.: පාවෙන අපි :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මහින්ද චින්තනයද...? මයිත්‍රී ප්‍රතිපත්තියද...?

    ඔබත් සිටින්නේ පාවෙමින් නේද? තීරණය ගත යුත්තේ මොළයෙනි.....

    මහින්ද මාමා හොඳ මනුස්සයා යුද්දේ දිනලා රටට පිළිලයක් වෙලා තිබ්බ ත්‍රස්තවාදය විනාශ කරලා දැම්ම, ඔව් ඒ ගැන වාද ඕනි නෑ ඒ මනුස්සය තමයි ඒ වැඩේ හරියට කරේ.....අනිත් එවුන් කරේ යුද්දේ මාකට් කරපු එක....හැබැයි යුද ජයග්‍රහණයෙන් පස්සේ මේ රටේ සිද්ද වෙච්ච දේවල්....හ්ම්ම් ඒ ගැන නම් කාගේවත් හිතේ සතුටක් නෑ...ඒ උනත් කමක් නෑ යුද්ද දින්න නිසා අපි ඉවසමු....එහෙමයි මිනිස්සු හිතුවේ මොකද යුද්දයේ අමිහිර අත්දැකීම් තාමත් ටිකක් හරි මතකයේ තියෙන නිසා....

    හැබැයි යුද ජයග්‍රහණය මාකට් කරා ඇති වගේ කියල ජනතාවට දැනෙන්න පටන් අරන්....ඇයි එහෙම හිතෙන්න ගත්තේ....?

    1. යුද්දේ දින්න නිසා මහින්ද මාම මහා රජා උනා....මහා රජා නම් ඉතින් රටම අයිති එතුමාට එහෙනම් එතුමාට ලොකු බලයක් තියෙනවා...හැමෝම එහෙනම් එතුමා කියන විදියට වැඩ කරන්න ඕනි...රජාට ඉහලින් කාටවත් යන්න බෑ මතක ඇතිනේ ඉස්සර රජ කතා ....ඒත් මේ රජතුමා බලය පාවිච්චි කරන්නේ යහපත් විදියටද?

    2. ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න චීනය, ඉන්දියාව, ඇමෙරිකාව වගේ රටවල ඇමති මණ්ඩලය 50ට අඩු වෙද්දී අපේ මේ පුංචි රටේ ඇමති මණ්ඩලය 100ත් පැනල....අනේ කමක් නෑ මේ ඇමති මණ්ඩලේ අපිට සෙතක් කරනවනම් ඒත් මොනාද මුන්ගෙන් වෙන සෙතේ....චන්දෙට විතරක් නත්තල් පප්පල වෙන මේ ඇමති මණ්ඩලය නඩත්තු කරන්න ඕනි මේ ජහමනයා නේද? ඇයි එහෙනම් යුද්දේ කරපු අපේ මහා රජතුමාට මේ ඇමති මණ්ඩලයේ නාස්තිකාර වියදම් ගැන නොතේරෙන්නේ?

    3. ඉගෙනීම, සාක්ෂරතාව අතින් ගත්තම අපේ රට හොඳ තැනක ඉන්නවා....උපාධියක් ගන්න පුදුම කැපවීමකින් වැඩ කරන ශිෂ්‍යයෝ පිරිසක් රට පුරාම ඉන්නවා....ඒත් මෙච්චර මහන්සියකින් ගන්න උපාධියෙන් දැන් වැඩක් තියෙනවද? උපාධිය ගත්තට මදි නිල් බලකායේ ඉන්නත් ඕනි චන්දෙට වැඩ කරන්නත් ඕනි...එහෙම උනොත් විතරයි ජොබ් එකක් ගන්න පුළුවන්....එතකොට රජතුමනි මේ සිද්දවෙන්නේ අසාධාරණයක් නෙවෙයිද?

    4. රටේ සංවර්ධනය....අනේ මේ ඒ ගැන නම් කතා කරන්න එපා පෙන්නේ නැද්ද වරායවල්,හයිවේ,එයාර්පෝර්ට් හැදෙන හැටි...කොච්චර ලොකු දියුණුවක්ද මේ වෙන්නේ...හ්ම්ම්...ඒත්...මේවා හදන්නේ කවුද? අපේ රටේ ඉන්ජිනේරුවොද? එතකොට මේවට සල්ලි කොහෙන්ද...? මේ පේන්න තියෙන සංවර්ධනේ ඇත්තටම හොඳයි රජතුමනි ඒත් මේවා හදන්නේ පිටරැටියෝ නේද? එතකොට අපි ඒ රටවලට ණය වෙනවා නේද? ඒවා ගෙවන්න වෙන්නෙත් අපිටම නේද? අනිත් එක මේ හදන ඒවගේ ප්‍රමිතිය ඔබ තුමාට්වත් ෂුවර් නෑ නේද? ලොකු කුට්ටි ඇමති මණ්ඩලයට ගියාම මේ සංවර්ධන ව්‍යාපෘති වලට වෙන දේ ගැන ඔබ තුමා නොදන්නවා නෙවෙයි නේද?

    මේ රටේ ජීවත් වෙන මනුස්සයෝ විදියට මේ දේවල් ගැන බුද්ධියෙන් කල්පනා කරලා බලන්න වෙලා තියෙන්නේ.....එතකොට මයිත්‍රී ට චන්දෙ දුන්නම හරිද? මේ ප්‍රශ්න ඔක්කොම හරි යයිද....?:confused:

    සාමාන්‍යයෙන් මහින්ද මාමගේ පැත්තට හිටපු අය පවා කියනවා "ඔව් මිනිහගේ ඔය ප්‍රශ්න තියෙනවා ඒත් වෙන එකෙකුට දුන්නොත් ඔයිට වඩා කයි නේද?" කියල....ඔව් ඒ කතාව සාධාරණයි අපිට කියන්න බෑ ඔය පොදු අපේක්ෂකයා ආවට පස්සේ මොන දේවල් කරයිද කියල මොකද මහින්ද මාමත් එන්න කලින් ඔය වගේම පොරොන්දු දුන්නනේ....ඔය පැනපු එවුනුත් හැම එකාම වගේ එතුමා එක්ක හිටියනේ, ඒ පැත්තට කතා කරානේ...:(

    හැබැයි ඉතින් මෙහෙම දෙයකුත් තියෙනවා අත්තනෝමතික පාලනයේ වැරදි ගැන දැන දැනත් තව බලය දෙනවට වඩා හොඳ තීරණයක් වෙයි මේ කියන වෙනසට අවස්ථාවක් දීල බලන එක....අර සටන වැඩසටහනේ කිව්වා වගේ....තමන්ගේ පැල්පත ගින්දර වැහිලා තියෙද්දී ඒකෙන් එලියට එන්නේ නැතුව ඇතුලටම වෙලා ඉඳගෙන, "එලියට අවොත් බේරෙන්න පුළුවන් වෙයිද?, අලුත් ගෙයක් හදාගන්න පුළුවන් වෙයිද?" හිත හිත හිටියොත් ගින්නෙන්ම අලුවෙලා යයි දන්නෙම නැතුව....බලමු තව දවස් තියෙනවනේ තව තව දේවල් දැනගන්න ලැබෙයි නේ.....පාවෙවී ඉන්න අපි මොන පැත්තට හැරෙනවද කියල මොළෙන් හිතල බලමු.....:yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අර සටන වැඩසටහනේ කිව්වා වගේ....තමන්ගේ පැල්පත ගින්දර වැහිලා තියෙද්දී ඒකෙන් එලියට එන්නේ නැතුව ඇතුලටම වෙලා ඉඳගෙන, "එලියට අවොත් බේරෙන්න පුළුවන් වෙයිද?, අලුත් ගෙයක් හදාගන්න පුළුවන් වෙයිද?" හිත හිත හිටියොත් ගින්නෙන්ම අලුවෙලා යයි දන්නෙම නැතුව
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,706
    23,368
    113
    එතුමා කියපු උදාහරනෙනම් පට්ටයි. ඒ වගේම අර ගෙම්බගෙ කතාවත් නියමයි.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අර සටන වැඩසටහනේ කිව්වා වගේ....තමන්ගේ පැල්පත ගින්දර වැහිලා තියෙද්දී ඒකෙන් එලියට එන්නේ නැතුව ඇතුලටම වෙලා ඉඳගෙන, "එලියට අවොත් බේරෙන්න පුළුවන් වෙයිද?, අලුත් ගෙයක් හදාගන්න පුළුවන් වෙයිද?" හිත හිත හිටියොත් ගින්නෙන්ම අලුවෙලා යයි දන්නෙම නැතුව

    එතුමා කියපු උදාහරනෙනම් පට්ටයි. ඒ වගේම අර ගෙම්බගෙ කතාවත් නියමයි.

