අඹරැල්ලා කා අතරත් ජනපි‍්‍රය පලතුරකි!
පලතුරු ගණයට ගැනෙන අඹරැල්ලා බාල, මහලු, තරුණ කා අතරත් ජනපි‍්‍රය පලතුරකි. අඹරැල්ලා පලතුර ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවේ. අඹරැල්ලා ව්‍යාජනයක් ලෙස සකසා ප්‍රධාන ආහාර වේලට එක්කර ගැනීමෙන් අපූරු රසයක් ලැබේ.
එම රසය වඩාත් අර්ථවත් කිරීම සඳහා ඊට සීනි හැඳි දෙකක්, තුනක් පමණ දමන්න. ස්වභාවයෙන් අම්ල ගතියෙන් යුක්ත වන අඹරැල්ලා, සීනි හැඳි දෙකක් දැමීමෙන් එහි ඇති අම්ල ගතිය මඟහැරී යයි. රසවත් ව්‍යාංජනයක් වේ. ව්‍යාංජනය සඳහා වඩාත් සුදුසු වන්නේ ඉදුණු හෝ නොපැසුණු අඹරැල්ලා නොවේ. පැහීගෙන එන අඹරැල්ලා ව්‍යාංජනයට කදිමය.
බොහෝ දෙනා අඹරැල්ලා ව්‍යාංජනයට අමතරව චට්නි හා අච්චාරු දැමීම ද කරයි. නිතරම ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගැනීමට වඩා අඹරැල්ලා විවිධාකාරයෙන් සාදා ආහාරයට ගැනීම කෑම රුචිය වැඩි කිරීමට සමත් වේ. අඹරැල්ලා දළු සම්බෝලයක් ලෙස සකස්කර ගත හැකිය. දියවැඩියාවට කදිම ඖෂධයක් මෙන්ම රක්ත අර්ශස් වැනි රෝගයෙන් පෙළෙන රෝගීන්ට ගුණදායක ය.
අඹරැල්ලා කොළ හා පොතු තම්බා බීම ශරීරයේ ඇති තද බවට හොඳ ඖෂධයකි. හොඳින් පැසුණු අඹරැල්ලා ගෙඩිවල පොත්ත ඉවත් කර ගෑරුප්පුවකින් සිදුරු තනන්න.
එසේ සිදුරු කරගත් අඹරැල්ලා ගෙඩි මී පැණි තිබෙන භාජනයකට දමන්න. දින කිහිපයක් ආහාරයට ගැනීමෙන් සුව නොවුණු කැස්ස සුව වේ.
විටමින් සී, කැල්සියම්, පොස්පරස්, යකඩ අඹරැල්ලවල අඩංගුයි. අඹරැල්ලාවල ජලය අඩංගු වන නිසා ශරීරයට ජලය එක්වන එක් මාර්ගයක් ලෙස මේ පලතුර ගත හැකිය. අඹරැල්ලා ශරීරයට හිතකර අවස්ථා මෙන්ම අහිතකර අවස්ථාවන් ද නැත්තේ නොවේ. ආයුර්වේද ශාස්ත්‍රයට අනුව අඹරැල්ලා ගුණකර්ම රාශියකින් යුක්ත පලතුරකි.
අඹරැල්ලාවල අම්ල රස, කසාය රස, මධුර රසයන් පවතී. ගුරු ගුණය හා ස්නිග්ධ ගුණයෙන් යුක්තය. අඹරැල්ලා වීර්යයෙන් උෂ්ණය. විපාකයෙන් අම්ල හා මධුර වේ. අමු අඹරැල්ලා ගෙඩි ශරීරයේ පිත වැඩි කරයි. කප (සෙම) සමනය කරයි. ඉදුණු අඹරැල්ලා ගෙඩි වාතය පිත සමනය කරන අතරම කප (සෙම) වැඩි කරයි. එමනිසා ඔබ ආහාරයට ගත යුත්තේ ඉදුණු අඹරැල්ලාය. අමු අඹරැල්ලා වැඩිපුර ඒ ආකාරයෙන්ම ආහාරයට ගැනීමේදී ඔබ ප්‍රවේසම් විය යුතුය.
අඹරැල්ලාවල හිතකර ගුණ
* ශරීරය ඉදිමීම, වාත වේදනා, දණහිස් ඉදිමුමට අපූරු ඖෂධයකි.
* ස්ත්රීන්ට වැළඳෙන රක්තප්‍රදර, ශ්වේත ප්‍රදර තත්ත්වයන්ට අඹරැල්ලා පලතුර ආහාරයට ගැනීම උචිතය. ගුණදායකය.
* දියවැඩියාව වැනි රෝග තත්ත්වයෙන් පෙළෙන්නන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් පලතුරකි.
* ශරීරයේ ඇති ස්නායු ශක්තිමත් කරයි.
* සෙම් ගෙඩිවලට ගුණදායක වේ.
* ගලගණ්ඩය, අතීසාරය, වමනය වැනි රෝගයන්ට බෙහෙවින් සුදුසුය.
* අඹරැල්ලා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බලය වඩවයි.
* අධික රුධිර පීඩනය පාලනය කරයි.
* අම්ල පිත්ත රෝගයට ගුණදායක වේ.
* හෘදයට හිතකරයි.
* අඹරැල්ලා ආහාරයට ගැනීමෙන් කෑම රුචිය වැඩි කරයි.
* බඩ පිපීම නැති කරයි.
* මාංශ පේෂිවල වේදනාව නසයි.
* කයේ ඇතිවන වේදනාව අඹරැල්ලා ආහාරයට ගැනීමෙන් සමනය වේ.
* ශරීරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමේ අපූරු ගුණයක් අඹරැල්ලාවලට ඇත.
අඹරැල්ලාවල අහිතකර ගුණ
* ප්‍රමාණයට වඩා ආහාරයට ගැනීමෙන් ශරීරයට අහිතකර වේ.
* ඇදුම, පීනස, උගුර කට වණ වීම, දිව තුවාල වීම වැනි රෝග තත්ත්වයන් අඹරැල්ලා ප්‍රමාණයට වඩා ආහාරයට ගැනීමෙන් වැඩි වේ.
* බඩ දැවිල්ල ඇති අයට අහිතකරය.
අඹරැල්ලා ව්‍යාංජනයට සීනි දැමීමෙන් එහි ඇති අම්ලකර ස්වභාවය ඈත්වීමෙන් අන් රෝග තත්ත්වයන් ඇති රෝගීන්ට ද ආහාරයට ගැනීමේ පරිසරයක් නිර්මාණය වේ.
* වැඩිපුර ආහාරයට ගැනීමෙන් ආසාත්මිකතා ඇතිකරයි.
* සමේ පලුදැමීම වැනි දේ සිදුවිය හැකිය.
මංගලා මහලේකම්
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනි
බණ්ඩාරනායක අනුස්මරණ පර්යේෂණායතනය,නාවින්න
තිලානි ශානිකා විතානාච්චි