අපේ කෑම 1

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔන්න ඉතින් හැමදාම දාන ත්‍රෙඩ් වලට වඩා වෙනස් නමුත් අපේ කම තියන නූල් ටිකක් දාන්න හිතුවා.. ඒ තමයි අපේ කෑම වර්ග ගැන.. මාව අඳුනන කට්ටිය දන්නවනේ අපේ දත් කිඹුලා ශ්‍රී බෝයි අයියා තරම් බැරි වුනත් මමත් ඔය කුස්සියේ වැඩ වලට ටිකක් කැමතියි කියලා.. ඉතින් මම හිතුවා පෝෂනය, රස, අපේ කම කියන හැම දෙයක්ම කැටිවුන ආහාර වට්ටොරු කීපයක් එලකිරි වාසී අපේ සහෝදරයෝ එක්ක බෙදාහදාගන්න..

    ලොකු ලොකු රෙසිපි වලට යන්න කලින් ලේසි එකකින් අද පටන් ගමු.
    ඒ තමයි
    කරපිංචා සම්බෝල

    ෴අවශ්‍ය දෑ෴

    z3feVbc.jpg


    01. ගාගත් පොල් අඩලයක්(පොල් බෑයකින් බාගයක්) පමන
    02. කරපිංචා ඉති 10ක් 12ක් පමන
    03. රතු ළූණු ගෙඩි තුනක් පමන (නැතිනම් කුඩා ප්‍රමානයේ ලොකුළූනු ගෙඩියක්)
    04. මිරිස් කරල් දෙකක්
    05. දෙහි බෑයක්
    06. ගම්මිරිස් තේ හැන්දක් ප්‍රමානයක්
    07. උඹලකඩ අවශ්‍ය ප්‍රමානයට
    08. ලුනු අවශ්‍ය ප්‍රමානයට
    09. සූදුරු තේ හැන්දක ප්‍රමානයක්

    ෴සාදන ක්‍රමය෴

    ගාගත් බොල් බෑය කබලේ දමා මිනිත්තු 5ක් පමන බැදගන්න. ඉන් පසු සූදුරු තේ හැන්දක ප්‍රමානය එක්කර තවත් මිනිත්තු දෙකක් පමන හැන්දකින් කලවම් කරමින් බැදෙන්න හරින්න.

    xUYfYjV.jpg


    ඉන් පසු පොල් ටික ලිපෙන් බාගෙන දෙහි හැර අනිත් සියලුම දේ(ළූනු කරපින්චා හා මිරිස් තරමක කැබලි වලට කපාගත්තොත් කෙටීම පහසු වේ) වංගෙඩියට දමාගෙන හොඳින් කොටා ගන්න(වංගෙඩියක් නැති අය බ්ලෙන්ඩරේට දමා අඹරගන්න).

    1juun6I.jpg


    එයින් පසුව සම්බෝලයට දෙහි බෑව මිරිකා අනාගන්න..

    sZqTGw6.jpg


    දැන් ඉතින් බත් පිඟන් තුන හතරක් මේ සම්බෝලය ආධාරයෙන් ගිල දාන්න..

    කොලස්ටරෝල් රෝගයට හා ශරීරයේ අපගත් ආහාර නිසා එක්වී තිබෙන විස සමනයට කරපින්චා ඉතා අනර්ගය. අප අනෙක් ව්‍යාන්ජන උයන විට එක්කරගන්නා කරපිංචා අහාරයට නොගන්නේ නම් මැනවි. මන්ද එම ආහාරවල පොහොර නිසා එක්වන විස එම කරපිංචා මහින් උරා ගන්නා නිසා අප එම කරපිංචා ආහාරයට හැනීමෙන් නැවතත් එම විස ශරීර ගත වන බැවිනි.. ඒ නිසා මෙවැනි කරපිංචා සම්බෝලයක් ආහාරයට ගැනීම බෝහෝ රෝග නිවාරනයට හේතුවක් වනු ඇත..


    ඊලඟට අපි මදටිය කොල ව්‍යංජනයක් හදමු..;)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    එළකිරි රාළ අයියා,මෙක කොලොස්ට්‍රොල් වලට කියාපු ආහාරය. 9+
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කරපිංචා දාලා ලුණු මිරිස් හදනවා අපේ අම්ම. ගොඩක් ගුණයි කියනවා. කොලෙස්ටරෝල් තියන යට එහෙම සැහෙන් ගුනයිලු. තෙල් කම නිතර කන අයට. ඒ තෙල් ගතිය අගේ රදන්නේ නැති වෙන්න හොද ඔසුවක් කියනවා කරපිංචා

    බෙදග්ත්ත්ට ස්තුතුයි මචං
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මටසිරිනේ...... ගෙදර කරපිංචා ගහකුත් තියෙන එකේ ඉරිදට දෙන්න ඕනේ වැඩේ......... නියමයි අයියණ්ඩිය.......

