Mahinda Rajapaksha Will Win!!

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මහින්ද sir නියත වශයෙන්ම ජය ගනී



    මහින්ද sir නියත වශයෙන්ම ජය ගනී .
    පළමුවත් මගේ රට ,දෙවනුවත් මගේ රට,තෙවනුවත් මගේ රට.

    මහින්ද මැතිදුනි ඔබට ජය.!!
     
    • Like
    Reactions: netlife007

    a380

    Active member
  • Feb 11, 2008
    533
    71
    28
    Italy
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    දෙස් විදෙස් අභියෝග හමුවේ නොසැල නායකත්වය !

    නැකත් බලල ජනාධිපතිවරණ තියන, කතාකරනකොට බලය එන්න අමුතු අමුතු දේවල් අතේ තියාගෙන ඉන්න, ජෝතිෂ්‍ය කාරයෝ කියන විදිහට වැඩ කරන උඹලගේ නොසැලෙන නායකයා.
    UN meeting වේලට ගිහින් party organize කරාම කව්රුත් එන්නේ නැහැ. වෙන රටවල් එක්ක friendly ඉන්න දන්නේ නැති නිසා යනවා ඔන්න අර අසරණ වුන අප්‍රිකාවේ රටවල් වලට. තේ කිලෝ 5ක් වගේ ගනුදෙනු කරන්න agreement ගහනවා.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    නැකත් බලල ජනාධිපතිවරණ තියන, කතාකරනකොට බලය එන්න අමුතු අමුතු දේවල් අතේ තියාගෙන ඉන්න, ජෝතිෂ්‍ය කාරයෝ කියන විදිහට වැඩ කරන උඹලගේ නොසැලෙන නායකයා.
    UN meeting වේලට ගිහින් party organize කරාම කව්රුත් එන්නේ නැහැ. වෙන රටවල් එක්ක friendly ඉන්න දන්නේ නැති නිසා යනවා ඔන්න අර අසරණ වුන අප්‍රිකාවේ රටවල් වලට. තේ කිලෝ 5ක් වගේ ගනුදෙනු කරන්න agreement ගහනවා.

    ඉන්දියාව සමග නව පරිච්චේදයක ඇරභුමක්

     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද
    මරා දිනන්නෙත් නෑ. ඔය මරා ගැන හිතන කාලෙන් වෙන වැඩක් ගනින්කො බන් .. ඔය මලජරා මරා පැරදුනේ මීට සතියකට කලින්..
     
    Last edited:

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    නිකැළැල් සුපිරිසිදු ශ්‍රී ලංකා මාතාව ආරක්ෂා කරගමු.දේශයේ මුර දේවතාවන් වන මහින්ද sir ජනපති කරමු
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    හා,
    උබට ඕනි දේ කියුවනේ දැන් එහෙනම් පල දෙක පුන්නේ නැතුව
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.
    :yes::yes::yes::yes:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    :shocked::shocked::shocked:
    :lol::lol::lol:
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මෙතෙක්‌ සැඟවී සිටි පොදු අපේක්‍ෂකයා දැන් කරළියට පැමිණ ඇත. හේ අන් කිසිවකුත් නොව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහු මේ පැමිණ සිටින්නේ ප්‍රභාක්‌රන්ගේ ත්‍රස්‌තවාදය මේ බිමෙන් අතුගා දමා රටට සාමය උදා කළ මහින්ද රාජපක්‍ෂ සමග තරග කිරීමටය.

    අපට ශාපයක්‌ වූ කොටි ත්‍රස්‌තවාදය මේ බිමෙන් අතුගා දැමුවේ මහින්ද බව අමුතුවෙන් කිව යුතු නොවන්නකි. එය දැන් පැරණි කතාවකි. එහෙත් ත්‍රස්‌තවාදය වනසා දමා ත්‍රස්‌තවාදයෙන් අසීමිතව බැට කෑ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට විමුක්‌තිය ලබා දීම උදෙසා ක්‍රියාත්මක වූ අවසන් මානුෂීය මෙහෙයුමට නිසි දේශපාලන නායකත්වයක්‌ ලබා දෙමින් මහින්ද රාජපක්‍ෂයන් ගෙන ගිය ක්‍රියාදාමයේදී මිනීමරු වෙලුපිල්ලේ ප්‍රභාකරන් මරණයෙන් ගලවා ගැනීමට වෙහෙසුණු පිරිස්‌ බොහෝ වූහ.

