පොදු අපේක්ෂක මෛත්රීට සහාය දීම සඳහා ඉදිරි දින කිහිපය තුල ගොඩ නැගෙන පොදු සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණ එකතු නොවන නමුත් පිටතින් සිට විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම වෙනුවෙන් කැම්පේන් කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අද පැවසීය.
ජවිපෙ නායකයා මෙම ‘ආසයි බයයි‘ ස්ථාවර හෙලි කෙළේ අද පැවැති සටන වැඩ සටහනේ දී ඇසූ ප්රශ්නයකට පිලිතුරු ලෙසය.
විධායක ජනාධිපති ක්රමය අහෝසි කරමින් යහපාලනය ගොඩ නැගීම ජනාධිපතිවරණයට එහා යන වැඩ පිලිවෙලක් යැයිද ඒ සඳහා පෙරමුණක් ගොඩ නැගීම තම පක්ෂයේ ස්ථාවරය යයිද කී අනුර දිසානායක විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමේ තම කැම්පේන් එක හෙට සිටම ආරම්භ කරන බවත් රට පුරා රැස්වීම් තබමින් යන බවත් එහිදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ජනතාවට කැමැති අපේක්ෂකයෙක්ට ඡන්ද දෙන්නැයි ඉල්ලා සිටින බවත් පැවසීය.
විධායක ජනාධිපති ධූරය අහෝසි වනවාට ආසයි වුවත් ඒ වෙනුවෙන් ඍජුව සන්ධානයකට එක්වීමට ජවිපෙ බියක් දක්වන බව ඔහුගේ කතාවෙන් පැහැදිලි විය.