    Aniwa....api hithana widiyath tikak wenas karala balanna oni....nathnum wenasak karanna amarui ekama widiyata hithuwoth :yes:
     
    • Like
    Reactions: hacker T

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Aniwa....api hithana widiyath tikak wenas karala balanna oni....nathnum wenasak karanna amarui ekama widiyata hithuwoth :yes:

    wenasak karanna ona wenasaka karanna puluwan minissu innawaanam pamanai :rofl: minissu innawada kiyana eka psnayak
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,333
    113
    අර සටන වැඩසටහනේ කිව්වා වගේ....තමන්ගේ පැල්පත ගින්දර වැහිලා තියෙද්දී ඒකෙන් එලියට එන්නේ නැතුව ඇතුලටම වෙලා ඉඳගෙන, "එලියට අවොත් බේරෙන්න පුළුවන් වෙයිද?, අලුත් ගෙයක් හදාගන්න පුළුවන් වෙයිද?" හිත හිත හිටියොත් ගින්නෙන්ම අලුවෙලා යයි දන්නෙම නැතුව

     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    think

    මහින්ද රාජපක්ෂ හොරෙක් බව සැවොම දනිති. ඔහු යටතේ රට විනාශ වන බව ඇස් පනාපිට පේන්නට තිබේ ඔහු හොරකම් කරන්නේ බිලියන ගනනින් බව ඔප්පු කර ඇත.

    ඔහුගේ පාලනය මෙරට ආර්ථික අතින් අස්ථාවර වන බව අමුතුවෙන් පහදා දිය යුතු නැත මෙරට ගිනි පොලියට ණයට ගෙන සොච්චම් සංවර්ධනයක් පෙන්වා වැඩි කොටස තම සාක්කුවේ දමා ගැනීමෙන් ඔහු අපගේ මව්බිම ණය උගුලක සිර කර ඇත උපන් නූපන් සෑම කෙනෙක්ම මේ වන විට ලක්ෂ 4 කට වඩා ලෝකයට ණය වී ඇත අප රටේ ආදායම අපගේ ණය පොලිය පියවා ගැනීමටවත් ප්‍රමාණවත් නැත මදක් සිතන්න ඔබේ මාසික ආදායම ඔබ ලබාගත් ණය ගෙවීමටත් මදි වේ නම් ඔබේ දරුවන් පෝෂණය කරන්නේ කෙසේද අද අප රට පත්ව ඇති අවාසනාවන්ත තත්වය එයයි

    තවද සමාජ අසාධාරණය බැලු බැලු සැම තැනම දක්නට තිබේ නීතිය වල් වැදී ඇත. මර්වින් සිල්වාගේ පුතුට ඇති නිදහස ඔබට තිබේද ඔබේ දරුවාට තිබේද උදාහරණ ඕනෑ තරම් දිය හැක නමුත් ඒවා කිව යුතු නැත ඔබ මේ වන විටත් අත් විඳිනවා නොවේද ?

    ඔහුගේ දේශප්‍රේමය ඔහුගේ වාසිය පිණිස බව පැහැදිලිව පෙනේ.
    උදාහරණයක් ලෙස සැබෑ ලෙසම සතුරා සමග සටන් කල සරත් ෆොන්සේකා ඔහු හා ජනපති සටනට පැම්ණි බැවින් ඔහුගෙන් පලි ගැනීමට සිරගත කල අතර තවමත් L.T.T.E සංවිධානයේ දෙවනියා වන කුමාරන් පද්මනාදන් ඔහුගේ සෙවනේ රජ සැප විඳිමින් කල් ගෙවයි, ඔහු පපුවට තඩි බාගනිමින් අරන්තලාවේ ඝාතනය ගැන කතා කරයි එම ඝාතන සිදු කල කරුණා පිල්ලෙයාන් ඔහු සමගයි තම පක්ෂයේ පදවි තානාන්තර වලින් ඔවුන්ට සත්කාර කර ඇත නිරායුධ පොලිස් නිලධාරීන් 600ක් හිසට වෙඩි තබා ඝාතනය කල L.T.T.E නායකයින් ඔහුගේ තුරුලේ සැනසෙයි මහින්ද හා ඔහුගේ හෙන්චයියන් අනෙක් අයට කොටි ලේබල් අලවයි ඔහු 2005 වසරේ බලයට පැමිණීම සඳහා බැසිල් රාජපක්ෂ හරහා L.T.T.E යට මුදල් ලබා දුන් බව ටිරාන් අලස් ප්‍රසිද්ධියේ කියා ඇත මහින්දගේ ඊනියා දේශප්‍රේමය ගැන අවශ්‍ය නම් තවත් ඕනෑ තරම් කරුණු ඉදිරිපත් කල හැක