    එහිදී ඇමරිකාව ප්‍රධාන විජාතික බටහිර කඳවුර මෙන්ම කොටිහිතවාදී දෙමළ ඩයස්‌පෝරාව සහ දේශෙද්‍රෝහීන් ප්‍රභාකරන්ගේ පණ රකින්නට දැරූ උත්සාහයයන් අනන්ත අප්‍රමාණ විය. නමුත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වෙද්දී අවසානයට සිදු වූයේ පණ බේරා ගැනීම සඳහා නන්දිකඩාල් කලපුවේ කරවටක්‌ ගිලී සැඟවී සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන් හමුදා වෙඩි පහරකට ගොදුරුව අපාගත වීමය.

    ප්‍රභාකරන්ගේ ඒ අවසානය සමඟ අභීත දේශපාලන නායකත්වයක්‌ තුළින් ලොවම කැළඹූ ත්‍රස්‌තවාදයක්‌ අවසන් කරන්නට මහින්ද සමත් විය. නමුත් ඒ සමග තවත් පැත්තකින් සිදු වූයේ රට බේරා ගත් මහින්ද ඇමරිකාව ප්‍රධාන බටහිර විජාතිකයන්ගේත්, විදේශගත දෙමළ ඩයස්‌පෝරාවේ සහ මේ බිමේ උපන් දේශෙද්‍රෝහීන්ගේත් වෛරක්‌කාරයකු බවට පත් වීමය.

    ඒ වෛරය සමගින් එතැන් සිට මහින්දටත්, ආණ්‌ඩුවට සහ මේ රටටත් එරෙහි දුෂ්ට බලවේග දියත් කළ කුමන්ත්‍රණද බොහෝය. මානුෂීය මෙහෙයුමේ නිමාවත් සමග එකී කුමන්ත්‍රණයන්හිs පළමු වෙඩි මුරය පත්තු කරනු ලැබුවේ එක්‌සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් ප්‍රධානී පිල්ලේ නෝනා විසිනි.

    ප්‍රභාකරන් මළේය. ඒ යක්‍ෂයාගේ මරණය දැක පිල්ලේගේ ඇස්‌ රතු වූවාය. ඒ ඇස්‌වලින් කඳුළු පැන්නාය. එසේ මතු වූ කඳුළු සමඟ අවසන් මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජයත් හමුදාවත් දෙමළ වැසියන් සමූල ඝාතනය කර යුද අපරාධ සිදු කර ඇතැයි කියමින් සිය ධුරයේ බලයද ඇය සමඟ නන්දොඩවන්නට වූවාය.

    ඇමරිකානු රූකඩයක්‌ වූ පිල්ලේගේ එකී දෙඩවිල්ලේ නිමාව සටහන් වූයේ ඇමරිකාව විසින් ඉකුත් මාර්තු මාසයේදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කළ මෙරටට එරෙහි යෝජනාවකට අනුව, ශ්‍රී ලංකාවේ සිදු වූ බවට ඇයම කියන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනයට පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ පත්කර ගෙදර යැමෙන් අනතුරුව විය.

    නමුත් යක්‍ෂයා වනසා රටට විමුක්‌තිය ලබා දුන් අවසන් මානුෂීය මෙහෙයුම නිමාවේ සිට වසර පහක්‌ ගතවන තුරුත් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට මුවා වී සිදු වූ මෙකී ජාත්‍යන්තර කුමන්ත්‍රණයේදී කුමකින් කුමක්‌ සිදු කළද මහින්ද සොලවන්නට ඒ කිසිවකටත් නොහැකි විය. ඉන්ද්‍ර‚ලයක්‌ සේ නැගී සිටි මහින්ද තමන්ගේ ගමන ගියේය.

    ඒ ගමනේදී මහින්දගේ ප්‍රබලම ශක්‌තිය වූයේ මීළඟ ලෝක බලවතා වීමේ ක්‍රියාවින්තයක්‌ සාර්ථකව අරඹා සිටින චීනය ය. චීනය සහ මහින්ද අතර වන දීගය ද ඇමරිකාව ප්‍රධාන කුමන්ත්‍රණකාරී බටහිර කඳවුර පමණක්‌ නොව අපේ ලොකු අයියා වන ඉන්දියාවද තිගැස්‌සවීමට හේතු සාධක වී තිබිණි. චීනය ශ්‍රී ලංකාව තුළ ශක්‌තිමත් වීම තමන්ට අපලදායක බව ජාත්‍යන්තර දේශපාලන න්‍යායපත්‍ර අනුව ඔවුනොවුන් වටහාගෙන සිටීම එයට හේතු විය.

