“අන්තර්ජාල ජනපති”, එදා සහ අද
මේ වන විට 2015 ජනාධිපතිවරණය පිලිබඳ අන්තර්ජාල ජනමත විමසුම් සියල්ලගෙන්ම පාහේ පෙනී යන්නේ විපක්ෂ අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන 84% ට 15%, 87% ට 12% හා 74% ට 24% වැනි විශාල පරතරයකින්** ජයග්‍රහණය කරන බවකි. (original links methana: https://medium.com/@ko_marx/-d2f821538977)
එහෙත් 2010 ජනාධිපතිවරණයේදීත් අන්තර්ජාල ජනමත විචාරණ හා Facebook Like ලකුණු දෙස බැලූ ඇතැමෙක් සරත් ෆොන්සේකා දිනනු ඇතැයි සිතුවා. ඔවුන්ට වැරදුණු තැන් අද අපි හොඳින් දන්නවා:
මෙවරද එසේම අන්තර්ජාල මතය වැදගත් නැතැයි යමෙක් සිතන්නට පුළුවන්. මෙය වැරදියි. පසුගිය අවුරුදු 4 තුල විශාල වෙනසක් සිදුවී තිබෙනවා:
එනම්, ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය මේ වනවිට අළුත් තාක්ෂණයක් ලෙස නොව සාම්ප්‍රදායික මාධ්‍යයක් ලෙසින්ම හැසිරෙන බවත්, ඉන් සාමාන්‍ය ලාංකිකයාගේ ආකල්ප වෙනදට වඩා හොඳින් නිරූපණය වන බවත් පෙනී යනවා. මෙවර ප්‍රධාන පක්ෂ සියල්ලම අන්තර්ජාල ප්‍රචාරණය සඳහා සිදුකරන වියදම් බැලූ විට මෙය වඩාත් පැහැදිලියි.
** අන්තර්ජාල ලිපින (IP address) නැවත භාවිතය හා ව්‍යාජ ගිණුම් නිසා සිදුවන වැරදි සඳහා 50% ක නිවැරදි කිරීමක් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට වාසි වන පරිදි සිදුකලත් ඉහත ප්‍රතිශත එකක්වත් 65% ට 35% අනුපාතය ඉක්මවුයේ නැත

- 2010 දී අන්තර්ජාල පහසුකම් තිබුනේ ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 25 කට පමණයි
- අන්තර්ජාල මතය කොළඹ නාගරික, ඉංග්‍රීසි කථාකරන තරුණ පරපුරට විශාල නැඹුරුවක් දැක්වූවා. ඉන් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයාගේ මතය නිරුපනය වුනේ නෑ
- එවර සංවාදයේ යෙදුනු ඇතැමෙක් ඡනදය දෙන වයසේ සිටියෙත් නෑ
මෙවරද එසේම අන්තර්ජාල මතය වැදගත් නැතැයි යමෙක් සිතන්නට පුළුවන්. මෙය වැරදියි. පසුගිය අවුරුදු 4 තුල විශාල වෙනසක් සිදුවී තිබෙනවා:
- අන්තර්ජාල භාවිතය ලක්ෂ 50 දක්වා වැඩි වී තිබෙන අතර ජංගම දුරකථන වලින් පමණක් අන්තර්ජාලයට යන ප්‍රමාණය ගත් විට ඊටත් වැඩියි
- එදා ඉංග්‍රීසි බසින් හෝ ඉංග්‍රීසි අක්ෂර වලින් සිදුවුණු සංවාද අද Google සිංහල මෙවලමට පින්සිදු වන්නට සිංහල භාෂාවෙන් සිදුවෙනවා. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ Reddit ජාලය යයි සිතිය හැකි, සාමාජිකයින් 500,000ක් පමණ සිටින ElaKiri.com අඩවියේ දේශපාලන සංවාද දැන් සිදුවන්නේ සම්පූර්ණයෙන්ම වාගේ සිංහලෙන්
- එදා නව යොවුන් වියේ අන්තර්ජාලයට එක්වූ පිරිස අද 20–30 වයස් සීමාවේ පසුවනවා. ඔවුන් හට දැන් ඡන්දය භාවිත කිරීමට පමණක් නොව අන් අයගේ ආකල්ප වෙනස් කිරීමටත් පුළුවන්.
- මෙපමණක් නොව, ඔවුන් හට දැන් වැඩිහිටියන්ගේ ආකල්ප වෙනස් කිරීමේ හැකියාව ලැබී ඇත්තේ සාම්ප්‍රදායික මාධ්‍ය (පුවත්පත්, රුපවාහිනී) වාරණයට ලක්වෙද්දී අන්තර්ජාලය හරහා නවතම පුවත් ඔවුන්ට ලැබෙන නිසාය. එනිසා ඔවුන් තම දෙමව්පියන්ටහට විස්තරලබාදීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා
- සියලුම ප්‍රධාන අන්තර්ජාල සපයන්නන්ගේ ග්‍රාමීය ආවරණය පසුගිය වසර 4 තුල ශීඝ්‍ර ලෙස ඉහලගොස් ඇති අතර broadband සබඳතා වල මාසික වියදම ප්‍රථම වරට විදුලි බිලට වඩා පහත වැටුනා. බහුතර අන්තර්ජාල භාවිත කරන්නන් තවදුරටත් කොළඹ නගර වැසියන් නොවන බව දැන් පෙනී යනවා