ගෝඨාභය_සමග කල සාකච්ඡාව

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගෝඨාභය_සමග කල සාකච්ඡාව

    ගෝඨාභය 'අරුණ' පුවත්පත සමඟ කල සාකච්චාව..

    gotabaya.rajapaksa-1-600x300.jpg


    ☑️ ඔබ පසුගියදා එළිය සංවිධානයේ ජන හමුවේදී ප්‍රකාශ කළා ජනාධිපතිවරණයකට ජනතාව සූදානම් නම් මමත් සූදානම් කියලා. ඒක ඉතාම තීරණාත්මක කතාවක් බව කාටත් වැටහෙනවා. ඔබ ජනාධිපතිවරණයකට සූදානම් වෙන්න නම් ඇමෙරිකානු පුරවැසි බවෙන් ඉවත් වෙන්න ඕනෑ..?

    ඔව්. පැහැදිලිවම ඒකට මම සූදානම්. කිසිම ප්‍රශ්නයක් නෑ. මට ඇමෙරිකානු පුරවැසි බව එපා නම් ඒ බව ඇමෙරිකානු රජයට දැනුම් දුන්නම සති දෙකක් ඇතුළත ඇමෙරිකානු රජය පුරවැසි බව අහෝසි කරනවා. කෙටියෙන් කිව්වොත් ඒ ප්‍රශ්නය දැන් අදාළ නෑ. (සිනාසෙයි)

    ☑️ බොහෝ දෙනෙක් හිතුවේ ඔබට ඇමෙරිකානු පුරවැසි බවෙන් ඉවත් වෙන්න ඉඩක් නොලැබෙයි කියලා..?

    ඔව්. බෙහෝම දෙනෙක් එහෙම හිතනවා. එහෙම හිතන්නත් හේතුවක් තියෙනවා. ආණ්ඩුවේ ක්‍රියා කලාපය හින්දනෙ එහෙම හිතන්නේ.

    ☑️ මොකක්ද ආණ්ඩුවේ ක්‍රියා කලාපය...?

    යහපාලන ආණ්ඩුවක් පිහිටු වූයේ එක අරමුණකට. ඒ තමයි රාජපක්ෂ රෙජීම් චේන්ජ්. රාජපක්ෂ රෙජීම් චේන්ජ් කරලා බලය ගත්ත ආණ්ඩුව, බලය ගත්තට පස්සෙත් කළේ එකම වැඩයි. ඒ තමයි රාජපක්ෂවරු අතුගාන එක.

    ඒ හැර මේ ආණ්ඩුව කළේ රට හදන එක, රට ආරක්ෂා කරන එක නෙවෙයි. පාර්ලිමේන්තුවට මොන පනතක් ගෙනාවත්, ඒකෙ තිබුණෙ රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීම. විශේෂ පොලිස්, විශේෂ අධිකරණ පිහිටෙව්වෙත් ඒකට. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය දිහා බලන්න. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රටට ලැබුණ ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද?

    19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙනාවේ මහින්ද රාජපක්ෂට ආයෙත් ජනාධිපති වෙන්න තියෙන ඉඩ අහුරන්න. ඊළඟට ද්විත්ව පුරවැසි බව තියෙන අයට පාර්ලිමේන්තුවට තේරී පත්වීම නතර කරන්න නීති ගෙනාවා. ඒ නීතිය ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ද? නෑ. අපි දේශපාලනයට එන එක නතර කරන එකයි අරමුණ වුණේ.

    ආණ්ඩුව එහෙම වැඩ කරගෙන යනකොට ජනතාවට හිතුණා මගේ ද්විත්ව පුරවැසි බවත් අහෝසි කරන එක වළක්වන්න මේ ආණ්ඩුව වැඩ කරයි කියලා.

    ☑️ රාජපක්ෂ ආණ්ඩුව පෙරළුණේ ජනවාරි අටවැනිදාවක. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණෙත් ජනවාරි අටවැනිදාවක. මේ ජනවාරි අට වෙනිදා ලසන්ත ඝාතනය වූ දවසේ ඔහුගේ දියණිය, පුවත්පතකට ලිපියක් ලියලා තිබුණා. ඒ ලිපියේ වැඩිපුර අවධාරණය කරල තිබුණෙ ලසන්ත ඔබට එරෙහිව ලිවීමත් සමග ඔහු ඝාතනය වුණ බව. ඇත්තටම ලසන්තගේ ඝාතනය ගැන ඔබ මොකද කියන්නේ...?

    මම ඒ ගැන මොකවත් කියන්න ඕනෑ නෑ. ඒ ගැන මුලින්ම පාර්ලිමේන්තුවේදී කිව්වේ රනිල් වික්‍රමසිංහ. එදා එතුමා පැහැදිලිව කිව්වා ලසන්ත ඝාතනයට එදා හිටපු හමුදාපතිතුමා සම්බන්ධයි කියලා.

    ඊළඟට අද ලසන්ත වෙනුවෙන් පෙනී සිටින මංගල වාගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක, ලසන්ත ජීවතුන් අතර ඉන්න කාලේ කිව්වේ මොනවද? ලසන්ත කියන්නේ තක්කඩියෙක් කියලා චන්ද්‍රිකා කීවා. 1995 දී ලසන්ත චැනල් 4 මාධ්‍ය ආයතනය ගැන සන්ඩේ ලීඩර් එකේ ලිව්වා. ඒ චන්ද්‍රිකාගේ කාලේ. ලසන්තට මොකද වුණේ. එයයි එයාගේ පළමු විවාහෙ නෝනයි ගෙදර යනකොට මගදී පහර දුන්නා.

