Mother Teresa: Hell's Angel (The Truth about Mother Teresa)

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    1457669_582015598569819_5067488587531519458_n.jpg

    තෙරේසා මව් තුමිය හෙවත් දශකයේ ලොකුම මගඩිය.
    තෙරේසා මව්තුමිය පිලිබද මා ඉගෙන ගත්නේ පාසල් පොතෙන්ය. ඇය, කල්කටාවේ ලෙඩුන්ට උදව් කල ආකාරය ගැන කුඩා කාලයේ රචනා ලීවේය. නැවතත් ඇය ගැන ලිවිය යුතුයැයී මට සිතුනේ, පහුගිය වංගියේ, බන්ඩාරණායක සම්මත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනයේදී, තෙරේසා මව් තුමිය ගැන ලියවූ පොත් වැඩියෙන් විකුනුන බව ඇසූ විටය.
    සිතීමට නොව, පිලිගැනීමට පමණක් පුරුදු කල කුඩා කාලයේදී මා දැන සිටියේ, තෙරේසා මව්තුමිය දුප්පතුන්ගේ මිතුරෙක් ලෙසිනි. නමුත්, ජා.වේ.පෙය මෙන්ම, තෙරේසා මව්තුමියත්, දුප්පතුන්ගේ මිතුරෙක් නොව, දුප්පත් කමේ මිතුරෙකු බව වටහා ගත්තේ කාලෙකට පසුය. තෙරේසා මව් තුමිය කියනා ආකාරයට දුප්පත්කම, ලෙඩ රෝග සහ වේදනාව, මිනිසුන් යහපත් කිරීම සදහා, දෙවියන් විසින් දෙන ලද දායාදයකී.
    අන්තකිලමතානු යෝගය නමින් හදුන්වන්නේ මෙයයී. මා අන්තකිලමතානු යෝගය වැරදියැයී කියන්නේ, දුප්පත්ව ඉපදී දහදුක් විදිනා ජනතාව ආධ්‍යාත්මිකව දියුනුයැයී, ශේෂ්ඨයයැයී අපි නොකියන නිසාය. ඕනෑම පුද්ගලයෙකුට, තමාට කැමතී යෝගයක, යෙදීමේ පුද්ගලික අයීතිය ඇත. නමුත් තෙරේසා මව්තුමියගේ යෝගය පුද්ගලික නැත.
    ජේසු තුමා වේදනා විද මිය යන්නා සේ වේදනා විදීම, ස්වර්ගයට යාමේ මගයැයී විස්වාස කරනා ඇයගේ අරමුන, රෝගීන්, මරන මංචකයේදී කිතුනුවන් බවට හරවා, වේදනාව රස විදීමට සැලැවීමය. ඇගේ මඩමේ, එකම ඇදක්වත්, පුටුවක්වත්, හිරු එළිය වැටීමට තරමේ ජනේලයක්වත් නැත. පිලිකා ඇතුලු දරුණු රොගයන්ගෙන් පෙලෙන්නන්ට, පැනඩෝල් පෙත්තකට වඩා ලොකු වේදනා නාශකයක් නැත. සේලයීන් කටු ටැප් වතුරෙන් සෝදා නැවත නැවතත් පාවිච්චි කරනේ ඇයී දැයී වෛද්‍යවරයෙකූ ඇසූ විට, “ජීවානුහරණය කිරීමෙන් පලක් නැතැ”යී කීවේලූ. මේ මඩමට රෝගියන්ගේ නෑහිතවතුන්ට පැමිනීම තහනම්ය. රොගීන්ට ඇවීදීමට තියා, ඇදෙන් නැගිටීමටත් තහනම්ය. වයස දහ තුනක දරුවෙකු, පෙන්සිලීන් කරලකින් සුවකල හැකි ආකාරයේ, සරල වකුගඩු අසාදනයකින් මිය යමින් සිටියදී, “ඇයී මේ දරුවාව, මුලදීම ලගම රෝහලට යෑව්වේ නැත්තේ”යැයී කම්පාවට පත් වූ වෛද්‍යවරයෙකූ ඇසූ වීට, ඈ කීවේ, “එකෙක් රෝහලකට යැව්වොතින්, මේ ඔක්කෝම රෝහලට යවන්න වෙනවා” කියලායී. නමුත් ඈ අසනීප වූ විට, තෙල් බෙහෙත් ගත්තේ ඉන්දියාවේ උසස්ම රොහල් වලිනි, ස්විස්ටර්ලන්තෙයෙනී, කැලිෆෝනියාවෙනි. ඈගේ අරමුන රෝගීන් සුවකිරීම හෝ, සුව කිරීමට උත්සහ කිරීම නොවේය, කිතුනුවන් වශයෙන් මරණයට පත් කිරීමය.
    තෙරේසා මාතාව සහ කල්කටාව කී සැනීන් අපේ සිහියට නැගෙන්නේ, අපාය පරදවනා ලෙඩ රෝග වසංගත පිරී ගිය නගරයකී. කුඩා කාලයේ මා කල්කටාව සිතේ මවා ගත්තේ කලු පාටෙනි. ඒ ඇය විසින් ලෝකයට පෙන්වන ලද කල්කටාවයී. මාගේ කල්කටාවට වර්ණයන් ඇතුලු වූයේ “අපූගේ ලෝකය” කියවීමෙන් පසුය. කල්කටාවට යෑමට තවමත් මට අවස්ථාවක් ලැබුනේ නැති වුවද, එය වෛර්ණවත් නගරයක් විය යුතුමය.
    ඇගේ බයානක ව්‍යාපාරය ලොව පුරා ප්‍රසිද්ද වන්නේ, “දුප්පතුන්ගේත් දුප්පතුන්ට” උදව් කරනා කරුණාවන්ත ව්‍යාපාරයක් ලෙසිනි. ඇය ප්‍රසිද්ධ වන්නේ “දුප්පත්” පෙරදිග දුප්පතුන් වෙනුවෙන් දුක් විදිනා සුදු කාන්තාවක් ලෙසිනි. බටහිර මාධ්‍ය ඇයව වීරත්වයට නංවයී. 1979 දී ඇයට නෝබෙල් සාම ත්‍යාගය ලැබෙයී. වසරකට ලැබෙන ආධාර ඩොලර් වලින් මිලියන ගනනකී. කල්කටාවේ දුප්පතුන්ට හොදය. කල්කටාවේ “මියයාම සදහා වූ නිවස”, රොහලක් බවට පත් කර හැක. අලුත් ඇදවල්. පුටුවක්. ජනේල. වේදනා නාශක. බෙහෙත්! ඒ සියල්ලටම ඕනෑ පදමට මුදල් ඇත. අංක එකේ රෝහලක් තැනීමට අවශ්‍ය මුදල් ඇත. රොහලක් ලැබුනාද? නැත! බෙහෙත් ලබුනාද? නැත! ඇදක් ලැබුනාද? නැත! ඇයගේ අරමුණ රෝගීන් සුව කිරීම නොවේ, කිතුනුවන් වශයෙන් මරණයට