    මහින්ද සිය ගමන ගියේය. එකී ගමනේ යම් යම් අඩුපාඩු තිබූ බව අපිදු පිළිගනිමු. එහි කතා දෙකක්‌ නැත. නමුත් අප පිළිගන්නා මහින්දගේ එකී අඩුපාඩු යනු තමන්ගේ ඡන්ද පදනමවත් හරි හැටි රැකගත නොහැකි සුරංගනා කතා කියන ඇතැම් බංකොලොත් දේශපාලන පක්‍ෂ සහ රට පමණක්‌ නොව අම්මා අප්පා පාවා දී හෝ බලය ගන්නට සූදානම් දේශපාලන කණ්‌ඩායම් ජනතාව හමුවේ තබන කෙප්ප තරම් බරපතළ ඒවා නොවන බවද අපි කියමු.

    ප්‍රභාකරන් වැනසූ දා පටන්ම ඊනියා ජාත්‍යන්තරයට අවශ්‍ය වූයේ මහින්ද යන ගමන නැවතීමටය. ස්‌ථාවර වන ශ්‍රී ලංකාව සදාකල් අස්‌ථාවර වූ රජ්‍යයක්‌ ලෙස පවතිනු දැකීම ඔවුන්ගේ අරමුණ විය. තම තමන්ගේ දේශපාලන න්‍යායන්වලට බලපාන දහසකුත් කරුණු ඊට හේතු වී තිබිණි. ඇමරිකාව ප්‍රධාන බටහිර කඳවුර ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය මේ බිමෙන් වැනසී යැම දකින්නට රිසි නොවූයේද ඒ නිසාමය. නමුත් මහින්ද ඊට තිත තැබීය.

    අවසානයේ යුද අපරාධ චෝදනා, මානව හිමිකම් කඩකිරීම් සහ එක්‌සත් ජාතීන්ගේ විමර්ශන මණ්‌ඩල ආදී දේ තුළින් මහින්ද නවතන්නට සැරසුණද සියල්ල ව්‍යර්ථ වන තැන ඒවා පසෙකින් තිබියදීම දැනට වසරකට පමණ පෙර සිටි ඊනියා විජාතික බලවේග සිටියේ මහින්ද නතර කිරීමට තවත් විකල්ප ක්‍රමෝපායක්‌ වෙත ගමන් කරමිනි.

    එකී විකල්පය වූ කලී කුමක්‌ද? යුද්ධයෙන් පසු කුහකයකුට හැර ඕනෑම අයකුගේ දැසට පෙනෙන පැහැදිලි සංවර්ධනයක්‌ කරා රට ගෙන යන ගමනේදී මහින්දට එරෙහිව තමන්ගේම පිල අතරින් සහ ශ්‍රී ලාංකීය දේශපාලනයේ පක්‍ෂ පාට අනුව බෙදී වෙන්වුණු බලලෝභී කණ්‌ඩායම් වෙතින් හඬක්‌ මතුවෙමින් තිබෙන බව ඊනියා විජාතික බලවේග දුටුවේය.

    එකී දැක්‌ම අනුව මහින්දගේ ගමන නතර කිරීමට නම් සිදු කළ යුත්තේ අභ්‍යන්තර පුපුරුවා හැරීමක්‌ තුළින් මහින්දට එරෙහිව මහින්දගේම පිලේ අයකු ඉදිරියට ගෙන ඒම බව විජාතික බලවේගයන්හි එකම විශ්වාසය විය. මෙකී විශ්වාසය මුදුන්පමුණුවා ගැනීම සඳහා ඔවුන් මුලින්ම කළේ එකී අභයන්තර පිපිරීම සිදුකරවීමට අවශ්‍ය සුදුසුම චරිතය තෝරා බේරා ගැනීම විය.

    එහිදී ඔවුන්ගේ තොරා ගැනීම වූයේ චන්ද්‍රිකා කුමාරතුංගය. චන්ද්‍රිකාට අද එක්‌ ඇසක්‌ අහිමිව ඇත්තේ එල්ටීටීය නිසාය. එහෙයින් ත්‍රස්‌තවාදීන් පිළිබඳ බරපතළ වෛරයක්‌ ඇය තුළ තිබිය යුතුය. නමුත් කොටි ත්‍රස්‌තවාදයට වඩා බරපතළ වූ දේශපාලන වෛරයක්‌ මහින්ද සමග චන්ද්‍රිකාට තිබෙන බව බටහිර බලවේග හඳුනාගෙන සිටියේය.

