දන්ත_වෛද්‍යවරු

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
දන්ත_වෛද්‍යවරු

ලංකාවේ දන්ත වෛද්‍යවරු සහ පිටරටවල දන්ත වෛද්‍යවරු

Dental-Clinic.jpg


ඊයේ ත්‍රෙඩ් එකක ගියා " මට Teeth Braces(දත් වැට) ගැන help එකක් ඕනේ...! "

නමින්. එකට සමගාමිව මට මේ ත්‍රෙඩ් එකත් අරින්න හිතුනා.

මම ලංකාවේ ඉන්න දවස් වල මගේ විස්ඩම් ටුත් එකේ damage එකක් නිසා එම දත ගලවා ඉවත් කරන ලෙස මගේ දන්ත වෛද්‍යවරයා මට උපදෙස් දුන්නා. ඒ අනුව මගේ දත ඔහු කිසිඳු අබාධයකින් තොරව ගලවා ඉවත් කලා.

පසුව වසරකට පමණ පසුව මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනා. එහිදී මගේ අනෙක් පැත්තේ දත විශාල වශයෙන් වේදනා ගෙන දෙන්නක් උනා. එයට හේතුව උනේ එය විශාල ලෙස දිරා පත්ව පැවතුන නිසායි . පසුව මම සිඩ්නි වල තියන දන්ත වෛද්‍යවරයෙක් ලගට ප්‍රතිකාර ගන්න ගියා. එහෙදි දත ඔවුනට ගලවන්න ඔවුනට පහසුකම් තිබුනත් ඔවුන් මාව දන්ත විශේෂඥ වෛද්‍යවරයෙක් ලගට යොමු කරා. මාව යොමුකළේ සිඩ්නි වල තියන Clear Dental දන්ත රෝහල වෙතයි. එත් මට ගැටලුව උනේ මේවගේ සරල සිද්දියකින් දතක් ඉවත් කිරීමට හැකියාව පවතිද්දී ඇයි ඔවුන් මාව විශේෂ දන්ත රෝහලක් වෙතම යොමු කලේ ඇයි කියල.

පසුව මගේ දන්ත විශේෂඥ වෛද්‍යවරයා මට වේදනාව සමනය වෙන්න ඖෂධ දීලා දිනයක් දුන්න එදිනට පැමිණෙන ලෙස. පසුව අදාළ දිනයේදී මම රෝහල වෙත ගියා.

එහිදී ඔවුන් මට පිටු 5 ක පමණ කොළ ටිකක් දුන්න . හැම පිටුවකම අත්සන යොදන ලෙසට. මට මෙය කරදරයක් උනත් අත්සන් කලා.

පසුව මම වෛද්‍යවරයා ගෙන් විමසා සිටියා ඇයි මෙහෙම අත්සන් කරන්න ඕනේ කියල. ඇත්තටම එකේ තියෙන්නේ දත ගලවන විට එයට ස්නායු සම්බන්ධව පවතින නිසා දත ගැලවීමේදී අතුරු අබාධ වලට නිරාවරණය වෙන්න ඉතා අඩු සම්බවිතාවක් තියනවා ඒවාට මන් එකගවිය යුතුයි කියල. යම් අවස්ථාවන් වලදී කලාතුරකින් ස්නායුවලට හානිවිමේදී කටේ එක පැත්තක් තාවකාලිකව හෝ පැරලයිස් වෙන්න පුළුවන් ලු. සමහරුන්ගේ කටේ එක පැත්තකින් කෙල බේරෙනවා දැකල තියනවා නේ. අන්න ඒවගේ සිද්දි ඇති වෙන්න පුළුවන්. යම් අවස්ථා වලදී කන් ඇහෙන්න නැතුව යන්න පුළුවන් ලු. කනට සම්බන්ධ ස්නායු වලට හානි සිද්ද වෙන්න පුළුවන් ලු.

