පරාජය අභිමුව වියරු වැටීම

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
පරාජය අභිමුව වියරු වැටීම

10600543_813198452073243_3875891776738741339_n.jpg


ජනවාරි 08 වැනිදායින් පස්සෙත් මමයි ජනාධිපති.” ඒ මහින්ද මේ දවස්වල නිතර කියන කතාවය. මහින්ද විතරක් නොව ඇමතිවරුද මේ කතාවම කියති. දිනුවත් පැරදුනත් මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවෙ ඉන්නවා. ආණ්ඩු හිතවාදී උග‍්‍ර පාක්ෂිකයන්ගේ කතාවය. ලොක්කට අනුව පොඞ්ඩෝ මේ කතාව තැන් තැන්වල පතුරුවති. එය එසේ විය හැකිද? කිසිසේත්ම විය නොහැක්කකි. රටේ ජනාධිපතිගේ කාලය තීරණය කරන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. අපේ ව්‍යවස්ථාවට අනුව ජනවාරි 08 මහින්ද පැරදුනාම අනිවාර්යයෙන්ම ගෙදර යා යුතුය. එක මොහොතක්වත් බලයේ ඉන්නට බැරිය.

මෙය මහින්ද නොදන්නවා නොවේය. සැබවින්ම මෙය මානසික උපක‍්‍රමයකි. ජනතාව තුළ භීතිය ඇති කරවන්නකි. මහින්ද පැරැුද්දවීමට ඉදිරියට එන අයව දුර්වල කිරීමකි. මහින්දගේ කේවට්ටයන්ට අනුව මේ මතය පැතිරවීම තාවකාලිකව හෝ ඔවුන්ට සහනයකි. එහෙත් ඉතා පැහැදිලිව නිතියට අනුව ඔහුගේ කාලය ඉන් අවසන් වෙයි. ඉතිරිව තිබූ අවුරුදු දෙකේ කාලය ද ඉන් ඔහුට අහිමිවී යයි. ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වූ කෙනෙකුට තවදුරටත් බලයේ සිටිය නොහැක. එසේ සිටින්නේ නම් එය බලහත්කාර කමකි. ගෝඨාභය හිතනවා නම් හමුදා බලය යොදාගෙන බලයේ සිිටින්නට එය අමුම අමු මෝඩකමකි. 2010 දී සැලසුම් හැදුවේ ඒකටය. එහෙත් දැන් තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. පළමුවෙන්ම මෙයට විරුද්ධව නැගී සිටින්නේ හමුදාවය. හමුදාවේ ඇත්ත තත්වය දන්නා ඕනෑම කෙනෙකුට මෙය තේරුම් ගත හැකිය.

ජනතා බලය ඉතා ශක්තිමත්ය. මෙවන් තත්වයක් ඇති වුවහොත් රටේ ජනතාවෝ ලක්ෂ ගණනින් ඉදිරියට එති. එය වැළැක්වීමට ගෝඨාගේ හිතවත් බලකායන්ට කිසිම හැකියාවක් නැත. එදාට ගෝඨාගේ අණ පිළිගන්නා හමුදාපතිවරයෙකු හෝ පොලිස්පතිවරයෙකු නැත. සියල්ල ජනතා බලයට යටය. එහෙත් දැන් උත්සාහ කරන්නේ හොඳින් හෝ නරකින් බලය පවත්වාගෙන යනවාය, යන මතය තහවුරු කරන්නටය. එකී මතය සමාජගත කරන්නයට. භීතිය ඇති කර සියල්ල යටපත් කරන්නටය.

මේ දවස්වල මිනිස්සු අහන තව කතාවක් ඇත. එනම් අපේ ඡුන්දෙන් මෙදාපාර මහින්ද නම් පරද්දනවා. ඒත් මොකක් හරි හොරකමක් කරයි ද? බස් එකේ කෝච්චියේ වැඩපළේ හැමතැනම මේ ප‍්‍රශ්නය සාකච්ඡුා කරයි. පහුගිය කාලය පුරාවටම ඇතිවෙච්ච දේවල් මෙම ප‍්‍රශ්නයට බලපා ඇත. හැමෝ තුළම පැරැුද්දවීම පිළිබඳ සැකයක් නැත. එහෙත් හොර ක‍්‍රමයකින් කොහොම හරි ගනී ද කියන සැකය, අවිශ්වාසය ඇත. සැකය සාධාරණය. එහෙත් සැකය තුළින් මන්දෝත්සාහය වර්ධනය කරයි. මහින්දට අද ඇත්තේ ඩූ ඕ ඩයි ගේමකි. එබැවින් දන්න සෙල්ලම් ඔක්කොම දාන්න පුළුවන්ය. එහෙත් එය එසේ යැයි සිතා පස්සට යාම ඔහුටම වාසියකි. පළමුව පැරැුද්දවීමට ඡුන්දය දිය යුතුය. දෙවනුව එකී ඡුන්දයේ හොරකම් නතර කර ගත යුතුය. එය කළ හැක්කේ මිනිසුන්ගේ පැත්තෙන් අවදියෙන් සිටීමෙන් හැමතැනම හැමවිටම සොදිසියෙන් සිටීමෙන් ය. සමස්ත ජනතාවම මෙය හරියට කරන්නේ නම්, මහින්දගේ ඡුන්ද හොරකම් නතර කළ හැකිය.
මේ දේශපාලන පක්ෂවලට භාරදීමෙන් පමණක් ඉටුවන්නේ නැත. දේශපාලන පක්ෂවලට ද මෙහි වගකීමක් ඇත. එහෙත් එතැනට සීමා නොවිය යුතුය. සමස්ත පොදු ජනතාවම මෙයට මැදිහත් විය යුතුය. එහි වගකීමක් සෑම පුරවැසියෙකුටම ඇත. මෙය වඩාත් පහසු වන්නේ පසුගිය හොරකම් ගැන දන්නා මෛතී‍්‍රලා, රාජිතලා අද අනික් පැත්තේ සිටීම නිසාය. ඔවුහු ඉතා හොඳින් පසුගිය සෙල්ලම් දන්නෝය. එබැවින් වැඬේ පහසුය. ජනතාවගේ පැත්තෙන් බය නැතිව ඉදිරියට ඒමක් අවශ්‍ය වන්නේ ඔය හොර මගඩි සියල්ල පරාජය කිරීමට ය.
දැනටමත් රාජ්‍ය බලය, රාජ්‍ය සම්පත් ඡුන්දයට යොදා ගැනීමට එරෙහිව ජනතාව කි‍්‍රයාත්මක ය. මහින්දගේ කටවුට් මේනියාවට ප‍්‍රබල ජනතා විරෝධයක් ආවේ ඒ නිසාය. ඇත්තෙන්ම මහින්දට තිබිච්ච තත්වය තවත් වට්ටගත්තේ කටවුට් වලින්ය. ඒ වගේම මේ දවස්වල කොහේ හරි අක‍්‍රමිකතාවයක් වුනොත් ජනතාව ස්වාධීනව ඊට ප‍්‍රතිචාර දක්වයි. ආණ්ඩුවේ වාහන හා ආණ්ඩුවේ නිලධාරීන් ඡුන්දයට යොදා ගැනීමට ආයතනවලින්ම විරෝධය මතුවෙමින් පවතී. මෙතෙක් ඒ ගැන කතා නොකරපු අය අද බය නැතිව ඊට හමුදා පොලිසිය ඇතුළේ මේ තත්වය වර්ධනය වී ඇත. මහින්දගේ ඡුන්දය තවතවත් කිට්ටු වෙනකොට මෙම විරෝධය තවත් ප‍්‍රබල වෙනු ඇත.

භීතිය පැතිරවීම බලයේ පැවැත්මේ එක උපක‍්‍රමයකි. හිට්ලර් එදා මුළු ජර්මනිය පුරාම පැතිර වූයේ මෙකී භීතියයි. විදේශ ආක‍්‍රමණ පිළිබඳ භීතිය ජනතාව තුළ පැතිරවූයේ ය. එය හිට්ලර්ගේ ඒකාධිපති පාලනයට තාවකාලික වාසියක් විය. එහෙත් සදාකාලිකවම ජනතාව හිට්ලර්ට වෛර කරයි. හිට්ලර් මිය ගිය ද හිට්ලර්ගේ නමට ජනතාව වෛර කරයි. ඕනෑම ඒකාධිපතියෙකුට මෙය එසේමය.
මහින්ද සරත් ෆොන්සේකාව හිරේ දැම්මේ පළිගැනීමට ය. පළිගැනීමට පමණක් නොව තමන්ට විරුද්ධව නැගී සිටින අයට අත්වන ඉරණම මේ යැයි ජනතාවට පෙන්වීමටය. ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහකිරීම හරහා ද කළේ එයයි. රටේ අග‍්‍රවිනිශ්චයකාරවරිය වුවද තමන්ට එරෙහි වන්නේ නම් විශ‍්‍රාම වැටුප පවා නැති කරන්නට හැකි බව මහින්ද පෙන්නුවේය. මෙය පළිගැනීමක් මෙන්ම ජනතාව බිය වැද්දීමකි. පහුගිය කාලය පුරාම මහින්දගේ බලයේ ක‍්‍රමය එය විය. එහෙත් මේ සියල්ල ජනතාව දැන් හොඳින් තේරුම් ගෙන ඇත. එබැවින් මෙතැනින් එහාට ජනතාව බිය වද්දන්නට මහින්දට හැකියාවක් නැත. ඇත්තටම අද බිය වී ඇත්තේ මහින්දය.

