මහින්ද වෙනුවෙන් හේතු අංක 1

මහින්ද වෙනුවෙන් හේතු අංක 1

සංවර්ධනය කියන්නේ මොකක්ද?

මැතිනිගේ කාලේ බඩගින්නෙ ඉන්න වුන හේතුව දන්නවද? 1947 ඉඳන් අපේ විදේශ විනීමය ශේෂය කර්මාන්ත සංවර්ධනයට නොව හාල් සහනාධාරයට (වක්‍රාකාරව කියනවනම් චන්දයට) වැය කිරීමයි.

එක්කො රටක් ස්වයංපෝෂිත වෙන්න ඕන. එක්කො නැති දේ ගෙන්නන්න තරම් විදේශ විනිමය උපයන්න ඕන. 1947-1977 සමයේ මේ දෙකම අබලන්. කර්මාන්ත කියල තිබ්බෙ තේ රබර් පොල්. රබර්, තේ වෙළඳපොළ කෙළ වෙච්ච ගමන් රටටම කෙල වුනා. අර ශේෂයෙන් කලින්ම කර්මාන්ත දියුණු කලානම් මේක වෙන්නෙ නෑ. ඒ කාල බෝම්බය පුපුරන්න අවුරුදු 10-20ක් ගියා.

මේ කාල බෝම්බයත් එහෙමයි. පාරවල් හැදීමෙන් රට සංවර්ධනය වෙන්නේ නෑ. එක වෙන්නෙ නිෂ්පාදනයෙන් හා නිෂ්පාදනයට දායක වෙන්න තරම් තාක්ෂණික ඥානයක් තියෙන වැඩකරන ජනතාවක් බිහිකිරීමෙන්. එත් පහුගිය දශකයේ මෙගා ව්‍යාපෘති එකක් වත් මෙයට දායක වුනේ නෑ. මේ "සංවර්ධනයේ" විපාක අපිට දැනෙන්නෙ තව අවුරුදු ගණනාවකින්.

රාජපක්ෂ පවුල තම කීර්තිය පවා පරදුවට තියල කැසිනෝ විණිමය ගේන්න අර අදින්නේ මේක දන්න නිසා. කලින් ජනාධිපතිවරණය තිබ්බෙත් මේක නිසා. තව අවුරුදු දෙකක් යන්න කලින් රටේ සත්‍ය තත්වය හංගන්න බැරි වෙනවා.

සිංහල ජාතියට වෙනත් ජාතීන්ගෙන් වෙන දීර්ඝ කාලින තර්ජන ගැන අවදි වී සිටින අපි මේ තර්ජනය ගැනත් දූරදර්ශී විධියට හිතමු!

update: මේක නොතේරුණු අය වෙතයි. රාජපක්ෂ චන්දය ඉල්ලීම සඳහා භාවිත කරන හේතු 3න් එකක් බිඳ දැමීමයි මෙහි අරමුණ ;)
 
Last edited:
  • Like
Reactions: roma3547 and shenic
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    10449524_1047389898620684_1700385458773324730_n.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සංවර්ධනය කියන්නේ මොකක්ද?

    මැතිනිගේ කාලේ බඩගින්නෙ ඉන්න වුන හේතුව දන්නවද? 1947 ඉඳන් අපේ විදේශ විනීමය ශේෂය කර්මාන්ත සංවර්ධනයට නොව හාල් සහනාධාරයට (වක්‍රාකාරව කියනවනම් චන්දයට) වැය කිරීමයි.

    එක්කො රටක් ස්වයංපෝෂිත වෙන්න ඕන. එක්කො නැති දේ ගෙන්නන්න තරම් විදේශ විනිමය උපයන්න ඕන. 1947-1977 සමයේ මේ දෙකම අබලන්. කර්මාන්ත කියල තිබ්බෙ තේ රබර් පොල්. රබර්, තේ වෙළඳපොළ කෙළ වෙච්ච ගමන් රටටම කෙල වුනා. අර ශේෂයෙන් කලින්ම කර්මාන්ත දියුණු කලානම් මේක වෙන්නෙ නෑ. ඒ කාල බෝම්බය පුපුරන්න අවුරුදු 10-20ක් ගියා.

