යහ පාලනයක අවශ්‍යතාවය හොඳින් දැනුනු අවදියක, රටේ සිදුවන අසාධාරණකම්, දූෂණ හමුවේ රත්වුනු ලේ වලින් අපහට කල හැකි කිසිවක් නොවූහ. අපහට කල හැකි එකම දෙය වනුයේ පවතින ක්‍රමයට විරුද්ධව කතිරයක් ගැසීම පමණකි.
එහෙයින් ඊයේ දිනයේ මාගේ කුළුඳුල් ජනාධිපතිවරණ ඡන්දය යහ පාලනයක් වෙනුවෙන් සලකුණු කොට පැමිණියේ අද දිනයේ කුමක් සිදුවේද? යන ප්‍රශ්නාර්ථයද හිතැතිවය.
මා බලාපොරොත්තු වූ ඒ දේ එලෙසින් සිදු වුවද, මා කිසි සේත්ම බලාපොරොතු නොවූ දෙයක් සිදු කරමින් අන්තර් ජාලයේ පලවූ ඉහත ඡායාරූපය මාගේ සිතට යම් වේදනා සහගත බවක් ඇතිකරවීය.
තිස් වසරක කුරිරු යුද්ධයේ වේදනාව මාද හොදින් විද දරා ඇත, මාගේ පාසලේ මාගේ සමීපතම මිතුරන් කිහිපදෙනෙකුගේද වටිනා ජීවිත ඊට බිලිවී හමාරය.
දශක තුනක සිට නැවතීමේ තිත තැබීමට දත කෑ නමුදු දේශපාලණ කෘහක කම් හමුවේ කිසිඳු නායකයෙකුට ජයගත නොහැකි වූ කඩ ඉම ජයගත් එකම විරුවා හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාම බව අප කවුරුත් අවිවාදයෙන් යුතුව පිළිගත යුතු කරුණකි.
මහින්ද රාජපක්ෂ යනු එඩිතර නිහතමානී පාලකයෙකු බව මා හොදින් දනිමි.
එහෙත් යුද්ධය හමාර කල පමනින් අප සියල්ලගේ මාතෘ භූමිය, තමන්ගේ හා තම පවුලේ සමීපතමයන්ගේ පෞද්ගලික භූදලයක් ලෙස සිතා කටයුතු කිරීම කිසි සේත්ම උචිත නොවේ. රටක් ස්ථාපිත රාජ්‍යයක් වීමට නම් එහි පාලකයා ධාර්මික හා යුත්ති ගරුක පුරවැසියෙක් විය යුතුය. එහි නීතිය තමාටත්, තම සමීපතමයන්ටත් හා රටේ අන් සියල්ලටත් එකක් විය යුතුය, එසේ නොමැතිව ඒකාධිපති වියරුව හිසින් දාරාගෙන රට පාලනය කල පාලකයන්ට අත් වූ අමිහිරි ඉරණම් හී ඉතිහාසය අප හොදින් අසා ඇත. අද දිනද සිදුවූයේ ඊට සමාන දෙයකි.
ඔහුගේ විනාසයට පාර කපා දුන්නේ ඔහු වටකරගෙන සැපසම්පත් ලබා ගත් පිරිසගේ නොහොබිනා ක්‍රියා කලාපයයි.
කැපුවත් කොල, නිල් කියා බේදයක් අප හට නැත. හරි දේට හරි සේම වැරදි දේට වැරදි යැයි කීමට අපට හැකිය. අද දින අප සියල්ලෝම එකාමෙන් ඉදිරිපත් වී තෝරා පත් කරගන්නා පාලකයා වුවද, ඉදිරියේදී වැරදි යැයි අප හට හැඟුන හොත් ඊට එරෙහිවද හඬ නැගීමට අප පසුබට නොවෙමු.
කෙසේ හෝ ලාංකිකයන් වන අප කලගුණ සැලකීම හොදින් ප්‍රගුණ කල ජාතියකි. මහින්ද රාජපක්ෂ මැතිතුමා අද දින ඔහුගේ මහත්මා ගුණය මැනවින් පෙන්නුම් කරමින් ඉතා නිහතමානී ලෙස සමුගෙන ගිය අයුරු පක්ෂ පාට බේදයකින් තොරව අප සැමගේ සිත් සසල කරවන්නට සමත් විය.
ගරු මහින්ද රාජපක්ෂ මැති තුමනි ඔබතුමා රට වෙනුවෙන් කල සේවය සදා අමරණීයි, කවුරුන් ජනාධිපති වුවත්, රට එක්සේසත් කල ජනාධිපති ලෙසින් ඔබතුමන් සදාකල් අප හදවත් තුල සිටීවි.
ඔබට සුභ ගමන්!.
එසේම නව ජනාධිපති තුමණි සිදු වූ සියල්ල පාඩමක් ලෙස සිතා රටේ ජනතාව ඔබ කෙරෙහි තැබූ විශ්වාසය එලෙසින්ම සුරකිමින් මෛත්රී පිරි පාලනයකින් අප රට මුළු ලෝකයේම මුතු ඇටය බවට පත් කිරීමට හැකිවේවායි හදවතින්ම සුභ පතමු..!