The Green Mile බැලුවද?

tharakanilupul

Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    The Green Mile

    The-Green-Mile-the-green-mile-8224001-800-600.jpg

    ඔස්කාර් සම්මාන හතරක්, දිනාගත්ත මේ චිත්‍රපටය සුපිරි නළු Tom Hanks රගන, ෆ්‍රෑන්ක් ඩර්බන්ට් ගෙ අසහාය නිර්මාණයක්. IMDB දර්ශකයේ 8.4/10 ක් ලබා ගනිමින්, ලොව හොඳම චිත්‍රපට 250 අතර, 66 වන ස්ථානයේ මේ වන විට පසුවන්නට මෙම චිත්‍රපටය වරම් ලැබුවා.

    Green Mile චිත්‍රපටය තුළ කතා කෙරෙන්නෙ, මනුෂ්‍යත්වය ගැන… මේ කතාවෙ ප්‍රධාන චරිතය පෝල්…. ඔහු තමයි…කථකයා!! ඔහු අපට කතාව කියනවා… අපිට තියෙන්නෙ අහගෙන ඉන්න.. පෝල්ගෙ තරුණ භූමිකාව රඟපාන්නෙ Tom Hanks. ඔහු 1935 වසරෙදි, පුදුමාකාර සිද්ධියකට මුහුණ දෙනවා. ඔහු කියන කතන්දරය තමයි, Green Mlile. මේ පෝල් Green Mlile බන්ධනාගරයෙ මරණ දඬුවම ක්‍රියාත්මක කරන තැන, අණ දෙණ නිලධාරියා. එතනට ඒ අවුරුද්දෙ එනවා අමුතු හැකියාවක් තියෙන මරණයට නියම වුණ හිරකරුවෙක්. ඔහු ජෝන් කොෆී.. මොහු ට පුලුවන් අනික් අය ගේ වේදනා දුරු කරන්න. මරණයෙන් ගලවන්න. ඒත් ඔහුට මරණයෙන් ගැලවෙන්න හැකිද? මරණ දඬුවම ලැබෙන්නට ඔහු කළ වරද මොකක්ද? ඔහු වරදක් කර තිබෙනවාද? මේ හැමදේටම උත්තර අපිට චිත්‍රපටය නැරඹුවාම ලැබෙනවා… ජීවත් වීම මිය යාමට වඩා බොහෝ අමාරු බව, ඔබට හැඟේවි චිත්‍රපටය අවසානයේදී… බොහොම අනුවේදනීයයි.. හැම හිනාවක් තුළම කඳුළ රඳවන්නට සමත් අරුම පුදුම ජෝන් කොෆී ගෙ රංගනය අතිවිශීෂ්ටයි.



    දායකත්වය biscope වෙබ් අඩවිය.




     
    • Like
    Reactions: Anjulayr

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අම්මෝ බලලා ගොඩක් කල් මචන්. බැලුවා 10 පාරක් විතර. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ. නියම කතාව. ඒ වගේම තමයි ෂෝශෑන්ක් රිඩේම්ප්ශන්. ඒකත් බලන්න.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාස තුන හතරකට කලිනුත් බැලුවා බං..:cool: පට්ට ෆිල්ම් එක..:yes:
    Shawshank Redemption බලපං බලලා නැත්තං.. :D
    මට ඕක නුවන් අයියා බලන්නයි කිව්වෙ.. සිරාවටම සුපිරි ෆිල්ම් එකක්..:love:


    "Fear can hold your prisoner
    Hope can set you free"
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    මාස තුන හතරකට කලිනුත් බැලුවා බං..:cool: පට්ට ෆිල්ම් එක..:yes:
    Shawshank Redemption බලපං බලලා නැත්තං.. :D
    මට ඕක නුවන් අයියා බලන්නයි කිව්වෙ.. සිරාවටම සුපිරි ෆිල්ම් එකක්..:love:


    "Fear can hold your prisoner
    Hope can set you free"

    බැලුවා මචං. ලෝකේ හොදම ෆිල්ම් 1ක නොබලා ඉන්නේ කොහොමද? :D
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    forest gump eke inna pora ne inne?

    ඔව් මචං. ටොම් හැන්ක්ස් කියන්නේ සුපිරි නළුවෙක්. සුපිරි ෆිල්ම් ටිකක් තියෙනවා.
    Forrest Gump
    saving private ryan
    the green mile
    the da vinci code movie
    catch me if you can
    captain phillips

    මේක නම් මට තේරුනේ නේ මචං... :D:D
    cloud atlas movie