ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2010

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2010

    1982 ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ජේ.ආර්.ජයවර්ධන මහතා ජයග්‍රහණය කළේය. අනතුරුව ආර්.ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ යන ජනපතිවරු තේරී පත්වූහ. චන්ද්‍රිකා කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරු දෙවරක් තෝරා පත්කර ගනු ලැබූහ.
    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය අනුව මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වරටද මෙවර තරග කරයි.
    විවිධ අවස්ථාවලදී පක්ෂයේ නම වෙනස් කරමින් ඉදිරිපත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩි මැතිවරණ ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇති අතර 2010 වසරේ අවසන්වරට පැවති ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ පළමුවරට එක්සත් ජාතික පක්ෂය තරග නොකළ අතර ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හංසයා ලකුණින් සරත් ෆොන්සේකා මහතා තරග කළේය.
    ජාතික හෙළ උරුමය හා වෙනත් සිවිල් සංවිධාන රාශියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින ගැටළු සාකච්ඡා කළ අතර එයට ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ ගණනාවක් එකතු විය. ඒ අනුව සන්ධාන රජයේ සෞඛ්‍ය ඇමති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්විය. එයට එක්සත් ජාතික පක්ෂයේ, ජාතික හෙළ උරුමයේ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සහාය හිමිවී ඇති අතර ඉතිහාසයේ පළමුවරට පොදු සන්ධානයක් ලෙස එක්ව සිටිී.

    Votes.jpg

    1982 ඔක්තෝබර් මස 20 වැනිදා පැවති ජනාධිපතිවරණයට ප්‍රධාන අපේක්ෂකයන් 6 දෙනෙක් තරග කළ අතර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වූ ජේ.ආර්.ජයවර්ධන මහතා, නිදහස් පක්ෂයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා සහ ජනතා විමුක්ති පෙරමුණු අපේක්ෂක රෝහණ විජේවීර මහතා අතර තියුණු සටනක් පැවතිණි.
    ජනාධිපතිවරණයෙන් ජේ.ආර්.ජයවර්ධන මහතා ඡන්ද 34,50,811 ක් ලබා ජයග්‍රහණය කළ අතර නිදහස් පක්ෂයේ අත ලකුණින් තරග කළ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ඡන්ද 25,48,438 ක් ලබා ගත්තේය. රෝහණ විජේවීර මහතාද ඡන්ද 2,73,428 ක් ලැබූ අතර අනෙකුත් අපේක්ෂකයින් අතුරින් සමසමාජ පක්ෂය නියෝජනය කළ කොල්වින් ආර්.ද සිල්වා සහ දෙමළ කොන්ග්‍රසයෙන් ඉදිරිපත්වූ ජී.ජී පොන්නම්බලම් සහ නව සම සමාජ පක්ෂයේ වාසුදේව නානායක්කාර යන මහත්වරුද සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලැබූහ.
    ඡන්ද දායකයන් 65,22,147 දෙනෙක් 1982 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

    1982.jpg

    1988 දෙසැම්බර් 19 වැනිදා පැවති ජනාධිපතිවරණයට ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකු අතර ප්‍රබල සටනක් පැවති අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2,569,199 ක් ලබා ජයග්‍රහණය කළේය. ප්‍රතිවාදි අපේක්ෂිකාව වූ නිදහස් පක්ෂයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඡන්ද 2,289,960 ක් ලබා කරට කර සටනක් දුන්නාය. තෙවැනි බලවේගය වූ ඔසී අබේගුණසේකර මහතා ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත්වී ඡන්ද 235,719 ක් ලබා ගත්තේය. එම ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන් 5,094,778 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

    1988.jpg

    1994 වසරේ පැවති ජනාධිපතිවරණය පොදුජන එක්සත් පෙරමුණ නමින් පුටුව ලකුණින් තරග කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජයග්‍රහණය කළේ විශාල ජයග්‍රාහී ප්‍රතිශතයකිනි. ඇය ඡන්ද 4,709,205 ක් ලබා ගත්තාය. විපක්ෂ අපේක්ෂක ශ්‍රීමතී දිසානායක මහත්මිය ඡන්ද 2,715,285 ක් ලබා දෙවැනි තැනට පත්විය. එවර මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වූ හඩ්සන් සමරසිංහ මහතා ඡන්ද 58,886 ක් ලබා ගත්තේය.
    1994 ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන් 7,561,526 ක් ඡන්දය ලබාදී තිබුණි.

