොකෙ මොන අගමැතිද තමන්ගෙ බුද්ධි අශය පාවල දුන්නෙ, බල්ලො බලාගන්න පොලිස් කාරයෙක් දාල.?????? මොඩ unp ගොබ්බ මීහරක් රැල තප්පුලනව ද්‍රොහියෙක් බදාගෙන, එන්ඩ කියපන්කො ජනාදිපතිවරනෙට, පොනිලගෙ කලිසම ඔලුවෙන් ගලවන්නෙ.:P

    කේපි කරුන කොහෙ හිටියත් යුද්දෙ දිනව අපි,ඇයි කරුන අයියද නිකන් පලයන් යකො, කරුන කොටිත් එක්ක හිටියනම් ඉස්සලාම මරන්නෙ කරුනව නැගෙනහිරදි.:P:P

    කොටින්ට කඩේ යන e නිවුස් කොටින්ගෙ ලොවන unp එවුන්ට ලොකු උනාට අපි නම් බල්ලට ගනන් ගන්නෙ නැ, ඔය වගේ ටොන් පච අපිටත් හදන්ඩ පුලුවන් ඔනෙනම්.:confused:
     
    :rofl:රිදිලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:නූගත් කාලකන්ණි බන්..පොතක් පත්තරයක් කියවන උන්ද ඕකුන්..ITN බල බල පඩ අර අර ඉන්න නූගත් හැතිකරේ..ඕකුන්ට හරියන්නේ හොරට විබාග ලියලා පාස් උන මහින්ද වගේ පල් හොරෙක් තමා..ඒකනේ ඔය රෙද්ද උස්සන් කඩේ යන්නේ..:rofl::rofl:
    හොර විබාග ලියුවනම් ඔප්පු කරපන්කො නිකන් උඩු බුරන් නැතුව,බොලාට හරි යන්නෙ කොටින්ගෙ ^ක ලොවපු පොනිල වගේ කාලකන්නි අපතයෙක්ව, ඒකනේ මේ රෙදි නැතුව දිවා රාත්‍රි කඩේ යන්නෙ,:rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes:නූගත් කාලකන්ණි බන්..පොතක් පත්තරයක් කියවන උන්ද ඕකුන්..ITN බල බල පඩ ඇර ඇර ඉන්න නූගත් හැතිකරේ..ඕකුන්ට හරියන්නේ හොරට විබාග ලියලා පාස් උන මහින්ද වගේ පල් හොරෙක් තමා..ඒකනේ ඔය රෙද්ද උස්සන් කඩේ යන්නේ..:rofl::rofl:

    හොර විබාග ලියුවනම් ඔප්පු කරපන්කො නිකන් උඩු බුරන් නැතුව,බොලාට හරි යන්නෙ කොටින්ගෙ ^ක ලොවපු පොනිල වගේ කාලකන්නි අපතයෙක්ව, ඒකනේ මේ රෙදි නැතුව දිවා රාත්‍රි කඩේ යන්නෙ,:rofl::rofl:

    මේකටද රිදුනේ?:rofl::rofl::rofl::rofl::rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl:රිදිලා..
    කර උත්තර නැ අන්තිමට රිදිල කියල දාප පොටො ටිකකුත් දාල මාරු වෙයන් ලොල් :lol::lol::lol: unp මොඩයන්ට තර්කයක් නැ ජනාධිපතිවරනදි කොහොම හිටිද පොනිලට දුවන්ඩ පාර මදි වෙනව,:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකටද රිදුනේ?:rofl::rofl::rofl::rofl::rofl::P
    මට නම් පේන්නෙ උබ බයිට් වෙලා වටේ යනව කියල, ඔකට රිදො ගන්නෙ මොකටද වැඩිපුර itn බලන්නෙ උබලනෙ බන්. :P:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කර උත්තර නැ අන්තිමට රිදිල කියල දාප පොටො ටිකකුත් දාල මාරු වෙයන් ලොල් :lol::lol::lol: unp මොඩයන්ට තර්කයක් නැ ජනාධිපතිවරනදි කොහොම හිටිද පොනිලට දුවන්ඩ පාර මදි වෙනව,:P:P

    තෝ වගේ ගොන් බූරුවෙක් එක්ක මොන තර්කද මී හරකෝ..පත්තරේ ගිය ආර්ටිකල් එකකට නේ තෝ ඔය රිදිලා තාම බුරන්නේ..:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ වගේ ගොන් බූරුවෙක් එක්ක මොන තර්කද මී හරකෝ..පත්තරේ ගිය ආර්ටිකල් එකකට නේ තෝ ඔය රිදිලා තාම බුරන්නේ..:rofl::rofl::rofl:
    අපිට නම් රිදිල නැ අපි මේ කඩේ යන උබල වගේ මොඩ unp කාරයන්ව බයිට් කරනව..:rofl::rofl: තර්ක කරන්ඩ මොලේ නැති උනාම ඔහොම කියන්ඩත් පුලුවන්, :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පාවා දීම වෙන්නෙ රටෙන් 1/3 ගිවිසුමක් ගහල ත්‍රස්තවාදියෙක්ට ලියල දුන්නෙ එක, පාවාදීම වෙන්නෙ රටේ අගමැති ත්‍රස්තවාදියෙක් එක්ක එකට ලැගල කොල අස්සන් කරපු එක,රටේ අගමැතියි ත්‍රස්තවාදියෙකුයි සමානද???. පාවාදීම වෙන්නෙ කොටින්ට ගුවන් යාන, ආයුද නැවු බානකන් බලන් හිටපු එක. පාවාදීම වෙන්නෙ සටන් විරාම ගිවිසුමෙන් කොටි පොලිසි, කොටි අදිකරන, කොටි හමුදාව, කොටි පාලන ප්‍රදේශ නිත්යානු කූලව පිලිගැනීම. පාවාදීම වෙන්නෙ දිගුදුර මෙහෙයුම් බුද්ධි අශය පාවල දීම,,,,,,,,,,,,,,,,,,,,තව ඔනෙ නම් වට්ටොරුවක් කියන්නම්.

    ලොකෙ මොන අගමැතිද තමන්ගෙ බුද්ධි අශය පාවල දුන්නෙ, බල්ලො බලාගන්න පොලිස් කාරයෙක් දාල.?????? මොඩ unp ගොබ්බ මීහරක් රැල තප්පුලනව ද්‍රොහියෙක් බදාගෙන, එන්ඩ කියපන්කො ජනාදිපතිවරනෙට, පොනිලගෙ කලිසම ඔලුවෙන් ගලවන්නෙ.:P

    කේපි කරුන කොහෙ හිටියත් යුද්දෙ දිනව අපි,ඇයි කරුන අයියද නිකන් පලයන් යකො, කරුන කොටිත් එක්ක හිටියනම් ඉස්සලාම මරන්නෙ කරුනව නැගෙනහිරදි.:P:P

    කොටින්ට කඩේ යන e නිවුස් කොටින්ගෙ ලොවන unp එවුන්ට ලොකු උනාට අපි නම් බල්ලට ගනන් ගන්නෙ නැ, ඔය වගේ ටොන් පච අපිටත් හදන්ඩ පුලුවන් ඔනෙනම්.:confused:

    10154200_729426790472528_8305799428519898446_n.jpg

    :rofl::rofl::rofl: