ඇතුළට ඇවිල්ලා බලන්න සුදූ......................................
මෙදා පාර සිංහල බෞද්ධ අපේ පවුලේ, ජන්ද 5ම මේ පාර මෛත්‍රී පාලනයක් වෙනුවෙන් පාවිච්චි කරන්න අපි හිතුව.

ඉතිං ඒ ඇයි කියලා එළකිරි එකේ උඹලා එක්ක බෙදා ගන්න හිතුවා මම.

අපේ පවුලේ අය 2005 සහ 2010 ජන්දේ දුන්නේ මහින්ද ජනාධිපතිතුමා ට. (මට නම් 2005 ජන්දේ තිබ්බේ නෑ. 2010 තමයි මුලින්ම දුන්නේ.)
ඒත් අපි මේ පාර මහින්ද ජනාධිපතිතුමා ට ජන්දේ දෙන්නේ නෑ .

ඒකට ප්‍රධානම හේතුව උනේ, එතුමන් විසින් වංචා,දුෂණ කරන රජයේ හෝ විපක්ෂයේ කාටවත් දඬුවම් ලබා දෙන්න කටයුතු නොකිරීම.
අපි හැමෝම කැමති දෙයක් තමයි මේ රටෙන් අල්ලස,දුෂණය නැති කිරීම. 2010 න් පස්සේ මහින්ද ජනාධිපතිතුමා ඒක කරයි කියල හිතුවත් කරේ නැහැ.
කවුරු ආවත් ඕවා නැති කරන්න බෑ කියන එක මම පිලි ගන්නේ නෑ. එක පාරට බැරි උනාට ටිකෙන් ටික පුළුවන්.
තව මම දකින, අපේ පවුලේ ඇතුලේ කතා උන හේතු තියෙනවා. මම කෙටියෙන් ඒවා කියන්නම්.
1.මිනීමරුවෝ, කුඩු කාරයෝ ළග තියා ගැනීම. (දුමින්ද සිල්වා)
2. මුදලට, තනතුරු වලට පක්ෂ මාරුවට අනුබල දීම. (UNP එකේ ඉඳල වංචා දුෂණ කරපු අයව හොඳ ඇමති කම් දීල ලඟින් තියා ගැනීම )
3. සරත් ෆොන්සේකා මහතාට 2010 ජන්දෙන් පස්සේ කරපු වැඩේ වැරදි.
4. දළදා මාලිගාව ඉස්සරහා Race පැදපු එකත් වැරදි. බෞද්ධයෙක් විදියට එක අනුමත කරන්න බෑ.
5. නාමයෝජනා දීල කෙලින්ම ඉන්දියාවේ කෝවිලකට ගිය එක අනුමත කරන්න බෑ. මුලින්ම යන්න තිබ්බේ දළදා මාළිගාවට. මම දන්න විදියට තම ගිහින් නෑ.
6. 2/3 බලය, තමන්ගේ බලය වැඩි කර ගැනීමට පමණක් භාවිතා කිරීම.
ඔය මම දක්වපු කරුණු කාටවත් බොරු කියන්න බෑ. ඒවා හැමෝටම අහන්න දකින්න තියෙන ඒවා.
එතුමන්ට විරුද්ධව තියෙන චෝදනා මීට වඩා අනන්තයි. එත් අපි ඒවා ගැන හරියටම දන්නේ නෑනේ . ඒ නිසා ඒවා ගැන මට කතා කරන්න බෑ .
ඔන්න ඔහොමයි අපි අපේ ජන්දේ තීරණේ කලේ.
තව එකක්,මෛත්‍රී පාලනයක් අවොත් රට කොටියට යන කතා අපි පිළි ගන්නේ නෑ.
මොකද මේ රටේ ප්‍රධානම සිංහල බෞද්ධ බලවේගයක් වෙච්ච හෙළ උරුමය ඉන්න නිසා ඒ ගැන බයක් නෑ .
අනිත් එක යුධ අධිකරණ කතාව නම්, බොරුවක් කියල ඕන මනුස්සයෙක්ට තේරෙනවා (අඩු ගානේ 8 පාස් වෙන්නවත් ඕනේ හැබැයි එක තේරෙන්න.)
අනිත් එක මෛත්‍රීපාල මහතා කෙලින්ම කිව්වා, එහෙම දෙයක් වෙන්න දෙන්නේ නෑ කියල.
තව එකක් මම දකින විදියට එකම පාලකය අවුරුදු 10කට වඩා ඉන්න හොඳ නෑ .
ඔන්න ඔහොමයි තීරණය ගත්තේ. ජය වේවා...

රටකට ඕනේ අපමණ අගයක්...
හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්....

Last edited: