බොමුද සීතල වතුර වීදුරුවක්
බොදු බලු සේනාවේ නිරුවත හෙළි වීමෙන් අනතුරුව මෙතෙක් කල් කටවල් පුකවල් වසාගෙන සිටි ඊනියා "එළ විරුවන්ගේ" කටවල් අද ඇරී ඇත.. ඒ මුස්ලිම් කොංග්‍රසය සමග හකීම්, මෛත්‍රීට සහය දීමට ගත් තීරණය නිසා ය.. මෙතෙක් කල් හකීම් යනු කවුදැයි නොදන්නා තොත්ත බබාලා සේ හැසිරුණු හම්පඩයන් දැන් එකසිය ගාණට අලුත් සිටුවේෂන් එක "ඇනලයිස්" කරති.. කරනවා පමණක් නොව තම තමන්ටම "ප්‍රවීණ විචාරක" යැයි ද ලියා ගනිති.. ප්‍රවීණ යන වචනයේ අර්ථ නිරුක්තියවත් නොදන්නා, ඊයේ රෑ ජම්බුගහෙන් වැටුණු බබ්බුන් කෙකරගෑවාට අපට කමක් නැත.. යන කඩේකට ගියත් අපට කම් නැත.. එහෙත් තමන්ගේ දේශපාලනය වෙනුවෙන් සිංහල බෞද්ධකම පාවා දෙන්නේ නම් අපට එතැන ලොකු ප්‍රශ්නයක් ඇත..හකීම් යනු පිළිකාවකි.. එහි සැකයක් නැත.. පවත්නා රජය පරදින බවට කාට හෝ යම් ම හෝ සැකයක් වී නම් හකීම්ගේ පිල් මාරුවෙන් පසුව ඒ සැකය ද ඉවත් වී යයි.. හකීම් යනු කාට ලොකු වුණත් අපටනම් ගිලෙන නැවකින් පැනයන තවත් එක මීයෙකි.. ප්රශ්නය එය නොවේ.. හකීම් නිමිත්ත කර ගනිමින් මෛත්‍රී පිළට ගරහන දෙපත් නයින්ගේ කටවල් මෙතෙක් කල් හකීම් ආණ්ඩුවේ සිටියදී ඇරුණේ නැත්තේ ඇයි යන්න ය.. හකීම් ආණ්ඩුවේ ඉන්නකල් උපාසක බබෙක් වන්නටත්, මෛත්‍රී පිළට ආ සැණින් මහා භයානක ඉස්ලාම් අන්තවාදී යකෙකු වන්නටත් හේතුවක් නැත.. එසේ වන්නේ නම් ඒ, එසේ කියන එකා උපන් ඇඳුමෙන් රජයට කඩේ යන්නෙක් බැවිණි..හකීම් පිළ මාරු නොකළානම් හොඳ බව මම එකපාරට දහස්වරක් සිතමි.. හකීම්, බදුර්දීන් වැනි කසළගොඩවල් නැතුව මේ ටික කරගන්නට පිළිවන් වුණානම් අප ද කැමති ය.. එහෙත් රාජපක්ෂ පාලනය නම් වූ මහ පිළිකාව කපා ඉවත්කරනකල් අපට තාවකාලිකව හකීම් නම් පොඩි පිළිකාව ඉවසාගැනිමට සිදුවේ.. හකීම් හා අන්තවාදය නැති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සැකසීම සදහා ප්‍රථමයෙන් කලයුත්තේ හැකිම්ළාව පෝෂණය කල මහින්ද නමැති සතුරා පරාජය කිරීමයි.
--------------
-චමීර දෙද්දුවගේ-
-චමීර දෙද්දුවගේ-
Last edited:



