බැසිලුත් යයි
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය සමග අද අළුයම ඩුබායි බලා පිටත්ව ගියේය.කලු පැහැ ඩිෆෙන්ඩර් රථ පෙළක් පිරිවරාගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තට පැමිණි ඔහු එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් අද අළුයම 2.55 ට දිවයිනෙන් පිටත් විය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය දුරය දැරූ ඔහු සීමා රහිත ලෙස බල තල හිමිකරගෙන සිටි ඇමරිකානු පුරවැසියෙකි.ඔහු ඩුබායි හරහා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ගිය බව දැනගන්නට ඇත. රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකු ඇමරිකාවේ පදිංචිව සිටිති.රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකාවෝ දෙදෙනෙකු ඊයේ අළුයම ඩුබායි බලා පිටත්ව ගියහ.බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසියේය. ඔහුගේ පළමු නාම යෝජනා පත්‍රයෙහි රැකියාව ලෙස සඳහන් කර තිබුනේ ගොවිතැනයි.ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර සිට ඔහුගේ ගම්පහ කාර්යාලයේ තිබු ලිය කියවිලි ඇතුලු බඩු භාන්ඩ සියල්ල රැසක් රැගෙන ගොස් තිබිණි.
පුෂ්පා රාජපක්ෂ මහත්මිය 'ලිය අබිමන්' සභාපතිනිය ලෙස කටයුතු කළාය.
Last edited:

