සලමන් ඛාන්ලා ගෙන්වීම හරක් වැඩක්.. ඒවා යන්නෙත් මහින්දගේ ගිණුමට.. මහින්දට දිනන්න උන් ඕන නෑ..
මහින්දට ඡන්ද දිනන්න සලමන් ඛාන්ලා ඕනෑ නැති බවත් ආණ්ඩුවේ එකෙකු දෙන්නෙකු කරන හරක් වැඩ බැරවන්නේ මහින්දගේ ගිණුමට බවත් රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කියති.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මෙසේද කීහ.
‘විපක්ෂයට එකතු වෙන අය දිහා බැලූවාම අපිට වෙන්නේ එන පොට හොද නැහැ. කෙල්ල ගෙට ගනින් කියලා විතරයි.
ආණ්ඩුව ඇතුළේ ඉන්න හරකකු දෙන්නෙකු කරන වැරදි වැඩ මහින්දගේ ගිණුමට බැර කිරීම අනුමත කරන්නේ නෑ. අපි මේ ආණ්ඩුවට උදව් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට පමණයි. මහින්ද දිනවීමට මේ රටේ අහිංසක මිනිස්සු ඕන තරම් ඕන තරම් ඉන්නවා සල්මාන් ඛාන්ලා ගෙන්වීම පළක් නැති වැඩක්’
lankacnews