    චන්ද්‍රිකා කුමාරතුංග එකී තෝරා ගැනීම වූ බව තහවුරු කෙරෙන සිද්ධීන් කිහිපයක්‌ම ඉකුත් කාලයේ මෙරට ජනමාධ්‍ය මගින් හෙළි කරනු ලැබිණි. ඒ ඇය විවිධ තැන්වලදී අහවල් අහවල් තානාපතින් සමග සාකච්ඡා පැවත්වූ බවට වාර්තා කරමිනි.

    මේ තෝරා ගැනීමෙන් පසු මෙරට ඇති මහින්දට එරෙහි විජාතික බලවේගයන්ට අයත් රටවල තානාපතිවරුන් මූලික සාක්‌ච්ඡා ඇරඹීය. මේ ආරම්භය වන විට පිල්ලේ පත් කළ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පරීක්‍ෂණ මණ්‌ඩලයේ ක්‍රියාන්විතය කරළියටම පැමිණ තිබිණි. රටේ බුද්ධි අංශවල පටන් සියලු අංශවල දැඩි අවධානය යොමුව තිබුණේ ඒ කෙරෙහිය.

    නමුත් එය පසෙකින් ක්‍රියාත්මක වෙද්දී මෙරට සිටින ශ්‍රී ලංකා විරෝධි කල්ලියේ විජාතික තානාපතීන් සිය අලුත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබිණි. පැවති සාකච්ඡා අතරතුර මහින්දට එරෙහි බලවේගයක්‌ ගොඩනැගීමේදී බොදු නියෝජනයක්‌ ඇවැසි බව ඔවුන්ට වැටහුණි. සැබවින්ම ඔවුනට වැටහුණා නොව මහින්ද කෙරෙහි දේශපාලන වෛරයකින් පසු වූවන් එය වටහා දුන්නා විය යුතුය.

    හිටි හැටියේම දැඩි ආණ්‌ඩු විරෝධී හඬක්‌ නගමින් පොදු අපේක්‍ෂ කතිකාවතක්‌ද සමග මාදුළුවාවේ සෝභිත හිමියන් රට හමුවට එන්නේ එහිදීය. මෙම සිදු වීමත් සමග මෙරට බුද්ධි අංශ මෙකී කුමන්ත්‍රණය දෙස දැඩි අවධානය යොමු කරනු ලැබුවේ රටේ එකීයභාවයට අභියෝග කෙරෙන අනාගත අවදානමක පෙරනිමිති පහළ වූ බැවිනි.

    එතැන් පටන් මෙකී විජාතික කුමන්ත්‍රණය පිළිබඳ බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසු වන්නට විය. එහිදී ඔවුන් මුලින්ම චන්ද්‍රිකාගේ භූමිකාවේ වැදගත් කරුණු හෙළි කර ගත්තේය. මාදුළුවාවේ සෝභිත හිමියන් පිළිබඳවද බොහෝ දේ හෙළි වී තිබිණි. මේ අතරේ ශ්‍රී ලංකා විරෝධී රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්‌ හරහා එක්‌තරා තානාපති කාර්යාලයක්‌ රුපියල් මිලියන දෙසීයක්‌ පමණ පොම්ප කරමින් මහින්දට එරෙහි බලවේගයක්‌ ගොඩ නැගීමේ කුමන්ත්‍රණය දිගින් දිගටම ක්‍රියාත්මක කරන බව ඔවුන්ට වාර්තා විය.

    මේ සටහන් වූයේ ආරම්භයේදී පොම්ප කෙරුණු මුදල් කන්දරාව පමණි. අද වන විට පාර්ලිමේන්තු නියෝජිතයන් මිලදී ගැනීම් දක්‌වා වූ විවිධ වපසරියන් තුළ විහිදී රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් එය සිදුවනවාද විය හැක්‌කකි.

