ඕනෑනම් සීගිරි ගලෙත් කටවුට් ගහගන්න‘
මෛත්‍රීපාල මහින්දට කියයි
මෛත්‍රීපාල මහින්දට කියයි
මහින්ද රාජපක්ෂ ජනපති හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් හෝ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ කිසිවකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙන යාමට ඉඩ නොදෙන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
දෙමළ ඩයස්පෝරාව මොනවා කිව්වත් එවැනි දේකට ඉඩ නොතබන බවත් ඔහු කීවේය.
‘ලංකාවේ ඉතිරි ලයිට් කණුවලත්,සීගීරි ගලෙත්,සමනල කන්දෙත්, සිංහරාජෙත්,බෝක්කුවලත් ඕනෑ තරම් කටවුට් ගහ ගන්නා ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කියන්න කැමැතියි. අට වැනිදා වෙනතුරු ඕනෑ තරම් ගහගන්න.හැබැයි අට වැනිදායින් පසු ඒ කටවුට් මැතිවරණ කොමසාරිස් හා පොලීසිය ලවා ඉවත් කරනවා.එතෙක් ඕනෑ තැනක පෝස්ටර් කටවුට් ගහගන්න.මා දැක්කා බෝක්කුවකත් කටවුට් ගහලා තියෙනවා.හැබැයි ලංකාව පුරාම කටවුට් ගහන්න මට සල්ලි නෑ.අපේ රැස්වීමක් පවත්වන තැනක පෝස්ටර් හා කටවුට් කිහිපයක් ප්‍රදර්ශනය කරනවා පමණයි.‘

wedipurama gahanne kawda kiyala kata unawath penawa ne.. colombo fort idan bambalapitiyata giyahama... a witarak newe rata hemathenama..


