2010 සිට 2015 වන විට ඉහත දිස්ත්‍රික්ක 6න් කොළඹ, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්කවල මහින්ද මහතාට අවාසි තත්වයක් නිර්මාණය වීමට පසුගිය වකවානුවේ රට තුල ඇතිවූ ජාතිවාදී තත්වයන් හේතු වෙන්න ඇති. පොළොන්නරුව සහ ගම්පහ දිස්ත්‍රික්ක මෛත්‍රී මහතාගේ හා චන්ද්‍රිකා මහත්මියගේ බල ප්‍රදේශ නිසා ඒ ප්‍රදේශ පරාජය වීම ඒ මත සිදු වූවක්. මහින්ද මහතා බදුල්ල දිස්ත්‍රික්කය පරාජය වුවත් කරට කර සටනක් පැවති දිස්ත්‍රික්කයක්. හරීන් ප්‍රනාන්දුගේ කාර්යභාරය ඒ සඳහා බලපෑමක් ඇති කළා විය හැකියි. ඒ හැරුණු කොට ප්‍රවෘත්ති වලට වඩාත් නිරාවරණය වූ නාගරික ආසන මෛත්‍රී මහතා ජයග්‍රහණය කරද්දී ග්‍රාමීය ආසන වල වැඩි වාසිය මහින්ද මහතාට හිමි වුවත්, 2010ට සාපේක්ෂව ඒ සියලු ආසන වල චන්ද පරතරය ඉතා විශාල ලෙස අඩුවීම සමස්ත පරාජයට හේතුවයි.