    මෙකී මුදල් පොම්ප කෙරෙනුයේ ජනමාධ්‍ය වැඩමුළු ආදී ලෙසින් විවිධ ව්‍යාපෘති මුහුණුවරින් වුවද ඊට යටින් ඇත්තේ ජනපති මහින්දට එරෙහි බලවේගයක්‌ ගොඩ නැගීමේ වැඩපිළිවෙළ බව බුද්ධි අංශ අනාවරණය කර ගත්තේය. ඇතැම් අවස්‌ථාවල මේකී වැඩමුළු අස්‌සේ රාජ්‍ය නොවන සංවිධාන ජිනීවා වෙත සාක්‍ෂි රැස්‌ කිරීමේ කටයුතුද සිදු කරනු ලැබීය. මේ වන විට තානාපති නිලධාරීන් හා කෙරෙමින් තිබූ සාකච්ඡා අනුව අදාළ කුමන්ත්‍රණය වූයේ ප්‍රබල තැනකට ළඟා වෙමිනි.

    බුද්ධි අංශද සිටියේ සීරුවෙනි. යහ පාලනයක්‌ සහ සිංහල බෞද්ධ නායකත්වයක්‌ ගෙන එන්නට තමන් කැප වන බව කියමින් මාදුළුවාවේ සෝභිත හිමියන් මහින්දට එරෙහිව ඉකුත් කාලයේ ජනමාධ්‍ය දෙවනත් කරනු ලැබුවේ සියලු සිදුවීම් එසේ සිදුවෙමින් තිබෙන අතරතුරය.

    මේ අතරතුර අපි හැමදාමත් සිංහල බෞද්ධ යෑයි කියූ ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන්ද මාදුළුවාවේ සෝභිත හිමියන් සොයන යහ පාලනයේ කොටස්‌කරුවකු ලෙස මහින්ද විරෝධියකු වී මතුව එන්නේ විශ්මිත ලෙසිනි.

    මාදුළුවාවේ සෝභිත හිමියන් එසේ හඬ නගද්දී උන් වහන්සේ කියන පොදු අපේක්‍ෂකයා කවරෙක්‌දැයි සොයන්නටද බුද්ධි අංශ යුහුසුළු විය. එහිදී ආණ්‌ඩුවේ සිටින කිහිප දෙනකු කකුල් පද්දමින් පිම්මකට සැරසෙන බවටද තොරතුරු ලැබී තිබිණි. ඒවා ඉහළටද වාර්තා විය.

    මේ අතරේ මාදුළුවාවේ සෝභිත හිමියන් සිය පොදු අපේක්‍ෂක කතාව කරළියට ගෙන එද්දී ජනමාධ්‍යයේ අවධානයද ඒ කෙරෙහි දැඩිව යොමු වී තිබිණි. ඒ අනුව මේ ලියුම්කරු එක්‌තරා විපක්‍ෂ දේශපාලන ක්‍රියාකාරිකයකු සමග සිදු කළ කතා බහකදී මහින්ද පැන්නීමේ දැවැන්ත වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන අතර ඒ පිටුපස සිටිනුයේ විජාතික තානාපති කාර්යාල කිහිපයක්‌ සහ ඔවුන් සමග සම්බන්ධ විදේශගත දෙමළ ඩයස්‌පෝරාවේ පිරිස්‌ ඇතුළු කණ්‌ඩායමක්‌ බව හෙතෙම අනාවරණය කළේ නිකමට වගේය.

    ඒ ගෙනහැර පෑ පැහැදිලි සාක්‍ෂි කිහිපයක්‌ද සහිතව විය. මේ වැඩපිළිවෙළේදී ඇතැම් සාකච්ඡාවල රහස්‍යභාවය සුරක්‍ෂිත කිරීම සඳහා ප්‍රබල ක්‍රියාකාරීන්ට එක්‌තරා තානාපති කාර්යාලයක්‌ මගින් චන්ද්‍රිකා දුරකථන පවා ලබා දී තිබෙන බවක්‌ද හෙතෙම කියා සිටියේ උතුරා හැලෙන චූන් එකක්‌ද සමගිනි. තානාපති නිලධාරින් සමග ඇතැම් රහසිගත තැන්වල පැවති සාක්‌ච්ඡා අතරතුර එකී දුරකථන බෙදා දීම සිදු වූ බව ඔහු කීය.

    පසුව මෙකී කුමන්ත්‍රණය පිළිබඳ විමසිල්ලෙන් සිටි බුද්ධි අංශ වෙතද ඒ තොරතුරු ලැබී තිබිණි. එහෙත් අනාවරණය නොවී තිබුණේ පොදු අපේක්‍ෂකයා කවරෙක්‌ද යන්න පමණි. මහින්දට එරෙහි පොදු අපේක්‍ෂකයා කවරෙක්‌ද යන්න හෙළිදරව් කර ගැනීමට බුද්ධි නිලධාරින් පසුව සමත් විය. ඒ මීට සිව් මසකට පමණ ඉහතදීය.