    මංගලයි, චන්ද්‍රිකායි තමන්ව මරන්න එනවයි කියලා ලසන්ත පත්තරේට වාගේම ජාත්‍යන්තරයටත් කීවා. එතැනින් නතර වුණේ නෑ. තාවක්කාල් ගනුදෙනුව හෙළි කළහම 1998 දී ලසන්තගේ ගෙදරට වෙඩි තිබ්බා. 1999 ටවුන්හෝල් බෝම්බ පිපිරවීම පිටුපස ‘‘ලසන්ත ඉන්නවා, චන්ද්‍රිකා ආණ්ඩුව ලසන්තව මරන්න හොයනවා’’ කීවාම ලසන්ත රටින් පැනලා යන්නත් හැදුවා. ඊළඟට මංගල සමරවීර. මංගලගේ ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුවකට එරෙහිව ලසන්තට එරෙහිව නඩුවක් දැම්මා. ලසන්තට එරෙහිව එල්ල වුණ ප්‍රහාරවලින් මේ කාටත් එයාව මරාගන්න වුවමනා වුණ බව පේන්නේ නැද්ද?

    අැත්තටම ලසන්තව මැරුවේ කව්ද කියන එක මේ හැමෝම දන්නවා. ලසන්ත ගැන සැමරුම් ලිපිය ලිව්වා කියන ලසන්තගේ දුවත් ඒ බව දන්නවා. ලලිතුත් ඒ බව දන්නවා. ඒත් කාටවත් ඒක හොයන්න, රටට හෙළි කරන්න, වරදකාරයට දඬුවම් දෙන්න ඕනෑකමක් නෑ. ලසන්තගේ ඝාතනයෙන් වාසියක් ගන්න විතරයි මේ අයට ඕනෑ. ලසන්තගේ පළමු බිරිඳ, දෙවන බිරිඳ, දුව, සහෝදරයා, පසුව පත් වුණ කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් සේරම ඉන්නේ විදේශවල. ලසන්තගේ පත්තරේ ලියපු පුවත්පත් කලාවේදියොත් දැන් ජීවත් වෙන්නේ පිටරටවල. ලසන්තගේ මිනිය විතරයි මෙහේ තියෙන්නේ. මේ කවුරුත් දන්නවා ඝාතකයා කව්ද කියලා. නමුත් පරීක්ෂණයක් හරියට කරන්න කාටවත් වුවමනාවක් නෑ. පරීක්ෂණය කරලා වැරදි කාරයට දඬුවම් දෙන්න ඒ ගොල්ලන්ගේ ආණ්ඩුව යටතේ හොඳ අවස්ථාවක් පෑදුනා. ඒ වුණාට මේගොල්ලෝ බොරු කරන්නේ.

    ලසන්තගේ දුවට ඕනේ නම් ඝාතකයන් කව්ද කියලා දැන ගන්න ලංකාවට ඇවිත් මාව හමු වෙන්න කියන්න. මම කියන්නම් වුණ දේ. හැබැයි උසාවිය ඉදිරියේ ඔප්පු කරන්න මට සාක්කි නෑ. අදටත් ලසන්ත ඝාතනයේ පරීක්ෂණ නැවතිලා තියෙන්නේ අපි කරපු පරීක්ෂණය නැවතුනු තැන. හේතුව ඒක වෙනම පොලිස් හා අධිකරණ පටිපාටියක්.

    ☑️ ජනාධිපතිවරණයෙන් ජයගන්න ඔබට තියෙන එකම බාධාව හැටියට විශ්ලේෂකයෝ සලකන්නේ උතුරේ ඡන්ද. ජනාධිපතිවරණයකදී ඔබට දිනන්න නම් උතුරු නැගෙනහිර සුළු ජාතික ඡන්ද ලැබෙන්න ඕනෑ. ඔබ හිතනවද එහෙම උතුරේ නැගෙනහිර ඡන්ද ලැබෙයි කියලා...?

    ඔය ප්‍රකාශයම වැරදියි. අපි 2015 දී පරාද වුණේ උතුරු නැගෙනහිර ඡන්ද නැති නිසා නොවෙයි. ගම්පහ, කොළඹ, කුරුණෑගල කියන දිස්ත්‍රික්කවල අපි බලාපොරොත්තු වුණු ඡන්ද පදනම පිරිහුණ නිසා. 2015 ඡන්ද ප්‍රතිඵල හොඳට නිරීක්ෂණය කළාම ඒ බව පෙනෙනවා.

    පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම වැටුණ ඡන්ද දිහා බැලුවහම උතුරේ වැටෙන ඡන්ද ජනාධිපතිවරණයක ප්‍රතිඵල වෙනස් කරන්න තරම් ප්‍රමාණවත් නෑ කියලා පෙනෙනවා. උදාහරණයක් හැටියට යාපනේ කෝපායිවල අපිට 2010 දී වැටුණේ ඡන්ද 4530 යි. 2015 දී 6211 ක් වැටුණා. 2010 දී පොදු අපේක්ෂකයාට 13,151 ක් වැටිලා, 2015 දී 27161 ක් වැටුණා. යාපනේ ජනතාව උපරිම වශයෙන් ඡන්දෙ දුන්නත් ඒ වාගේ ඡන්ද පරතරයක් තමයි තිබුණේ.

