Nimal Siripala? SB? & Dinesh Gunawardana ??

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    එස්බීට නිමල්ට මහින්දගෙන් කැපිල්ලක්

    ඇමති අනුර ප‍්‍රියදර්ශන යාපා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරය සඳහා පත් කර ඇත. ඊයේ රාත්‍රීයේ රැස්වූ ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව ඒකමතිකව මෙම තීරණයට එළැඹ තිබේ. නමුත් මෙම මධ්‍යම කරක සභාවට හා විධායක සභාවට එක්වූ කණ්ඩායම කවරේද යන්න හෙළි නොවේ.
    Mahinda-Rajapaksa-2.jpg

    කෙසේ වෙතත් මෙම ලේකම් තනතුර සඳහා හිටපු මහ ලේම් එස්බී දිසානායක පත් කරන ලෙස ඉල්ලීම් කිහිපයක ජනාධිපතිවරයාට ලැබී තිබුණද ඔහු ගැන විස්වාසයක් නැතැයි කියමින් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම නිමල් සිරිපාල ද සිල්වා සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා පවසා ඇත්තේද ඔහු ඩබල් ගෙම් කාරයකු බවයි.
    nimal-sb_300_199.jpg

    මිට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි විසින් සිදුකෙරුණු මෙහෙයුමේදී නිමල් සිරිපාලද සිල්වා ඒ සඳහා පූර්ණ එකඟත්වය පළ කර සිටි බව ජනාධිපතිවරයා දැනගෙන සිටීමය.

    එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයෙන් ඉදිරිපත් කරණ බවට ප්‍රකාශ කිරීම නිසා නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා එම අදහස ඉවත් කර ගෙන තිබේ.

    දිනේෂ් ගොළුවෙයි - පියසේන ගමගේ කට අරියි.

    රාජපක්ෂවරු ආරක්ෂා කිරිම සඳහා මෑතකාලයේ පාර්ලිමේන්තුවේදී සහ එයින් පිටත දැඩි ප්‍රහාරාත්මක වාග්මාලා එල්ල කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ වනවිට මාධ්‍ය හමුවේ පෙනී නොසිටීම පවා බරපතල ගැටළුවක්ව ඇති බව ආණ්ඩුපක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
    mr_praying.jpg

    ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල මහතා දැරූ බස්නාහිර පළාත් ඇමති ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ සලෝචන ගමගේ පළාත් සභා මන්ත්‍රීවරයාට ලබා දෙන ලෙස මෙයට දින කිහිපයකට පෙර දැඩි ඉල්ලීමක් ජනාධිපතිවරයාගෙන් කර තිබූ බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබිණ.

    එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කරන ජාතික සංවිධාන එකමුතුවේ පැවැත්වූ සමුළුවට පාඨලී චම්පික රණවක සහ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරුන් සහභාගී වන බව පුවත්පත් දැන්වීම්වලින් පවා ප්‍රසිද්ධ කර තිබුනද එයට දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා සහභාගී නොවීය.

    කෙසේ නමුත් අවුරුදු 26ක කාලයක් පක්ෂය රැකගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනය කළ තමන්ට ලොකුම අසාධාරණය සිදුව ඇති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා ගාල්ලේ පැවති ප්‍රසිද්ධ ජනහමුවකදී ඊයේ (21) ප්‍රකාශ කර තිබේ.

    ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ තවත් කැබිනට් ඇමතිවරුන් ගණනාවක් සමග පොදු අපේක්ෂකයා වටා ‍එකතුවීමට සිටින ශ්‍රී ලනිප ජ්‍යෙඨයන් අතර පියසේන ගමගේ මහතාද සිටින බවය.

    ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා ඇතුළු පිරිස අවධාරණය කර සිටියේ ඉදිරියේදීආණ්ඩු පක්ෂයේ විශාල පිරිසක් ඔවුන් සමග ඒකරාශී වන බවය.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Den oya enna inna kattiya awe nethoth thamai tahike wenne

    මහින්ද එක්ක තරහ අය ආන්ඩුවේ ගොඩක් ඉන්නවා මහින්ද ගේ වටේ එක්ක ඉන්නේ යුඑන් පි එකෙන් ගිය සෙට් එක පරන නිදහස් පක්ෂ කාරයන්ට එපා වෙලා ඉන්නේ ඔය සෙට් එක තමයි ගැලවිලා යන්නේ .කවුරු නමුත් නියමෙට පැලෑන් කරලා ගේම දිලා තියෙනවා දැන් පටන් ගත්තා විතරයි.
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    මහින්ද එක්ක තරහ අය ආන්ඩුවේ ගොඩක් ඉන්නවා මහින්ද ගේ වටේ එක්ක ඉන්නේ යුඑන් පි එකෙන් ගිය සෙට් එක පරන නිදහස් පක්ෂ කාරයන්ට එපා වෙලා ඉන්නේ ඔය සෙට් එක තමයි ගැලවිලා යන්නේ .කවුරු නමුත් නියමෙට පැලෑන් කරලා ගේම දිලා තියෙනවා දැන් පටන් ගත්තා විතරයි.

    Man hithanne Mangala thamai meke mahamolakaru loku kalayaka indala aya meva plan kara internet ake godak news site ayage aya thamai control karanne
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නිමල් එහෙම ආවොත් ලෙසි වෙන්නෙ නැ මෙකට , මිනිහට බදුල්ල පැත්තෙ ලොකු චන්ද පදනමක් තියනව , ගිය පාර චන්දෙට ගියානෙ එතකොටයි තෙරෙන්නෙ , මිනිහගෙ සිට් එක පැරදුනෙ මිනිස්සු මිනිහට තියන අකමැත්තකට නිසා නෙවෙයි , හරිනුයි නිමලුයි ෆයිට් කරා නම් හරින්ට සැහෙන්ඩ අමාරු කරනව ,හරින්ටත් මිනිස්සු මෙ මිනිහට වගෙම කැමතියි , නිමලය බදුල්ලට සැහෙන වැඩ කරල තියනව , එක එක සින් ට්තියනව තමයි හැබැයි මු චොර නැ පොඩ්ඩක් වඩක් කරල නමක් තියගෙන ඉන්නව ..ඩිලාන්ටනම් පලු යන්න බනිනව මිනිස්සු,
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නිමල් සිරිපාල එහෙම නාමල්ට කතකරන්න ඔනි සර් කියලලු, ඉතින් පනින් නැතුව තියේද :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    නිමල් සිරිපාල එහෙම නාමල්ට කතකරන්න ඔනි සර් කියලලු, ඉතින් පනින් නැතුව තියේද :lol:

    porath paninawada?
    sirase nimal siripaala MR ge patthata ney ada katha kare?
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    sira