    මේ කාල බෝම්බයත් එහෙමයි. පාරවල් හැදීමෙන් රට සංවර්ධනය වෙන්නේ නෑ. එක වෙන්නෙ නිෂ්පාදනයෙන් හා නිෂ්පාදනයට දායක වෙන්න තරම් තාක්ෂණික ඥානයක් තියෙන වැඩකරන ජනතාවක් බිහිකිරීමෙන්. එත් පහුගිය දශකයේ මෙගා ව්‍යාපෘති එකක් වත් මෙයට දායක වුනේ නෑ. මේ "සංවර්ධනයේ" විපාක අපිට දැනෙන්නෙ තව අවුරුදු ගණනාවකින්.

    රාජපක්ෂ පවුල තම කීර්තිය පවා පරදුවට තියල කැසිනෝ විණිමය ගේන්න අර අදින්නේ මේක දන්න නිසා. කලින් ජනාධිපතිවරණය තිබ්බෙත් මේක නිසා. තව අවුරුදු දෙකක් යන්න කලින් රටේ සත්‍ය තත්වය හංගන්න බැරි වෙනවා.

    සිංහල ජාතියට වෙනත් ජාතීන්ගෙන් වෙන දීර්ඝ කාලින තර්ජන ගැන අවදි වී සිටින අපි මේ තර්ජනය ගැනත් දූරදර්ශී විධියට හිතමු!
    ඉතින් ඔය ටික ෆේක් එකෙන් නැතුව අනිත් එකෙන් කියහන්කෝ..:D:D
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    තව පරණ දේවල් කියපන් කෝ. පෘතුගීසි, ලන්දේසි, ඉංග්රීසි කාලේ ඒවා. :D
     
    උබ දැන් කියනව කැසිනෝ විණිමය ගේනව කියල. ඊයේ මහින්ද කිව්වේ මෙහෙම
    "එක කැසිනෝ ලයිසන් එකක් බාර් ලයිසන් එකක් දුන්නේ නෑ - මගේ දෑත ගැන මට ආඩම්බරයි"
    http://sinhala.adaderana.lk/news.php?nid=48191
    පොස්ට් දාන්න කලින් බලපන් උබේ ලොක්ක කිව්වේ මොනවද කියල.
    :rofl:

    මං කතාකරල තියෙන්නෙ කාට විරුද්ධවද කියල ආයි පොඩ්ඩක් කියවල බැලුවනං? :lol:
     
    අංක 2: යුද්ධය දිනුවා

    "එල්ටීටීය පරාජය කළ නොහැක" කියන බොරු පුරාවෘතය ගොඩනැගුනේ සිද්ධි 2කින්. එක - 80 ගණන් වල කොටි අන්ත පරාජයකට ලක්කරන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව හොට දැම්ම. ඊ ලඟට චන්ද්‍රිකා සමයේ යාපනයත් අල්ලල පරාජය වෙන්න ගිහින් අනූ නමයෙන් බේරුනා. කොටි පරදීමේ හැකියාව හමුදාවට ඒ කාලෙත් තිබුන. ඒ කාලේ forces වල හිටපු මං දන්න කෙනෙක් කිව්වේ "මල්ලී, සීස්ෆයර් එකයි සිවිලියන්ලයි නිසයි අපි දත කාගෙන මෙහෙම ඉන්නේ. නැත්තන් අපේ කොල්ලො මුං ඉවර කරනව" කියල.

    මෙවර වුනේ දක්ෂ ජෙනරාල් වරයෙක් සිටියා පමණක් නොව, එල්ටීටීයට අනූ නමයෙන් බේරෙන්න බැරි වුණා. කලින් සැරේ අනාගත්ත ඉන්දියාව කරබාගෙන හිටිය. ඒ වගේම හමුදා, සාමාන්‍ය වැසියන් විශාල ජීවිත පරිත්‍යාගයක් කරා. රාජපක්ෂ මේ චක්‍රයේ එක දැති රෝදයක් පමණයි. යුධ ජයග්‍රහණය විශාල පෞද්ගලික ප්‍රාතිහාරයක් ලෙස පෙන්වීම වරදක්. ඒ වගේම, හමුදාව තමාගේ පෞද්ගලික නායකත්වය නැතිව යුද්ධයක් දිනාගන්න බැරි අදක්ෂයෝ පිරිසක ගානට දාල කතාකරන එක ඊට වඩා වරදක්.