අවසානයේ මගේ දත ගලවන අවස්ථාවට ආව. ඔහු මට නිර්වින්දන එන්නතක් ලබා දී දත ගැලවීම ආරම්බ කලා. ඔව්න් මගේ දත ඉවත් කරන්න විනාඩි 30 කට වඩා වැඩි කාලයක් ගත්ත. එකට හේතුව උනේ ක්‍රමානුකුලව ඉතා සෙමින් දත බුරුල් කරමින් ඉවත් කිරීමයි. පසුව නැවත දින 5 කට පමණ පසුව පැමිණෙන ලෙස ඔවුන් මට උපදෙස් දුන්නා. ඒ මොකටවත් නොවෙයි ඔවුන්ට එහි ඇති උන තුවාලය පරික්ෂා කිරීමටයි.

මම ඔවුන්ගෙන් ඇහුවා ඇයි මෙච්චර විනාඩි 30 කට වඩා කාලයක් ගත්තේ කියල. ලංකාවේදී නම් මගේ දත ක්ෂණිකව ඇදල දැම්ම කියල. ඔවුන් පුදුම උනා ඒක අහල. එක ඉතා අවදානම් ක්‍රියාවක් ලු. එහෙම ක්ෂණිකව ගැලවීමේදී විශාලවශයෙන් ස්නායු පද්ධතියට හානිවීමේ ප්‍රවනතාවය වැඩියිලු. කට පැරලයිස් වෙන්න පුළුවන්, කන් ඇහෙන්නේ නැතුව යන්න පුළුවන් ලු.

දැන් උබලට තේරෙනවා ඇති නේද ලංකාවේ මිනිස්සු කොච්චර අවධානමකට ලක් වෙනවද කියල. අපේ දොස්තරලා මිනිස්සු ගැන කිසිම තැකීමක් නැහැ. උනත් එකයි මලත් එකයි හිටියත් එකයි. මන් කියන්නේ නැහැ ලංකාවේ
හැම දොස්තරලාම එහෙමයි කියල. නමුත් බටහිර දියුණු රටවල් කොච්චර රෝගීන් ගැන සැලකිල්ල දක්වනවද කියල හිතුන. අනෙක මා මුලින් ගිය වෛද්‍යවරයා ට පහසුකම් තියෙද්දිත් මාව විශේෂඥ වෛද්‍යවරයෙක් වතට යොමු කරයිද. ලංකාවෙනම් ඕන තැනක හැම දෙයක්ම කරනවා. බැරි එකයි පුළුවන් එකයි.

අවසානයේ මට ඩොලර් 1450 බිලකුත් ආව. නමුත් එය මගේ මේඩි කෙයාර් රක්ෂණය හරහා ගෙවල දැම්ම. ලංකාවේදී මට දත ගලවන්න ගියේ රුපියල් 1000.

මෙය කිසි කෙනෙකුට මඩ ගැසීමට දමන ලද ත්‍රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. මට අවශ්‍ය උනේ ලංකාවේ රෝගීන් ගැන වෛද්‍යවරු දක්වන සැලකිල්ල පිලිබඳ යම් අවබෝධයක් ලබා දීමටයි.
 
Last edited:
  • Like
Reactions: animation

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේකේ ඉන්න අර දත් ගලවන සොන්නයාට වඩා හොඳටනම් මටත් දත් ගලවන්න පුලුවන්.
 

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
this is srilanka broo


ලංකාව නොවෙයි බන් මොන තුත්තුකුඩුවේ ගියත් රෝගීන් ගැන දොස්තරලා සැලකිල්ල දක්වන්න ඕනේ.
 

[email protected]

Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    yakoo
    ahaganin
    nikanma ehema karanne ne...

    umba dentek neweine
    un dannawa mokakda karanna ona kiyala.
    okata kiyannanam puluwan kanwala engilingaha ganna..
    eeth agayak nethi lankawe unta karala wedak nee
     

    blastxp

    Junior member
  • Jul 8, 2007
    64
    3
    8
    සහෝදරයා පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ද centrelink insurance එක ගැන .Do you have any private insurance or how Centrelink covers your dental expenses.
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    සහෝදරයා පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ද centrelink insurance එක ගැන .Do you have any private insurance or how Centrelink covers your dental expenses.

