මචං, මම කැම්පස් කාලෙ ඉදන් ම මට ජේවීපී මතය ගැන තද විවේචන තිබ්බා. මොකද උන් තේරුම් ගන්න ඕන ප්‍රතිසංසකරණ නැතුව මතවාදයකට පැවැත්මක් නෑ කියලා. විශේෂයෙන්, ප්‍රාෙයා්ගික විය යුතු දේශපාලන මතවාදයකට......හොදම නිදර්ශනය චීනය සහ පැරණි රුසියාව. රුසියාව ස්ටාලින් ගේ පාලන කාලයේ ඉදන් ම දැඩි මතධාරී කොමියුනිස්ට්.අන්තිමට මොකද වුණේ? උන්ට ඇරිය හැටි උන්වත් දන්නෙ නෑ. නමුත් චීනය මාඕ සෙඩොං ගේ සිට, හුවා කුවෝ පොන්ග්, ඩෙන් ෂියාවෝ පෙන් වෙන කොට ඕන ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණ ගෙනාවා. මොකද චීන තේරුම් ගත්තා ඩයිනසෝර් න්‍යාය. ඒකයි චීනේ තාම පවතින්නේ, සමාජවාදී කොමියුනිස්ට්වාදී චිනයේ ධනවතුන් ඉන්නේ.
ජවිපෙ තමන් ගැන තාම හරිහමන් ස්වංවිවේචනයක් යෙදිල තියනවා ද? කී පාරක් පක්ෂය දෙදරුව ද මතවාදිමය කාරනා නිසා. කලින් ම ධර්මසේකර සහෝදරය, ලොකු අතුල-පොඩි අතුල කණ්ඩායම, විමල් වීරවංශ කණ්ඩායම, ඊට කලින් නන්දන ගුණතිලක සහෝදරයා, පස්සේ ම කුමාර් ගුණරත්නම් ප්රමුඛ පෙරටුගාමීන්...........මොකද මේ වෙන්නේ කියල තාම පක්ෂයට ස්වං විවේචනයක් තියනව ද? නෑ.....මේ කැඩීම් වලින් බරපතලම කැඩී යාම විමල් නෙවෙයි, නන්දන. මොකද නන්දන කියන්නේ දේශපාලන න්යායාචාර්යවරයෙක්. ඔහු ගේ මතවාදය අතිශය ශක්තිමත් සහ බරපතල එකක් පමණක් නොවෙයි, අතිශය ප්‍රාෙයා්ගික එකක්.
ජවිපෙ අවස්ථා මගඇරියා. න්‍යාය ඉස්සරහට දාලා. මිනිස්සුන් ගේ බලාපොරොත්තු සුන් කලා. සන්ධානෙ ගහන කොට මිනිස්සු උග්‍ර ශ්රීලංකාකාරයො වෙනුවට ජවිපේ සහෝදරයන් ඔසවලා තිබ්බේ ඔවුන් මේ ආණ්ඩුව අඩස්සි ගත කරල ජනතාවට ජයග්‍රහණය අත්කරල දෙයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් මොකද ඔවුන් කලේ??????
අනික ඒ අවස්ථාවේ ජාකිතවාදී දේශපාලනයක හිටි ජවිපෙ, හිටිගමන් ට්‍රැක් මාරු කලා. ඒක තමා ජවිපෙ ගත්ත වැරදිම දේශපාලන තීන්දුව...
දැනුත් ඔවුන් න්‍යාය ඉස්සරහට දාල මේ පොදු කටයුත්තේ මල්වට්ටියට අත නොගහ ඉන්නවා. ඉතිං මිනිසුන් ගෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නැද්ද????
මේ මොහොතේ ජවිපෙ ඉතාම බලපතල විදියට නිවැරදි වියයුතුයි. ඒක අනිවාර්යය කරුණක්. නැත්තං මේ පාර පක්ෂය කුජීත ම වෙලා යනවා.