    අවසාන වශයෙන්: යුද්ධයක් දිනීම වෙනුවෙන් රටක් තෑගි කරන්න බෑ. රට දෙන්න ඕන ඉදිරි අවුරුදු 6 බලල මිසක පසුගිය අවුරුදු 6 බලල නෙමෙයි. පාලකයකුට කළගුණ සලකන්න ඕන රාජ්‍ය ගෞරව හා සම්මාන වලින්, රටක් තෑගි කරලා නෙමෙයි! කොහොමත් අපි ගියපාර කළගුණ සැලකුව නේද? ඒකට අපිට කළගුණ සැලකුවද?
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සංවර්ධනය කියන්නේ මොකක්ද?

    update: මේක නොතේරුණු අය වෙතයි. රාජපක්ෂ චන්දය ඉල්ලීම සඳහා භාවිත කරන හේතු 3න් එකක් බිඳ දැමීමයි මෙහි අරමුණ ;)
    ලොල් උඹලගේ රට හරක්ට ඕව තේරෙන්නෙ නැහැ බන් :lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උබ දැන් කියනව කැසිනෝ විණිමය ගේනව කියල. ඊයේ මහින්ද කිව්වේ මෙහෙම
    "එක කැසිනෝ ලයිසන් එකක් බාර් ලයිසන් එකක් දුන්නේ නෑ - මගේ දෑත ගැන මට ආඩම්බරයි"
    http://sinhala.adaderana.lk/news.php?nid=48191
    පොස්ට් දාන්න කලින් බලපන් උබේ ලොක්ක කිව්වේ මොනවද කියල.
    :rofl:
    මං කතාකරල තියෙන්නෙ කාට විරුද්ධවද කියල ආයි පොඩ්ඩක් කියවල බැලුවනං? :lol:
    කැරි සීන් එක මෛත්‍රීට චන්දෙ දෙන්නෙ බත් කන හරක් හූ :rofl:
     
    අංක 3: ජාත්‍යන්තර බලවේග
    ඔය ජාත්‍යන්තර බලවේග කියන්නෙ අපිම අත්සන් කරපු සම්මුති වල අපි එකඟ වෙච්ච කොන්දේසි ක්‍රියාත්මක කරන්ඩ කියන බලපෑම් හැර වෙන මොනවද? අපි එක්සත් ජාතීන්ගේ සංගමයට බැඳුනේ ඉල්ලල මිසක කවුරුත් බල කරල නෙමෙයි. ඔය අපිට උඩින් ඉන්න ඉන්දියාව, ඔච්චර හමුදාවක් ඉඳලත් අපිව ඈඳගන්න බැරි ඇයි? 80 ගණන් වල IPKF එකෙන් නවත්තන්න වුනේ ඇයි? අන්තර්ජාතික සම්මුති නිසා. එව අත්සන් තිබ්බෙ කවුද? අපේම ආණ්ඩු.

    අන්තර්ජාතික සහයෝගිතා නිතරම වාසි වෙන්නෙ අපි වගේ පොඩි රටවලට. අපේ passport පිටරට පිළිගන්නේ, අපිට විසා දෙන්නෙ, අපේ රුපියල් ඩොලර් වලට මාරු කරන්න පුළුවන් වෙන්නෙ, ආයුධ ආනයනය කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ, විදෙස් රටවල රැකියා කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ මේ සම්මුති නිසා. එව නැතිවුනොත් ඉස්සර වගේ ලෝකෙ යුධ බලවත්තු හිතුමතේ ක්‍රියා කරනව.ඇමරිකාවට විරුද්ධ යුධ අපරාධ වාර්තාව මේ දවස් වල නැගල යන්නෙත්, රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට විරුද්ධත්වය නැගල යන්නෙත් මේ සම්මුති නිසා.

