කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහල

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    "කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහල"

    කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලේ - වැසිකිලි වල සබන් නැති කලේ.....

    කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහල සම්බන්දයෙන් මම දැක්ක දෙයක් කියන්න ඕනෙ කියල හිතුව. මොන තරම් හොඳයි කිව්වත් මම නම් කිසිම සැත්කමකට හෝ වෙනත් වැදගත් කටයුත්තකට (දරු උපතක් වැනි) දෙයකට ඩර්ඩන්ස් රෝහල අනුමත කරන්නෙ නැහැ. හේතුව එම රෝහලේ කිසිම වැසිකිළියක අත් සෝදන දියර හෝ සබන් හෝ නැහැ. මෙය මා මීට අවුරුද්දකට පමණ පෙර නිරීක්ෂණය කල දෙයක්. මේ සම්බන්ධයෙන් එහි සිටි හෙඳියකට පැවසුවා. ඇගේ පිළිතුර වූයේ "අපිත් කියනවා සර්, ඒත් දාන්නේ නැහැනෙ"

    මා පසුගිය සතියෙත් වෛද්‍යවරයෙක් හමුවීමට එම රෝහලට ගියා. මට මේ වැසිකිලි වල අත් සෝදන දියර නැති ප්‍රශ්නය මතක් උන නිසා ඒ ගැන පොඩ්ඩක් හොයන්න හිතුව. මම බලපු කිසිම මහලක වැසිකිලි වල අත්සෝදන දියර නැහැ.

    පොඩ්ඩක් හිතන්න....! වැසිකිලි යන කෙනෙක් සබන් යොදා අත් සේදුවේ නැත්නම්, ඔහු හෝ ඇය අල්ලන සෑම තැනකම අර අසූචි විසබීජ තවරමින් තමයි යන්නේ. සැත්කමක් වෙලාවේදී ඒක පිරිසිදුවට සිද්ධ උනත් ? ඊට පසු රෝගියාට කරන පසු ප්‍රතිකාර වලදී මෙලෙස රෝහල පුරා පැතිරී ඇති අසූචි විසබීජ එම රෝගියාට ශරීර ගත වන්නට තියෙන අවස්තාව ඉතාම වැඩියි. අලුත උපන් කුඩා දරුවෙකුට හෝ දැඩි සත්කාර ඒකකයේ ඉන්න කෙනෙකුගෙ හරි ශරීර ගත උනොත් විය හැකි දෙය ඉතාම භයානක විය හැකියි.

    අත් සේදීමේ වැදගත් කම ගැන අනිත් සෑම රෝහලකම හැම තැනම පෝස්ටර් වලින් පවා දැනුවත් කිරීම් කරන වකවානුවක කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහල මේ වගේ වගකීම් විරහිතව වැඩ කරන එක කිසිසේත් අනුමත කරන්න බැහැ. එම රෝහලට යන කෙනෙක් ඉන්නව නම් මේ ගැන සොයා බලන්න.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වගේ ඒව තියෙන්ඩ පුලුවන් ඒ උනාට ඩර්සන්ස් එකේ වැඩ සුපිරි ටෙස්ටින් එහෙම හොදටම හොදයි
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඩර්ඩන්ස් එක නම් හොඳයි,සබන් තියනවාද කියලා නම් බලන්න ගියේ නැ :D,එ කොහොම හරි නැත්තන් එක ලොකු අවුලක් තමා...
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Durdans hapoo yanna nam epa.
    Mama navathila idala thiyenava experience eken kiyanne... issara nithara yanava dannam Yanna hospital ekak nathi vunath yanne naa.