    1994.jpg

    1999 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය දෙවැනි ධූර කාලය වෙනුවෙන් තේරී පත්විය. ඇය 1999 වසරේදී ඡන්ද 4,312,157 ක් ලබාගත්තාය. විපක්ෂයෙන් ඉදිරිපත්වූ රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 3,602,748 ක් ලබා ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණු අපේක්ෂක නන්දන ගුණතිලක මහතා ඡන්ද 344,173 ක් ලබා ගත් අතර එවර ජනාධිපතිවරණයේදී 8,435,754 දෙනෙක් ඡන්දය ලබා දී තිබුණි

    1999.jpg

    2005 වසරේදී පැවති ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක්වූ අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා අතර තියුණු සටනක් පැවතිණි. ඡන්ද 4,887,152 ක් ලබා මහින්ද රාජපක්ෂ මහතා එවර ජයග්‍රහණය ලබා ගත් අතර රනිල් වික්‍රමසිංහ මහතාද ඡන්ද 4,706,366 ක් ලබා ගත්තේය. අනෙකුත් පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන්ට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව නොලැබිණි. 2005 වසරේ නොවැම්බර් 17 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන් 9,717,039 ක් ඡන්දය ලබා දී තිබුණි.

    2005.jpg

    අවසන් වරට පැවති 2010 ජනාධිපතිවරණයේදී ඉහළ ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට දෙවැනි වරටත් තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මහතා සමත්විය. එවර ඉතිහාසයේ ප්‍රථම වරට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ අතර පොදු විපක්ෂයක් ලෙස එක්ව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හංසයා ලකුණින් තරග කළ සරත් ෆොන්සේකා මහතාට සහාය පළ කළේය. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂද සරත් ෆොන්සේකා මහතාට සහාය පළ කළ අතර එවර ඔහු ඡන්ද 4,173,185 ක් ලබා ගත්තේය. නමුත් මහින්ද රාජපක්ෂ මහතා 6,015,934 ක් ලබමින් 2010 ජනාධිපතිවරණය ජය ගත්තේය. ඡන්ද දායකයන් 10,393,613 දෙනෙක් ඡන්දය ලබා දී තිබුණි.

    2010.jpg

    http://www.lankadeepa.lk/
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    යුද ජයග්‍රහණය උපරිම ලෙස market කරපු 2010 ජනාධිපතිවරණයේදීත් මහින්ද ට ගන්න පුළුවන් උනේ 57.8% විතරයි. එක තමයි මහින්දගේ උච්චතම අවස්ථාව. කලගුණ සලකන්න කියලා නේ ඒ පාර මිනිස්සු මරා ට දුන්නේ. කොසේවෙතත් අනික් පැත්තේ හිටිය සරත් ෆොන්සේකාටත් ඔහු දේශපාලනයට කොච්චර ආධුනික උනත් මිනිස්සු ඡන්දේ දුන්නා 40% ක්ම.

    එදා යුද ජයග්‍රහණය පෙන්නලා ඡන්දය ඉල්ලා ගත්තු මහින්දට මේපාරත් යුද ජග්‍රහණය පෙන්නලා ඡන්දය ඉල්ලා ගන්න හැදුවට මිනිස්සුන්ට තේරෙනවා මේක හැමපාරම කරන්න පුළුවන් දෙයන් නොවන විත්තිය. ඔක්කොම එච්චරම ගොන්නු නෙමෙයි නේ බං.

    සංවර්ධන යුද්ධය කියලා ගියපාරත් කිය කිය හිටියා, මේ පාරත් කියනවා. ඒත් මිනිස්සුන්ට සංවර්ධනය මුවාවෙන් රටේ වෙන මහා පරිමාන හොරකම් දුෂණ වංචා අසීමිත ණය බර ඒකාධිපති පාලය වැනි සාධක සියල්ලම ගිය පාරට වඩා හොඳට මේ පාර මිනිස්සුන්ට පේනවා. "30 වසරක යුද්ධය නිමා කළා" කිය කිය මිනිස්සුන්ගේ ඇස වහන්න අමාරුයි හැමදාම. :no:

    ගියපාර ඉල්ලපු සරත් ෆොන්සේකාටත් මොකද ඊට පස්සේ උනේ කියලා මිනිස්සු දැක්කා නේ. ඉතිං මිනිස්සුන්ට කලකිරීමත් තියෙනවා මහින්දගේ මේ පාලයන ගැන. :dull:

