සමනලී

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සමනලී ෆොන්සේකාගේ `අබිරහස් වීඩියෝවේ` තවත් තොරතුරු එළියට ! අලුත්ම හෙළිදරව්ව මෙන්න !!

    කුඹුක්ගැටේදී පහර කෑ සමනලී ෆොන්සේකා කුරුණෑගල රෝහල් ගතවීමෙන් අනතුරුව ට්‍රොලියක රැගෙන යන හැටිත් - රෝහල් වාට්ටුවක ඇඳක ඇලවෙන හැටිත් - ඉන් අනතුරුව ඇඳෙන් නැගිට දුරකථන අංකයක් ඉල්ලා ගැනීමට `ඉහෙන් බහින ලෙඩක් නැතිව` ඇවිද යන හැටිත්, ඊටත් පසුව, ``කොලිටි වීඩියෝවක්`` ගැන යමක් පවසන හැටිත් පෙන්වන `රහසිගත` වීඩියෝව `ජාතික` රූපවාහිනියේ සහ `ස්වාධීන` රූපවාහිනියේ `ෂර්ලොක් හෝම්ස්` කැමරාකරුවන් විසින් සපයන ලදුව, මේ වන විට සයිබර් අවකාශය පුරා ද සැරිසරන බව අපට සැලය. ඒ පිළිබඳව තවත් `රහසිගත` තොරතුරු ප්‍රමාණයක් අප සතුව පවතියි. අපි ඒවා `හෙළිදරව් කරන්නට` තීරණය කළෙමු.

    `අලුත් පරපුර` සංවිධානයේ තරුණ කලාකරුවන් පිරිසට සහ ඔවුනට සහාය දැක්වීමට පැමිණි ප්‍රවීණ ගයන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරට කුඹුක්ගැටේදී ප්‍රහාරයක් එල්ල විය. ලක්ෂ්මන් විජේසේකරට පා පහරක් එල්ල කළේ මේ වනවිට ඇප මත නිදහස් වී සිටින කමල් ඉන්දික නමැති නිල් බලකා සංවිධායකවරයාය. ඔහුගේ ආධාරකරුවන් විසින් කලාකරුවන්ට එල්ල කරන ලද ගල්ප්‍රහාරයට ලක්වූයේ උදය ධර්මවර්ධන සහ සමනලී ෆොන්සේකාය. ඒ ගල් ප්‍රහාර වලින් උදය හෝ සමනලී මිය ගියේ නැත. ඒ ගල් ප්‍රහාර වලින් උදය හෝ සමනලී සිහි මුර්ජා වූයේ නැත. ඒ ගල් ප්‍රහාර වලින් උදයගේ හෝ සමනලීගේ දෙපා වෙන්ව ගියේ නැත. ඒ ගල් ප්‍රහාර වලින් උදයගේ හෝ සමනලීගේ ස්වාභාවික පියවි සිහිබුද්ධිය විකල් වූයේ නැත. ඒ ගල් ප්‍රහාර වලින් උදය හෝ සමනලී අබ්බගාත වූයේ නැත. ඒ නිසා ඔවුන් පා ගමනින් යන බව පෙන්වීම, `මාර` සොයාගැනීමක්ද?

    ඔවුන් ප්‍රහාරකයන්ගෙන් මිදී තමන් ආ වහනය වෙත දිව ගියේ දෙපයිනි. මන්ද, ගල් ප්‍රහාරයකට ලක්වීමෙන් පසු එයින් බේරී දිවයන මිනිසුන්ට ට්‍රොලි සැපයීමේ සේවාවක් අතිගරු ජනාධිපති රාජපක්ෂ හෝ ආරක්ෂක ලේකම් රාජපක්ෂ හෝ බ්ලූ බලකායේ රාජපක්ෂ හෝ තවමත් සපයා නැත. ඔවුන් ඒ වාහනයේ නැගී කුරුණෑගලට රෝහල අසලින් බැසගත්තේද දෙපයිනි. සාමාන්‍ය පටිපාටිය අනුව රෝහලකට රෝගියෙක් රැගෙන ගිය විට රෝගියා පා ගමනින් පැමිණියත් රෝගියාගේ තත්වය සළකා බලා රෝහල් බලධාරීන් වාට්ටුවට රෝගියා රැගෙන යාම සඳහා ට්‍රොලියක් සපයා දෙයි. උදය සහ සමනලී අබ්බගාත නොවූ හෙයින් පළමුව පා ගමනින් පැමිණ, `නාමල්`ගේ යාළුවන් ද නොවන හෙයින් වෛද්‍යවරුන්ට තග නොදමා ඔවුනට කීකරුව, ට්‍රොලියෙන් වාට්ටුව කරා ගෙන යන්නේ ඒ අනුවය. රෝහල් බලධාරීන් `අලුත් පරපුර` සංවිධානයේ සාමාජිකයන් නොවන නිසා ඒ මොහොතේ කරන ලද නිර්දේශය, උදයට හෝ සමනලීට `රඟපාන්නට චාන්ස් එකක් අරන් දීමක්` ලෙසින් වටහා ගත හැක්කේ අයි ටී එන් නැරඹීමේ හා එහි යන ඒවා විශ්වාස කිරීමේ මට්ටමට බුද්ධිය `ලෙවල් වී ඇති` අයකුට පමණි.

    ඊළඟට, ට්‍රොලියෙන් වාට්ටුවට යන සමනලී ඇඳෙන් බැස ඔබ මොබ යන අයුරු මෙන්ම හොඳින් කතාබහ කරන අයුරුද `රහසිගත වීඩියෝවේ` ඇත. එයද පුදුමාකාර හෙළිදරව්වකි. වාට්ටුවට ගෙන යාමෙන් පසු රෝගියකුට ඇඳෙන් බහින්නට නොහැක කියා නීතියක් හෝ රීතියක් නැත. වෛද්‍ය උපදෙසක් විශේෂයෙන් ලැබී නැත්නම්, රෝගියාට ඇඳෙන් බිමට බසින්නට පුළුවන. ඉන් අනතුරුව, සමනලී කා සමගදෝ කතාකරයි. ඒකත් හෙළිදරව්වක්ද? ``ගලක් වැදුණු පසු කතා නොකළ යුතුය. මලා මෙන් සිටිය යුතුය.`` ඒක යක්ෂ කතාවකි. අනෙක, කැමරාවක් ක්‍රියාත්මකද නැද්ද යන්න ගැන උදයටත් සමනලීටත් අමුතුවෙන් කියා දියයුතු නැත. සමනලී ඇඳෙන් බසින්නේ කැමරා හෝ ජංගම දුරකථන අක්‍රිය නිසා නොව ඒ මොහොතේ කළ යුතු අත්‍යවශ්‍ය වැඩක් වෙනුවෙනි.

    අපි මේ `අභිරහසේ` තවත් ගැඹුරට යමු. මොකක්ද ඒ අත්‍යවශ්‍ය කාර්යය ? කුඹුක්ගැටේදී එල්ල වූ ප්‍රහාරය වහ වහා සමාජගත කළ යුතුය. ඒ සඳහා ජංගම දුරකථනවල ඇති දර්ශන ඉක්මනින් අදාළ මාධ්‍යයන් වෙත යොමු කළ යුතුය. කලාකරුවකුට ගීතයක් ගයනා කරන්නට නොදෙන වියරු පාලකයන් පිළිබඳ සත්‍යය ලොවට හෙළිකළ යුතුය. ඒ සඳහා, වාට්ටුවේ ඔබ මොබ නොව ඒ මොහොතේ රෝහලෙන් පිටතට වුව යායුතු නම් යන්නට `අලුත් පරපුර` සාමාජිකයන් සූදානම්ය. `ඉහෙන් බහින ලෙඩක්` තිබුනත් නැතත් අප එහෙමය. අවශ්‍ය දුරකථන අංක සොයමින් - අවශ්‍ය සන්නිවේදන සබඳතා ගොඩනගාගන්නට වෙහෙසෙන්නේ ඒ නිසාය. `` ``කොලිටි වීඩියෝවක්`` ගැන කතාකරන්නේ අදාළ දර්ශන හැකි උපරිම නිරවුල්ව මේ රටේ කොන්ද පණ ඇති මිනිසුන් වෙත ඉදිරිපත් කළ යුතු නිසාය. ඒ කියන වීඩියෝවේ අන්තර්ගත වී තිබුනේ `මුග්ධ මැරයන්ගේ තුච්ජ ප්‍රහාර` මිස `තෑගී දෙන ලද එංගලන්ත අස්සයකුගේ හෝ රේස් කාර් එකක දර්ශන` නොවේ.

    ඒ නිසා රාජ්‍ය මාධ්‍ය මඩ මෙහෙයුම නිකම්ම නිකම් පුස් විහිළුවක් බව පැහැදිලිය. මහා අභිරහසක් හෙළි කරන්නාක් මෙන් එළිය දමා ඇත්තේ මෙලෝ රහක් නැති `සර් - ලොක් හොල්මන්` වර්ගයේ බාල වීඩියෝවකි. අනෙක් අතට, ආණ්ඩුවේ මඩ මෝල් මේ නොකියා කියන්නේ ``අපි ගැහුවට ඔය තරම් අමාරු වෙන්න ගැහුවේ නැත`` කියාය. ගල් පාර කෑව එකා, ඇවිද්දා -කතාකළා - කෝල් ගත්තා කියා ගල් පාර ගැහුව එකා සුදනා වන්නේ නැත. අනික, ගල් පාරක් වැදුනා කියා කළයුතු දේ නොකර ඉන්නට අප සූදානම්ද නැත.

    කෙසේවෙතත්, ජාතික හා ස්වාධීන බෝඩ් ලෑලි පසුපස සිට අසූචි අනන නිකමුන්ටත් - ලක්ෂ්මන් විජේසේකරට බඩට ගහන එක මහා ලොකු දෙයක්ද කියා අහන මදුමාදව අරවින්දටත් - ඔය මඩ වීඩියෝවේ දර්ශන රසකර කියන ජැක්සන් ඇන්තනීටත් ටත් - (රට = මහින්ද සූත්‍රය අනුව) `රටට` ද්‍රෝහී වෙනවානම් අම්මා තාත්තට වුනත් විරුද්ධ වන බව කියන මාලනී ෆොන්සේකාටත් - අරලිය දන්සැලේ පිළිකන්නේ ඉඳුල් හිඟමනේ යන අනෙක් හැමෝටමත් අප කියන්නේ මෙපමණකි. මොහොතක් දෑස පියාගෙන, ``මේ කරන දේ හරිද ?`` කියා ඔබ ඔබේම හදවතින් ඔබ කරන දේ ගැන අහන්න. ``නැත`` කියා හඬක් ඔබට ඇසෙනු ඇත !

    - අලුත් පරපුර —
     
    hunt

    Junior member
  • Jul 28, 2006
    182
    16
    18

    itin dan apita mokakda karanna kiyanne? ....
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    රට බෙදන සුදු නෙලුම නැවතත් පිපීම වලකමු..
     
    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    ප්‍රශ්නය ඈත්තෙ රොහල් ගත වීම තුල නොව පහර දීම සම්බන්දවයි..මෙ කරන්නට උත්සහ කරන්නෙ සෑබෑ ප්‍රශ්නය යටපත් කරන්නට උත්සහ කිරීමයි
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මට ඕක මුලදිම තේරුනා.... ITN එක පෙන්නුවෙ තේරුමක් නැති video එකක් කියල. ඒත් අනිත් උන් බනින්න පටන් ඉවරයි සමනලී ඉවරයි කියල. මෙනව කරන්නද
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සමනලි හරි කවුඩි හරි පෙත්තප්පු හරි මොකා හරි කමක් නැ. දැන් ප්‍රශ්නේ ඉස්පිරිතාලේට පයින් ගිය එකද, ට්‍රොලියේ ගිය එකද? නැත්තම් මුන්ට ගහපු එකද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    ප්‍රශ්නය ඈත්තෙ රොහල් ගත වීම තුල නොව පහර දීම සම්බන්දවයි..මෙ කරන්නට උත්සහ කරන්නෙ සෑබෑ ප්‍රශ්නය යටපත් කරන්නට උත්සහ කිරීමයි
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මට ඔය ටික එදාම හිතුනා බන්, රොගියෙකුව රොහලකට ගෙනිච්චම ගෙනියන්නේ කොහොමද කියලවත් අරගෑනී මන්දිරයේ බත්ගොට්ටන් දන්නේ නැහැ, මුන් ටීවී වල පෙන්නනේ ට්‍රොලියේ ගෙනියන තැන ඉදලා, එතකොට ට්‍රොලියට නැග්ගේ වාහනෙන් බැහැලා පයින් ඇවිදගෙන ඇවිත් කියන එක මිනිස්සුන්ට පෙන්නේ නැහැ, අනික සමනලී කියන්නේ ටිකක් ප්‍රසිද්ධ චරිතයක් ඉතින් ඒ වගේ කෙනෙක් ඉස්පිරිතාලෙකට ආවම ටිකක් විශේෂව සලකනවා.

