රෙජිනෝල්ඩ් කුරේත් පටන් ගනී

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,290
    12,370
    113
    Ohio, USA
    රෙජිනෝල්ඩ් කුරේත් පටන් ගනී

    කෘෂිකර්ම ඇමතිවරයෙක් වුණාට බිම් අඟලක් නොමැති එකම ඇමතිවරයා තමා බව රෙජිනෝල්ඩ් කුරේ ඇමතිවරයා ඊයේ (14) මාතර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කර ඇත.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා,

    ''ඒ දවස්වල කෘෂිකර්ම ඇමතිවරයා කියන්නේ ඉඩම්, වාරි මාර්ග හා කෘෂිකර්ම මේ තුනම එකට තිබුණ අය තමයි කෘෂිකර්ම ඇමතිතුමා කියන්නේ. දැන් මට තියෙන්නේ ඒකේ සුළු අපනයන බෝග වගාව විතරයි. ඒ නිසා මට සුද්දෝ ඉඩම් බෙදුවා වගේ ඉඩම් බෙදන්න බැහැ.'' යැයි පැවසීය.

    මෙතෙක් කලක් ඇමති ධූරයේ සිටිමින් කිසිවක් ප්‍රකාශ නොකර සිටී බොහෝ ඇමතිවරු මේ වනවිට තමන් මුහුණ දී සිටී ඇත්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක ඔහුගේ පුත් විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා, මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා, රාජිත සේනාරත්න ඇමතිවරයා, පාඨලී චම්පික රණවක ඇමතිවරයා ඇතුළු බොහෝ පිරිසක් මේ අතර සිටිති.