කොටින්ට සල්ලි දුන්නේ මහින්දගෙන් අහලා – සෝල්හයිම් සිදුවූ දේ හෙලිකරයි
කොටි සංවිධානය සමඟ සාකච්ඡා සිදුකරන අතරතුරු තමන් විසින් ඔවුන්ට මුදල් ආධාර ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පූර්ණ අවබෝධය මත බව නෝර්වීජියානු සාම මැදිහත්කරු එරික් සෝල්හයිම් පවසයි.
ජනපතිවරණය ඉලක්ක කොට පැවැත්වූ රැස්වීමකදී මහින්ද රාජපක්ෂ ජනපතිවරයා විසින් එරික් සෝල්හයිම් කොටි සංවිධානයට මුදල් ලබාදුන් බවට කල චෝදනාවට පිලිතුරු දෙමින් නිවේදනයක් නිකුත් කරන එරික් සෝල්හයිම් පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ප්රචාරක උපක්‍රමයක් ලෙස මෙම චෝදනාව තමන්ට එල්ල කලද කොටි සංවිධානයේ වර්ධනය වෙනුවෙන් ලබාදුන් සියළුම මූල්‍ය ආධාර ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අනුදැනුම මත බවයි.
එපමණකින් නොනැවතුන මහින්ද රාජපක්ෂ ජනපතිවරයා කොටි සංවිධානයේ නායක ප්රභාකරන් වෙත යවන මෙන් ලබාදුන් පනිවිඩ ගණනාවක්ද තමන් ප්රභාකරන් වෙත ලබාදී ඔහුගේ පිලිතුරු ද මහින්ද රාජපක්ෂ වෙත නැවත ලබාදුන් බව පවසයි.
මහින්ද රාජපක්ෂ යනු බොරුකාරයෙක් යැයි පවසන නොර්වේහි හිටපු අමාත්‍යවරයා මේ පිලිබඳ වන සත්‍ය තොරතුරු ඇතුලත් පොතක් 2015 වසරේදි එලිදක්වන බවත් වැඩිදුරටත් පවසයි.
http://sinhalanews.readsrilanka.com
Al Jazeera
http://www.aljazeera.com/news/asia/2014/11/solheim-says-sri-lanka-aware-rebel-funding-20141117125944621785.html

this changes a lot of things.