මගේ ඡන්දය

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මහින්ද පාලනයේ වසර 9ක් සහ ඉන්පෙර 11 වසරක් ඇමතිකම් කල මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන මට සුවිශේෂ පැහැදීමක් නැත. නමුත් මෙවර ඒ මහතාට මගේ ඡන්දය දීමට තීරණය කලෙමි. එයට හේතු සමහරක් මේවායි.

1.18 වන ව්‍යවස්ථා සංශෝධනය, රටේ අනාගතය වඩාත් යහපත් මගකට ගෙන එන 17 වැනි සංශෝධනයෙන් රටට ලැබුණු ස්වාධීන කොමිෂන් සභා වලට වූයේ කුමක්ද? මහජන ඡන්දයෙන් ලැබුණු ජනවරම නොයෙක් වරදාන දීමෙන් විකෘති කර එමගින් සාදාගත් 2/3 බලයෙන් ඇතිකළ 18 වන සංශෝධනයෙන් රටේ සදාචාරයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම වලට බලවත් පහරක් එල්ලවූ බව මට හැඟෙයි.

2. "ගිය කාගේත් ෆයිල් මගේ අතේ තිබෙනවා" යන ප්‍රකාශය. මෙය බ්ලැක් මේල් කිරීමක් සේම රටේ ප්‍රධාන පුරවැසියෙකු නොකළයුතු දෙයක් ලෙස හඟිමි. එසේම නිවටයන් සේ කට වසාගෙන රජයට සහාය දක්වන්නේ නම් ඕනෑම දූෂිත ක්‍රියාවක් කිරීමට අවසර ඇති බව මෙයින් ගම්‍ය වෙයි. ඇමතිවරුන් කිහිප දෙනෙකු අධික ලෙස ධනවත් වීමත්, ඔවුන්ගේ ධනය උපයාගත් සාධාරණ මගක් පෙනෙන්නට නොවීමත්, එසේම ඇතැම් ඇමතිවරයෙක් අල්ලස් කොමිසම මගහැර සිටීමක් ගැන අසන්නට ලැබීමත් මෙයටම සම්බන්ධ කාරණා ලෙස පෙනී යයි.

3.රටට බරක් වූ අනවශ්‍ය ව්‍යාපෘති. අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ සහ වරායන් සංවර්ධනය වන රටකට අවශ්‍යයි. නමුත් මෑත කාලයේදී ලංකාවේ ඉඳිකළ උක්ත ව්‍යාපෘති නිසි ඇගයීමකින් තොරව ඉඳිකළ, නිවැරදි ආයෝජන ලෙස නොදකිමි.

4. ඥාතී සංග්‍රහය. මින් පෙර ලංකාවේ කිසිම පාලකයෙකු නොකළ අන්දමින් ඥාතීන්ට සහ මිතුරන්ට නිසි සුදුසුකම් සපිරීමකින් තොරවම රජයේ ප්‍රධාන ආයතන වල වගකිවයුතු තනතුරු ප්‍රදානය කිරීම. එසේම මර්වින් සිල්වා, මුතුහෙට්ටිගම වැනි නුසුදුසු පුද්ගලයන්ට උසස් ඇමති පදවි ලැබීමත්, එමගින් මහජන කැමැත්ත හෑල්ලු කිරීමක් කර ඇත.

5.අනවශ්‍ය ලෙස මිත්‍යා විශ්වාස පසුපස යාම,ඥාණසාර භික්ෂූව සහ ජාතිවාදය.තවදුරටත් මෙවැනි පාලනයක් ඉදිරියටත් පැවතුනහොත් මෙරටත් අප්‍රිකානු ගෝත්‍රික රාජාණ්ඩුවක් ලෙස පරිහානියට පත් වීම වැළක්විය නොහැකි වනු ඇත.
 
  • Like
Reactions: LoriyaK

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනවාරි 8 චන්දය මහින්දට විරුද්ධව පාවිච්චි කරන්න .කුමන අපේක්ෂකයකුට චන්දය දුන්නත් ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් චන්ද මංකොල්ලයකට ඉඩ නොතබමු. රාජ්‍ය මංකොල්ලය වලකමු


    10881599_312982152242929_2917041897554210925_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං මෛත්‍රීට තමා අපිත් ඡන්දෙ දෙන්නෙ. මගෙ හිතේ පොඩි ප්‍රහ්නයක් තියෙනවා.
    ගිය පාරත් පොදු අපේක්ෂකයා සරත් ෆොන්සේකා ආපු වෙලාවෙ.. කොහොම හරි මහින්ද දින්නා නේ. මොකද ආන්ඩු බලය තිබුනෙ එහෙ නිසා. මේ පාරත් අපි කොච්චර දගලගෙන ගිහිං කතිරෙ ගැහුවත්..කොච්චර ඡන්ද මෛත‍්‍රිට වැටුනත්.. ගිය පාර වගේද දෙයක් වෙන් නැති වෙයි කියලා සහතික වෙන්නේ කොහොමද ? :(
    එපා වෙලා ඉන්නෙ. කොහොමත්.. ඡන්දෙ නං දෙනවා මේ පාර...
    අර ප්‍රශ්නෙ තමා හිතට වද දෙන්නෙ
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචං මෛත්‍රීට තමා අපිත් ඡන්දෙ දෙන්නෙ. මගෙ හිතේ පොඩි ප්‍රහ්නයක් තියෙනවා.
    ගිය පාරත් පොදු අපේක්ෂකයා සරත් ෆොන්සේකා ආපු වෙලාවෙ.. කොහොම හරි මහින්ද දින්නා නේ. මොකද ආන්ඩු බලය තිබුනෙ එහෙ නිසා. මේ පාරත් අපි කොච්චර දගලගෙන ගිහිං කතිරෙ ගැහුවත්..කොච්චර ඡන්ද මෛත‍්‍රිට වැටුනත්.. ගිය පාර වගේද දෙයක් වෙන් නැති වෙයි කියලා සහතික වෙන්නේ කොහොමද ? :(
    එපා වෙලා ඉන්නෙ. කොහොමත්.. ඡන්දෙ නං දෙනවා මේ පාර...
    අර ප්‍රශ්නෙ තමා හිතට වද දෙන්නෙ

    mae para mahindaya dinuowth nan lewa kanna wenne,dan tiyena malatath ekka tawath kotanna gay..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මචං මෛත්‍රීට තමා අපිත් ඡන්දෙ දෙන්නෙ. මගෙ හිතේ පොඩි ප්‍රහ්නයක් තියෙනවා.
    ගිය පාරත් පොදු අපේක්ෂකයා සරත් ෆොන්සේකා ආපු වෙලාවෙ.. කොහොම හරි මහින්ද දින්නා නේ. මොකද ආන්ඩු බලය තිබුනෙ එහෙ නිසා. මේ පාරත් අපි කොච්චර දගලගෙන ගිහිං කතිරෙ ගැහුවත්..කොච්චර ඡන්ද මෛත‍්‍රිට වැටුනත්.. ගිය පාර වගේද දෙයක් වෙන් නැති වෙයි කියලා සහතික වෙන්නේ කොහොමද ? :(
    එපා වෙලා ඉන්නෙ. කොහොමත්.. ඡන්දෙ නං දෙනවා මේ පාර...
    අර ප්‍රශ්නෙ තමා හිතට වද දෙන්නෙ

    මෙ පාර හොර කරන්න අමරු වේයි මචන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    mae para mahindaya dinuowth nan lewa kanna wenne,dan tiyena malatath ekka tawath kotanna gay..
    :yes::oo: මේ වෙන දේවල් බලන් ඉන්න බැරි නිසයි මචං මිනිස්සු හැමෝම වෙනසක් ‍හොයන්නෙ. කිව්වත් වගේ කුපිත වෙලා ඉන්න එක්කෙනා දින්නොත් නං අපිට අබ සරණ තමා

    මෙ පාර හොර කරන්න අමරු වේයි මචන්
    අනේ මන්දා බං. දන්නවා නේ මේ අයගෙ හැටි.. :oo:
    සාධාරණ මැතිවරණ කියන ඒවා තියෙන්නේ පොත් වල විතරනෙ.. :oo::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ෴ සුද්දා, මහින්ද, එදා සහ අද ෴

    සුදු අධිරාජ්‍යවාදීන් අපේ රටට විනයක් කියල ඒ කාලේ ඉඳපු සමහර දුර දිග පෙනෙන සිංහල නායකයෝ කියන කොට, අපේ මුතුන් මිත්තෝ මෙන්න මෙහෙම කිව්වා.

    “සුදු මහත්තුරු අපේ රටේ තාර පාරවල් හැදුවා, රේල් පාරවල් හැදුවා, විදුලි බලය ගෙනාවා, වරාය හැදුවා, ගුවන් තොටුපොළවල් හැදුවා, ඉස්කෝල හදල අපේ ළමයින්ට ඉගැන්නුවා. අපේ රටට මෙච්චර සේවයක් කරපු සුදු මහත්වරු රටට වින කරනවා කියල කියන්නේ කුහකයෝ”

    “උඹලට කෙලෙහි ගුනේ නැද්ද? ලන්දේසීන්ගේ යකඩ සපත්තුවෙන් අපිව මුදවා ගත්තේ මේ ඉංග්‍රීසි කාරයෝ නේද?”

    අපේ මුතුන් මිත්තොන්ව හොඳට හඳුනාගෙන ඉඳපු සුදු මහත්වරු, මෙහෙම කියන උන්දලාට මුදලි කම් දුන්න, ගම වර දුන්නා, ඉන්ගලන්තෙට නව සංචාර දුන්නා, තව නොයෙකුත් වර දාන දුන්නා. ඒ වර දාන අරගත්තු අපේ මුතුන් මිත්තෝ, “අපෝ! මේ සුදු පාලනය තරම් තවත් කාර්යක්ෂම පාලනයක් ලංකාවට කවද ලැබෙයිද?” කිය කියා තව තවත් සුද්දොන්ට රටේ බලය තහවරු කරගන්න දුන්නා.