පත් කිරීමය. කල්කටාවේ සමාජ සේවයේ යෙදෙන්නේ තෙරේසා පමණක් නොවෙයී, දොස්තරලාද, අනේක විදී දේශීය සහ විදේශීය ආයතනද සමජ සේවයේ යෙදෙයී. ඒ සියල්ලටම ලැබිය යුතු ආදාර, මිලියන ගනනින් තනිවම ඩැහැගන්නා තෙරේසා, ඒ මුදල් යොදවන්නේ ලොව වටා ආගම් ප්‍රචාරය සදහාය.
    එතැනින් නොනැවතී තව තවත් මුදල් සෙවීම සදහා, ඈ, බලවතුන් සහ අපරාද කාරයෙන් වෙනුවෙන් පක්කලි සේවයේ යෙදෙයී. රොනල්ඩ් රේගන්ගේ, කුලී සේවකයන් ඇල් සල්වදෝරයේ රාජගුරු සහ මෙහෙනියන් ගාතනය කල විට සල්වදෝරයට ගිය තෙරේසා, කිසිම අපරාදයක් සිදු වී නැතැයී, සියල්ල සාමකාමියැයී ප්‍රකාශ කරයී. ඒ සදහා කුලිය, ජනාදිපති සම්මානයයී (Medal of Freedom). හයීටියේ ඒකාදිපති, මිනී මරු, ස්ත්‍රී දූශක, “බේබි ඩොක්” දිවාලියෙගේන් මුදල් ලබා ගන්නා ඇය, “දිවාලියේ පවුල” අලංකාර මිනිසුන් බව ප්‍රකාශ කරයී. ඇමරිකාවේ මහා පරිමාන වංචාවන් සදහා හිරබත් කෑ, චාල්ස් කීටින් වෙනුවෙන් ඇය උසාවිය හමුවේ ආයාචනා කරයී. චරිත සහතික ලියයී. ඔහු විසින්, දුප්පතුන්ගේ ඉතිරි කිරීම් ගිනුම් වංචා කරමින්, දුප්පතුන්ගේ ඇදිවත පවා අහිමි කරමින්, වංචනිකව උපයාගත්, පක්කිලි සේවයට කුලිය වශයෙන් ඇයට දෙන මුදල්, ලොස් ඇන්කලීස් නුවර පොලිසීය විසින් ඉල්ලා සිටියද, ඈ ඒ කිසීම මුදලක් ලබා දෙන්නේ නැත.
    නෝබෙල් තෑග්ග පිලිගන්නා ඇය, ලෝක සාමයට ඇති බාදාව ගබ්සාව යැයී කියයී. ගබ්සාව ගැන කාරණයේදී, සමහරක් කරුණු සමග මා හට ඇයත් සමග එකග විය හැකි නමුදු, ගබසාවෙන් නොනැවෙතෙන අය, උපත්පාලයටත් විරුද්ද වෙයී. කල්කටාවේ දුප්පත් කමට හේතුවක් ඇත්ද, ඒ ජනගහනයයී. එයට පිලියම අනාත මඩම් නොවේ, උපත් පාලනයයී. උපත් පාලනයෙන් පවා නොනවතින ඇය, දික්කසාදය සහ, දික්කසාද වූ කාන්තාවන්ට නැවතත් විවාහ වීමට ඇති අයීතිය ප්‍රතික්ශේප කරයී.
    තෙරේසා නම් වූ කපටි කෲර ගැහැනිය නිසා මිය ගිය මිනිස් ජීවිත ගණන ලක්ශ ගණනකී. තම ශ්‍රමයෙන් මුදල් උපයන වෛශ්‍යාවක්, ඇයට වඩා අවංකය.

    source :

    http://kolu.wordpress.com/2010/10/10/තෙරේසා-මව්-තුමිය-හෙවත්-දශ/

    http://www.secularsrilanka.com/discussions/kolu/did-mother-theresa-help-poor
     
    • Like
    Reactions: Sachinth and nVIDIA

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය විඩියො එක කරපු එකාගේ නම නෙට් එකේ හොයල බලපුවම කියන්ඩ පුලුවන් ඌ කියන්නෙ ඇත්තමයි කියල. මොකක්ද බන් අර දෙවෙනි සයිට් එක?
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    1948 සිට ඉන්දියාවේ පුරවැසියෙක් ලෙස ජීව්තයේ වැඩි කාලයක් ගත කල කල්කටාවේ භාග්‍යවන්ත තෙරේසා මවුතුමිය,[1] ලෙස විරුදාවලිය ලත් ඇල්බේනියානු සම්භවයක් තිබු තෙරේසා මවුතුමිය (1910 අගෝස්තු 26 – 1997 සැප්තැම්බර් 5), රෝමානු කතෝලික ආගමික පුජාවරියක් සහ ධර්මධාරියෙකු ද වුවාය.[2]

    තෙරේසා මවුතුමිය විසින් අසරණ සරණ ධර්මධාරීහු නමින් රෝමානු කතෝලික ආගමික සභාවක් පිහිට වු අතර 2012 වන විට එහි ක්‍රියාකාරී රටවල් 133ක් සාමාජිකාවන් අතර 4500ට වැඩි වූ ආගමික පුජකවරියන් ප්‍රමාණයක් අන්තර්ගතය.ඔවුන් අසරණ පුද්ගලයින් වන HIV/AIDS අසාදිතයින් ,ලාදුරු සහ ක්ෂය රෝගයන් වැලදී සිටින පුද්ගලයින් වෙනුවෙන් ගෙවල් සහ රෝහල් වල ඇවිදිමින්, දුප්පතුන්ට ආහාර සපයන ස්ථාන,බෙහෙත් ශාලා සහ ජංගම සායන, ළමා සහ පවුල් උපදේශනා වැඩසටහන්, ළමා නිවාස; සහ පාසල්වලටද මහත් සේවයක් ඉටු කළාය.එසේම කණ්ඩායමේ සාමාජිකයින් පවිත්‍රතාව රැකගැනීම, දිළිඳුකම, කීකරු බව,සහ හතර වන පොරොන්දුව වන "දුප්පතගේත් දුප්පතුන් වෙනුවෙන් ඔවුන්ගේ ස්වෙච්චා සේවයන් කිරීම" වෙනුවෙන් ද බැදී සිටි යුතු විය.[3]

    තෙරේසා මවුතුමිය 1979 නොබෙල් සාම ත්‍යාගය ඇතුළුව අනේක විධ ගරු බුහුමන් ලැබුවෙකි.2003 වර්ෂය අග භාගයේදී ඇය භාග්‍යවන්ත තනතුරට උසස් කරනු ලැබූ අතර ඇය කතෝලික පල්ලියේ භාග්‍යවන්ත තෙරේසා මවුතුමිය ලෙසින් හැදින් වීම සඳහා දෙවන ආශ්චර්යමත් සිදුවීමක්ද අවශ්‍යව තිබුණි.[1]

    ඇයගේ ජිවිත කාලය තුළ සහ මරණයෙන් පසුවත් මතභේදයට තුඩු දුන් කරුණක් වුයේ ඇයගේ විශාල වූ ධර්ම දුත මෙහෙවර වන අතර එහෙත් විශේෂයෙන් ගබ්සාවට සහ උපත් පාලන ක්‍රම අනුගමනය කිරීමට විරුද්ධව නැගී සිටීම ඇය මහත් වශයෙන් විවේචනයට ලක් වූ කරුණක් විය

    http://si.wikipedia.org/wiki/තෙරේසා_මවුතුමිය
    mother+theresa+copy.jpg
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔය විඩියො එක කරපු එකාගේ නම නෙට් එකේ හොයල බලපුවම කියන්ඩ පුලුවන් ඌ කියන්නෙ ඇත්තමයි කියල. මොකක්ද බන් අර දෙවෙනි සයිට් එක?

    Secular Sri lanka kiyana eka page eka machan irreligious.. mainly atheistic , Agnostic related articles tiyena page ekak machan
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    1948 සිට ඉන්දියාවේ පුරවැසියෙක් ලෙස ජීව්තයේ වැඩි කාලයක් ගත කල කල්කටාවේ භාග්‍යවන්ත තෙරේසා මවුතුමිය,[1] ලෙස විරුදාවලිය ලත් ඇල්බේනියානු සම්භවයක් තිබු තෙරේසා මවුතුමිය (1910 අගෝස්තු 26 – 1997 සැප්තැම්බර් 5), රෝමානු කතෝලික ආගමික පුජාවරියක් සහ ධර්මධාරියෙකු ද වුවාය.[2]