මහින්ද අද හැම වෙලාවෙම හිතන්නේ මගෙන් කවුරු පැනලා යයිද කියාය. අද කොච්චර එකට හිටියත් ඡුන්දයේ අන්තිම රැුළ්ල ගහනකොට බොහෝ දේවල් වෙන්නට ඉඩ ඇත. ?ට නින්දට යන්නේ ඒ භය හිතේ තියාගෙනය. දවසින් දවස තමන්ගෙන් පිරිස ඈත්වී යයි. එය මහින්දට පමණක් නොව මුළු පවුලටම දරාගන්නට නොහැකිය. මේ භය පටන් ගත්තේ මෛතී‍්‍ර එළියට ඒමත් එක්කය. මහින්ද හිතුවේ රනිල් ඡුන්දයට එයි කියාය. ඒ ගැන හිත හදාගෙන මහින්ද ඡුන්දය ගෙනාවේය. එහෙත් සිද්ධ වෙච්ච දෙය මහින්දට කරකවලා අත හැරියේය.
රනිල්ව ජනාධිපතිවරයාට ගෙන ඒමේ කොන්ත‍්‍රාත්තුවේ ප‍්‍රධානියා වූයේ තිස්ස අත්තනායකය. මහින්ද මුලින්ම තිස්සව අල්ල ගත්තේ ඒකටය. තිස්සව අල්ලගෙන කොහොම හරි සජිත් නියෝජ්‍ය නායකයා කළේය. සජිත්, රනිල්, රවි ගැටුම අවසන් කළේය. මහින්ද හිතුවේ දැන් වැඬේ හරි කියාය. තිස්සට උපරිමයෙන් සැලකුවේ මේ වැඬේටය. එහෙත් සියල්ල කණපිට පෙරළුණේය. තිස්සගෙ වැඬේ මුළුමනින්ම බකල් වුනේය. චන්ද්‍රිකා, මංගල, රනිල් සියලූ දෙනා එක්ව මෛතී‍්‍රව එළියට ගත්තේය. තිස්සට කර කියා ගන්නට දෙයක් නැති විය. ගත්ත දේවල් ආපහු දෙන්නට විදියක් ද නැත. එහෙම කළත් සියල්ල මහින්ද හෙළිදරව් කරන එක වලක්වන්නට බැරිය. අන්තිමේදී තිස්ස ආණ්ඩුවට පැන්නේය. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ ඩයස්පෝරා කුමන්ත‍්‍රණ කීවද ඇත්ත කුමන්ත‍්‍රණය වූයේ මෙයයි. පවුලේ අයිය මලෝල ඔක්කොම එක්ක හදපු කුමන්ත‍්‍රණය ලප් තැනම ලොප් වුණේ එලෙසින්ය.

මේ වෙනකොට මහින්ද ගහපු එක තුරුම්පුවක්වත් හරියට වැඩ කළේ නැත. ගහන ගහන තුරුම්පුව අතේ පත්තු විය. ඔක්කොම තුරුම්පු ඉවර වුනාම රාජ්‍ය බලය උපරිමයෙන් පාවිච්චි කරන තැනට තල්ලූවීම ඕනෑම ඒකාධිපතියෙකුගේ සාමාන්‍ය හැසිරීමයි. එහෙත් අද එය ද තමන්ට විරුද්ධ ජනමතයක් ගොඩනැෙ`ගන තත්වයට පත්වී ඇත. ලංගම බස් ගන්න ගන්න ජනතාව ඊට විරුද්ධ වෙයි. හිරකරුවන් ඡුන්ද වැඩවලට ගන්න ගන්න ජනතා අප‍්‍රසාදය තව තවත් වැඩිවෙයි. මැති ඇමැතිවරු කොතරම් පාරම්බෑවත් එය ආපස්සට හරවන්න බැරිය. එහෙත් මේ තත්වය හමුවේ තව තව වියරු වන්නට බැරි නැත. වියරුව වැඩියෙන් මතුවන්නේ බලය ගිලිහෙන ඔන්න මෙන්න අවස්ථාවේදීය. විපක්ෂයේ කාර්යාල ගිනි තියන්නේ මෙම වියරුවයි. හෙට අනිද්දා තව තවත් බොහෝ දේවල් වියරුවෙන් කළ හැකිය. එහෙත් මහින්ද වියරු වන්න වන්න නැති කරගන්නේ ජනතා ප‍්‍රසාදයයි. හැකි නම් වියරුවෙන් දගලන්නට ඕනෑ තරම් ඉඩදිය යුතුය. එතකොට වියරුවෙන් දගලන සැබෑ ඒකාධිපතියාගේ නිරුවත ඡුන්දයට කළින් ජනතාවට දැකබලා ගත හැකිය. ඡුන්දයේෙදී මේ සියල්ල එකතුකොට පරද්දන තීන්දුව තව තවත් ශක්තිමත් කර ගත හැකිය. පරාජය අභිමුව වියරු වැටීම පාලකයාගේ ස්වභාවයයි. වියරුව අභිමුව පරාජය කිරීම ජනතාවගේ ස්වභාවයයි.

 
Last edited:

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සුනාමි සහනාධාර (හෙල්පින් හම්බන්තොට ) මිලියන 83ක් වංචා කිරීමේ සිට චීන ගනුදෙනු හරහා 2012 වසර වන විට කෝටි 24,000 උපයා ගත බවට රාජපක්‍ෂ සහෝදරයන්ට චෝදනා එල්ලවී ඇත.


    අවදානෙන් නරබන්න , :yes::yes:



    ජනාධිපතිවරයාගේ වියදම් ලෙස ( 2015 අයවැයෙන් කෝටි 959කි ) වෙන් කරගත් මුදල අනුව දිනකට ලක්ෂ 262ක් ඔහු වියදම් කරයි . අරලිය ගහ මැදුරේ දිනක පලතුරු වියදම රුපියල් ලක්ෂය 5කි

    (හු--- පලතුරු කෑමක් මු කන්නේ ) අපිට පොල්සම්බලුයි බත් වත් වෙල් තුන හරියට කන්න බැ මුන් දවසකට ලක්ෂය 5ක පලතුරු කනවා රාජ්‍ය සේවය කිරීම සදහා මාරාගේ බෙටි වලින් පොර හදනවා ඇති ..කාලකන්ණි සත්තු ,, .. :angry::angry:



    රටේ ජනගහනයෙන් සියට 41කගේ දවසේ ආදායම රුපියල් 260 ට අඩු බව රජයේ සංඛ්‍යා ලේඛනවල සදහන්ය ..

    රටේ සමස්ත අයවැයෙන් අඩක්ම මහින්දට යටත් වන අතර ,රාජපක්ෂ පවුල යටතේ සමස්ත අයවැයෙන් සියයට 69.9ක් පාලනය වෙයි සිය කාර්ය මණ්ඩලය සමග ඔහු වාහන 2000 කට ආසන්න ප්‍රමාණයක් පාචිච්චි කරයි . ජනාධිපති උපදේශකවරු 193කි . හිටපු ජනාධිපතිවරුන්ට සිටියේ 5ක් පමණි , එත් ආතල්ම කරුණ වන්නේ මෙම 193න් 120ක්ම රාජපක්ෂ පවුල රෙජීමයේ ඌන් වීමයි ...

    ඒකාධිපති බලලොබි ,පාලකයෙක්ට අපේ රට අපේ අනාගතය තුන් වතාවක් කන්න බලය දෙන්න පුලුවන්ද ?

    ඒකාධිපති පරයන් පලවා හරින කාලය එළබි ඇත ,,

    එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    වියරුව අභිමුව පරාජය කිරීම ජනතාවගේ ස්වභාවයයි.