HNB Debit card Paypal Link

Molex

Member
Dec 10, 2014
42
2
0
Colombo,Lk
එහෙම අවුලක් නෑ. හැටන් නැෂනල් එකට කෝල් එකක් දීලා කියන්න (කාඩ් සෙන්ටර් එකට) පේපෑල් ගෙවීමක් කරන්න තියෙනවා, ඒ නිසා කාඩ් එක ඔන්ලයින් පේමන්ට් වලට ඇක්ටිව් කරන්න කියලා. ඊට පස්සේ විනාඩි 10 කින් විතර බලන්න. වැඩේ හරි යයි.


හැබයි හැටන් නැෂනල් එකට වඩා කොමර්ෂල් එක හොදයි ඔන්ලයින් පේමන්ට් වලට. ඒ නිසා ඒ කාඩ් එක ඇඩ් කරගන්න,ඔය හැටන් නැෂනල් එක අයින් කරලා.
 
Last edited:

Molex

Member
Dec 10, 2014
42
2
0
Colombo,Lk
COMMERCIAL BANK Debit card eka PAYPAL walata set-up karaganna kiyala denna


දැනට ඔයා පේපෑල් වලට ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් එකක් ලින්ක් කරලා තියෙනවා නං ඒක අයින් කරන්න. ඊට පස්සේ පේපෑල් වලට ඊමේල් එකක් දාලා කියන්න ඔයා වෙන කාඩ් එකක් ලින්ක් කරනවා කියලා (මේක අත්‍යවශ්‍ය නැත).

ඉන පසු දවස් 7 ක කාලයක් ඉන්න ඕනි අලුත් කාඩ් එක ඇඩ් කරනවා නං. මේකට හේතුව තමයි පේපෑල් සිස්ටම් එකෙන් පරණ කාඩ් එකේ විස්තර ඔටෝම අයින් වෙන්න ඒ වගේ කාලයක් යනවා. එව්වා අයින් වෙන්නේ නැතිව අලුත් කාඩ් එක ඇඩ් කරන්න බැහැ. ඕනි නං ට්‍රයි එකක් දීලා බලන්න.

දවස් 7 ක් විතර ගියාම පස්සේ කමර්ෂල් බෑන්ක් එකට කෝල් කරලා කියන්න මම මගේ කාඩ් එක පේපෑල් ලින්ක් කරන්න යන්නේ, ඒ නිසා ඔන්ලයින් සහ පේපෑල් ගෙවීම් වලට කාඩ් එක ඇක්ටිව් කරන්න කියලා.ඊට පස්සේ පේ පෑල් ලොග් වෙලා කොමර්ෂල් කාඩ් එකේ විස්තර ඇඩ් කරන්න. ඊට පස්සේ කාඩ් එක කන්ෆර්ම් කරන්න ඕනි. ඒකට අයෙට් බෑන්ක් ඒකට කෝල් කරලා කියන්න, මම කමර්ෂල් කාඩ් එක පේපෑල් වලට ලින්ක් කරා, එක වෙරිෆයි කරන්න කෝඩ් එක දෙන්න කියල. සමහර වෙලාවට නං ඒක එවෙලම ගන්නත් පුළුවන්. නැත්තන් දවස් දෙකක් වගේ ඇතුලත කෝඩ් එක බෑන්ක් සිස්ටම් එකට එනවා.

ඊට පස්සේ ඒ කෝඩ් එකත් ඉල්ලන, පේ පෑල් ගිණුමට ඇතුලත් කරාම වැඩේ හරි.
එච්චරයි.

 
Last edited:

Molex

Member
Dec 10, 2014
42
2
0
Colombo,Lk
Commercial HNB ekata wada hoda ay ?


1 ) කමර්ෂල් , සම්පත් වගේ බැංකු වල ඉන්නා අය යුසර් ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ වැඩක් කර ගන්න ගියාම අනිත් බැංකු වලට වඩා හොදයි. ඉතිං අපි පේපෑල් ගෙවීම් කරද්දී දෙතුන්පාර බැංකුවට කෝල්ස් දෙන්න අනං මනං තියෙනකොට වාත නැති බැංකුවක් වෙන්න ඕනි. ඒ නිසා කමර්ෂල් හොදයි.

2) පේපෑල් මුදල් ගෙන්වා ගැනීම සහ පේපෑල් වල සම්පුර්ණ සේවය ලංකාවට දෙන්න යන්නේ. එතකොට ඒ සේවාව දෙන්න හදන්නේ සම්පත්, කමර්ෂල් බැංකු දෙක. ඒක තව හේතුවක්.

3) හැටන් නැෂනල් බැංකුවේ කාඩ් එකෙන් පේපෑල් ගෙවීමක් කරොත් හැම වෙලේම වැඩි ගානක් කැපෙනවා. උදාහරණයක්‌ විදියට ඩොලර් එක උපරිම 135 ට යන දවසක උනත් හැටන් නැෂනල් එක 138 වගේ අපෙන් කපනවා. හැබැයි සල්ලි ගෙන්න ගනිද්දී හැම වෙලේම දෙන්න තියෙන අඩුම ඩොලර් රේට් ඒකටත් වඩා අඩුවෙන්. එවපු සල්ලි ගිණුමට වැටෙන්නත් සතියක් දෙකක් වත් ගන්නවා.


මම කියන නිසා නෙමෙයි, ඔන්ලයින් ෆෝරම වල මෙව්වා ගැන ඔනිතරං කතා වෙනවා.එව්වා බැලුවනං,ඒ අයගේ අත්දැකීම් කියව්වා නං ඔයාට හොද පේපෑල් වලට හොදම ලංකාවේ බැංකුව මොකක්ද කියලා තේරෙයි. ඒ අය කියලා තියෙන දේවලුත් බලලා,ඔයා කැමති කාඩ් එකක් ඇඩ් කරන්න.