    මෙතන වුනේ අපි ඊශ්‍රායලේ වගේ කෙලින් කතා නොකර බොරු කියන්ඩ ගිහින් තිබුණු විශ්වාසෙත් නැතිකර ගත්ත එක. ඕන මෝඩයෙක්ට තේරෙනව අනිත් පිල තමන්ගෙ සාමාන්‍ය ජනයාම මිනිස් පළිහක් විධියට පාවිච්චි කරහම මිනිස්සු මැරෙන බව. එකේ වරද කොටියගේ මිස අපේ නෙමෙයි. එහෙම නැතිව zero civilian casualty (සාමාන්‍ය ජන හානිය ශුන්‍යයයි) වගේ කතා කිව්වහම හැමෝටම සැකයි. ඊශ්‍රයලේට හමාස් ගැහුවොත් රෝහලක ඉඳන්, ඊශ්‍රායලේ ගහනවා රෝහලට. එක නොකරන්න හමාස් දැනගන්න ඕන. ඒකට ඔය රටවල් කීපයක් බිරුවට කාවවත් යුධ අපරාධ උසාවියක් අහලකටවත් ගෙනිච්චේ නෑ. අපිටත් කෙලින් ඉන්න තිබ්බෙ. ඔය කොච්චර කිව්වත් 2001න් පස්සේ ඇමරිකන් කාරයටත් තේරෙනවා ත්‍රස්තවාදී ප්‍රශ්නේ. ඩයස්පෝරා කෑගැහුවට උන් ඔලුව වනල නිකන් ඉන්නව විතරයි. චැනල් 4, නොර්වේ වගේ කීපයක් කතා කරයි. එච්චරයි.

    අනිත් එක තමයි මේ ඇමරිකාව එංගලන්තෙ වගේ රටවලට මෙහෙට ඇඟිලි ගහන්න වෙන වැඩ නෑ. උන්ට මේ දවස් වල තියන ප්‍රශ්න (ඉස්ලාම් වාදය, NATO) එක්ක බලද්දී අපි නිකන් අබ ඇටයක්. උන්ට වැඩක් නෑ මෙව්වා. මෙතෙන්ට අත ගහන්නෙ ඉන්දියාවයි චීනෙයි මිස වෙන විදෙස් බලවේගයක් නෙමෙයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    අංක 2: යුද්ධය දිනුවා

    "එල්ටීටීය පරාජය කළ නොහැක" කියන බොරු පුරාවෘතය ගොඩනැගුනේ සිද්ධි 2කින්. එක - 80 ගණන් වල කොටි අන්ත පරාජයකට ලක්කරන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව හොට දැම්ම. ඊ ලඟට චන්ද්‍රිකා සමයේ යාපනයත් අල්ලල පරාජය වෙන්න ගිහින් අනූ නමයෙන් බේරුනා. කොටි පරදීමේ හැකියාව හමුදාවට ඒ කාලෙත් තිබුන. ඒ කාලේ forces වල හිටපු මං දන්න කෙනෙක් කිව්වේ "මල්ලී, සීස්ෆයර් එකයි සිවිලියන්ලයි නිසයි අපි දත කාගෙන මෙහෙම ඉන්නේ. නැත්තන් අපේ කොල්ලො මුං ඉවර කරනව" කියල.

    මෙවර වුනේ දක්ෂ ජෙනරාල් වරයෙක් සිටියා පමණක් නොව, එල්ටීටීයට අනූ නමයෙන් බේරෙන්න බැරි වුණා. කලින් සැරේ අනාගත්ත ඉන්දියාව කරබාගෙන හිටිය. ඒ වගේම හමුදා, සාමාන්‍ය වැසියන් විශාල ජීවිත පරිත්‍යාගයක් කරා. රාජපක්ෂ මේ චක්‍රයේ එක දැති රෝදයක් පමණයි. යුධ ජයග්‍රහණය විශාල පෞද්ගලික ප්‍රාතිහාරයක් ලෙස පෙන්වීම වරදක්. ඒ වගේම, හමුදාව තමාගේ පෞද්ගලික නායකත්වය නැතිව යුද්ධයක් දිනාගන්න බැරි අදක්ෂයෝ පිරිසක ගානට දාල කතාකරන එක ඊට වඩා වරදක්.

