Help උදව්වක්!!!

SahanJayanath

Member
Dec 7, 2014
3
0
0
මට ලොකු උදව්වක් ඕනි මචංලා..

මම දැනට රජයේ ජොබ් එකක් කරනවා.. ඒත් ආදායම හොඳටම මදි.. මම හිතාගෙන ඉන්න විදියට ජීවත් වෙන්න බෑ මේ ජොබ් එකෙන්.. ගොඩයන්න කරන්න දෙයක් නැතුව මානසික වදයක් වෙලා තියෙන්නෙ දැන් මචංලා.. එකට හිටපු යාලුවො ඔක්කොම ඉන්ජො ඩොකා ලා වෙලා.. උන්ට මූන දෙන්නත් ලැජ්ජයි..
මොනදේ කරන්නත් සල්ලි ඕනි කියල ජීවත් වෙද්දි තේරෙන්නෙ..

මට පිටරටකට ගිහිල්ලා ජොබ් එකක් කරන්න ආසයි මචංලා. ඒත් ගිහින් අනාථ වෙන්න බැරි හින්දා එලකිරියෙ කොල්ලො කෙල්ලොන්ගෙන් උපදෙස් ටිකක් ඕනි..

මට දැන් 27ක් වයස මචංලා.. කරපු ඩිග්‍රි එකත් ඇණ හිටියා.. දැන් ඩිග්‍රී කරන්න කාලෙකුත් නෑ..

මට පිටරටකට යන්න ඕනි සුදුසුකම්/ කරන්න පුළුවන් ජොබ් ගැන පොඩි උපදෙස් ටිකක් දීපල්ලා මචංලා.. ලොකු උදව්වක්..

මම ඩිග්‍රිය කරන්න ගියේ නම් BIT එක.. මන් කැමති ෆීල්ඩ් එකත් ඒක තමයි.. ඒත් ෆීල්ඩ් එක නම් මොකක් උනත් අවුලක් නෑ මචංලා..

 
Last edited: