මහින්ද පාලනයේ වසර 9ක් සහ ඉන්පෙර 11 වසරක් ඇමතිකම් කල මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන මට සුවිශේෂ පැහැදීමක් නැත. නමුත් මෙවර ඒ මහතාට මගේ ඡන්දය දීමට තීරණය කලෙමි. එයට හේතු සමහරක් මේවායි.
1.18 වන ව්‍යවස්ථා සංශෝධනය, රටේ අනාගතය වඩාත් යහපත් මගකට ගෙන එන 17 වැනි සංශෝධනයෙන් රටට ලැබුණු ස්වාධීන කොමිෂන් සභා වලට වූයේ කුමක්ද? මහජන ඡන්දයෙන් ලැබුණු ජනවරම නොයෙක් වරදාන දීමෙන් විකෘති කර එමගින් සාදාගත් 2/3 බලයෙන් ඇතිකළ 18 වන සංශෝධනයෙන් රටේ සදාචාරයට මෙන්ම ප්රජාතන්ත්රවාදයේ මූලධර්ම වලට බලවත් පහරක් එල්ලවූ බව මට හැඟෙයි.
2. "ගිය කාගේත් ෆයිල් මගේ අතේ තිබෙනවා" යන ප්‍රකාශය. මෙය බ්ලැක් මේල් කිරීමක් සේම රටේ ප්‍රධාන පුරවැසියෙකු නොකළයුතු දෙයක් ලෙස හඟිමි. එසේම නිවටයන් සේ කට වසාගෙන රජයට සහාය දක්වන්නේ නම් ඕනෑම දූෂිත ක්‍රියාවක් කිරීමට අවසර ඇති බව මෙයින් ගම්‍ය වෙයි. ඇමතිවරුන් කිහිප දෙනෙකු අධික ලෙස ධනවත් වීමත්, ඔවුන්ගේ ධනය උපයාගත් සාධාරණ මගක් පෙනෙන්නට නොවීමත්, එසේම ඇතැම් ඇමතිවරයෙක් අල්ලස් කොමිසම මගහැර සිටීමක් ගැන අසන්නට ලැබීමත් මෙයටම සම්බන්ධ කාරණා ලෙස පෙනී යයි.
3.රටට බරක් වූ අනවශ්‍ය ව්‍යාපෘති. අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ සහ වරායන් සංවර්ධනය වන රටකට අවශ්‍යයි. නමුත් මෑත කාලයේදී ලංකාවේ ඉඳිකළ උක්ත ව්‍යාපෘති නිසි ඇගයීමකින් තොරව ඉඳිකළ, නිවැරදි ආයෝජන ලෙස නොදකිමි.
4. ඥාතී සංග්‍රහය. මින් පෙර ලංකාවේ කිසිම පාලකයෙකු නොකළ අන්දමින් ඥාතීන්ට සහ මිතුරන්ට නිසි සුදුසුකම් සපිරීමකින් තොරවම රජයේ ප්‍රධාන ආයතන වල වගකිවයුතු තනතුරු ප්රදානය කිරීම. එසේම මර්වින් සිල්වා, මුතුහෙට්ටිගම වැනි නුසුදුසු පුද්ගලයන්ට උසස් ඇමති පදවි ලැබීමත්, එමගින් මහජන කැමැත්ත හෑල්ලු කිරීමක් කර ඇත.
5.අනවශ්‍ය ලෙස මිත්‍යා විශ්වාස පසුපස යාම,ඥාණසාර භික්ෂූව සහ ජාතිවාදය.තවදුරටත් මෙවැනි පාලනයක් ඉදිරියටත් පැවතුනහොත් මෙරටත් අප්‍රිකානු ගෝත්‍රික රාජාණ්ඩුවක් ලෙස පරිහානියට පත් වීම වැළක්විය නොහැකි වනු ඇත.

මේ වෙන දේවල් බලන් ඉන්න බැරි නිසයි මචං මිනිස්සු හැමෝම වෙනසක් හොයන්නෙ. කිව්වත් වගේ කුපිත වෙලා ඉන්න එක්කෙනා දින්නොත් නං අපිට අබ සරණ තමා 