    නමුත් ගම්පහ අපි 2010 දී ඡන්ද හත්ලක්ෂ දහඅටදාහක් ගන්නකොට 2015 දී අපි ගත්තේ හයලක්ෂ හැටහතරදාහයි. එතනම 60,000 ක විතර පරතරයක්. මේ තත්ත්වයයි අපි අධ්‍යයනය කරන්න ඕනෑ. අනෙක 2015 ඡන්දෙදි අති විශාල ජනතාවක් රජයට එරෙහිව ඡන්ද පොළට ගියා. එහෙම ඡන්ද පොළට සියයට හැත්තෑවක්, අසූවක් යන්නේ ආණ්ඩුවක් පන්නන්න ඕනෑ වුණාම. මේ ආණ්ඩුවටත් ඊළඟ ඡන්දෙදි ඒ ඉරණමටම මුහුණ දෙන්න වෙනවා.

    ☑️ ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළත් රට කර ගෙන යන්න සුළු ජාතීන්ගේ විශ්වාසය වගේම සහාය ඕනෑ..?

    ඔව්. පැහැදිලිවම. ඒ බව මේ ආණ්ඩුව තේරුම් ගන්න ඕනෑ. මේ රටේ දෙමළ, මුස්ලිම් ජනතාව මොකටද මේ ආණ්ඩුව විශ්වාස කරන්නේ.

    දැන් රට වෙනස්වෙලා. ජනතාව හිතන හැටි වෙනස් වෙලා. තවදුරටත් ජාතිවාදී විදිහට හිතන්න දෙමළ, මුස්ලිම් ජනතාව සූදානම් නෑ. ඒ අයට ඕනෑ තමන්ගේ ප්‍රදේශ දියුණු කර ගන්න. ජීවන මාර්ග වැඩිදියුණු කරගන්න. ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න. දැන් ඒ එකක්වත් ඒ පළාත්වල නෑ. අපි හදපු පාරවල්, දීපු විදුලිය, ආරෝග්‍ය ශාලා, ජලය, නැවත පදිංචි කිරීම විතරයි ඒ මිනිසුන්ට තියෙන්නේ. ඒ ජනතාවගේ ප්‍රදේශවල දියුණුව ඇනහිටලා. ඒ අයට ඕනෑ තමුන්ගේ දියුණුව. ඒක කරන්න පුළුවන් අපිට බව දැන් මේ ජාතීන් දෙකම දන්නවා.

    එදා තිබුණු සැක සංකා දැන් විශාල වශයෙන් ඒ දෙගොල්ලන් අතරින් ඉවත්වෙලා. ඒ නිසා විපක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙක් ලබන ඡන්ද ප්‍රමාණය මේ ජාතීන් අතරින් මම ඉල්ලුවත් මටත් ගන්න පුළුවන්.

    ☑️ ඔබට ඒ විශ්වාසය අැති වෙන්න තියෙන හේතු මොනවද? ඔබ ජාතිවාදියි කියන විශ්වාසය ඔවුන් තුළින් ඈත් වෙලායි කියා කියන්න තියෙන හේතු මොනවද..?

    මම කවදාවත් ජාතිවාදීවත් ආගම්වාදීවත්, කොළඹ හෝ ග්‍රාමීය විදියටවත් හිතුවේ නෑ. සිංහල වාර්ගිකත්වය වෙනුවෙන් පොත් ලියපු, වෙනත් ජාතීන්ගේ හැසිරීම් ගැන පොත් ලියපු අය මේ ආණ්ඩුවේ කැබිනට් එකේ ඉන්නවා. ඒ වාගේම 2010 ඉදිරිපත් වුණ පොදු අපේක්ෂකයා මේ රට සුළු ජාතීන්ට අයිති නෑ කියලා කියපු කෙනෙක්. මම එහෙම කියලා නෑ. ඒ අය තමයි අපේ ආණ්ඩුවට ජාතිවාදී පෙනුමක් දුන්නේ.

    ඒ විතරක් නෙවෙයි, ඒ වර්ගවාදී පිරිස ඉතිහාසයේ අනෙක් ජාතීන්ට එරෙහිව කරලා තියෙන කතා එකතු කරලා බලන්න. මම කවදාවත් එහෙම අනෙක් ජාතීන්ට එරෙහිව කතා කරලා නෑ. මේ රටේ ඉන්නා සුළු ජාතීන්ට එරෙහිව කතා කරන ගමන් ඒ අය කළේ මහ ජාතියත් රවටන එක. මම එහෙම කරලා නෑ. ඒ සත්‍යය දැන් දෙමළ, මුස්ලිම් ජනතාව වේගෙන් තේරුම් අර ගනිමින් ඉන්නවා.

    ☑️ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව තිබුණ චෝදනාවක් තමයි හොරු, වංචාකාරයෝ ආණ්ඩුව වැනසුවා කියන එක? ඒ පරණ පිරිස ඔබ බලයට ආවොත් ආයේ ළං වෙන්න පුළුවන් නේද..?

    2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයෙන් ජනතාව ඉල්ලුවේ යුද්දෙ ඉවර කරලා දෙන්න කියන ඉල්ලීම. ඒක ඉවර කරලා අපි 2010 ආයේ ජනාධිපතිවරණයකට ගියා. එදා ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටවලා කඩා වැටිලා තිබුණ රට යළි ගොඩනගන්න කියන ඉල්ලීම. අපි වේගයෙන් වැඩ කළා. නමුත් කොළඹ ඉන්න මධ්‍යම පන්තියේ දැඩි ඉල්ලීම වුණේ මේ එකක්වත් නෙවෙයි. වංචා, දූෂණවලට පියවර ගන්නයි කියන එකයි. අපි රටේ දියුණුවට ජාතිය නගා සිට වීමට කළ වැඩ එකක්වත් අගය කෙරෙන්නේ නෑ. ඒ වැඩවල වටිනාකම දූෂණ, වංචා ගැන කරන ඝෝෂාවෙන් වැහිලා ගියා.