    අවසාන වශයෙන්: යුද්ධයක් දිනීම වෙනුවෙන් රටක් තෑගි කරන්න බෑ. රට දෙන්න ඕන ඉදිරි අවුරුදු 6 බලල මිසක පසුගිය අවුරුදු 6 බලල නෙමෙයි. පාලකයකුට කළගුණ සලකන්න ඕන රාජ්‍ය ගෞරව හා සම්මාන වලින්, රටක් තෑගි කරලා නෙමෙයි! කොහොමත් අපි ගියපාර කළගුණ සැලකුව නේද? ඒකට අපිට කළගුණ සැලකුවද?

    moda de unath anthima mohothe Indiyawa yuddeta atha damme naththe ewata discussion thibbe kauda kiyalath dapan,ewa balen amatka karanna epa :yes:
     
    කැරි සීන් එක මෛත්‍රීට චන්දෙ දෙන්නෙ බත් කන හරක් හූ :rofl:

    විවාදයක සාමාන්‍යයෙන් මුලින්ම පරුෂ වචන කියන තත්වෙට වැටෙන්නෙ පරාජය වෙච්ච මිනිහා. මොකද තර්කයක් තිබුනනං ඊට කලින් ඉදිරිපත් කරල. මේ පේන්නෙ රාජපක්ෂ පවුලෙ නිළ නොවන නෑදෑ පිරිසෙ පරාජයේ අවසාන අදියරයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    උඹම පැහැදිළි කරානම්? (අතත් ටිකක් රිදෙනව :) )
    basil rajapakse thamai anthima dawas wala indiyawa atha daddi,indiyawata gihin eka handle kare,e anthima mohothe yudde nawaththanna indiyawa kochchara bala karada? basila thamai eka deal kare,supiri molayak,supiri game karayek,mathiwarana thiyanna kalin result eka kiyanna puluwan ekek (analyst)... habai e talents hoda dewal walata witharak yudden passe use kara nam kocchchara hodada?
     
    ඒකට අපිත් ගරු කරනව. එත් වර්තමාන වරදට සමාව දෙන්නෙ කොහොමද අතීත යහපත විතරක් බලල. එක පාරක් දෙපාරක් නං ඉවසන්න පුළුවන් මචං අපේ එකානෙ කියල. මේක ඉවරයක් නැති වුනා. නැත්තං මහින්ද/ගෝට/බැසිල් තුන්පලට කෝටි 100ක් හරි භාණ්ඩාගාරෙන් දීලා සම්මාන පිට මේ පාර ගෙදර යව්වනම් අපි බෑ කියන්නෙ නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අංක 2: යුද්ධය දිනුවා

    "එල්ටීටීය පරාජය කළ නොහැක" කියන බොරු පුරාවෘතය ගොඩනැගුනේ සිද්ධි 2කින්. එක - 80 ගණන් වල කොටි අන්ත පරාජයකට ලක්කරන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව හොට දැම්ම. ඊ ලඟට චන්ද්‍රිකා සමයේ යාපනයත් අල්ලල පරාජය වෙන්න ගිහින් අනූ නමයෙන් බේරුනා. කොටි පරදීමේ හැකියාව හමුදාවට ඒ කාලෙත් තිබුන. ඒ කාලේ forces වල හිටපු මං දන්න කෙනෙක් කිව්වේ "මල්ලී, සීස්ෆයර් එකයි සිවිලියන්ලයි නිසයි අපි දත කාගෙන මෙහෙම ඉන්නේ. නැත්තන් අපේ කොල්ලො මුං ඉවර කරනව" කියල.