    Its half half. I have medicare as well. Kids full thiyanawa.
     
    Last edited:

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    Its half half. I have medicare as well. Kids full thiyanawa.


    විශේෂයෙන් ඩෙන්ටල් කේස් වලට 50% රක්ෂණයෙන් කවර් කරන්න ලැබෙන්නෙ නැහැ.(සමහර රටවල පොඩි ඔප්ෂන් දීලා තියෙනවා) ඔහේ කොහොමද කියල හරියටම දන්නෙ නැහැ. blastxp කියන්නෙ ඒ ගැන විස්තර කරන්න කියලා වෙන්න ඕන. හොඳ සටහනක් අත්දැකීම් තියෙනවා ලංකාවට වඩා දත් කේස් වලදී සෑහෙන්න සැලකිළිමත් වෙනවා...
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    විශේෂයෙන් ඩෙන්ටල් කේස් වලට 50% රක්ෂණයෙන් කවර් කරන්න ලැබෙන්නෙ නැහැ.(සමහර රටවල පොඩි ඔප්ෂන් දීලා තියෙනවා) ඔහේ කොහොමද කියල හරියටම දන්නෙ නැහැ. blastxp කියන්නෙ ඒ ගැන විස්තර කරන්න කියලා වෙන්න ඕන. හොඳ සටහනක් අත්දැකීම් තියෙනවා ලංකාවට වඩා දත් කේස් වලදී සෑහෙන්න සැලකිළිමත් වෙනවා...

    එක එක රක්ෂණ ආවරණය අනුව වෙනස් වෙනවා. ලංකාවේ වැඩ කරන දවස් වල මට තිබ්බ ඉන්ෂුවරන්ස් එකක් එකෙන් දත් සම්බන්ධව ආවරණය වන්නේ නැහැ.

    නමුත් මෙහිදී දත්වලට 50 % ආවරණයක් මට ලැබුනා. එයට අමටහ්රව ළමයි දෙන්නට සම්පුර්න කවර එකක් ලැබුන.
     

    Gagapura Sira

    Member
    Oct 12, 2014
    131
    2
    0
    මේක සිරි ලංකාව නේ. එක හින්ද සහෝ. ඔයාට දුක නැද්ද අපි ගැන.
     

    blastxp

    Junior member
  • Jul 8, 2007
    64
    3
    8
    එක එක රක්ෂණ ආවරණය අනුව වෙනස් වෙනවා. ලංකාවේ වැඩ කරන දවස් වල මට තිබ්බ ඉන්ෂුවරන්ස් එකක් එකෙන් දත් සම්බන්ධව ආවරණය වන්නේ නැහැ.

    නමුත් මෙහිදී දත්වලට 50 % ආවරණයක් මට ලැබුනා. එයට අමටහ්රව ළමයි දෙන්නට සම්පුර්න කවර එකක් ලැබුන.


    Thanks මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍යතාවය තිබ්බේ Centrelink insurance කියල තිබ්බ එක ගැන .මම හිතුවේ Centrelink(medicare) එක pay කරනවා කියල dental වලට.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මටත් එක්තරා dental එකක් එක්ක කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා ලංකාවේ. මේ දේවල් වගකීමක් ඇතුව කියන්නේ.
    ලංකාවේ ගොඩක් dentist ල ඉන්නේ තනිකරම (සල්ලි ) දත ගලවන්නම තමයි. denture එකක් දාන්න braces වලට එහෙම මෙහෙත් සැහෙන්න ගානක් ගන්නවා. clean කරන්න ගියත් සමහර වෙලාවට දතට අනිනවා දාගෙන.
    හැබැයි ලංකාවේ දැන් දැන් dental tourism තියෙනවා. කවදාවත් quality එකක් බලාපොරොත්තු වෙන්න බැරි වුනත් ලංකාවට මේකෙනුත් සල්ලි එනවා. Rs 1000ට nerves damage නොවෙන්න operate කරන්න බැරි වුනත් ලංකාවෙත් dental care වලට කැපවෙලා වැඩ කරන අයත් ඉන්නවා.
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මේක සිරි ලංකාව නේ. එක හින්ද සහෝ. ඔයාට දුක නැද්ද අපි ගැන.

    මම දැනගත්ත එක දෙයක් තියනවා. අපේ දොස්තරලට ලෙඩ්ඩු බයයි. ප්‍රශ්නයක් අහන්න බයයි. නමුත් බටහිර රටවල එහෙම නැහැ. ඕකයි වෙනස. ලංකාවේ දොස්තර මැරෙන්න බෙහෙතක් දුන්නත් එක බොන්න ඕනේ ( යුතුයි. ) රෝගියාට ඒ පිළිබඳව ප්‍රශ්නයක් කරන්න අකැපයි. එතකොට ලංකාවේ දොස්තරලා අහන්නේ තමුසෙලා අපිට උගන්වන්න එනවද කියලා.

    අනෙක ලංකාවේ
    ඩිස්පැන්සරියකින් හරි රජයේ රෝහලකින් බෙහෙතක් ගත්තොත් ඖෂධයේ නම පවා සදහන් කරන්නේ නැහැ. එතකොට ලෙඩා දන්නේ නෑ මේ මොනවද බොන්නේ කියල. වැඩේ කෙලවුනොත් ඊළඟ දොස්තරට අඳුරගන්න බැහැ කලින් ඩොකා මොනවද දුන්නේ කියලා. මම මේක කියන්නේ මගේ අත්දැකීමකින්.

    අනෙක බෙහෙතේ නම දන්නවනම් රෝගියාට පුළුවන් බොන්න පෙර එම බෙහෙතේ නම ඉන්ටර්නෙට් එකේ ගහල විස්තර දැන ගන්න. යම් අසාත්මිකතාවයන් සහ අතුරු ප්‍රතිපල අන්තර්ජාලයේ මනාවට විස්තර කරලා තියනවා. මේවට සම්පුර්නයෙන්ම රජය වගකියන්න ඕනේ. දොස්තර හිතන්නේ එගොලෝ තමයි සියල්ල දත් අය කියලා.
     
    Last edited:

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මටත් එක්තරා dental එකක් එක්ක කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා ලංකාවේ. මේ දේවල් වගකීමක් ඇතුව කියන්නේ.
    ලංකාවේ ගොඩක් dentist ල ඉන්නේ තනිකරම (සල්ලි ) දත ගලවන්නම තමයි. denture එකක් දාන්න braces වලට එහෙම මෙහෙත් සැහෙන්න ගානක් ගන්නවා. clean කරන්න ගියත් සමහර වෙලාවට දතට අනිනවා දාගෙන.
    හැබැයි ලංකාවේ දැන් දැන් dental tourism තියෙනවා. කවදාවත් quality එකක් බලාපොරොත්තු වෙන්න බැරි වුනත් ලංකාවට මේකෙනුත් සල්ලි එනවා. Rs 1000ට nerves damage නොවෙන්න operate කරන්න බැරි වුනත් ලංකාවෙත් dental care වලට කැපවෙලා වැඩ කරන අයත් ඉන්නවා.

    මචන් මෙතන ගොඩක් වෙලාවට ලංකාවේ දොස්තරලා දතක් ගලවන්න වැඩි වෙලා වැය නොකරන්නේ ලොකු පෝලිමක් ඉන්න නිසා වෙන්නත් පුළුවන්. නියමිත වෙලාව අරගෙන කලොත් ඔවුන්ට දවසට ලැබෙන අදායම අඩුවෙන්න පුළුවන්. එකත් එක්තරා හේතුවක් වෙන්න පුළුවන්. ලංකාවේ ගන්නේ ඉතා අඩු මුදලක්. එම මුදලට විශාල කැපකිරීමක් සහ සැලකිල්ලක් දක්වන්න බැරුව ඇති. නමුත් රෝගීන් ව මුදලට උගස් තියන එක වැරදියි. ලැබෙන මුදල අඩු උනත් රෝගින්ගේ පැත්තෙන් සිතිය යුතු වෙනවා නේද ?