    තෙරේසා මවුතුමිය විසින් අසරණ සරණ ධර්මධාරීහු නමින් රෝමානු කතෝලික ආගමික සභාවක් පිහිට වු අතර 2012 වන විට එහි ක්‍රියාකාරී රටවල් 133ක් සාමාජිකාවන් අතර 4500ට වැඩි වූ ආගමික පුජකවරියන් ප්‍රමාණයක් අන්තර්ගතය.ඔවුන් අසරණ පුද්ගලයින් වන HIV/AIDS අසාදිතයින් ,ලාදුරු සහ ක්ෂය රෝගයන් වැලදී සිටින පුද්ගලයින් වෙනුවෙන් ගෙවල් සහ රෝහල් වල ඇවිදිමින්, දුප්පතුන්ට ආහාර සපයන ස්ථාන,බෙහෙත් ශාලා සහ ජංගම සායන, ළමා සහ පවුල් උපදේශනා වැඩසටහන්, ළමා නිවාස; සහ පාසල්වලටද මහත් සේවයක් ඉටු කළාය.එසේම කණ්ඩායමේ සාමාජිකයින් පවිත්‍රතාව රැකගැනීම, දිළිඳුකම, කීකරු බව,සහ හතර වන පොරොන්දුව වන "දුප්පතගේත් දුප්පතුන් වෙනුවෙන් ඔවුන්ගේ ස්වෙච්චා සේවයන් කිරීම" වෙනුවෙන් ද බැදී සිටි යුතු විය.[3]

    තෙරේසා මවුතුමිය 1979 නොබෙල් සාම ත්‍යාගය ඇතුළුව අනේක විධ ගරු බුහුමන් ලැබුවෙකි.2003 වර්ෂය අග භාගයේදී ඇය භාග්‍යවන්ත තනතුරට උසස් කරනු ලැබූ අතර ඇය කතෝලික පල්ලියේ භාග්‍යවන්ත තෙරේසා මවුතුමිය ලෙසින් හැදින් වීම සඳහා දෙවන ආශ්චර්යමත් සිදුවීමක්ද අවශ්‍යව තිබුණි.[1]

    ඇයගේ ජිවිත කාලය තුළ සහ මරණයෙන් පසුවත් මතභේදයට තුඩු දුන් කරුණක් වුයේ ඇයගේ විශාල වූ ධර්ම දුත මෙහෙවර වන අතර එහෙත් විශේෂයෙන් ගබ්සාවට සහ උපත් පාලන ක්‍රම අනුගමනය කිරීමට විරුද්ධව නැගී සිටීම ඇය මහත් වශයෙන් විවේචනයට ලක් වූ කරුණක් විය

    http://si.wikipedia.org/wiki/තෙරේසා_මවුතුමිය
    mother+theresa+copy.jpg

    machan mata kisima religion ekak ekka aulak naha , but kauru waraddak karath ekai Buddhist Monk , Christian Father , Nun .. oya kauru karath weradda waradimai.. mother Teresa mey dewal kara kiyala godak sakshi tiyenwa(Christopher Hitchens book ekama liyala tiyenwa ooka gana ) , machan anith eka taman mona religion eka preach karath anunta karadarayak novena widiyata karanna oona , ex : birth controlling wage deyak Christianity eka ta anuwa waradi unata , Kolkata wage high population density ekak tiyena City ekakata birth controlling oona naha kiyana eka waradi nadda ? aaken minissunta wecha wipathaa gana... Mother Teresa hithalada weda karla tiyenyn ? anith eka oya mama post karla tiyena video eke tiyenwa Teresa conduct karapu missionary waladi leddunta salakapu widiya gana doctor kenek wistara karanawa
    Mother Teresa hoda dewal karanna athi but eyage beliefs issarahata dagena karapu samahara dewal walin minissunge jeevitha walata narakak wela tiyenawa
     
    .......................................................................................................................................................................................................................................................................................................................