    මේ අතරේ දුර දිග පෙනෙන නායකයෝ කීප දෙනෙක් සුද්දොන්ට විරුද්දව කැරලි ගහන්න උත්සාහ කරා. ම සුදු පාලනයේ තියෙන අනතුර මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න හැදුවා. එත්, ඒ නායකයෝ ඔක්කොම ද්‍රෝහියෝ විදියට හංවඩු ගහලා සුද්දොන්ට පාවා දෙන්න අපේ මුතුන් මිත්තො කටයුතු කළා.

    ලෝකේ ටිකෙන් ටික දියුණු වුනා. මුද්‍රණ යන්ත්‍ර ආවා, පොත පත ආවා. මිනිස්සු මේවා කියවනකොට, උන්ගේ මොලේ ටික ටික පෑදෙන්න ගත්තා.

    “මේකට කියන්නේ අධිරාජ්‍යවාදය” එක මුතුන් මිත්තෙක් තව එකෙකුට කිව්වා. “මුන් අපිට පාරවල් හදල දුන්නේ, වරාය, ගුවන් තොටුපොල හදල දුන්නේ, අපේ රටේ තියෙන හැම සම්පතක්ම හුරගෙන උන්ගේ මඩිය තර කර ගන්න” තව එකෙක් කිව්වා. අපේ රටේ සම්පත් හුරගෙන කාල, උන්ගේ රටවල් 1000% කින් විතර දියුණු වුනා. අපි, අර පාරවල්, රේල් පාරවල්, වරාය, ගුවන්තොටුපොළ හප කර කර හිටියා.

    “දැන් ඉවසුවා ඇති! මේ සුරා කමට තවත් ඉඩ දෙන්න බැහැ” අපේ මිනිස්සු නිදහස වෙනුවෙන් සටනට බැස්සා.

    ඒත්, ඒ වෙනකොට අවුරුදු 152ක් ගෙවිල ගිහින්. වෙන්න ඕන හරිය රටට වෙලා ඉවරයි. රටේ සම්පත් සේරම කුණු කොල්ලෙට හුරගෙන කාපු සුද්දා, විසි වන සියවසේ ශීෂ්ට සම්පන්න බව, ස්වාපාලනය, වගේ ලොකු වචන අපිටම කියල “නිදහස” බන්දේසියක තියල අපිට දීල යන්න ගියා.
    අද වෙනකොට උන්ගේ ජීවිත අපේ ජීවිත වගේ දහස් ගුණයකින් සැප සම්පත් වලින් පිරිලා. ඒ අපෙන්ම හුරගෙන කාපු සම්පත් වලින්.

    සුද්දෝ එදා අපිව අන්දපු මේ සුත්තරේ අවුරුදු 200 කට පස්සේ තේරුම් ගත්තේ මහින්ද රාජපක්ෂ කියන මහත්තයා.

    ඔව් එයා ත්‍රස්තවාදයෙන් රට මුදාගන්න නායකත්වය දුන්න තමයි. පාරවල් හැදුවා තමයි. ගුවන් තොටුපොළවල් හැදුවා තමයි. වරායවල් හැදුවා තමයි….

    එත්, අර සුද්දෝ වගේම ඒ දේවල් කරන අතරේම, එයා සහ එයාගේ පවුලේ අය මේ රට මහා අසීමාන්තික සුරා කමකට ලක් කළා. එදා අපේ මුතුන් මිත්තෝ වගේ, “අනේ මහින්ද මහත්තයා අපේ පාර හදල දුන්න, වරයා හැදුවා, කොටි එලෙව්වා” කියා කියා නැවත නැවතත් බලය දුන්නොත්, ඇත්ත තත්වය තේරෙනකොට තව අවුරුදු 150ක් ගිහිල්ලා තියෙයි.

    ඉතින් මේ ඇවිත් තියෙන්නේ 1817 ඌව වෙල්ලස කැරැල්ල වගේ අවස්තාවක්. අපේ මුතුන් මිත්තෝ කරපු මෝඩ කම අයෙත් නොකර, මේ නව “පවුල්රාජ්‍යවධියා” අපි මේ මොහොතේ පරාජය කල යුතුමයි.

    හොඳින් හිතන්න. මෛත්‍රීපාල බොරු කලොත්, අපි ඒක එදාට බලා ගමු. දැන් තියෙන්නේ මේ අදූරදර්ශි, තමන්වාදී, පිළිලය උඩු දුවන්න ඉස්සෙල්ලා ඉවර කරන එක.

    උපුටා ගැනීම අන්තර් ජාලයෙනි
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම හිතුවේ උබ බොක්කෙන්ම විකල්පයට සපෝර්ට් එක දෙනවා කියලා:angry::angry::angry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම හිතුවේ උබ බොක්කෙන්ම විකල්පයට සපෝර්ට් එක දෙනවා කියලා:angry::angry::angry:

    UNP සක්කිලියෙක්..ඕකා මහේෂ්ට චන්දෙ දාන්නේ නැහැ..එදාට ගිහින් සජිත් හාමුට දීලා එනවා..ශික් මුන් වගේ උන් බෝබ්බෙන් ගියේ නැනේ :(