    මෙවර වුනේ දක්ෂ ජෙනරාල් වරයෙක් සිටියා පමණක් නොව, එල්ටීටීයට අනූ නමයෙන් බේරෙන්න බැරි වුණා. කලින් සැරේ අනාගත්ත ඉන්දියාව කරබාගෙන හිටිය. ඒ වගේම හමුදා, සාමාන්‍ය වැසියන් විශාල ජීවිත පරිත්‍යාගයක් කරා. රාජපක්ෂ මේ චක්‍රයේ එක දැති රෝදයක් පමණයි. යුධ ජයග්‍රහණය විශාල පෞද්ගලික ප්‍රාතිහාරයක් ලෙස පෙන්වීම වරදක්. ඒ වගේම, හමුදාව තමාගේ පෞද්ගලික නායකත්වය නැතිව යුද්ධයක් දිනාගන්න බැරි අදක්ෂයෝ පිරිසක ගානට දාල කතාකරන එක ඊට වඩා වරදක්.

    අවසාන වශයෙන්: යුද්ධයක් දිනීම වෙනුවෙන් රටක් තෑගි කරන්න බෑ. රට දෙන්න ඕන ඉදිරි අවුරුදු 6 බලල මිසක පසුගිය අවුරුදු 6 බලල නෙමෙයි. පාලකයකුට කළගුණ සලකන්න ඕන රාජ්‍ය ගෞරව හා සම්මාන වලින්, රටක් තෑගි කරලා නෙමෙයි! කොහොමත් අපි ගියපාර කළගුණ සැලකුව නේද? ඒකට අපිට කළගුණ සැලකුවද?

    හමුද‍ාවට කොටි සම්පුර්ණයෙන් පරාද කරන්න පුලුවන් කමක් ති‍බ්බෙ 2009 කලින් 1986 දී. ඊට පස්සෙ කොටි උන්ගෙ බලය වැඩි පළාතකට විහිදුවට පස්සෙ හමුදාවට එකපාරින් කොටි විනාස කරන්න තිබ්බ හැකියාව නැති උනා. මේකට මුලික හේතුව හමුදාවෙ පිරිස් බලය මදි කම සහ තිබුන ආයුධවල මදිපාඩු කම්. අපිට හරිහමන් විදියට උඩින් ගිහින් බෝම්බ දාන්න ගුවන් යානා හම්බ උනේ 1998 විතර ඒ මිග් 27 ජෙට් එක. එතකොට අපිට ටී-55 යුද්ධ ටැන්ති 12 ද කොහෙද හම්බ උනේ 1993 දී. ‍මල්ටි බැරල් හම්බ උනේ 1999 දී. උඹලට කියන්න මෙච්චර තාක්ශනෙ දියු්‍ණු වෙච්ච කාලෙක උනත් අපිට කොටි කාලතුවක්කු තියන තැන් හොය‍ා ගන්න උපකරණ ලැ‍බුනෙ 2008 දී.

    අපි 1999 දි ජයසිකුරැ එකෙන් පැරදුනෙ පිරිස් බලය මදි නිසයි. 150,000 විතර හමුදාවෙන් වන්නියෙ යුද්ධ කලෙ 5000-7000 විතර කණ්ඩායමක්, අනිත් පිරිසම රට වටේ ආරක්සාවට යොදලයි හිටියෙ. මහින්ද පත් උනාට පස්සේ තමා අපි වෙනුවෙන් අපි ‍වගේ කැම්පේන් කරල හමුද‍ාව ලක්ස 400,000 වැඩි කරගත්තෙ.

    මේක මහින්දගෙ ප්රාතිහාර්යක් වගේ දෙයක් තමා. මහින්ද නැත්තන් පොන්සේකත් නෑ, යුද්දෙත් නෑ. දිනුමත් නෑ.

    උඹල මෙතන පාට කණ්නාඩි දාගෙන රට දිහා බලන්නේ. පහුගිය අවුරැදු 5ට රට දශමෙකින් හරි සංවර්ධනෙ වෙලා තියනව. නෑ කියනවනන් ඒක අමු කුහක කම.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,630
    5,480
    113
    මෙ මහින්දගෙ අවසන් හොරාවයි

    මෙ පාර කොහොමත් මෛත්‍රී දිනනවා