    ඒත් කොහොමත් දූෂකයෝ, වංචනිකයෝ මා වටා හිටියේ නෑ. මම හමුදාවේ විනයක් ඇතිව පුරුදු පුහුණු වුණ කෙනෙක්. මම කොහොමත් ඉතාම කාර්යක්ෂමව, නිවැරදිව, සැලසුම් ඇතිව වැඩ කරන පිරිස් එක්කයි වැඩ කරන්නේ. ඒ නිසා දූෂකයන්ට විතරක් නෙවෙයි, අලසයන්ටත් මා ළඟ ඉඩක් නෑ. හැබැයි රාජපක්ෂ රෙජීම් චේන්ජ් කරන කොට දූෂකයෝ කියලා හඳුන්වපු අය බොහෝම දෙනෙක් දැන් ඉන්නේ යහපාලන ආණ්ඩුව එක්ක නේ.

    ☑️ 2015 රාජපක්ෂ රෙජීම් චේන්ජ් එකට බටහිර රටවල් විශාල සහායක් දුන්නා. ඉදිරියට මේ රටවල් ඔබ කෙරෙහි කොහොම හැසිරෙයිද..?

    2005, ඉකුත් 2010 දක්වා අපි වැඩ කළේ දැවැන්ත විදේශ මැදිහත් වීම් එක්ක. ඒ වෙනකොට ලෝකය පිළිගත් සටන් විරාම ගිවිසුමක් තිබුණා. ලංකාවේ ප්‍රශ්නය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට ලෝක ජාතීන් ගැටගැහුණු ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබුණා. ඉන්දියාවටත් අපේ රටේ ප්‍රශ්නය ඍජුවම බලපෑවා. එහෙත් අපි සටන්විරාම ගිවිසුමත් අහෝසි කරලා ඒ ජාත්‍යන්තර මැදිහත්වීම් සියල්ලට ඉතා හොඳින් මුහුණ දුන්නා. ඉතාම හොඳට ඒ සියලු රටවල් කළමනාකරණය කර ගත්තා.

    ඊට පසුවත් අපි චීනයෙන් මුදල් සහාය අර ගෙන මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත වැඩ කොටසක් කළා. හැබැයි අපි චීනයටවත් ඉන්දියාවටවත්, බටහිරටවත් සීමාව ඉක්මවා බැඳෙන්න ගියේ නෑ. නමුත් අපි වැඩ කරපු මේ නොබැඳි ප්‍රතිපත්තිය වෙනස් කරලා රටේ දේවල් විදේශවලට දෙන්න ඒ රටවල න්‍යායපත්‍රය මේ රටේ ක්‍රියාත්මක කරන්න යූඑන්පීය එකඟ වුණා.

    වර්තමානයේ ඔය කොයි රටත් තේරුම් ගත්ත, සලකා බලන දෙයක් තමයි ඒ රටේ ජනතාවගේ පක්ෂපාතීත්වය, ආකල්පය. දැන් ලෝකය දන්නවා මේ රටේ ජනතාව හිතන හැටි. ජනතාව මත බර තියලා රජයක් විශ්වාසය තියලා වැඩ කරන එක තමයි විදේශරටවලට මුහුණ දෙන්න තියෙන හොඳම විදිහ.

    ☑️ එහෙත් පසුගිය ඔක්තෝබර් 26 දා වුණ දේටත් විදේශ රටවල් මැදිහත් වුණේ රාජපක්ෂවරුන්ට එරෙහිව..?

    ඒක රාජපක්ෂවරුන්ට එරෙහි වීමක් නෙවෙයි. මේ රජයෙන් ඒ ගොල්ලෝ බලාපොරොත්තු වුණු දෙයක් තියෙනවා. ඒක ඉටු කරන්න කලින් සිද්ධ වුණ විපර්යාසය ඒ රටවල් බලාපොරොත්තු වුණේ නෑ. නමුත් ඒ බලාපොරොත්තු ඉටු කර ගන්නත්, මේ රටේ ජනතාව ඒ ගොල්ලන්ට ඉඩ දෙන්නේ නෑ.

    ☑️ ඔබ වියත් මගේ දී කිව්වා අපි බැලිය යුත්තේ 2020ට නොව 2030 දෙස බව..?

    ඔව්. දැන් බටහිර ඉස්මුදුනින් පිළිගන්න ලිබරල්වාදය ගැන, දැන් බටහිරත් ප්‍රශ්න කරනවා. එදා පුකුයාමා (Francis Fukuyama) කියන දේශපාලන විචාරකයා බටහිර ලිබරල්වාදය වෙනුවෙන් End of History & Last man නමින් පොතක් ලියමින් කිව්වා ලිබරල්වාදය තමයි ලොව අවසානයට ඉතුරු වෙන හොඳම දේ කියලා. බටහිර උපන් සංකල්පයක් වූ ‘පුද්ගලික නිදහස’ තමයි ලොව අවසාන මිනිස් අරමුණ කියලා. නමුත් ඒ ලිබරල් නිදහස හොයන්න ගිහින් මොකද වුණේ.

