“අන්තර්ජාල ජනපති”, එදා සහ අද

komarks

Member
Dec 28, 2014
61
11
0
“අන්තර්ජාල ජනපති”, එදා සහ අද

මේ වන විට 2015 ජනාධිපතිවරණය පිලිබඳ අන්තර්ජාල ජනමත විමසුම් සියල්ලගෙන්ම පාහේ පෙනී යන්නේ විපක්ෂ අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන 84% ට 15%, 87% ට 12% හා 74% ට 24% වැනි විශාල පරතරයකින්** ජයග්‍රහණය කරන බවකි. (original links methana: https://medium.com/@ko_marx/-d2f821538977)

එහෙත් 2010 ජනාධිපතිවරණයේදීත් අන්තර්ජාල ජනමත විචාරණ හා Facebook Like ලකුණු දෙස බැලූ ඇතැමෙක් සරත් ෆොන්සේකා දිනනු ඇතැයි සිතුවා. ඔවුන්ට වැරදුණු තැන් අද අපි හොඳින් දන්නවා:

  1. 2010 දී අන්තර්ජාල පහසුකම් තිබුනේ ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 25 කට පමණයි
  2. අන්තර්ජාල මතය කොළඹ නාගරික, ඉංග්‍රීසි කථාකරන තරුණ පරපුරට විශාල නැඹුරුවක් දැක්වූවා. ඉන් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයාගේ මතය නිරුපනය වුනේ නෑ
  3. එවර සංවාදයේ යෙදුනු ඇතැමෙක් ඡනදය දෙන වයසේ සිටියෙත් නෑ

මෙවරද එසේම අන්තර්ජාල මතය වැදගත් නැතැයි යමෙක් සිතන්නට පුළුවන්. මෙය වැරදියි. පසුගිය අවුරුදු 4 තුල විශාල වෙනසක් සිදුවී තිබෙනවා:

  1. අන්තර්ජාල භාවිතය ලක්ෂ 50 දක්වා වැඩි වී තිබෙන අතර ජංගම දුරකථන වලින් පමණක් අන්තර්ජාලයට යන ප්‍රමාණය ගත් විට ඊටත් වැඩියි
  2. එදා ඉංග්‍රීසි බසින් හෝ ඉංග්‍රීසි අක්ෂර වලින් සිදුවුණු සංවාද අද Google සිංහල මෙවලමට පින්සිදු වන්නට සිංහල භාෂාවෙන් සිදුවෙනවා. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ Reddit ජාලය යයි සිතිය හැකි, සාමාජිකයින් 500,000ක් පමණ සිටින ElaKiri.com අඩවියේ දේශපාලන සංවාද දැන් සිදුවන්නේ සම්පූර්ණයෙන්ම වාගේ සිංහලෙන්
  3. එදා නව යොවුන් වියේ අන්තර්ජාලයට එක්වූ පිරිස අද 20–30 වයස් සීමාවේ පසුවනවා. ඔවුන් හට දැන් ඡන්දය භාවිත කිරීමට පමණක් නොව අන් අයගේ ආකල්ප වෙනස් කිරීමටත් පුළුවන්.
  4. මෙපමණක් නොව, ඔවුන් හට දැන් වැඩිහිටියන්ගේ ආකල්ප වෙනස් කිරීමේ හැකියාව ලැබී ඇත්තේ සාම්ප්‍රදායික මාධ්‍ය (පුවත්පත්, රුපවාහිනී) වාරණයට ලක්වෙද්දී අන්තර්ජාලය හරහා නවතම පුවත් ඔවුන්ට ලැබෙන නිසාය. එනිසා ඔවුන් තම දෙමව්පියන්ටහට විස්තරලබාදීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා
  5. සියලුම ප්‍රධාන අන්තර්ජාල සපයන්නන්ගේ ග්‍රාමීය ආවරණය පසුගිය වසර 4 තුල ශීඝ්‍ර ලෙස ඉහලගොස් ඇති අතර broadband සබඳතා වල මාසික වියදම ප්‍රථම වරට විදුලි බිලට වඩා පහත වැටුනා. බහුතර අන්තර්ජාල භාවිත කරන්නන් තවදුරටත් කොළඹ නගර වැසියන් නොවන බව දැන් පෙනී යනවා

එනම්, ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය මේ වනවිට අළුත් තාක්ෂණයක් ලෙස නොව සාම්ප්‍රදායික මාධ්‍යයක් ලෙසින්ම හැසිරෙන බවත්, ඉන් සාමාන්‍ය ලාංකිකයාගේ ආකල්ප වෙනදට වඩා හොඳින් නිරූපණය වන බවත් පෙනී යනවා. මෙවර ප්‍රධාන පක්ෂ සියල්ලම අන්තර්ජාල ප්‍රචාරණය සඳහා සිදුකරන වියදම් බැලූ විට මෙය වඩාත් පැහැදිලියි.

** අන්තර්ජාල ලිපින (IP address) නැවත භාවිතය හා ව්‍යාජ ගිණුම් නිසා සිදුවන වැරදි සඳහා 50% ක නිවැරදි කිරීමක් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට වාසි වන පරිදි සිදුකලත් ඉහත ප්‍රතිශත එකක්වත් 65% ට 35% අනුපාතය ඉක්මවුයේ නැත
 
  • Like
Reactions: roma3547

neonz

Member
Mar 31, 2008
1,349
55
0
10365755_768970416518165_7932033014937657388_n.jpg
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එල එල...අන්තර්ජාලය බවිත කරන්නේ ගොඩක්ම තරුණ අය බන්...මහින්දට චන්දෙ දෙන්නේ ගොඩක් කාන්තාවෝ, සහ වයසක උදවිය...එකයි internet polls වල මහින්දගේ චන්දෙ අඩු...එකොහොම බැලුවත් මේ පර මහින්දට වැඩ මයිත්‍රී ට ඉන්න පිරිස වැඩියි...
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    එල එල...අන්තර්ජාලය බවිත කරන්නේ ගොඩක්ම තරුණ අය බන්...මහින්දට චන්දෙ දෙන්නේ ගොඩක් කාන්තාවෝ, සහ වයසක උදවිය...එකයි internet polls වල මහින්දගේ චන්දෙ අඩු...එකොහොම බැලුවත් මේ පර මහින්දට වැඩ මයිත්‍රී ට ඉන්න පිරිස වැඩියි...

    rsz_fb_img_1419989577356.jpg
     
    එල එල...අන්තර්ජාලය බවිත කරන්නේ ගොඩක්ම තරුණ අය බන්...මහින්දට චන්දෙ දෙන්නේ ගොඩක් කාන්තාවෝ, සහ වයසක උදවිය...එකයි internet polls වල මහින්දගේ චන්දෙ අඩු...එකොහොම බැලුවත් මේ පර මහින්දට වැඩ මයිත්‍රී ට ඉන්න පිරිස වැඩියි...

    මටත් ඕකම හිතුන. ඒත් SF ට ඒ පාර මීට අහලකින් වත් යන ප්‍රතිශතයක් තිබුන්නෑ නේද? 10-20% ක් අතින් දාල දුන්නත් මහින්ද පරාදයි වගේනෙ මේවයෙ හැටියට
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ වන විට 2015 ජනාධිපතිවරණය පිලිබඳ අන්තර්ජාල ජනමත විමසුම් සියල්ලගෙන්ම පාහේ පෙනී යන්නේ විපක්ෂ අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන 84% ට 15%, 87% ට 12% හා 74% ට 24% වැනි විශාල පරතරයකින්** ජයග්‍රහණය කරන බවකි. (original links methana: https://medium.com/@ko_marx/-d2f821538977)

    එහෙත් 2010 ජනාධිපතිවරණයේදීත් අන්තර්ජාල ජනමත විචාරණ හා Facebook Like ලකුණු දෙස බැලූ ඇතැමෙක් සරත් ෆොන්සේකා දිනනු ඇතැයි සිතුවා. ඔවුන්ට වැරදුණු තැන් අද අපි හොඳින් දන්නවා:

    1. 2010 දී අන්තර්ජාල පහසුකම් තිබුනේ ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 25 කට පමණයි
    2. අන්තර්ජාල මතය කොළඹ නාගරික, ඉංග්‍රීසි කථාකරන තරුණ පරපුරට විශාල නැඹුරුවක් දැක්වූවා. ඉන් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයාගේ මතය නිරුපනය වුනේ නෑ
    3. එවර සංවාදයේ යෙදුනු ඇතැමෙක් ඡනදය දෙන වයසේ සිටියෙත් නෑ

    මෙවරද එසේම අන්තර්ජාල මතය වැදගත් නැතැයි යමෙක් සිතන්නට පුළුවන්. මෙය වැරදියි. පසුගිය අවුරුදු 4 තුල විශාල වෙනසක් සිදුවී තිබෙනවා:

    1. අන්තර්ජාල භාවිතය ලක්ෂ 50 දක්වා වැඩි වී තිබෙන අතර ජංගම දුරකථන වලින් පමණක් අන්තර්ජාලයට යන ප්‍රමාණය ගත් විට ඊටත් වැඩියි
    2. එදා ඉංග්‍රීසි බසින් හෝ ඉංග්‍රීසි අක්ෂර වලින් සිදුවුණු සංවාද අද Google සිංහල මෙවලමට පින්සිදු වන්නට සිංහල භාෂාවෙන් සිදුවෙනවා. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ Reddit ජාලය යයි සිතිය හැකි, සාමාජිකයින් 500,000ක් පමණ සිටින ElaKiri.com අඩවියේ දේශපාලන සංවාද දැන් සිදුවන්නේ සම්පූර්ණයෙන්ම වාගේ සිංහලෙන්
    3. එදා නව යොවුන් වියේ අන්තර්ජාලයට එක්වූ පිරිස අද 20–30 වයස් සීමාවේ පසුවනවා. ඔවුන් හට දැන් ඡන්දය භාවිත කිරීමට පමණක් නොව අන් අයගේ ආකල්ප වෙනස් කිරීමටත් පුළුවන්.
    4. මෙපමණක් නොව, ඔවුන් හට දැන් වැඩිහිටියන්ගේ ආකල්ප වෙනස් කිරීමේ හැකියාව ලැබී ඇත්තේ සාම්ප්‍රදායික මාධ්‍ය (පුවත්පත්, රුපවාහිනී) වාරණයට ලක්වෙද්දී අන්තර්ජාලය හරහා නවතම පුවත් ඔවුන්ට ලැබෙන නිසාය. එනිසා ඔවුන් තම දෙමව්පියන්ටහට විස්තරලබාදීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා
    5. සියලුම ප්‍රධාන අන්තර්ජාල සපයන්නන්ගේ ග්‍රාමීය ආවරණය පසුගිය වසර 4 තුල ශීඝ්‍ර ලෙස ඉහලගොස් ඇති අතර broadband සබඳතා වල මාසික වියදම ප්‍රථම වරට විදුලි බිලට වඩා පහත වැටුනා. බහුතර අන්තර්ජාල භාවිත කරන්නන් තවදුරටත් කොළඹ නගර වැසියන් නොවන බව දැන් පෙනී යනවා

    එනම්, ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය මේ වනවිට අළුත් තාක්ෂණයක් ලෙස නොව සාම්ප්‍රදායික මාධ්‍යයක් ලෙසින්ම හැසිරෙන බවත්, ඉන් සාමාන්‍ය ලාංකිකයාගේ ආකල්ප වෙනදට වඩා හොඳින් නිරූපණය වන බවත් පෙනී යනවා. මෙවර ප්‍රධාන පක්ෂ සියල්ලම අන්තර්ජාල ප්‍රචාරණය සඳහා සිදුකරන වියදම් බැලූ විට මෙය වඩාත් පැහැදිලියි.

    ** අන්තර්ජාල ලිපින (IP address) නැවත භාවිතය හා ව්‍යාජ ගිණුම් නිසා සිදුවන වැරදි සඳහා 50% ක නිවැරදි කිරීමක් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට වාසි වන පරිදි සිදුකලත් ඉහත ප්‍රතිශත එකක්වත් 65% ට 35% අනුපාතය ඉක්මවුයේ නැත

    මමත් සමීකශනයක් සිදු කරන බව ඇත්ත නමුත් කිසිම පුද්ගලයෙකු 60% ඉක්මවන්නේ නැහැ එක ඉර හද වගෙ විශ්වාසයි

    රටේ මුලු ජනගහනයෙන් 18%යි නගරබද, 78%ක් ම ගම්බද ගැමි ජන්ද 4%ක් කදුරට

    ඒ අනුව මෙවර සමන්යෙන් ජන්ද ලක්ශ 110ක් තියෙනවා,

    නගරබද = 1,980,000
    ගැමී ජන්ද = 8,580,000
    කදුරට = 440,000

    මේ අන්තර්ජාල චන්ද කියන්නේ බොහොවිට නගරබද ජන්ද ඒ අනුව අපි කියලු මෛත්‍රීට 70% ක් ලැබුනා කියලා

    එවිට මෛත්‍රී 1,386,000, මහින්දට 594,000

    කදුරට ගොඩක් ඉන්නෙ ඉන්දීයානු දම්ල මිනිස්සු කොහොමත් එ අය බහුතරය මෛතීට තමයි මම හිතනවා එය 65% වගෙ වෙවි

    එතකොට මෛත්‍රීට 286,000 මහින්දට 154,000

    ඕන්න අපි එන්වා ඉතාම වැදගත්ම බලපැමක් කල හැකි කොටසට. එ නම් ගැමි ජන්දවලට

    මහින්ද 60% ක් ගතහොත් මහින්ද දිනනවා එ බව මහින්ද දනන්වා නැත්නම් පොර රටෙන් කැල්ලක් හරි දෙන්නම් කියලා TNA එකේ සහය ලබාගන්නවා.

    ඒ අනුව මෛත්‍රීට ගැමි ජන්ද 3,432,000 යි, මහින්දට 5,148,000 යි (මහින්දට ගැමි ජන්ද 60%ක් ගන්නවා යැයි උපකල්පනය කර ඇත)

    ඒ අනුව අවසාන ප්‍රතිපලය මෛත්‍රිට 5,533,000 මහින්ද 5,896,000

    ගැමිජන්ද 55% - 45% වුනත් මෛත්‍රීට 5,533,000 මහින්ද 5,467,000 එසෙ බෙදි ගියොත් වැඩි ජන්ද 66,000 කින් මෛත්‍රී ජය ගනු ඇත
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙක තමයි ඇත්ත 2010 මහින්ද ගැමි ජන්ද වලින් 70% ක්වත් ගන්න ඇති නමුත් එය 55%කට පහලින් තබාගැන්න්න පුලුවන් වෙවිද?
     
    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    මමත් සමීකශනයක් සිදු කරන බව ඇත්ත නමුත් කිසිම පුද්ගලයෙකු 60% ඉක්මවන්නේ නැහැ එක ඉර හද වගෙ විශ්වාසයි

    රටේ මුලු ජනගහනයෙන් 18%යි නගරබද, 78%ක් ම ගම්බද ගැමි ජන්ද 4%ක් කදුරට

    ඒ අනුව මෙවර සමන්යෙන් ජන්ද ලක්ශ 110ක් තියෙනවා,

    නගරබද = 1,980,000
    ගැමී ජන්ද = 8,580,000
    කදුරට = 440,000

    මේ අන්තර්ජාල චන්ද කියන්නේ බොහොවිට නගරබද ජන්ද ඒ අනුව අපි කියලු මෛත්‍රීට 70% ක් ලැබුනා කියලා

    එවිට මෛත්‍රී 1,386,000, මහින්දට 594,000

    කදුරට ගොඩක් ඉන්නෙ ඉන්දීයානු දම්ල මිනිස්සු කොහොමත් එ අය බහුතරය මෛතීට තමයි මම හිතනවා එය 65% වගෙ වෙවි

    එතකොට මෛත්‍රීට 286,000 මහින්දට 154,000

    ඕන්න අපි එන්වා ඉතාම වැදගත්ම බලපැමක් කල හැකි කොටසට. එ නම් ගැමි ජන්දවලට

    මහින්ද 60% ක් ගතහොත් මහින්ද දිනනවා එ බව මහින්ද දනන්වා නැත්නම් පොර රටෙන් කැල්ලක් හරි දෙන්නම් කියලා TNA එකේ සහය ලබාගන්නවා.

    ඒ අනුව මෛත්‍රීට ගැමි ජන්ද 3,432,000 යි, මහින්දට 5,896,000 යි (මහින්දට ගැමි ජන්ද 60%ක් ගන්නවා යැයි උපකල්පනය කර ඇත)

    ඒ අනුව අවසාන ප්‍රතිපලය මෛත්‍රිට 5,533,000 මහින්ද 5,896,000

    ගැමිජන්ද 55% - 45% වුනත් මෛත්‍රීට 5,533,000 මහින්ද 5,467,000 එසෙ බෙදි ගියොත් වැඩි ජන්ද 66,000 කින් මෛත්‍රී ජය ගනු ඇත
    මේක වැරදියි බන්. උතුරු නැගෙනහිර චන්ද සහ මුස්ලිම් චන්ද උඹ ගනන් ගන්නේ කොහොමද? මහින්දට ගැමි සින්හල බෞද්ධ චන්ද වලින් 63~65% ගන්න ඕන දිනීමක් ගැන හිතන්න.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේක වැරදියි බන්. උතුරු නැගෙනහිර චන්ද සහ මුස්ලිම් චන්ද උඹ ගනන් ගන්නේ කොහොමද? මහින්දට ගැමි සින්හල බෞද්ධ චන්ද වලින් 63~65% ගන්න ඕන දිනීමක් ගැන හිතන්න.

    එවා තියෙන්නෙත් ගැමි ජන්දවල බහුතරය :yes:
     
    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    එවා තියෙන්නෙත් ගැමි ජන්දවල බහුතරය :yes:
    උඹ හිතන්නෙ සින්හල බෞද්ධ ගැමි චන්ද වලින් මහින්ද කීයක් (%) ගනී කියලද?
     