    ඒ හෙළිදරව්ව කරගනු ලැබුවේ බිම් මට්‌ටමේ තොරතුරු රැස්‌ කරමින් සිටි එක්‌තරා බුද්ධි නිලධාරියකු විසිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂය හැරදා පොදු අපේක්‍ෂකයා ලෙස කරළියට පැමිණෙන බව එකී සොයා ගැනීමට අනුව මීට සිව් මසකට පමණ ඉහතදී රජයට වාර්තා කිරීමට බුද්ධි අංශ පියවර ගත්තේය.

    එහෙත් ආණ්‌ඩුව එය විශ්වාස නොකළේය. මෛත්‍රීපාල සිරිසේන යනු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයෙකි. එහි මහලේකම්වරයාද වූයේ ඔහුය. ඉතින් ඒ මෛත්‍රී පක්‍ෂය හැරදා යනු ඇතැයි සිතන්නට ආණ්‌ඩුව අකමැති වීමේ අරුමයක්‌ද නැත. නමුත් ඉකුත් 18 වැනිදා පස්‌වරුවේ රටට යහපාලනය ගෙන ඒමට කැප වන පොදු අපේක්‍ෂකයා තමන් යෑයි කියමින්, ආණ්‌ඩුව කිසිසේත්ම පක්‍ෂයෙන් යනු ඇතැයි විශ්වාස නොකළ මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවට පැමිණියේ තවත් චරිත කිහිපයක්‌ද සමගිනි.

    එකී චරිත අතරින් කැපී පෙනෙනම චරිතය වූයේ චන්ද්‍රිකා කුමාරතුංග ය. ඒ ඇය මෙකී වැඩපිළිවෙළේදී ප්‍රබලම භූමිකාව රඟපෑ බවට හෙළිදරව් වී තිබෙන බැවිනි. දැන් චන්ද්‍රිකා සමග පෙරට පැමිණ සිටින පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන "මෛත්‍රී පාලනයක්‌" කරන්නට රට බේරා ගත් ජනාධිපති මහින්ද සමග තරගයට පැමිණ ඇත.

    නමුත් එසේ තරග කරනු ලබන මෛත්‍රී සමග අද එකට සිටගෙන සිටිනුයේ කවුරුන්ද? පසෙකින් මේ බිමේ සිට තවමත් බෙදුම්වාදය පිළිබඳ කතා කරන දෙමළ දේශපාලන කණ්‌ඩායම්ය. තවත් අතකින් මුස්‌ලිම් අන්තවාදී කොටස්‌ වන බවද කියෑවෙන්නේය. දෙමළ දේශපාලන කණ්‌ඩායම් මෛත්‍රී පාලනය සමග වේ නම් කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව එතැන නොසිටින්නේ යෑයි කියන්නට කිසිවකුටත් නොහැකිය.

    ඒ සමඟ රටේ අහිංසකයන් ත්‍රස්‌තවාදයෙන් විඳවද්දී කඩුව කොස්‌ කොටන්නට තබාගෙන සටන් විරාම ගිවිසුම් ගසා ප්‍රභාකරන් පෝෂණය කළා වූ එක්‌සත් ජාතික පක්‍ෂයද සිටිනුයේ මෛත්‍රී සමඟය. තමන් බලයට පැමිණි කල රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන වගක්‌ද මෛත්‍රී කියන්නේය.

    මේ සියල්ල අතරේ අදටත් ස්‌වෛරී ශ්‍රී ලංකාව අච්චාරු දමා අරාජික කරන්නට සැරසෙන විජාතික බලවේග මෛත්‍රී පාලනයේ හිස්‌ මුදුණටම නැග සිටින බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. ඒ මේ සියල්ලේ නිර්මාණකරුවන් වන්නේ ඔවුන් නිසාය. ඉතින් සත්‍යය මෙය නම් අපේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ඇස්‌, හිස්‌, මස්‌, ලේ පුද දී රැක ගත්තා වූ මේ පිංබිමට යළි කුමක්‌ සිදු වනු ඇතිද?
    http://www.divaina.com/2014/11/30/feature09.html
    සමන් ගමගේ
     

    Similar threads