    එකිනෙකා ‘පුද්ගලික නිදහස’ යටතේ ජීවත් වෙන්න යනකොට එකිනෙකා අතර නොපෑහීම්, ගැටීම් ඇති වුණා. ඒ ගැටුම් නතර කරලා නිදහස තහවුරු කරන්න නීතිරීති ගෙනාව. සත්ත්ව අයිතීන් රකින්න, විවිධ ලිංගික අයිතීන් රකින්න, ගබ්සා නීතිගත කරන්න නීති රීති ගෙනාව. අන්තිමට නීති රීති නිසා පුද්ගලික නිදහසමයි නැති වුණේ.

    ඒ පුද්ගලික නිදහස දීලා බලන කොට ඇමෙරිකානුවන්ට වැටහුණා තමන්ට තමන්ගේ රටවන ඇමෙරිකාවත් අහිමි වෙමින් පවතින බව. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිත් මේ සේරම කණපිට හැරෙව්වා. එදා End of History & Last man ලියපු පුකුයාමා පසුව ලියනවා Identity කියලා පොතක්. පුද්ගලික නිදහස නෙවෙයි, ජාතීන්ගේ අනන්‍යතාවය තමයි වැදගත්. අපි ඒ ජාතීන්ගේ අනන්‍යතාවන්ට ගරුකරන ලෝකයත් එක්ක එකතු වෙන්න ඕනෑ කියලා එහි ලියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි,

    මේ ලිබරල්වාදය සංකල්පයක් ලෙසම මිනිසාගේ දරිද්‍රතාව දිහා බැලුවේ නෑ. ‘‘පුද්ගලික නිදහස’’ යටතේ ලෝකයේ හොඳම දේ කියලා නිදහස ගත්තා. අනෙකා දවසට ඩොලර් එකක්වත් නැති දුප්පතෙක් වුණා. දුප්පතුන් ධනවතුන් අතර පරතරය වැඩි වුණා. අන්තිමට හැම මාධ්‍යයකින්ම කතා කළේ තියෙන කෙනාගේ ප්‍රශ්න විතරයි. ප්‍රජාතන්ත්‍රවාදය ලිවීමේ නිදහස, සත්ත්ව අයිතිවාසිකම් ආදිය. නැති එකා ගැන කතා කරන්න බල්ලෙක්වත් නැති වුණා.

    අද ලංකාවේ වෙන්නෙත් ඒක. ලිංගික නිදහස, තොරතුරු දැන ගැනීමේ නිදහස, අනාගාමික රාජ්‍යයක් ඇති කිරීම ස්වයං නීර්ණය වැනි සංකල්ප කොහොමද මිනිසුන්ගේ මූලික අවශ්‍යතා වන ආහාරපාන, නිවාස, සනීපාරක්ෂක අයිතීන්ට වඩා ඉහළට එන්නේ. මේ කතාව දේශපාලන විශ්ලේෂකයකු වන John J Mearsinerm ගේ The Grate delusion පොතේ පැහැදිලි කරලා තියෙනවා.

    ☑️ ‘‘ගෝඨා – භය’’ කියලා ඔබ ගැන බිය ඇතිවෙන ආකාරයේ පෝස්ටර් ව්‍යාපාරයක් පසුගිය කාලේ පාරේ ගහලා තිබුණා. ඒ වාගේම මේ රටට ඒකාධිපති හිට්ලර් කෙනෙක් ඕනෑ කියන ප්‍රකාශය අස්ගිරියේ අනුනායක හාමුදුරුවන්ගේ මුවින් ප්‍රකාශ වුණා. ඒ ප්‍රකාශයත් ඔබගේ විරුද්ධවාදීන්ට වාසියක් වුණා..?

    ඔව් මම දැක්කා. ඒ ප්‍රකාශයෙන් පස්සේ අයි.ටී.එන්. ආයතනය සති ගණනක් යනතුරු හිට්ලර්ගේ දරුණුකම ගැන හැදුන චිත්‍රපට පෙන්නුවා. අද මාධ්‍ය ඉදිරියට කළුරෙදි පටි බැඳගෙන යන අය මේවා දැක්කේ නැද්ද?

    හැබැයි මිනිස්සු දන්නවා ‘ගෝඨා-භය’ කියන්නේ මේ රටේ භය නැති කරපු කෙනෙක් කියලා. ගෝඨා භය කියන පෝස්ටරේ කෙනෙක් හැදුවා නම් එයාත් 2010ට කලින් කොළඹ එන්න ඇත්තේ බයේ. ඒ පෝස්ටරේ ගහන්න අදහස දිපු සැලසුම් කළ ආණ්ඩුවේ ඇමැතිවරුත් එදා ගියේ සිය ගණන් හමුදා පොලිස් පිරිවරා ගෙන මරන බයේ. මට මතකයි අපි යාපනයට නිදහසේ යන්න පාර විවෘත කරපු දවසේ කෙනෙක් මට කිව්වා උතුරට යන පළාත් සීමාව පටන් ගන්න තැන දැවැන්ත දැන්වීම් පුවරුවක් ගහන්න කියලා මෙහෙම

    ‘‘ඔබ මේ නිදහසේ ඇතුළු වන්නේ ලක්ෂ ගණන් බිම්බෝම්බ වළලා තිබූ පයක් බිමට තැබීමට බිය වූ ප්‍රදේශයකටයි කියලා’’

    මම ඒ මරණ බය නැති කළ කෙනෙක්. මේ රටේ මරණ බය ඇති කළේ මමද ත්‍රස්තවාදීන්ද, ත්‍රස්තවාදයට පාතාලයට උඩගෙඩි දුන්න අයද, ත්‍රස්තවාදීන් එක්ක සටන් විරාම ගහපු අයගෙ අයිතිවාසිකම් ගැන කතා බහ කළ අයද? අපි කළේ එජාපය අවුරුදු 30 කට පෙර පටන් ගත්ත යුද්ධය ඉවර කරපු එක. අපි යුද්ධ පටන් ගත්තා වගේ මේ හැමෝම කතා කරන්නේ.

    මට මතකයි ඒ කාලේ පාතාලේ මොන තරම් භයානකද? ආයුධ ගත්ත කණ්ඩායම් ජීවත් වෙන නම ගිය පළාත් තිබුණා. ඔබේසේකර පුර කියයි, සූරියවැව කියයි මේවා පාතාලයන්ගේ රාජධානි. ඒ පාතාලයන්ට මේ කොළඹ කොයි තරම් ව්‍යාපාරික ප්‍රජාව කප්පම් දුන්නද? ඒ ආයුධ නිහඬ කළේ අපි. අපි කළේ මේ රටේ ජනතාවට මරණ බය ඇති කළ ත්‍රස්තවාදීන්ව පාතාලයන්ව බය කරන එක. මේ ආණ්ඩුව ගත්ත අය කළේ මොකක්ද?

    පාතාලයන්ව ත්‍රස්තවාදීන්ව බයෙන් නිදහස් කරල ගත්ත එක. දැන් ඒ අය මේ මුළු රටම බය කරගෙන උතුරටත් දකුණටත් දැන් මරණ බය ගෙනත්. හැබැයි මට ඔය කියන පෝස්ටරේ ගැන එක කනගාටුවක් තියෙනවා. ඒ පාතාලයෙන්, කුණුවලින්, පෝස්ටර් බැනර්වලින්, නිදහස් කරගෙන පිරිසිදු කළ නගරෙකයි ඔය පෝස්ටරේ ගහලා තාප්ප කැත කරලා තිබුණේ.

    ☑️ ඔබ සූදානම් කියලා දවස් දෙකයි ගත වුණේ. ඔබේ වැඩිමහල් සහෝදරයත් ජනාධිපතිවරණයට සූදානම් කීවා..?

    අපේ තාත්තා අපි පුංචි කාලේ ළඟට අරගෙන හැමෝටම කතාවක් කියා දෙනවා. තනි තනිව කෝටු කෑල්ල ගණනේ ගෙනෙන්න. ඒ හැම එකක්ම තනියෙන් නැමුවහම කැඩෙනවා. ඒ ගෙනෙන කෝටු මිටියක් කර අල්ලන්න. එතකොට කවදාවත් කඩන්න බැරි වෙනවා.

    මේ රටේ තියෙන ඕනෑම දේශපාලන පවුලකට වඩා අපේ පවුල ශක්තිමත් වෙන්නේ අපි හැමෝගේම ඒ කතාව මව් කිරිත් සමගම කලවං වෙලා ඇඟේ දුවන නිසායි.

    ☑️ ඔබ කවදාවත් දේශපාලන වේදිකාවල නැගලා නෑ. ඔබට ජනතා දේශපාලනය කරන්න පුළුවන්ද..?

    අපි දියුණු රටක් හැටියට ජනතාව සමග ගනුදෙනු කළ යුතු ආකාරයක් තියෙනවා. අපි බලන්න ඕනෑ 2020 ගැන නෙවෙයි, 2030 දිහා.

    මම දන්නවා අද අපි කරන්නේ අතීත සමාජයට අයිති දේවල්. මේ රටේ තරුණයෝ 2030 දිහා බලන උදවිය. ඒ අය දකින්නේ අපේ රටට වඩා විදේශ රටවල් දියුණුයි. ඔවුන් කාර්යක්ෂමයි. විනීතයි, නීතිගරුකයි. නිදහස් චින්තනයෙන් යුතුයි. ගැටුම් නෑ කියලයි . තවදුරටත් අපේ රට ගැන එහෙම හිතන්න වෙන්නේ නැති තත්ත්වයට දියුණු කරන්න ඕනේ. ඉල්ලන්න වෙන තැනට තවදුරටත් පත්වෙන්න ඕන නෑ.

    මම මේ රටේ පරිපාලනයට නායකත්වයට සුදුසු මිනිසුන් ගොඩ නගමින් ඉන්නේ. මම 'එළිය' 'වියත් මග' හරහා උත්සාහ කරන්නේ, ඒකරාශී කරමින් ඉන්නේ එහෙම ජනතාවක්.

    මගේ දේශපාලනය යොමු වෙන්නේ සංයමයෙන් යුතුව මහපාරේ ගහ ගන්නේ නැති, සැමට සත්‍යයම බෙදා ගන්නා, ආදරය, සෙනෙහස අගයන දේශපාලනයක් ගොඩනගන්න.

    වෛරයෙන් තොරව ප්‍රතිවාදියා දිහා බලන ජනතාවක් ගොඩනගන්න. ඒක නොවෙයිද රටම අපෙන් බලාපොරොත්තු වෙන දේශපාලනය..

    2019 ජනවාරි 19, 'අරුණ' පුවත්පත
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගෝඨාභය චන්දෙට එනවනම් ගෝඨාභයට විරුද්දව මුලින්ම කෑ ගහන්නෙ මහින්ද වටේ ඉන්න 4 ක් 5ක්.. උන් ටිකව එලවල දාල ගෝඨාභය ආවොත් හොදයි.. නැත්නම් මහින්ද වටේ ඉන්න එවුන් ටික ගෝඨාභයවත් කනව.. තාම නම් ගෝඨාභය වටේ ඉන්න කට්ටිය හොදයි.. :yes:
     
    • Haha
    Reactions: siri_ayya

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ගෝඨාභය චන්දෙට එනවනම් ගෝඨාභයට විරුද්දව මුලින්ම කෑ ගහන්නෙ මහින්ද වටේ ඉන්න 4 ක් 5ක්.. උන් ටිකව එලවල දාල ගෝඨාභය ආවොත් හොදයි.. නැත්නම් මහින්ද වටේ ඉන්න එවුන් ටික ගෝඨාභයවත් කනව.. තාම නම් ගෝඨාභය වටේ ඉන්න කට්ටිය හොදයි.. :yes:


    mahinda 2005 eddith ohoma thama. wate inna ewun wa aduraganne neththan awrdu keepayak yaddi minissunta athi wenewa.
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ගෝඨාභය චන්දෙට එනවනම් ගෝඨාභයට විරුද්දව මුලින්ම කෑ ගහන්නෙ මහින්ද වටේ ඉන්න 4 ක් 5ක්.. උන් ටිකව එලවල දාල ගෝඨාභය ආවොත් හොදයි.. නැත්නම් මහින්ද වටේ ඉන්න එවුන් ටික ගෝඨාභයවත් කනව.. තාම නම් ගෝඨාභය වටේ ඉන්න කට්ටිය හොදයි.. :yes:

    :yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    සාමාන්‍යෙන් දේශපාලකයෙක් තමන්ට වැරදුන තැන් ගැන තමන් තනියම තේරුම් ගත්තට ප්‍රසිද්දියෙ කතා කරනව අඩුයි. මහින්ද ඒ වගේ කෙනෙක්. නාමල් උනත් එහෙමයි. ඒත් ගෝටාබය තමන් කරපු වැරදි, තමන්ගෙ ටීම් එකට වැරදුන තැන් ගැන හොඳ ඇනලයිසිස් එකක් කරගෙන තියෙනවා. ඒ වගේම ඒවා ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. මේක මොඩකමක්ද නැද්ද කියලා කියන්න දන්නෙ නෑ හැබැයි අවංක වෙන එක හොඳ දෙයක්.

    විශේෂයෙන්ම උතුරු නැගෙනහිරයි දකුණෙ සිංහල ඡන්ද ගැනයි හොඳ අවබෝධයකින් ඉන්නෙ. මේ ගැන ගොඩක් දේශපාලකයො කතා කරන්නෙ නැති දෙයක්. ඒත් ගෝටාබය ඒ කතා නොකරන ඇත්ත ගැන කතා කරලා තියෙනවා.

    පැරදිච්ච කෙනෙක් දිනන්න ඕනේ නම් හිතන්න ඕන විදිහ ගැන ගෝටාබයට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා වෙන්න ඇති දැන් මෙහෙම ඉන්නෙ.


    HFJFajT.jpg
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සාමාන්‍යෙන් දේශපාලකයෙක් තමන්ට වැරදුන තැන් ගැන තමන් තනියම තේරුම් ගත්තට ප්‍රසිද්දියෙ කතා කරනව අඩුයි. මහින්ද ඒ වගේ කෙනෙක්. නාමල් උනත් එහෙමයි. ඒත් ගෝටාබය තමන් කරපු වැරදි, තමන්ගෙ ටීම් එකට වැරදුන තැන් ගැන හොඳ ඇනලයිසිස් එකක් කරගෙන තියෙනවා. ඒ වගේම ඒවා ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. මේක මොඩකමක්ද නැද්ද කියලා කියන්න දන්නෙ නෑ හැබැයි අවංක වෙන එක හොඳ දෙයක්.

    විශේෂයෙන්ම උතුරු නැගෙනහිරයි දකුණෙ සිංහල ඡන්ද ගැනයි හොඳ අවබෝධයකින් ඉන්නෙ. මේ ගැන ගොඩක් දේශපාලකයො කතා කරන්නෙ නැති දෙයක්. ඒත් ගෝටාබය ඒ කතා නොකරන ඇත්ත ගැන කතා කරලා තියෙනවා.

    පැරදිච්ච කෙනෙක් දිනන්න ඕනේ නම් හිතන්න ඕන විදිහ ගැන ගෝටාබයට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා වෙන්න ඇති දැන් මෙහෙම ඉන්නෙ.

    HFJFajT.jpg

    vinee (jeppo) la nan itin baye atte. :rofl::rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සාමාන්‍යෙන් දේශපාලකයෙක් තමන්ට වැරදුන තැන් ගැන තමන් තනියම තේරුම් ගත්තට ප්‍රසිද්දියෙ කතා කරනව අඩුයි. මහින්ද ඒ වගේ කෙනෙක්. නාමල් උනත් එහෙමයි. ඒත් ගෝටාබය තමන් කරපු වැරදි, තමන්ගෙ ටීම් එකට වැරදුන තැන් ගැන හොඳ ඇනලයිසිස් එකක් කරගෙන තියෙනවා. ඒ වගේම ඒවා ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. මේක මොඩකමක්ද නැද්ද කියලා කියන්න දන්නෙ නෑ හැබැයි අවංක වෙන එක හොඳ දෙයක්.

    විශේෂයෙන්ම උතුරු නැගෙනහිරයි දකුණෙ සිංහල ඡන්ද ගැනයි හොඳ අවබෝධයකින් ඉන්නෙ. මේ ගැන ගොඩක් දේශපාලකයො කතා කරන්නෙ නැති දෙයක්. ඒත් ගෝටාබය ඒ කතා නොකරන ඇත්ත ගැන කතා කරලා තියෙනවා.

    පැරදිච්ච කෙනෙක් දිනන්න ඕනේ නම් හිතන්න ඕන විදිහ ගැන ගෝටාබයට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා වෙන්න ඇති දැන් මෙහෙම ඉන්නෙ.


    HFJFajT.jpg



    ගෝඨාභය Outsider කෙනෙක්.. දේශපාලන family background එකක් තිබුනට කවදාවත් චන්දෙ ඉල්ලල දේශපාලනය කරපු නැති කෙනෙක්.. එහෙම කෙනෙක් මේ විදිහට කතා කරන එක පුදුමයක් නෑ.. ලංකාවෙ දැනට දේශපාලන කුනු ගොඩේ ඉන්න සේරම ඒ කුනු system එකටම හැදිච්ච එවුන්නෙ.. ගෝඨාභයගෙ ඒ ලක්ශන නම් නැහැ. මහින්ද වටේ ඉන්න දේශපාලන කුනු ගොඩවල් ටිකත් තාම නම් ගෝඨාභය ලග නැහැ. :yes:


    මම ගෝඨාභය ගැන කැමතිම දේත් ගෝඨාභය outsider කෙනෙක් උන එක.. දැනට දේශපාලන කුනු system එකේ හැදුන එකෙක්ටවත් ලංකාව හදන්න පුලුවන් විදිහට හිතන්න බෑ.. :yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    vinee (jeppo) la nan itin baye atte. :rofl::rofl:


    උන් බය නෑ බන්.. උන් හැමදාම කාට හරි හේත්තු වෙන එකනෙ කලේ.. තනියෙන් චන්දෙට යන එවුන් නෙවෙයිනෙ JVP එකේ ඉන්නෙ බන්.. :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි 2015 දී පරාද වුණේ උතුරු නැගෙනහිර ඡන්ද නැති නිසා නොවෙයි. ගම්පහ, කොළඹ, කුරුණෑගල කියන දිස්ත්‍රික්කවල අපි බලාපොරොත්තු වුණු ඡන්ද පදනම පිරිහුණ නිසා. 2015 ඡන්ද ප්‍රතිඵල හොඳට නිරීක්ෂණය කළාම ඒ බව පෙනෙනවා.

    පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම වැටුණ ඡන්ද දිහා බැලුවහම උතුරේ වැටෙන ඡන්ද ජනාධිපතිවරණයක ප්‍රතිඵල වෙනස් කරන්න තරම් ප්‍රමාණවත් නෑ කියලා පෙනෙනවා. උදාහරණයක් හැටියට යාපනේ කෝපායිවල අපිට 2010 දී වැටුණේ ඡන්ද 4530 යි. 2015 දී 6211 ක් වැටුණා. 2010 දී පොදු අපේක්ෂකයාට 13,151 ක් වැටිලා, 2015 දී 27161 ක් වැටුණා. යාපනේ ජනතාව උපරිම වශයෙන් ඡන්දෙ දුන්නත් ඒ වාගේ ඡන්ද පරතරයක් තමයි තිබුණේ.

    නමුත් ගම්පහ අපි 2010 දී ඡන්ද හත්ලක්ෂ දහඅටදාහක් ගන්නකොට 2015 දී අපි ගත්තේ හයලක්ෂ හැටහතරදාහයි. එතනම 60,000 ක විතර පරතරයක්. මේ තත්ත්වයයි අපි අධ්‍යයනය කරන්න ඕනෑ. අනෙක 2015 ඡන්දෙදි අති විශාල ජනතාවක් රජයට එරෙහිව ඡන්ද පොළට ගියා. එහෙම ඡන්ද පොළට සියයට හැත්තෑවක්, අසූවක් යන්නේ ආණ්ඩුවක් පන්නන්න ඕනෑ වුණාම. මේ ආණ්ඩුවටත් ඊළඟ ඡන්දෙදි ඒ ඉරණමටම මුහුණ දෙන්න වෙනවා.

    කිරියේ ඔලමොට්ටල එරොසාන් ලට මේවා තේරුණේ නෑ.
    එරොසාන් නියෝජනය කරන කූඬැලු දේශපාලුවෝ කැමති උන්ගේ ෆිල්ටරේ දාලා නායකයෝ ලෝකේ දිහා බලන්න.

    ගෝඨා ඉන්නේ හරි ඇනලයිස් එකක.. අභියෝගය තේරුම් අරන්... :yes::yes::yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth


    කිරියේ ඔලමොට්ටල එරොසාන් ලට මේවා තේරුණේ නෑ.
    එරොසාන් නියෝජනය කරන කූඬැලු දේශපාලුවෝ කැමති උන්ගේ ෆිල්ටරේ දාලා නායකයෝ ලෝකේ දිහා බලන්න.

    ගෝඨා ඉන්නේ හරි ඇනලයිස් එකක.. අභියෝගය තේරුම් අරන්... :yes::yes::yes:



    එරෝසෝන් ඉතින් විමල් වීරවංශ ගෙ සුහච කීකරු බලු පැටියනෙ බන්.. විමල් වීරවංශ වගේමයි වැඩත්... කලොත් ගොං වැඩක්, කිවුවොත් ගොං කතාවක්.. රටට, ලෝකෙට වැඩක් නැති උනත් උන් දෙන්නම නිකන් කියවන එකනම් හොදටම කරනව.. :P