යාළුවා මට ත්‍රෙඩ් එක සම්පූර්නයෙන් කියවන්න විදියක්නම් නැතුව ගියා, මන් මගේ අත්දැකීමෙන් ඔයාට දෙයක් කියන්නම්.
ලංකාවේ සිංහල බෙහෙත් කරන අය ඉස්සරනම් හිටිය අවංකව වෙදකම් කරන අය. ඒත් අවුරුදු දෙකක් විතර මාත් හෙව්වා කිසිම තැනක් මටනම් හම්බුනේ නෑ, ඒ වගේම හොඳ කලා කීවට කවුරුත් නෑ කෙලින්ම කියන කෙනෙක් ඔව් මගේ ලෙඩාට හොඳ උනා කියල. අරයට හොඳවෙලා මෙයාට හොඳවෙලා කියනවා මිසක්.
ඒක නිසා මහරගම හෝ ඔයාට ලගම පිළිකා රෝහලට යන්න, ඒ වගේම එතනින් කියනවනම් බෙහෙත් කරලා තේරුමක් නෑ කියල. ඔයාල ගිවප් වෙන්න එපා. ලෙඩාට කිසිම දුකක් නැතුව එයාව සතුටින් තියන්න, හැම වේලටම මයියොක්ක කන්න දෙන්න වැඩිපුර, ඒ වගේම භාවනා කරන්න කියන්න පුළුවන් හැම වෙලේම පන්සල් එක්කන් යන්න. ඒ වගේම එයාට නිකන් ඉන්න වෙලාවට බලන් ඉන්න මාළු ටැංකියක් ගෙනත් දෙන්න.
තව දෙයක් එක තැනකින් බෙහෙත් කරන්න බෑ කීවට නවතින්න එපා, ඔයාට මහනුවර ලගයිනම් ඩොක්ට හිල්මිව හම්බෙන්න, සර්ජරි එකක් අවශ්‍යනම් ඩොක්ටර් රසිත මනතුංග හම්බෙන්න. ඒ වගේම මහරගම යනවනම් ඩොක්ට යසන්ත ආරියරත්න හම්බෙන්න.
දුක් වෙන්න එපා යාළුවා දෙවියෝ බුදුන්ව විස්වාස කරන්න නමුත් ඒ අයව විකුණන් කන කාලකන්නි බල්ලෝ ගාවට යන්න එපා, දන්නා විදියට ගාථාවක් කියල පන්සලකට දේවාලෙකට ගිහින් වදින්න