එස්බීට නිමල්ට මහින්දගෙන් කැපිල්ලක්
ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය සඳහා පත් කර ඇත. ඊයේ රාත්‍රීයේ රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව ඒකමතිකව මෙම තීරණයට එළැඹ තිබේ. නමුත් මෙම මධ්‍යම කරක සභාවට හා විධායක සභාවට එක්වූ කණ්ඩායම කවරේද යන්න හෙළි නොවේ.
කෙසේ වෙතත් මෙම ලේකම් තනතුර සඳහා හිටපු මහ ලේම් එස්බී දිසානායක පත් කරන ලෙස ඉල්ලීම් කිහිපයක ජනාධිපතිවරයාට ලැබී තිබුණද ඔහු ගැන විස්වාසයක් නැතැයි කියමින් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම නිමල් සිරිපාල ද සිල්වා සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා පවසා ඇත්තේද ඔහු ඩබල් ගෙම් කාරයකු බවයි.
මිට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි විසින් සිදුකෙරුණු මෙහෙයුමේදී නිමල් සිරිපාලද සිල්වා ඒ සඳහා පූර්ණ එකඟත්වය පළ කර සිටි බව ජනාධිපතිවරයා දැනගෙන සිටීමය.
එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයෙන් ඉදිරිපත් කරණ බවට ප්‍රකාශ කිරීම නිසා නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා එම අදහස ඉවත් කර ගෙන තිබේ.
දිනේෂ් ගොළුවෙයි - පියසේන ගමගේ කට අරියි.
රාජපක්ෂවරු ආරක්ෂා කිරිම සඳහා මෑතකාලයේ පාර්ලිමේන්තුවේදී සහ එයින් පිටත දැඩි ප්‍රහාරාත්මක වාග්මාලා එල්ල කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ වනවිට මාධ්‍ය හමුවේ පෙනී නොසිටීම පවා බරපතල ගැටළුවක්ව ඇති බව ආණ්ඩුපක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල මහතා දැරූ බස්නාහිර පළාත් ඇමති ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ සලෝචන ගමගේ පළාත් සභා මන්ත්‍රීවරයාට ලබා දෙන ලෙස මෙයට දින කිහිපයකට පෙර දැඩි ඉල්ලීමක් ජනාධිපතිවරයාගෙන් කර තිබූ බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබිණ.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කරන ජාතික සංවිධාන එකමුතුවේ පැවැත්වූ සමුළුවට පාඨලී චම්පික රණවක සහ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරුන් සහභාගී වන බව පුවත්පත් දැන්වීම්වලින් පවා ප්‍රසිද්ධ කර තිබුනද එයට දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා සහභාගී නොවීය.
කෙසේ නමුත් අවුරුදු 26ක කාලයක් පක්ෂය රැකගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනය කළ තමන්ට ලොකුම අසාධාරණය සිදුව ඇති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා ගාල්ලේ පැවති ප්‍රසිද්ධ ජනහමුවකදී ඊයේ (21) ප්‍රකාශ කර තිබේ.
ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ තවත් කැබිනට් ඇමතිවරුන් ගණනාවක් සමග පොදු අපේක්ෂකයා වටා එකතුවීමට සිටින ශ්‍රී ලනිප ජ්යෙඨයන් අතර පියසේන ගමගේ මහතාද සිටින බවය.
ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා ඇතුළු පිරිස අවධාරණය කර සිටියේ ඉදිරියේදීආණ්ඩු පක්ෂයේ විශාල පිරිසක් ඔවුන් සමග ඒකරාශී වන බවය.