    මෙහ්හ් ඔය පොල් බදින එකෙන් නේද රස වෙනස් වෙන්නේ....... මම ගෙදර තොසේ හදද්දී හදනවා අර තොසේ කන්න ගන්න දියාරු සම්බෝලේ කරපිංචා & අමුමිරිස් දාලා.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව හපුයියෙක් ඉවීමට සෙට් වීම පිළිබද ව සතුටු වෙමි.......


    සෙනසුරා සෑහෙන්න වැඩ දීල වගේ නේහ්? මේ දවස් ටිකේ දකින්න ම හිටියෙ නෑ.....:පී:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කරපිංචා දාලා ලුණු මිරිස් හදනවා අපේ අම්ම. ගොඩක් ගුණයි කියනවා. කොලෙස්ටරෝල් තියන යට එහෙම සැහෙන් ගුනයිලු. තෙල් කම නිතර කන අයට. ඒ තෙල් ගතිය අගේ රදන්නේ නැති වෙන්න හොද ඔසුවක් කියනවා කරපිංචා

    බෙදග්ත්ත්ට ස්තුතුයි මචං

    ඔව් කරපින්චා කොලස්ටරෝල් වලට ගොඩක් හොඳයි. දෙමල අය තෝස කන්න හදන්නෙත් ඉතින් මේ කරපිංචා දාපු සම්බෝලෙමනේ..
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නියමයි සහෝ, මගෙත් ආසම හොබි එක , :yes::yes::yes:
    rep denna balu

    අප අනෙක් ව්‍යාන්ජන උයන විට එක්කරගන්නා කරපිංචා අහාරයට නොගන්නේ නම් මැනවි

    කාපු තරමක් කරපින්චා කැවෙ ඔය විඩිහට නෙ :(:(:(:(:(:(
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අම්මටසිරිනේ...... ගෙදර කරපිංචා ගහකුත් තියෙන එකේ ඉරිදට දෙන්න ඕනේ වැඩේ......... නියමයි අයියණ්ඩිය.......

    මෙහ්හ් ඔය පොල් බදින එකෙන් නේද රස වෙනස් වෙන්නේ....... මම ගෙදර තොසේ හදද්දී හදනවා අර තොසේ කන්න ගන්න දියාරු සම්බෝලේ කරපිංචා & අමුමිරිස් දාලා.......

    ඔව් හදලා බලන්න.. මම අද කෑවා බත් පිඟන් තුනක්ම.. :baffled:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තව හපුයියෙක් ඉවීමට සෙට් වීම පිළිබද ව සතුටු වෙමි.......


    සෙනසුරා සෑහෙන්න වැඩ දීල වගේ නේහ්? මේ දවස් ටිකේ දකින්න ම හිටියෙ නෑ.....:පී:

    ඔව් බන් මේ දවස්වල වැඩ කෝටියයි..හැබැයි මුදල් එන වැඩ වලට වඩා යන වැඩ.. :dull: උඹේ කකුලට කෙල වෙච්චි එක බලන්න බදාදා ආව.. එවෙලේ පේෂන්ට් කෙනෙක් ඇතුලේ හිටියා හදිස්සි ගමනක් යමින් ගමන් ආව නිසා ගියා..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නියමයි සහෝ, මගෙත් ආසම හොබි එක , :yes::yes::yes:
    rep denna balu



    කාපු තරමක් කරපින්චා කැවෙ ඔය විඩිහට නෙ :(:(:(:(:(:(

    අහ් එහෙනම් එලනේ. පවුල නැතත් අවුලක් නෑ. අනිත් උන්ට ඉතින් ගෑනි වලියක් දාපු දවසට කඩෙන් කන්න වෙන්නේ උයන්න දන්න උන්ට එහෙම අවුලක් නෑ.. :yes:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17349580 said:
    අහ් එහෙනම් එලනේ. පවුල නැතත් අවුලක් නෑ. අනිත් උන්ට ඉතින් ගෑනි වලියක් දාපු දවසට කඩෙන් කන්න වෙන්නේ උයන්න දන්න උන්ට එහෙම අවුලක් නෑ.. :yes:

    හ්ම් ඔව් ,අනිත් එක පිරිමි උයන්න ගත්තොත් ගෑනු කැලේ.