    යුද ජයග්‍රහණය සඳහා ඔබ මහින්දට කලගුණ සැලකීමට අවශ්‍ය නම් ඔබ දැනටමත් එය ඉටුකර ඇත ( යුද ජයග්‍රහණය මහින්ද තනිව කල දෙයක් නොවුනත්) එසේම එය රට විනාශ කිරීමට බලපත්‍රයක් නොවේ

    යුද්ධය තනියම අවසන් කල ආකාරයට කතා කරන රාජපක්ෂ
    අපගේ රණ විරුවන් මරා දැමූ හා මරා දැමීමට ආයුධ නැව් ගනනින් එවූ ල්ල්ටෙ යේ දෙවනියා ඇතුළු අනෙකුත් ත්‍රස්තවාදීන්ව ආදරයෙන් වැලඳ ගන්නේ කෙසේද අපගේ රණ ( අන්තර් ජාලය බලන්න ඕනෑ තරම් ඡායා රූප ඔබට දැකගත හැක එම ඡායා රූප වල මහින්ද රාජපක්ෂගේ මුහුණ දෙස බලන්න ඔබට ඔහුගේ දේශප්‍රේමය මනාව දැකගතවනු හැක )

    මේ රට යන්නේ කොතැනටදැයි ඔබට ඇස් පනාපිට පෙනේ එහෙත් ඔබ චන්දය දෙන්නේ කාටදැයි අසයි First Thing is First යැයි කියමනක් තිබේ මුලින් කලයුතු වන්නේ ප්‍රත්‍යක්ෂ මර උගුලෙන් ගැලවීම නොවේද ???

    වඩාත්ම වැරදි ක්‍රියාව නරක මිනිසුන් වැරදි කිරීම නොව හොඳ මිනිසුන් නිහඬව සිටීමයි

    මේ ඔබගේ අවසන් අවස්ථාව වනු ඇත ඔබට නිම කල හැකි සටන ඔබේ උපන් නූපන් දරුවන්ගේ උරමත නොදමන්න
    Edit/Delete Message
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අර සටන වැඩසටහනේ කිව්වා වගේ....තමන්ගේ පැල්පත ගින්දර වැහිලා තියෙද්දී ඒකෙන් එලියට එන්නේ නැතුව ඇතුලටම වෙලා ඉඳගෙන, "එලියට අවොත් බේරෙන්න පුළුවන් වෙයිද?, අලුත් ගෙයක් හදාගන්න පුළුවන් වෙයිද?" හිත හිත හිටියොත් ගින්නෙන්ම අලුවෙලා යයි දන්නෙම නැතුව
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තමන්ගේ පැල්පත ගින්දර වැහිලා තියෙද්දී ඒකෙන් එලියට එන්නේ නැතුව ඇතුලටම වෙලා ඉඳගෙන, "එලියට අවොත් බේරෙන්න පුළුවන් වෙයිද?, අලුත් ගෙයක් හදාගන්න පුළුවන් වෙයිද?" හිත හිත හිටියොත් ගින්නෙන්ම අලුවෙලා යයි දන්නෙම නැතුව....
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    wenasak karanna ona wenasaka karanna puluwan minissu innawaanam pamanai :rofl: minissu innawada kiyana eka psnayak
    රට වෙනස් කරන්න කොහෙවත් ඉන්න මිනිස්සු පස්සෙ යන්න අවශ්‍ය නෑ. ජන බලය හොඳටම ඇති.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මට ඡන්දෙ දෙන්න එකෙක් කියාපංකො සිරාවටම..:sorry:

    Eka thamai saho wadi denekta thiyena prashne....hondata hithala balala ganna oni theeranayak meka....chandeta kalin dawasa wenakanma hithala balanna oni....mey sare chande katu gaanna ho noda inna nam epa....ehema unoth paradenne apimai :yes: