Niwithi tikak kanna asai!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    බල්ලා අතේ එවුවොත් බැරි වෙයිද? :baffled::baffled:
    avatar130929_20.gif

    මුන්ට කියන්නේ "busty boobs" ලොල් :rofl::rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කෑදරකම නැතිකරන නිවිති


    spinach-1.jpg


    නිවිති අධික ස්ථූලත්වයෙන් යුත් අයගේ ශරීරයේ බර අඩුකරණ නවතම ආහාරයක් බව පර්යේෂනයක් මගින් සොයාගෙන තිබේ. නිවිති ආහාරයට එක්කැර ගැනීමෙන් ආහාර ගැනීමට ඇති කෑදරකම සියයට 95කින් අඩුකරන බව පර්යේෂකයෝ කියති.
    ස්වීඩන්හි ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ නිවිති නටුවේ අඩංගු කොලපැහැති පටලය එනම් තයිලකොයිඩ්ස් මගින් ශරීර බර සියයට 43 කින් අඩුකරන බවයි.
    අධික ස්ථුලතාවය ඇති කාන්තාවන් 38 දෙනකු යොදා ගනිමින් මේ පර්යේෂණය සිදුකැර ඇත. විද්‍යාඥයන් පවසන්නේ ආහාරයට ඇති ලොල්බව හේතුවෙන් සිරුරට අහිතකර පැණිරස හා ක්ෂණික ආහාර කෙරෙහි වැඩි නැඹුරුතාවක් ඇතිවන බවයි.
    තයිලකොයිඩ් සිරුරේ සංතෘප්ත හෝමෝන ශක්තිමත් කරයි. එමගින් ආහාරවලට ඇති ලොල්බව අඩුවේ. එය ආහාරය පාලනයට වැදගත් වේ. පර්යේෂණ ප්‍රධානී මහාචාර්ය චාලට් එලන්සන් ඇල්බට්සන් පවසන්නේ තයිලකොයිඩ් අඩංගු පානයක් ආහාරයට පෙර පානය කිරිමෙන් ආහාරයට ඇති තදබල ලොල් බව අඩුවී දිනය පුරාම තෘප්තිමත් හැඟීමෙන් සිටිය හැකි බවයි.
    පර්යේෂණයට යොදා ගත් කාන්තාවන් කොටස් දෙකකට බෙදා එක් කොටසකට දිනපතා නිවිති යම් ප්‍රමාණයක් ලබාදුන් අතර අනෙක් කණ්ඩායමට වෙනත් ඖෂධයක් ලබාදෙන ලදී. මාස තුනක කාලයක් මේ ආකාරයෙන් ලබාදීමේදී ඔවුන්ට දී තිබූ එකම උපදෙස වූයේ දවසේ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා සමතුලිත ආහාර වේලක් ලබාගත යුතු බව පමණි.
    දත්ත විශ්ලේෂණයේ දී පෙනී ගොස් ඇත්තේ ඖෂධ ලබාදුන් කණ්ඩායම ශරීරයේ බර කිලෝ ග්‍රෑම් 3.5ක සාමාන්‍යයකින් අඩුකරගෙන තිබිණි. නිවිති ලබාගත් කණ්ඩායමේ ශරීරයේ බර කිලෝ ග්‍රෑම් පහක සාමාන්‍යයකින් අඩුවී තිබිණි.
    එමෙන්ම මෙහි දී අවධානය යොමුවූ අනෙක් වැදලත් කරුණ වන්නේ නිවිති ලබාගත් කණ්ඩායම දිනයේ ප්‍රධාන ආහාරවේල් තුනෙන් පමණක් සෑහීමකට පත්වී සිටීමයි. අතරමැද අවස්ථාවල දී ඔවුන්ට කුස ගින්නක් සෑදි නැත.