The Green Mile
ඔස්කාර් සම්මාන හතරක්, දිනාගත්ත මේ චිත්‍රපටය සුපිරි නළු Tom Hanks රගන, ෆ්රෑන්ක් ඩර්බන්ට් ගෙ අසහාය නිර්මාණයක්. IMDB දර්ශකයේ 8.4/10 ක් ලබා ගනිමින්, ලොව හොඳම චිත්‍රපට 250 අතර, 66 වන ස්ථානයේ මේ වන විට පසුවන්නට මෙම චිත්‍රපටය වරම් ලැබුවා.
Green Mile චිත්‍රපටය තුළ කතා කෙරෙන්නෙ, මනුෂ්‍යත්වය ගැන… මේ කතාවෙ ප්‍රධාන චරිතය පෝල්…. ඔහු තමයි…කථකයා!! ඔහු අපට කතාව කියනවා… අපිට තියෙන්නෙ අහගෙන ඉන්න.. පෝල්ගෙ තරුණ භූමිකාව රඟපාන්නෙ Tom Hanks. ඔහු 1935 වසරෙදි, පුදුමාකාර සිද්ධියකට මුහුණ දෙනවා. ඔහු කියන කතන්දරය තමයි, Green Mlile. මේ පෝල් Green Mlile බන්ධනාගරයෙ මරණ දඬුවම ක්‍රියාත්මක කරන තැන, අණ දෙණ නිලධාරියා. එතනට ඒ අවුරුද්දෙ එනවා අමුතු හැකියාවක් තියෙන මරණයට නියම වුණ හිරකරුවෙක්. ඔහු ජෝන් කොෆී.. මොහු ට පුලුවන් අනික් අය ගේ වේදනා දුරු කරන්න. මරණයෙන් ගලවන්න. ඒත් ඔහුට මරණයෙන් ගැලවෙන්න හැකිද? මරණ දඬුවම ලැබෙන්නට ඔහු කළ වරද මොකක්ද? ඔහු වරදක් කර තිබෙනවාද? මේ හැමදේටම උත්තර අපිට චිත්‍රපටය නැරඹුවාම ලැබෙනවා… ජීවත් වීම මිය යාමට වඩා බොහෝ අමාරු බව, ඔබට හැඟේවි චිත්‍රපටය අවසානයේදී… බොහොම අනුවේදනීයයි.. හැම හිනාවක් තුළම කඳුළ රඳවන්නට සමත් අරුම පුදුම ජෝන් කොෆී ගෙ රංගනය අතිවිශීෂ්ටයි.
දායකත්වය biscope වෙබ් අඩවිය.

පට්ට ෆිල්ම් එක..