    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    උඹ හිතන්නෙ සින්හල බෞද්ධ ගැමි චන්ද වලින් මහින්ද කීයක් (%) ගනී කියලද?
    ප්‍රශ්නෙ වෙනස් විදියකට ඇහුවොත් , මහින්ද දිනන්නනම් සිංහල බෞද්ධ ගැමි චන්ද වලින් කීයක් (%) ගන්න ඕනද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මටත් ඕකම හිතුන. ඒත් SF ට ඒ පාර මීට අහලකින් වත් යන ප්‍රතිශතයක් තිබුන්නෑ නේද? 10-20% ක් අතින් දාල දුන්නත් මහින්ද පරාදයි වගේනෙ මේවයෙ හැටියට

    ඔව් එක තමයි...ගිය පාර SF ඉල්ලපු වෙලේ මම දුන්නෙත් නැහැ..ඇත්ත චන්දයක් තිය online වත් දුන්නේ නැහැ..එවෙලේ පැහැදිලිවම SF ට වඩා මහින්ද කොහොමත් ඉදිරියෙන් හිටිය.. මොකද ගහපු මඩ පහරවල් කෙලින්ම SF ට වැදුන ආයේ පාර හිටින්නම..එත් මේ සැරේ ආණ්ඩුවට ඒ සෙල්ලම හරිගියේ නැහැ...කරපුවයෙන් උනේ තව නා ගත්තු එක විතරයි...අනික මිනිස්සුන්ටත් දැන් ගොඩක් එපා වෙල..

    කොහොම උනත් internet චන්ද වලට වඩා ඇත්ත චන්දෙ ප්‍රතිපලය ගොඩක් වෙනස් වෙයි අංක වලින්...ඉන්ටෙර්නෙට් චන්දෙ කිසිම ප්‍රමිතියක් නැතුවනේ පවත්වන්නේ...අනික මුළු රටේම ජනතාවගේ මතය එතන කියවෙන්නේ නැහැ...හැබැයි අවසාන ප්‍රතිපලය බොහෝ දුරට දැන්ම කියන්න පුළුවන් තත්වයක් තමයි තියෙන්න...
     
    Last edited:
    ගැමි චන්ද බලන්න ඕන දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙට. තැන් තැන් වල වෙනස්. ගම්පහ නම් මහින්ද 50% ඉක්මවයි කියල මම හිතන්නේ නෑ. නුවර පළාතත් එහෙමයි. ගාල්ල, කළුතර, අනුරාධපුර, පොලොන්නරුව, රත්නපුර වගේ එව කොහොමද කියල කාට හරි තේරෙනවද?

    හැබැයි අපි තාත්වික වෙන්න ඔනෑ. මේ poll වලින් පෙන්නේ SF ට 2010 තිබුන සහයෝගයට සාපේක්ෂව අද මෛත්‍රීට විශාල සහයෝගයක් තියන බව විතරයි. මහින්දට සාපේක්ෂව කීයද කියල කියන්න අමාරුයි. හැබැයි SF ගේ 40% පන්නන බවනම් අනිවාර්යයි. මෛත්‍රීගේ සිංහල චන්ද ඒකට එකතු කරලා, ජිල්මාට් වලට අඩු කරහම මම හිතනවා 55% විතර එයි කියල (සුළු ජාතික චන්ද මම දෙපැත්තටම එකතු කරේ නෑ. SF ටත් ඒවායින් හුඟක් ලැබුන කියල උපකල්පණය කරල මම ඒව නොසලකා හැරිය)

    (වැරද්දක් හෙම තියනවනම් නිවැරදි කරන්න)
     
    Nov 24, 2014
    789
    64
    0
    අදටත් ශ්රී ලංකාවේ බහුතරයක් ඉන්ටනෙට් පාවිච්චි කරන්නෙ නෑ. පාවිච්චි කලත් ඒ හැමෝටම චන්දෙ නෑ. චන්දෙ තිබ්බත් ඒ හැමෝම ඔන්ලයින් පෝල් වලට එන්නෙ නෑ. ඒකයි ඇත්ත තත්වෙ. කීබෝඩ් එක ඉස්සරහට වෙලා චන්ද කැම්පේන් කරන කීබෝඩ් වීරයො. අඩුම ගානෙ ඔය කෑගහන උන් එක පෝස්ටරයක් අලවන්න ගිහිං තියෙනවද ? එක පක්ශ කාර්යාලයක එක පැයක් නිදිමරල නැති උන් කීබෝඩ් වලිං දේශපාලනය කරන්න එනව.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