    මධ්‍ය ආයතන වලින් කරන්නේ ඕනි මිනිස්සුන්ව රවට්ටන එක නෙමෙයි, මිනිස්සුන්ට ඇත්ත පෙන්නන එක, මොකක් හරි සිද්ධියක් එක කොටසක් විතරක් පෙන්නලා එකෙන් මුන් හදන්නේ මිනිස්සුන්ගේ මනස අවුල් කරන්න,

    අනික ඕවා රඟපෑම්ද, නියම රඟපෑම කලේ "මට මතක නැහැ" චිත්‍රපටියේ නළුවනේ. ඔළුව හතරට පහට පළලා සැත්කම් කරපු කෙනෙක්නෙ දෙයියෙනි මේ දැන් ඔළුවේ හිරීම තුවාලයක කැලලක්වත් නැතුව ඉන්නේ, අන්න රඟපෑම සමනලීලට අහලකටවත් එන්න පුළුවන්ද ඒ රඟපෑම වලට.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සමනලි උපුල් සාන්ත සන්නස්ගල ඇතුලු අලුත් යැයි කියා ගන්නා සෙට් එක සිරිසෙනගේ කක්කුස්සිය ගලවගෙන කන එක විතරක් නෙමෙයි කරන්නේ ඇගෙත් නාගන්නවත් එක්ක.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අර වීර ජගා කියයිද දන්නැ මේකිව කානුවට විසි කරමු කියලා ඇයි ඉතින් කස්ටියගෙම රගපැම් ඉවරයිනෙ

    26.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සන්නස්ගලයාගේ සික්‍රිප්ට් ඵකට රගන්න ගිය තවත් ඵක්..
    චිංචමාණවිකාවිකගේ...
    ශෝකාලාපයයි....
    පව් මොනවා කරන්නද?
    අධ්‍යක්ෂක...
    ඵක ඇගිල්ලක් හොල්ලන්න කිව්වාම...
    මුළු ඇගම හොල්ලන්න ගියාම හෝම වෙනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    උබ මහා මෝඩයෙක් බන් , මිනිහෙක්ට ගැහුවොත් හරි ඒ වගේ දෙයක් සිද්ද උනොත් අනිවාර්යයෙන් රෝහල් ගත වෙන්න ඕනෙ , එතකොට වෛද්‍යවරු තමා තීරනය කරන්නෙ උගෙ තත්වය අසාධ්‍යද නැද්ද කොහොමද කියල. ඉතින් පොල් බූරු රූපවාහිනි බල්ලො ඕක දැනගෙන වාට්ටුවට රින්ගලා ගොන් ආතල් එකක් අරන්. අනික ඔපරේශන් එකක් කරපු එකෙක් උනත් ඇදෙන් බැහැල ඇවිදිනව දැකල නැද්ද ? දරුවෙක් හම්බුන අම්ම කෙනෙක් ඊට පස්සෙ ඇවිදිනව දැකල නැද්ද, නිකන් ගොන් ආතල් නිව්ස් දාන්න එපා බන් මහින්දයා පරදිනව

    ඇයි මීඩියා කාරයෝ දාන්නෙ නැත්තෙ නුවර ප්‍රජාත්‍රාන්ත්‍රිම පක්ශයේ සන්විදායක
    නීතීඥ චන්න ගලප්පත්තිගේට අලුත්ගමගේ ගහපු කේස් එක ? මිනිහගෙ පුතා හොස්පිටල් එකට ආවම ඒකත් ආන්ඩුවට කඩේ යන්න පාවිච්චි කරා පර බලු රූපවාහිනි පින්ගුත්තරයො. අර මනුස්සයා ගම්පොල ICU එකේ

    තුප්පහි මීඩියා පොන්නයාට හොදි බේරෙන්න ගැහුව ගලපත්ති මහතාට අපේ උපහාරය
    :yes::yes: