"ප‍්‍රභාකරන්ටත් ප‍්‍රතිපත්ති තිබුණා. ඔහු අපේ පවුල්වලින් පිළිගත්තේ නැහැ. ඔහු අපේ පවුල් වලින් දරුවන්ගෙන් පිළිගත්තේ නැහැ. මේ පාලකයා ප‍්‍රභාකරන්ගේ ඇගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නැහැ"
ඒ අකාරයෙන් මහින්ද රාජපක්‍ෂ ප‍්‍රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නැතැයි බලපිටියේ ඡන්ද රැස්වීමකදී පැවසූ සරත් ෆොන්සේකා , පසුව ලංකාදීපය සමග පැවැත්වූ සංවාදයේ දී පැවසූ වදන් මෙලෙසයි.
"ප‍්‍රභාකරන්ගේ එක දෙයකට මම ගරු කරනවා. ප‍්‍රභාකරන් හා නායකයන් අන්තිම මොහොත දක්වාම පැනලා යන්නේ නැතිව අපිත් එක්ක සටන් කළා. අපි ඒක හොඳටම දැක්කා. අන්තිම මොහොත දක්වාම ප‍්‍රභාකරන් අපිත් එක්ක මුහුණට මුහුණලා සටන් කළා. අපි සෙබළු හැටියට සතුරා වුණත් එහෙම සටන් කරනකොට ඒක අගයනවා. අපි ඒක දකින්නේ යම්කිසි ආකාරයට නිර්භීත චරිතයක් හැටියටයි. ඔහු නිර්භීතව ඔහුගේ සතුරාට මුහුණ දුන්නා."
"ප‍්‍රභාකරන්ගේ එක හොඳ ගතිගුණයක් මම දැක්කා. ඒ ප‍්‍රභාකරන් අපේ හමුදාවත් එක්ක මුහුණට මුහුණලා සටන් කළත් අපේ පවුල්වලින් පළිගත්තේ නෑ. අපේ පවුල් ඉලක්ක කළේ නෑ. අපේ ළමයි ඉලක්ක කළේ නෑ."
ෆොන්සේකා මහත්තයාගේ ළමයින්ටනම් ප්‍රභාකරන් හානියක් නොකළ බව ඇත්ත. ඒත්...
අකාලයේ මිය ගිය තම පුතුගේ මළ කඳ දෑතේ හොවාගෙන විලාප තබන ඒ කැබිතිගොල්ලෑවේ තාත්තා වගේම, ප්‍රභාකරන් නිසා තම දරුවන් අහිමි වූ අම්මලාට තාත්තලාට දැන් මොනවා හිතෙනවා ඇතිද?


හැබැයි මේක මහින්දයගෙ පච media unit එකේ වැඩක්නං මහින්දයගෙයි මේක හදපුන්ගෙයි අම්මට...............................