    මේ පාර සරත් ෆොන්සේකාත් එහා පැත්තේ. ගියපාර හම්බුන 40% මේපාරත් පොදු විපක්ෂයට හම්බෙනවා. ඊට වැඩි වෙනවා මිස අඩු වීමට හේතුවක් නෑ. ශ්‍රී.නි.ප. යේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් පොදු අපේක්ෂකයා නිසා ශ්‍රී.නි.ප.යේ ඡන්දත් ඔහුට හම්බෙනවා. කැපුවත් නිල්/කොළ/රතු නොවන මිනිස්සු බහුතරයක් මෛත්‍රීට පක්ෂව ඡන්දේ දෙනවා. ජවිපෙ හෙළඋරුමේ ඇතුළු බහුතර විපක්ෂයට පක්ෂ ඡන්ද සියල්ලත් මෛත්‍රීට හම්බෙනවා.

    අනික Market කරන්න එච්චර දෙයක් තිබ්බේ නැති, ඒත් හැමදාම පරදින රනිල් එක්ක තරඟ කරලා 2005 දි මහින්ද ගත්තේ 50% යි. :lol: යුධ ජයග්‍රහණයයි, පාරවල් ටිකයි නගර අලන්කරණයයි උපරිමයට මාකට් කලත් 2010දි මහින්දට ඡන්ද වැඩි උනේ 7%යි. මේ පාර ඔන්න ඔය 7% නැති වෙනවා.

    එහම උනා කියලා මෛතිට මේ පාර 55%කට වඩා බහුතරයක් ඡන්ද ලැබෙනවා කියන්න බෑ. එක බොරු කතාවත්. 51%ක් හරි ලැබිලා මෛත්‍රී ජහග්‍රහණය කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා. :yes:

    කෙසේ වෙතත් මෙවර දිනන කෙනා තීරණය වෙන්නේ ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයකින් කියලා නම් අනිවා කියන්න පුළුවන්..
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,562
    5,431
    113
    දෙමළ සන්ධානයේ සහය ගන්න මහින්ද විශේෂ මෙහෙයුමක.

    10849921_727360734022466_6896125276363675049_n.jpg
     
    11.gif

    කෙසේ වෙතත් මෙවර දිනන කෙනා තීරණය වෙන්නේ ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයකින් කියලා නම් අනිවා කියන්න පුළුවන්:yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :no::no: 49 % 50._ % 51 % onna oya wage yai me paara :nerd:

    50% | 50% වගෙ ළඟින් ගිහින් ... ඕක හොර කරල දිනන්න බලයි මේ පාර

    ඒවට ආවොත් සෙනඟ ගෙනල්ල කොළඹ වට කරල හරි රාජ්‍ය බලය ගන්නව කියල රතන හාමුදුරුවො කියල තිබ්බ :lol:

    @2:00 -> Video
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    94 ගාමිණි මැතිතුමා නැතිවුණ එක මතක් වෙද්දී තාම දුකයි.

    මේ පාර ඡන්දය මහ අච්චාරුවක් වෙලා තියෙන්නේ වෙන වාරවලට වඩා.
    මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ පිල් මාරු කරන සෙවලයො හින්ද.

    පොදු අපේක්ෂකයට ලොකු ජන බලවේගයක් තියෙයි මහින්ද පාලනය එපා වුණ මිනිස්සුන්ගෙන්.

    දුක කියන්නේ වෙන රටවල අපේක්ෂකයො ජනතා කැමැත්ත දිනාගන්නේ ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ අාර්ථික ප්‍රතිපත්ති වලින්.
    එ්කට අපේ රටේ, යුද්ධේ පෙන්නල, රටේ අස්ථාවර භාවය පෙන්නල මිනිස්සුන්ගේ හැගීම්වලින් තමා ඡන්දෙ ගන්නේ.

    ඉතා අාසන්න සටනක් යයි. 50-53 අතර එක අපේක්ෂකයෙක් ගනී.
     
    මට පේන හැටියට මේපාර අමුතු වෙනස තමයි රාජපක්ෂලව එපා වෙච්ච සම්ප්‍රදායික ශ්‍රීලනිප චන්ද සැළකිය යුතු ප්‍රමාණයක් තිබීම. කැපුවත් කොළ + සුළු ජාතීන් = 40% - 45% වගේ ඇති. ජවිපෙ + පාවෙන චන්ද + ශ්‍රීලනිප = මම හිතනවා 10% - 15% අතර කියල. ප්‍රශ්නෙ ජිල්මාට් අභිභාවන්න +10%ක් ඇතිද කියන එක